කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටසේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.
මාර්තු මස අට වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එම මාර්ගය විවෘත කිරීමට නියමිතය.
කිලෝමීටර 11කින් යුක්ත වන මෙහි මංතීරු දෙක බැගින් දෙපසට මංතීරු හතරකි.
රුපියල් කෝටි 2700 වයදමින් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයෙන් ඉදි කරන මෙහි විශේෂත්නය වනුයේ කිලෝමීටර 3.3කින් යුක්ත දිගු ගුවන් පාලමකි. මෙම පාලම මෙරට දිගින් වැඩිම පාලම ලෙස සැලකේ.
කොට්ටාව අතුරුගිරිය යන හුවමාරු මධයස්ථාන දෙකකි.
මෙම මාර්ගය ඉදිකිරීමේ දී ස්වභාවික ජල ප්‍රවාහන පද්ධතියට කිසිදු හානියක් සිදු නොවන ලෙසට, වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශවලට පස් පිරවීමෙන් තොරව කුළුනු මත ඉදි කර ඇත.
දැනට මංතීරු හතරක් වුවත් අනාගතයේ දී මංතීරු හය දක්වා වැඩි කරන බවත් කඩුවෙල සිට කොට්ටාවට මිනිත්තු 10න් ගමන් කළ හැකි බවත් මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ පුෂ්ප ගුණරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි (දිල්)
අග්න, ඔය මේ ප්‍රවෘත්තියවත් හරියට කියවල නැහැ වගේ. මේකේ 3.3Km යන්නේ වගුරු බිමක් උඩින්, හැබැයි ගුවන් පාලමකින්. (අ)
මාර්ග සංවර්ධනය ගැන පටු සිතින් බලන්න එපා (දී)
ට්‍රැෆික් එක අඩු වෙනවානම් අපිට ලොකු සහනයක් (දී)
හොද දේට හොදයි කියන්න ඕන. (දිල්)
හොද වැඩක්. අපේ මිනිස්සු කවදාවත් හොද දේට හොද කියන්නෑ. (දිල්)
සමහරුන්ට මේවාගේ අගේ තේරෙන්නේ නැහැ (දිල්)
නිපදවා ඇති අධිවේග මාර්ග වලින් ලැබෙන ආදායමෙන් ඉතිරිය ණය නොවි කරන්න පුළුවන් (දිල්)
සතුටක් දැනෙන්ව රට දියුණ වෙනකොට, (අ)
මේ පාරවල් ඉදිරි අනාගතය ගැන හිතල හදනවද කියල සැකයි, එක මන් තීරුවයි තියෙන්නේ, එතකොට තව අවුරුදු 5කින් විතර පළල කරන්න වෙනවා... මේව සිහින කියල කියන්නේ පිට රටක් නොදැකපු මිනිස්සු.(අ)
ආණ්ඩුවකට කඩේ යන අයට හැම දේම පෙනෙන්නේ හොඳ දෙයක් කියල. උදාහරණයකට; 1. හම්බන්තොට වරාය 2. මත්තල ගුවන් තොටුපල 3. කැසිනෝ පිළිතුර: යුරෝපයේ දියුණුම රටක් වන ඒවගේම කම්කරු වැටුප ඉතාමත් ඉහළ තත්වයක තියෙන ජර්මනිය වගේ රටක් අධිවේගී මාර්ග කිලෝමීටර් එකක් තැනීමට වියදම් කරන්නේ රුපියල් වලින් නම් දසලක්ෂ 21යි. ශ්‍රී ලංකාව ඒ සඳහා රුපියල් දශලක්ෂ 58ක් වියදම් කරනවා. මොළේ ඇත්නම් හිතා බලන්න සංවර්ධනය උනේ රටද නැත්නම් සුවිශේෂී පුද්ගලයෝ කිහිප දෙනෙක්ද කියල. හොඳට හොඳයි කියන එකයි කඩේ යාමත් හොඳයි කියන එකයි දෙකක්.(නදී)
කොලඹ නුවර පාරත් අදිවේගී පාරක් කලානම් හරි. නුවර ඉඳන් එනකොටත් වාහන තදබදය වැඩියි.(නදී)
මේ වැඩ පිලිවෙලනම් හරිම හොඳයි. , රට මේ වගේ දියුනු වෙනවා දැකීම වාසනාවක්. ඒත් ජනාධිපති තුමනි දුප්පත් ජනතාවට ගොඩ එන්න මගක් නැද්ද? (නදී)
මාර්ග සංවර්දනය ගැන සතුටු වෙන්න පුළුවන්. (නධී)
පිටරට වියාපෘති හා සමානයි. ඉදිරිය ගැන සතුටුයි .අතුරුගිරියේ පිවිසුම ඉක්මනින්ම සිදු කරාවි කලන නියම සිංහල ගති ඇත්තෙක් කකුලෙන්ම අදින බව පෙනෙනවා අපේ ආර්ථිකය අනුව පිටරට සිහින දකින්න බැහැ.(නදී)
මේ පාරවල්වලින් ගමන් කරන්නේ ජනගහනයෙන් 5% කටත් අඩු පිරිසක් බව ඔබ දන්නවද? වාහන ඇත්තේ 10% කට බව දන්නවද? අපි රජය සහ ජනතාව යොමු කල යුත්තේ 90% ක් ජනතාවට ඍජු ව බලපාන ගම් මට්ටමේ කෘෂිකාර්මික හෝ කාර්මික ප්‍රාථමික නිෂ්පාදනයට මේ ධනස්කන්ධය යෙදවීමටයි. තිබෙන මුදල අරපිරිමැස්මෙන් වැඩි දෙනාගේ සෙතට යොදවමු. මෙබඳු වැඩට සහය දීම නවතමු. අන්තර්ජාලය බලන බුද්ධිමත් පිරිස අන් අයට නිවැරදි දැක්ම ලබාදෙන්න. දොස් කියන්න එපා. ඔවුන් ද නිසි මගට වැටුණු විට රට දියුණු වේවි. ස්තුතියි! (නදී)
අනේ ඔය මොනවත් ඕනේ නෑ. බොරැල්ල හන්දියටත් ගුවන් පාලමක් දාල දෙන්න.(නදී)
හොද දේට හොදයි කියන්න බය වෙන්න එපා.. මහින්ද මහත්තයා ඇත්තටම මේ රටේ අනාගතය ගැන හිතල කරපු වැඩ අගය කරන්න ඕන. මොකද මේ වගේ දේවල් කවුද වෙන කලේ.. පට්ටයි...(අ)
හැමදාම කොළඹ ගිහින් තද බදයට අහුවෙන අපට හොඳ ආරංචියක් (දී)
පුදුම වැඩේ කියන්නේ අධිවේගී මාර්ග හැදෙන්න හැදෙන්න වාහන තදබදයත් වැඩිවෙනවා. පාරවල් වැඩි වෙන්න වැඩි වෙන්න වාහන වැඩිවෙනවා. වාහන වැඩිවන්න වැඩිවන්න පාරවල් වැඩිවන්න වැඩිවන්න මඩියත් තරවෙනවා. හැබැයි මේක රුදුරු චක්‍රයක් වෙන්නේ ජනතාවට පමණයි.(අ)
වෙලවල් ටික විතරයි ගොඩකලේ. වෙනමුකුත් ඒ පැත්තේ තිබුනේ නැහැ ගොඩ කරන්න. පාර හදන එක හොදා. වතුර බහින්න තියෙන වෙලවල් ටිකයි ඇලවල් ටිකයි ගොඩවෙන එක තමා ප්‍රශ්නේ. (අ)
බොහොම ලස්සන වැඩක් ලංකාවට ජයෙන් ජයම ලැබේවා (අ).
කවදාවත් හිතපු දේවල්ද ? හරිම සංතෝසයි ! (අ)
,හොද දේට හොදයි කියන්න පැකිලෙන්න එපා.වෙලවල් ගොඩ කලත් වතුර බැහැලා යන්න ක්‍රම සකසලයි ඒ වැඩේ කලේ. අපේ වෙලුත් ගොඩ වුනා එත් වැඩේ හොදයි. (අ)
සත්‍යයා , දැන්වත් පාට කණ්නාඩි ගලවලා වටපිට බලන්න එතකොට ඔයාට ඇත්තටම ලංකාවේ ලස්සන පෙනේවි හොදට (දිල්)
පක්ෂ භේදයකින් තොරව අපි සතුටු වෙන්න ඕන අවස්ථාවක්.සියළු වැඩකටයුතු සාර්ථක වේවා.(දිල්)
මෙවැනි වැඩ හොදයි යටිතල පහසුකම් දයුණු කරන්න ඕනි නමුත් ජනතාව පිට පටවල තියන නය බර ඉතා වැඩයි බදු බර සහ නය බර අඩුකර ජනතාවට ජිවත් වීමට බඩු මිල අඩු කරන්න. අපිට සහන සපයන්නේ කවදද ???පාරවල් හදල යම්කිසි පිරිසක් හැදෙනවා කොමිස් ගහල හොර වැඩ කරලා !!(දී)
ප්‍රමිතිය හොදනම් පිටරට වියාපෘති හා සමානයි. ඉදිරිය ගැන සතුටුයි .(අ)
සත්‍යගේ විස්තර කිරීම ත් හරි,පිළිවලක් සැලසුමක් නැතිව හදන පාරවල් නිසයි තද බදය අඩුවෙන්නේ නැත්තේ . අනිත් අය කියන විදිහට වෙලවල් ගොඩ කරලා මොන සංවර්ධනයක්ද? කරන්නේ ,මම දැක්ක විදිහට කොළඹ කටුනායක අදිවේගය වගුරුබිම ගොඩකරලා හදල තියෙන්නේ,වගුරු බිම් වලින් තමයි ජිවීන්ගේ උපත පටන්ගන්නේ. භුමි විනාස නොකර පාරවල් හදන්න ක්‍රම තියෙද්දී ඒවා විනාස කරනවා.අන්තිමට ලංකාව කාන්තාරයක් වෙලා තමයි නවතින්නේ. (දී)
හැම දේ ගැනම වැරැදි විදියට හිතන්න එපා (දිල්)
බොහොම ලස්සන වැඩක්! පාරවල් ගැන හිතුනහම හරිම සන්තෝසයි! රට ගැන හිතුනහම හරිම දුකයි. (අ)
වැඩ බැරි ටාසන්ලාගෙ, පක්ෂ වලට සපෝට් කරන අය ඕවා විවෙචනය කොරනවා. ඉරිසියාවට බේත් නෑ. (අ)
රජයට මේ පාරවල් වලින් ප්‍රතිලාභ දෙකක් ලැබෙනවා. එකක් මාර්ගයේ යෑමට අයකරන ගාස්තුව. අනෙක ඉන්ධන වැයවීමේ අඩුවීම.(අ)
අතුරුගිරියේ තවම හුවමාරු මධයස්ථානය සාදා නොමැත (අ)
සත්‍යයා, මොනවද මේ කියවන ගොන් කතා? (අ)