
(යොහාන් භාසුර)
විදේශීය ඉන්ධන සමාගම් ඉන්ධන සපයන පිරවුම්හල්වල අද (8) දිනයේ නැවතත් ඩීසල් සහ ඔක්ටේන් 92 ක පෙට්‍රල් නොමැතිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
එම තත්වය හමුවේ පාරිභෝගික ජනතාවට ඩීසල් සොයා ‘සිපෙට්කෝ’ පිරවුම්හල් සොයා යෑමට සිදුවූ අතර ඔක්ටේන් 92 ක පෙට්‍රල් ලබාගැනීමට පැමිණි ජනතාවට වැඩි මිලට ඔක්ටේන් 93 සහ 95 පෙට්‍රල් ලබාගැනීමට සිදුවිය.
මෙම තත්වය හමුවේ ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල් අසළ කෙටි පෝලිම් නිර්මාණය වූ අතර එහිදී ජනතාව අපහසුතාවට පත්වූහ. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියකුගෙන් අද (8) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ‘සයිනොපෙක්’ ආයතනය ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවත් සෙසු සමාගම් දෙකක ද ඉතාමත්ම අඩු සැපයුමක් කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd