IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කළුපහණෙ ලොකු කෑල්ලක් පහළට වැටිලා

බුලත්කොහුපිටිය කළුපහණ කන්දේ මහා ගස්,ගල්පෙරලා ගෙන සැඩ වතුර පහරක් කිලෝමීටරයක් පමණ පහළට ගසා  ගෙන ගොස් ඇති බව පෙනෙයි. තේ වගා කර තිබු එම වත්තේ නාය ගිය කොටසේ දැන් ඇත්තේ මහා මඩ වළකි. ලා රතු පැහැ පස් කන්දකි. එම පස් කන්දට ලයින් කාමර දහයක් පමණ යට වී ඇත. අද (18) කළුපහනවත්තේ වත්ත උඩින් කළු වළා එක් රැස් වෙමින් තිබිණි. උදේ සිට වරින් වර  වැසි ද වැටේ.

පසුගිය 17 වැනි දා සිදු වු  නායයෑමෙන් ලයින් කාමර 10 ක සිටි 16 දෙනෙකු  අතුරුදන් වී  ඇතැයි සහන සේවකයෝ  කියති. ඔවුන් අතර  පිරිමින් හයදෙනෙකු කාන්තාවන් නවදෙනෙකු ද හය මසක දරුවකු ද සිටි බව බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.

බුලත්කොහුපිටිය ඛේදවාචකයෙන් මිය ගිය වැසියන්ගේ මරණ පරික්ෂණ සඳහා රුවන්වැල්ල මහේස්ත්‍රාත් ඩී.ජී.ජයතිලක මහතා කරවනැල්ල රෝහලේ දොස්තර හේරත් ද සමඟ එහි පැමිණියේය. එහෙත් මරණ පරික්ෂණය පැවැත්වීමට වැස්ස අවහිරයක් විය. එහෙයින් ගොඩගත් සිරුරු දෙකක සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය කරවනැල්ල රෝහලේ දී  අද (18) සවස 3 ට පැවැත්වීමට නියමිතය. මහේස්ත්‍රාත් පරික්ෂණය හෙට (19) පැවැත්වීමට  නියමිතය.   එහි පැමිණියේය.

යුද හමුදාවේ 50ක පමණ බළ ඇණියක් ද පොලිසියේ 30 දෙනෙක් ද තවත් අයගේ සහයෙන් වැසි බර  කාලගුණය මැද්දේ සිරුරු සොයති.

මෙම වත්තේ තවත් පැත්තක නාය යෑමේ තර්ජනයක් නිසා ගෙවල් 28 ක 100 දෙනෙක් පමණ ඉවත් කරනු ලැබ සිටිති.

ඔවුනට බුලත්කොහුපිටිය සීලානන්ද විදුහලේ නවතැන් සපයා  ඇතැයි ප්‍රාදේශිය ලේකම් රම්‍යා ජයසුන්දර  මහත්මිය කියන්නීය.

‘අපි නිදා ගෙන හිටියේ. රෑ 10 ට පමණ මහ හඬක් ඇහුණා.අපි  එළියට  පැන්නා. ලයින් කාමරයේ පැත්තක් යටවී  තිබුණා.පස් කන්දක් වතුරට  ගලා ගෙන එනවා  දැක්කා. සීයයි,අච්චියි,මාමායි සිටි ලයින් ගේ පෙන්නවත් නෑ.’ මුරුගයියා රාජේන්ද්‍රන් සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.

කළුපහණවත්ත මෙම පෙදෙසේ නාය යන ලකුණු ඇති හෙයින් එයින් ඉවත් වන ලෙස වසර  දෙකකට පෙර නිවැසියන්ට  දන්වා තිබිණි.

‘එහෙම කිව්වාට අපිට  යන්න තැනක් නෑ . එකයි අපි මෙතෙනම හිටියේ. මුරුගයියා දිග සුසුමක් හෙළමින් කීවේය.’

නාය යෑම බලන්නට  එන අයගෙන්  අතුරුදන් වුවන් සෙවීමට  බාධා ඇති වන බවත් කළ හැකි හොඳම දේ අවතැන් වී  සිටින තැන් වලට  ගොස් ඔවුනට උපකාර කිරිම බව සහන සේවකයෝ කියති.

බෙංගාල බොක්කේ අඩු පීඩනය පීඩන අවපාතයක් වී කන්කසන්තුරේට  කිලෝමීටර 400 ක් උතුරින් ශ්‍රි ලංකාවෙන් ඈතට  ගමන් කරන බවත් උතුරේ වැසි ද ඒ අනුව අඩු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලට ද තවත් ස්ථාන වලට  අදත් වැසි  ඇති විය හැකි බවත් මිලිමිටර 75 ක් දක්වා  තරමක තද වැසි ද පවතිත විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.

13235842_1289241101104812_1182959796_n 13236107_1289243801104542_166021360_n 13250569_1289240851104837_408770708_n 13227903_1289249241103998_1273329467_n

ජායාරූප - තරිඳු ජයවර්ධන

0ffa712821913d45a2e3f4288d0484bb7ee72d743390d788e51a4539a39d9ee4_full 17fe64b7cbc59afc8d3a8d7f08f80eb3e36a558086245f85101936f513564ef2_full 85fffdbf8ea10c8e0e408f012c322f2c74a8db1ed87ce8b258001637d9d66fab_full 6579bad4825f82d495bca9f7b1c0c2ec36e0190b8e37470cd1888d596ec6f962_full---Copy 6726465038851bdddece692694a3e06530fa54da1bcfd977be7806d8833671a4_full

ජායාරූප- ළහිරු හර්ෂණ

13233465_1334937939854713_805473424_n 13246087_1334937929854714_772335899_n 13250554_1334937913188049_1513364356_n

_MG_8218[1]

ජායාරූප - කෞෂල්‍ය සමින්ද බණ්ඩාර



අදහස් (0)

කළුපහණෙ ලොකු කෑල්ලක් පහළට වැටිලා

සරත් Wednesday, 18 May 2016 10:22 AM

විපතට පත් අයට කඩිනම් සහන සපයන්න පාට පක්ෂ නොබලා

:       0       0

බණ්ඩාර Wednesday, 18 May 2016 10:48 AM

මීට අවරුදු 30 කට විතර ඉහතදී කෑගල්ලේ බුලත් කොහුපිටිය සහ දොළොස්බාගේ බෙරවිල මේ වගේම විනාශයක් උනා මතක් වෙනවා. අසරණ මිනිස්සු ගැන කනගාටු වෙනවා. අදාළ නිලධාරින් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බව මේකෙන් හොඳට පැහැදිලිවෙනවා. (ර)

:       0       0

ශෂිකා Wednesday, 18 May 2016 10:57 AM

අනේ මේ අය කොපමණ අසරණද... ලයින් කාමරවල වාසය අනතුරු දායකයි කිව්වට ඒ මිනිස්සු කොහේ යන්නද..? ගෙවල් හදලා දුන්නනම් හරිනේ. (ර)

:       0       0

මංගල වේලාරත්න Wednesday, 18 May 2016 11:15 AM

සියලුම කදු බැවූම් වල නිවාස වෙනුවට සුරක්ෂිත නිවාස ලබා දීමට අවදානය යොමු කරන්න. (ර)

:       0       0

දීපාල් Wednesday, 18 May 2016 11:30 AM

මිය ගිය සීයලු දෙනාටම නිවන් සැප ලැබේව ! සියලුම සෙබළුන්ට අපගේ උත්තමාචාරය. (ර)

:       0       0

ගුණේ Wednesday, 18 May 2016 01:49 PM

ස්වභා ධර්මය සියල්ලට වඩා බලවත් , මේ මිනිස් ලොව අස්ථිර තැනක්, බුදු දහම ගුරුකොට ගනිමු , දුක් සෝ සුසුම් පිසදන්න එය මනා සළුවක් . (අ)

:       0       0

යසන්ත Wednesday, 18 May 2016 10:18 PM

විශාල ඛේදවාචකයක්. අපිට හරිම කණගාටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 48 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1312 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2778 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1728 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2940 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site