IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කොළඹ ආ දුම්රියට පාර වැරදිලා

(සුජිත් හේවාජුලිගේ )

ගම්පහ දෙස සිට කොළඹ බලා ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (27) උදෑසන ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් එම මාර්ගයේ සිට  එකවරම  කොලොන්නාව තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඒ දුම්රියේ පැමිණි මගීහු මහත්සේ කලබලයට පත්වූහ.

තෙල් ගබඩාව දෙසට ඇති දුම්රිය මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් ගත් මෙම දුම්රිය පසුව නවත්වා නැවතත් පසුපසට ගෙන නියමිත මාර්ගයේ ධාවනය කරවනු  දැකගත හැකිවිය.

දුම්රිය දෙමටගොඩ දුම්රිය ස්ථානය දක්වාම  පසුපසට ගමන් කරවා නැවත ඉදිරියට ධාවනය කිරීමට එහි රියදුරා මෙසේ කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය පාලන මැදිරියේ  නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්  දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය
තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.

එය පාලන මැදිරිය දැනුවත්ව සිදුවූවක්  බවද ඔහු සඳහන් කළේය. මේ සිද්ධිය හේතුවෙන් දුම්රිය මද වේලාවක් ප්‍රමාදවූ බව මගීහු පිරිසක් අප සමග  පැවසූහ.

 



අදහස් (5)

කොළඹ ආ දුම්රියට පාර වැරදිලා

ලුම්බිණි Thursday, 27 July 2023 01:22 PM

අදයි දැනගත්තේ ඩ්‍රයිවර්ට පුළුවන් කියල කෝච්චි හරවල ධාවනය කරන්න පුළුවන් කියල.

:       1       0

ravin Thursday, 27 July 2023 01:44 PM

දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න .තාර පාරේ නොවෙයි දුම්රිය දුවන්නේ ඕන විදියට හරවන්න ,තමුන්ගේ වැරැද්ද පිළිගන්න .සිග්නල් වල සිදුවූ දෝෂයක් නිසා මාර්ග වෙනස්වීම සිදුවිය හැකිදෙයක් ,වැරදිනම් නිවැරදි කරන්න

:       0       1

sam Thursday, 27 July 2023 03:26 PM

//දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රියේ රියැදුරා ආරක්ෂක පියවරක් ලෙස එය තෙල් ගබඩා මාර්ගයේ ගමන් කරවා ඇති බවයි.// මේවා කියවනකොට හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැහැ

:       0       1

WCA Thursday, 27 July 2023 05:05 PM

මෙන්න ලෝක වාර්තාවක් "මුන්ට බොරුවක්වත් කියාගන්න තේරෙන්නේ නෑ ඒ වගේම මීඩියා එකේ බුරුවටත් ඩ්‍රයිවර් එහෙම කරන්නේ කොහොමද කියල අහන්න මොලයක් තිබිලත් නෑ "

:       0       2

Perera Friday, 28 July 2023 08:19 AM

නිලධාරියා කියලා තියෙන්නේ තනිකරම මුසාවක් .දුම්රිය එන්ජිමේ සුක්කානමක් නැහැ ,රියදුරුට වෙනත් දුම්රිය මාර්ගයකට දුම්රිය හරවා ධාවනය කරන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මාන්නප්පෙරුම ජනපතිවරණයෙදි වැඩ කළේ නෑ’’
2024 ඔක්තෝබර් මස 15 3 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය


නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 42 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 243 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 929 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 138 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 66 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site