IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක්

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තැන්පත් කර තිබීමෙන් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට පහසුකම් නොමැතිව කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. වාර්තා වූ සැණින් හඳුනා නොගත් සිරුරු මෘත ශරීරාගාරයට යොමු කරනවා විනා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මෘත දේහ ඥාතීන්ට බාර දීමට පොලිසිය දක්වන උදාසීන බව මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද අප පුවත්පත වාර්තා   කළේය.

අප රටේ සෞඛ්‍ය සේවය ගුණාත්මක බව අතින් ඉතා ඉහළය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. සියවසකට පසුව පැමිණි කොරෝනා මාරක වසංගතය හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මෙරට සෞඛ්‍ය අංශ පාමින් සිටි ප්‍රාතිහාර්යයෙන් ඒ බව මනාව ඔප්පු වේ. එවැනි ප්‍රාතිහාර්ය පෑව ද ඒ සඳහා වන අංගසම්පූර්ණ පහසුකම් සහිතව නොවන බවද සත්‍යයකි. සියලු පහසුකම් අංගසම්පූර්ණ නොවුවද අත්‍යවශ්‍ය පහසුකම් හෝ තිබිය යුතුය. අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ එම අත්‍යවශ්‍ය පහසුකම් ද නොමැති බවය.

‘‘මරණය දුකක් වන්නේ මියගිය පුද්ගලයාට නොව ජීවත්ව සිටින්නවුන්ටය’ යනුවෙන් කියමනකි. ගෞරවාන්විත මරණයක් යනු ශිෂ්ට සම්පන්න සමාජයක තරාතිරම් බේදයකින් තොරව සියලු මිනිසුන්ට හිමි විය යුක්තකි. එහෙත් අප ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ කළුබෝවිල ශික්ෂණ රෝහලට දිනකට සිරුරු 6-8 අතර ගණනක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන අතර ඇතැම් අවස්ථාවල දී එම සිරුරු තැන්පත් කිරීමට පවා පහසුකම් නොමැතිවීමෙන් බාරකරුවන් පැමිණෙන තුරු එම මළ සිරුරු ට්‍රොලියක් මත තැබීමට සිදුවන බවය. සිය සමීපතමයාගේ මරණයෙන් වේදනාවට පත්ව සිටින පිරිස්වලට එම මළ සිරුර තැන්පත් කර ඇති ආකාරය දකින විට අමතර වේදනාවක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ තිබෙන්නේ වසර 20කට වඩා පැරැණි ශීතකරණ වේ. මෙම ශීතකරණවල මළ සිරුරු දෙකක් තැන්පත් කළ නොහැකිය. එකවරකට තැන්පත් කළ හැකි වන්නේ එක් මළ සිරුරක් පමණි. රෝහල සතුව පවතින සියලු ශීතකරණ සංඛ්‍යාව 36කි. එයින් 27කම මළ සිරුරු තැන්පත් කර තිබේ. ඉතිරිව ඇති ශීතකරණවලින් 2ක් වැදෑමහ තැන්පත් කිරීමට ද තවත් ශීතකරණ 3ක් ශල්‍යාගාර පහසුකම් සඳහා ද වෙන් කළ විට ඉතිරි වන්නේ ශීතකරණ 4ක් පමණි. පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා දෛනිකව ලැබෙන මෘත දේහ සංඛ්‍යාව 6-8ක් අතර වූ විට කාර්ය මණ්ඩලයත් ජනතාවත් මුහුණපාන දුෂ්කරතා වටහා ගැනීම අසීරු නැත.

මෙය වූ කලී රෝහලේ පාලනාධිකාරියේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ රෝහල් පොලිසියේය. හඳුනා නොගත් මෘත දේහයක් සම්බන්ධයෙන් වාර්තා වූ සැණින් එම මෘත දේහය ශීතකරණයෙහි තැන්පත් කර රෝහල් පොලිසිය අත සෝදා ගන්නා බවක් පෙනේ.

රෝහල් පොලිසියේ රාජකාරිය සාමාන්‍ය පොලිස් රාජකාරිවලින් තරමක් වෙනස්ය. එම රාජකාරියේ දිග – පළල හා යනදුර සම්බන්ධයෙන් වහා අවබෝධයක් ද පුහුණුවක් ද රෝහල් පොලිස් සේවයේ නිලධාරීන්ට දිය යුතුය. එහෙත් අප දන්නා තරමින් එවැන්නක් සිදු නොවේ.

රෝහල් පොලිසියේ රාජකාරියට යොමු කෙරෙන්නේද පොලිසියේ දෛනික රාජකාරි යටතේය. වැඩ මුරය අවසන් කර නිවෙසට යෑම විනා වගකීමේ බර කරට ගෙන කටයුතු කිරීමක් දක්නට නොලැබේ. කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් වාර්තා වන්නේ එහි ප්‍රතිඵලය වේ.

හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් ක්ෂණික පියවර ගත නොහැකිය. එය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බව සැබෑවකි. හඳුනා නොගත් මළ සිරුරක් හඳුනා ගැනීම සඳහා කිසියම් කාලයක් ගත විය හැකිය. එහෙත් ඒ වෙනුවට මෘත දේහ ශීතකරණයක තැන්පත් කර අත පිසදා ගන්නේ නම් එය සාධාරණ නොවන්නා සේම පිළිගත හැකි ක්‍රම වේදයක් නොවන බව ද අවධාරණය කරමු.

(***)



අදහස් (1)

කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක්

tilak hapugoda Friday, 02 October 2020 07:33 AM

මේක ලොකු දෙයක් නොවේ. රෝහල් අධ්‍යක්ෂක පොලිසියට ඩෙඩ් ලයින් එකක් දීලා මෘත ශරීර භූමදානය කළාම ඉවරයි. අපිට ඉන්න රෝහල් අධ්‍යක්ෂකලා වැඩ බැරි අය...

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5054 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 54 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 28 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 839 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1423 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3122 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16011 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site