IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට අත තැබීම තහනම්‘

කොළඹ නගරයේ ඉපැරැණි ගොඩනැගිලි වල පෞරාණික අගයට හානි වන අයුරින් වෙනස්කම් කළහොත් ඊට එරෙහිව හෙට (31) සිට වහා නීතිමය පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) කොළඹ කොටුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට ඒ මොහොතේම උපදෙස් දෙමින් අගමැතිවරයා කීවේ අද සිට අවිධිමත් ලෙස පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම නතර කරන ලෙසයි. ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, කොටුව ශාන්ත පීතර දේවස්ථානය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රේගු ගොඩනැගිල්ල, විදේශ අමාත්‍යංශයේ කන්සියුලර් අංශය සහිත ගොඩනැගිල්ල ඇතුළු යටත් විජිත සමයේ මෙරට ඉදිකළ ගොඩනැගිලි රාශියක් අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

PMcolombo_2015830pic4 PMcolombo_2015830pic3 PMcolombo_2015830pic1 PMcolombo_2015830pic2

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘කොළඹ ඉපැරණි ගොඩනැගිලිවලට අත තැබීම තහනම්‘

චමිල් අරවින්ද Monday, 31 August 2015 03:54 PM

මොනවා වුනත් පාලිත සේනාරත්න මහත්තයා නොතේරුම් කමට කරන දෙයක් නෑ (බ)

:       0       0

සදකළුම් Monday, 31 August 2015 06:32 AM

සුමනසිරි , අපේ අවාසනාවට ගොඩක් රාජ්‍ය නායකයෝ හිතනවා බලය තියෙන්නේ මේ පත් වෙලා ඉන්න මන්ත්‍රීලා අතේ කියල. නමුත් ඇත්තටම බලය තියෙන්නේ ජනතාව අතේ. ඒ නිසා ජනතාවගේ කැමැත්තට සියලු රාජ්‍ය නායකයෝ ගරු කළ යුතුයි. (ම)

:       0       0

නුවන් Sunday, 30 August 2015 01:30 PM

තැනක්යු සර් . රේස් කොස් එක කෑව එක් කෙනෙක්. අනිත් එව්වත් හරියට ප්‍රතිසංස්කරණය කරන්න (බ)

:       0       0

මැගී Monday, 31 August 2015 04:58 PM

ඩුබායි තිලක්ගේ ඔළුව නරක් වෙලාද? (නි)

:       0       0

සංජීව Sunday, 30 August 2015 02:01 PM

නුවන් නොදන්නා දේ කතා කරන්න එපා. ඕනෑම පැරණි ගොඩනැගිල්ලක් මතුපිටින් විතරයි වෙනස් කරන්න බැරි. ඉතින් රේස් කෝස් එක ගොටාබයට පින්සිද්ද වෙන්න හරියට හේදුවා. මතකනේ තිබුන හැටි (නදී)

:       0       0

නන්දා Sunday, 30 August 2015 02:33 PM

දියුණු රටවල තිබෙනවා ලිස්ටඩ් බිල්ඩින් යයි නම් කරන ලද ඉපැරණි ගොඩනැගිලි. අයිතිකරුවන් එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කිසිම ලෙසකින් ඒවායේ බාහිර පෙනුමට හානියක් නොවන අයුරිනි. අගමැතිතුමා ගත් මෙම පියවර පැසසිය යුතුයි. (නදී)

:       0       0

පතිරාජ Sunday, 30 August 2015 03:14 PM

නුවර දැනට තියන බිල්ඩින් ලිස්ටඩ් බිල්ඩින්, ඒවායේ වචන විතරයි වෙනස්. (බ)

:       0       0

මහේෂ් Sunday, 30 August 2015 03:26 PM

නුවන් මොලේ නැතිනම් ගොන්පාට් නොදා ඉන්න. මේ වගේ මී හරක් තමයි රටට හෙනේ. ගෝටා මහත්තයාට පින්සිද්ධ වෙන්න රේස්කොස් පැත්ත සුර පුරක් වෙලා. දේශපාලන කැමැත්ත නොකැමැත්ත පැත්තකට දාලා හොද දේට හොදයි කියන්න පුරුදු වෙන්න. අගමැතිතුමාත් මෙහි අගය වටහාගෙන කොටුව ප්‍රතිසoස්කරනය කිරිමට මැදිහත් වීම ඉතා අගනා කටයුත්තක්. (බ)

:       0       0

රන්දිත Sunday, 30 August 2015 03:38 PM

මේ රටේ රජ මහා විහර තියනව ඕනෙ තරම් ගරා වැටිල, ඒවා ගැන හොයන්න. ලොකු පිනක්...(බ)

:       0       0

ගාමිණී Sunday, 30 August 2015 04:00 PM

ඇමති මණ්ඩලය පත් කිරීමට වඩා පරණ බිල්ඩින්ග් හැදීම මේ වෙලාවේ වැදගත්ය. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 30 August 2015 04:06 PM

කොළඹ රැට මීටර් 100 යෙන්100 ට නිමි නිමි පත්තු වෙන සිග්නල් කණු ටික දැකල බයියෝ හිතන්නේ මේක තමයි ලෝකයේ දියුනුම නගරය කියල. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 30 August 2015 04:08 PM

කොළඹ තියෙන වටිනා කියන මර්මස්ථාන සියල්ලම එක පවුලකට විතරයි අයිති. තවත් අවරුදු 2ක් ගියානම් රටට වෙන දේ බලා ගන්න තිබුන. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 30 August 2015 04:08 PM

රනිල් කියන්නේ සල්ලි නොදැකපු කෙනෙක් නෙමෙයි. එනිසා රනිල් ගැන පුර්ණ විශ්වාසය තියෙනවා. (බ)

:       0       0

නුවන් Monday, 31 August 2015 08:36 AM

අගමැති තුමා කියපු දේ හරි තමයි (ම)

:       0       0

පාලිත සේනානායක Sunday, 30 August 2015 05:05 PM

අපේ පාසල් කාලය සාමාන්‍ය ආකාරයෙන් ගෙවුණු පාසල් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලය නිදහසින්, කෙළිදෙලෙන් ගෙවන්න පුළුවන් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලයේ ඉතාමත් භීෂණකාරී වාතාවරණයක් රටේ තිබුණේ. දේශපාලන පක්‍ෂ තහනම් කරලා, ඉන්දියානු හමුදා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මේ වර්තමාන මහත්වරු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වටරවුම්වල ප‍්‍රදර්ශනයට තබපු යුගයක තමයි අපි අපේ තරුණ වයස ගෙව්වේ. මළ කඳන් ගංගාවල පාවෙලා යන යුගයක, තරුණයකු වීමම මරණ වරෙන්තුවක් ලැබීමේ හේතුවක් බවට පත්වූ යුගයක, ‘ගම්පෙරළිය’ පොත ළග තිබූ නිසා තරුණයන් පොලිස් අත්අඩංගුවට පත් වූ යුගයක, ආගමික අර්ථයෙන් හෝ ‘විමුක්තිය’ කියන වචනය තිබූ පොතක් ළග තබා ගත්තත් තරුණයන් අතුරුදහන් කළ යුගයක, ‘රතුපාට පොත් ළග තියා ගන්න එපා පුතේ’ කියලා දෙමව්පියන් බියෙන් ඉල්ලා සිටි යුගයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක අකුරක්වත් ජීවමානව නොතිබුණු යුගයක තමයි අපේ තරුණ වයස ගෙවිලා ගියේ. (බ)

:       0       0

සමන් - සිංගප්පූරුව Sunday, 30 August 2015 05:07 PM

ලෝකේ කොහෙද මේ වගේ...(බ)

:       0       0

චන්දිම ගමගේ Sunday, 30 August 2015 05:28 PM

මෙහෙම පාරේ ඇවිදින්නේ මහින්ද මහත්තයට පින් සිදු වෙන්න.. නැත්නම් මෙයාලා මැරිච්ච තැන්වල ගස් පැල වෙලා මේ වෙනකොට.. මම හරිද ?? (ම)

:       0       0

හුලේ Sunday, 30 August 2015 06:00 PM

ඔය යන්නේ ඩබල් දාලා..(ම)

:       0       0

මැක්සි Tuesday, 01 September 2015 02:14 AM

තිලක්-ඩුබායි කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

වසන්ජය Sunday, 30 August 2015 09:29 PM

අනුරාධපුර පොළොන්නරුව වැනි අපටම උරුමවූ ස්ථාන තිබියදී යටත් විජිත සමයේ ස්ථාන සුරැකීම මටත් ප්‍රශ්නයක් (බ)

:       0       0

සරත් Sunday, 30 August 2015 11:16 PM

සංජීව, ලෝක උරුම නගරයක නම් සිදුවන සෑම ප්‍රතිසංස්කරණ කටයුත්තක්ම විය යුත්තේ පුර විද්‍යා දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ. ඇතුලත හෝ පිටත කිසිම වෙනසක් සිදුකළ නොහැකියි. මම වැරදිනම් නිවැරදි කරන්න. (බ)

:       0       0

ජැකී Sunday, 30 August 2015 11:28 PM

කොළඹ පොදු වැසිකිළි 50ක‍් කඩලා දැම්මෙ කවුද? එ්‍ක හැදුවොත‍‍් නරකද? විජාතිකයො හදපු බිල‍්ඩින‍් පරිස්සම් කොරන‍‍්න බැරියැ! (බ)

:       0       0

සුමනසිරි Sunday, 30 August 2015 11:48 PM

අගමැතිතුමනි, නීතියෙන් ඇමති මණ්ඩලය 30 ට වඩා වැඩි කරන්න පුළුවන් ඇති. නමුත් ජනවාරි 8 පොරොන්දුව , එහෙමත් නැත්තන් ජනතා සම්මුතිය අමතක කරන්න එපා. ඔබ අපිට පොරොන්දු වුනේ 20 ට අඩු ඇමති මණ්ඩලයක්. පක්ෂ 2 එකතු වෙන නිසා මන්ත්‍රීලට ඇමතිකම් ඉල්ලලා කේවල් කරන්න බැහැ නේද?.මොකද ඒගොල්ලන්ට වෙන යන්න තැනක් නැහැනේ. අපි කැමති ඔබතුමාත් මෛත්‍රී මහත්තයත් අපිට පොරොන්දු වෙච්ච විදිහට රාජ්‍ය නොවන, රාජ්‍ය ,සහ කැබිනට් , නියෝජ්‍ය මේ සේරම එකතුව 20 ට අඩු වෙනවනම්. අපි වගේ දුප්පත් රටකට මොන විදිහේ ආණ්ඩුවක් තිබුනත් ජම්බෝ කැබිනෙට් එකක වියදම ජනතාවට දරාගන්න අමාරුයි. ඒ වගේම කිසිම ඇමති කෙනෙකුට වාහන 2 කට වඩා දෙන්න එපා. (බ)

:       0       0

අශෝක Monday, 31 August 2015 01:23 AM

රේස් කොස් එකේ අධ්‍යක්ෂ කව්ද කියා දන්නවනේ? (නදී)

:       0       0

කඹුරුපිටිය Monday, 31 August 2015 01:31 AM

ඇති යන්තම් කඹුරුපිටියේ ගුරයි ගෝලයයි ඡන්ද කාලේ කරපු ජරා වැඩ පෙනුනා නම්. ගොලයෝ නම් වෑන් වලට ගහපු ඩීසල් ඇතුළු කෑම බීම වලින් හොඳ ගානක් හොයාගත්තා. අනේ සර් අපිට තවම අපේ කඩවල් වලින් ගත්ත බඩුවලට ගෙව්වේ නැහැ. ගෝලයෝ දෙන්නා මාතර ඔෆිස් එකේ ඉන්න අයට බැන බැන ඉන්නවා. (නදී)

:       0       0

සුනිමල් Monday, 31 August 2015 01:58 AM

නුවන් අනුවන්. (නදී)

:       0       0

කැප්පෙටිපෙළ Monday, 31 August 2015 02:34 AM

රන්දිතගේ අදහස හරියටම හරි. සුද්දෝ හදපු ගොඩනැගිලි ටික විතරක් ආරක්ෂා කරලා මදි. අපේ සිංහල පෞරාණික රාජමහා විහාර ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂා කිරීම අපේ වගකීමක්. (අ)

:       0       0

මුණසිංහ Monday, 31 August 2015 03:06 AM

ඒ කියන්නේ ගෝඨාභය කරපු වැඩ ටික හරි කියන එකනේ .හැබැයි උද්‍යාන ටික පෞද්ගලික අංශයට දෙන එක වැරදියි. පාටලී මොකද කියන්නේ.මෙක තමා පුද්ගලීකරණය කියන්නේ. පෝට් සිටි එකට කරන්න යන්නේ මොකක්ද? අපි අවදානයෙන්! (අ)

:       0       0

ග්‍රේඩ් Monday, 31 August 2015 03:24 AM

නුවන් මෝඩ කතා නොකිය අගමැතිතුමා කියන දේ හරියට තේරුම් ගන්න බලන්න. එතුමා කියන්නේ පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කරන්න එපා කියල නෙවේ. අලුත්වැඩියා කිරීමේදී ඒවගේ පෞරාණික බව ආරක්ෂා කලයුතු බවයි. (අ)

:       0       0

නුවන් Monday, 31 August 2015 03:36 AM

ඔය මහත්තුරු දන්නවද රේස් කොස් එකේ ඉතිහාසය . විකි කියවල බලන්න . දැන් එක හාත් පසින්ම වෙනස් වෙලා (අ)

:       0       0

දිසානායක Monday, 31 August 2015 04:31 AM

නුවන් ඔබ නැවත හිතන්න වෙනවා කෙනෙක් කළ හැමදේම වැරදියට බලන්න එපා. (ම)

:       0       0

ඉසුරන්දි Monday, 31 August 2015 04:32 AM

සියලු දේ විය යුත්තේ ඒවාට තියෙන පෞරාණීක වැදගත්කමට හානියක් නොවන විදිහටයි.එවිට තමයි එහි වටිනාකමක් තියෙන්නේ.(ම)

:       0       0

ඩෝසන් Monday, 31 August 2015 05:00 AM

අපේ සිය කෙනකේ වන ඩෝසන් ගේ ඩෝසන් කුලුනත් පිළිසකර කරන්න(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 05:29 AM

සුමනසිරි.ඔබේ අදහසට අපි වැනි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හදවතින්ම එකගයි .ඇමති මණ්ඩලය 20 ට වඩා ඕනෙම නැහැ.ඇමති මණ්ඩලය වැඩි කරනවා කියන්නේ නැවත ජනතාවට බදු පිට බදු ගහල අන්ත අසරණ කරනවා කියන එකයි.රටේ දනස්කන්දය තමුන්ට ඕනේ එපා කම් වලට වියදම් කරනවා කියන එකයි.මේ ටික තේරුම් ගන්න මහා ලොකු දේශපාලන දැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 05:31 AM

පාර්ලිමේන්තුවේ කිසිම අනුමැතියක් නැතිවම රුපියල් කෝටි ලක්ෂ දෙකක් ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය බැංකු වලට පොලු තියල/නය කරලා කරපු සංවර්ධනය ගැන දන්නා කියන කෙනෙක් ගෝඨාභය කරපු වැඩ ටික හරි කියන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 05:35 AM

ඒකාධිපතිය තමන්ගේ හිතුමතේට මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා අනාගත දරු පරම්පරාවම ණය කරලා කුරුළු විමානෙක /පට්ට කැලයක ගුවන් තොටුපොළවල් ගහල දැන් වී වේලනවා.කාට කියන්නද?මේවා ජාතික අපරාධ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 187 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 123 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1064 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 924 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1191 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site