IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කොළඹ රාත්‍රී මෝටර් රේස් 15 වැනිදා

වේගය, භීතිය, ත්‍රාසය සහ තරගකාරිත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්‍රීඩා ලෝකයට නව අත්දැකීමක් ලෙස කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සංවිධායකත්වයෙන් හා ආසියා මෝටර් රථ ක්‍රීඩා සමාජයේ මෙහෙයවීමෙන් පවත්වන ‘කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය‘ ලබන 15 වැනිදා කොළඹ ගාලු මුවදොර හා කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලදී පැවැත්වේ. ඒ වෙනුවෙන් ධාවන පථ සූදානම් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදු කැරේ. පාර දෙපස නරඹන්නන්ගේ ආරක්ෂාව පිණිස වැලි කොට්ට හා ටයර් වළලු ද ඇතිරෙයි. ගාලු මුවදොර පිටිය හා කොටුව යෝර්ක් වීදිය ආශ්‍රිත සියලු ප්‍රධාන මාර්ග රේසින් ධාවන පථ මෙන් දිස් වේ. මෙම තරඟාවලියට මෙරට යතුරුපැදි හා මෝටර් රථ තරඟකරුවන් 150 දෙනෙකු ද, ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය හා ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරඟකරුවන් 35 දෙනෙකු ද තරඟ වැදීමට නියමිතය.  



අදහස් (0)

කොළඹ රාත්‍රී මෝටර් රේස් 15 වැනිදා

අජිත් Friday, 14 December 2012 07:37 PM

ළගදීම අපිට රේසින් බෝට්ටු තරගයකුත් බලන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ලංකා Thursday, 13 December 2012 11:28 PM

ලංකාව තව තවත් දියුණු වේවා (දී)

:       0       0

ලංකා Thursday, 13 December 2012 11:28 PM

ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ද වෙනවා මෙවන් දේ නිසා (දී)

:       0       0

ඉන්දික Thursday, 13 December 2012 11:31 PM

කාටද ආඩම්බර

:       0       0

හේමසර Friday, 14 December 2012 01:42 PM

ලෝක විනාශයට කලින් ඒක තියෙන එක හොදයි. (නි)

:       0       0

ලකී Thursday, 13 December 2012 11:39 PM

එයාලා මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. (නි)

:       0       0

වජිර Thursday, 13 December 2012 11:34 PM

ලංකාවට සල්ලි ලැබෙනවාද මේ වැඩ පිලිවෙලින් (දී)

:       0       0

අමරේ Friday, 14 December 2012 02:22 PM

අයියෝ මේක මුහුදේ ඒ වගේ තැනක් හදලා කරන්න තිබුණා. මුහුද ගොඩ කරන්න ආයෝජකයොත් එයි. දුප්පත් අපිට රස්සාවට යන්න ගියාම කරදර හරියට මේවා හින්දා. ඇමතිවරු පිඹගෙන වාහන වල යනවා. ජන්දේ දීපු අපිට යන්න පේමන්ට් එකක්වත් නැහැ.අනික පව් අර ආරක්ෂක අංශ වල අය. මේවා කාටවත් හිරිහැර නොවන විදිහට කරගත්තා නම් හොඳයි. එතකොට කැමති සල්ලි තියන අය බලලා සතුටු වෙයි. (නි)

:       0       0

පසිඳු Friday, 14 December 2012 02:25 AM

මොකද ඕක රාත්‍රියටම තියන්නේ (දී)

:       0       0

ලියනගේ Friday, 14 December 2012 02:32 PM

ජීවිතයත් මරණයත් අතරේ යුද්ධ කරපු අපේ වීර කොල්ලන්ට වෙලා තියෙන දේ දැක්කහම අපිට දුකේ බැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 14 December 2012 02:37 AM

ලෝකේම අවධානයට ලක් වේවා (දී)

:       0       0

ජගත් Friday, 14 December 2012 02:32 PM

මේ ප්‍රවෘත්තිය ඇහුවහම අපිට පුදුම තරමේ ආශ්චර්යයක් මැවිලා පෙනෙනවා. දැන් අපි ආසියාවේ නොම්මර 1.ඒකේ ආයි දෙකක් නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 14 December 2012 04:04 AM

රාත්‍රියට විතරක් තියෙන්නේ මොකද, විදුලි බිල අඩු කරන්න පුලුවන්ද මෙහෙම (දී)

:       0       0

ලුම්බිණි Friday, 14 December 2012 04:26 AM

මේ ක්‍රීඩාව අවශ්‍යම එකක් නම් කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය මේ සඳහා වෙනම ට්‍රැක් එකක් හදා ගත යුතුයි, මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කටයුතු වලට කරදර නොකර. වෙන රට වල කරන්නේ එහෙමයි. (නි)

:       0       0

අශේන් Friday, 14 December 2012 04:53 AM

දනවතුන්ගේ ආශ්වාදයට හොදයි (දී)

:       0       0

මිනල් Friday, 14 December 2012 05:19 AM

අයියෝ සල්ලි

:       0       0

දීපාල් Friday, 14 December 2012 03:20 PM

අද අපේ රටේ මිනිසුන්ගේ ආර්ථික අපහසුකම් ගැන ‍මීට වැඩිය හිතුවා නම් තමයි හොද. (නි)

:       0       0

දිසා Friday, 14 December 2012 06:14 AM

එන්න එන්න එන්න... දකුණු කොනින් එන්න... (නි)

:       0       0

බණ්ඩාර Friday, 14 December 2012 03:24 PM

මමත් ආසයි ලැම්බොගිනි කාර් බලන්න. (නි)

:       0       0

ශලනි Friday, 14 December 2012 06:34 AM

ර‍ටේ දියුණුවට ඉරිසියා නොකරනු (ස)

:       0       0

තුල්සි Friday, 14 December 2012 06:48 AM

මම මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

උදිත Friday, 14 December 2012 07:26 AM

කෝ අර ණයට අධිවේග හදනකොට, අහස උසට කුළුණු වගේ ගොඩනැගිලි චිත්‍ර දැකලා "මගේ රටට දළදා හිමි සරණයි" කියපු කට්ටිය? බලාගෙන ඉන්න ළගදීම අපේ රට මුල්‍ය අරමුදලෙන් ලියාගන්නවා, පුළුල් දැනුමක් තියෙන ජනතාවක් භිමිවෙන තුරු අපේ රට පස්සට යනවා. (නි)

:       0       0

උපාලි Friday, 14 December 2012 07:29 AM

රටේ ලොකු කාන්තාවක් සන්විධායකට කිව්වලු 2 සහ 3 වෙනි තැන කාට ගියත් කමක් නැහැ කියලා. (අහපු කටකතාවක් පමණි) (නි)

:       0       0

චාමර Friday, 14 December 2012 07:39 AM

මට නම් ඇඩෙනවා මලේ. (නි)

:       0       0

චමිල් ආදිහෙට්ටි Thursday, 13 December 2012 06:28 PM

මළත් ඇලේ බහී කියන පුවතේ තියෙන දේ දැක්කද. මැදිරිගිරියෙ කිරිමැටියෙ වැලිඇල කැඩිලා මිනිස්සු මිනිය ගෙනියන්නෙත් ඇලේ බැහැලා. ඔයිට නරකද පාලම හදලා දුන්නොත්(නු)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 06:31 PM

අනේ වාසනාවන් (නු)

:       0       0

මාලනී Thursday, 13 December 2012 06:30 PM

කියමු බලන්න ජයග්‍රහණ කොහොමද කියල, (නු)

:       0       0

හේරත් Friday, 14 December 2012 08:01 AM

ඔය සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න (දී)

:       0       0

චන්දන Friday, 14 December 2012 04:19 PM

අපිටත් දුකයි දැන් නම් මනාපය දුන්න එකට. මොනවා කරන්නද? උඩ බලාගෙන ඉන්නවා මිසක්. (නි)

:       0       0

සරත් Friday, 14 December 2012 08:15 AM

ලංකාව දැන් හරි දියුණුයි (දී)

:       0       0

ලකී Friday, 14 December 2012 08:23 AM

ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය යන රටවල් නියෝජනය කරමින් එන්නේ ඒ රටේ ටැක්සි එළවන රියදුරන්ලු.... :D (නි)

:       0       0

දම්මි Thursday, 13 December 2012 06:45 PM

පිස්සු වැඩ..!(නු)

:       0       0

ගාමිනි Friday, 14 December 2012 08:30 AM

දෙයියනේ! අපි ඡන්දෙ දුන්නේ රේස් බලන්නද? අපි බලන් ඉන්නවා මල්ටි බැරල් වියදම් නැති නිසා පාන් මිල අඩු කරනකම්... (නි)

:       0       0

ජානක Thursday, 13 December 2012 06:47 PM

අපිට කන්න නැ........(නු)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 06:51 PM

වේගය, ත්‍රාසය,භීතිය වගේම බඩු මිළ, තෙල් මිළ, ජීවන වියදමත් ඔය සමගම වැඩිවෙයි. (නි)

:       0       0

රන්මලී Friday, 14 December 2012 09:01 AM

මහජනතාවට ඉවසීමෙන් බලා හිටින්න වෙනවා. (නි)

:       0       0

රෝ Friday, 14 December 2012 09:04 AM

නරකද ඔය විකාර දේවල් වලට වියදම නවත්වලා, ඒ මුදලින් අඩුම තරමේ පාසල් කිහිපයකට වත් පරිගණක විද්‍යාගාර ටිකක් දුන්නොත්? මොනවා කරන්නද? උගත් මැති ඇමතිවරුන් රට සංවර්ධනය කරන්න කරන වැඩ නේ. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 13 December 2012 07:11 PM

බැරිද ආයුබෝවන් මේ වැලි ගෝනිවලින් වාහන ටයර්වලින් ටිකක් මැදිරිගිරියේ කිරිමැටියාවේ වැලි ඇලට ගිහිං දාල දෙන්න මන්ද අර මිනිස්සු මිනී පෙට්ටිය අරං යන්නේ ඇලට බැහැල....(නු)

:       0       0

සරත් Friday, 14 December 2012 09:09 AM

මෙවැනි දේ කිරීමට තව බොහෝ කල් ඇති බව බලධාරීන්ට නොතේරීම අපේ අවාසනාවයි. (නි)

:       0       0

රොෂාන් Friday, 14 December 2012 09:09 AM

මිනිස්සුන්ට කන්න නැහැ. මෙයාලට කාලා වැඩි වෙලා. (නි)

:       0       0

අජිත් Thursday, 13 December 2012 07:54 PM

දුප්පත් අපි ඡන්දය දුන්නේ රේස් බලන්නද? (නි)

:       0       0

රොෂාන් Thursday, 13 December 2012 07:49 PM

ඔසාන් සලාම්, නියම කතාව. මම ඔබ සමග එකගයි. (නි)

:       0       0

ගැමියා Friday, 14 December 2012 09:25 AM

හුරේ ..!!! අපි දැන් ගොඩාක් දියුණු යි නේඔහොම යන් .... ඔහොම යන් .... තව ටික දවසයි... ප්‍රතිපල ලබන්න (ත)

:       0       0

පෙරේරා Friday, 14 December 2012 09:27 AM

ලංකාවට තමයි ආඩම්බර (දී)

:       0       0

සිල්වා Thursday, 13 December 2012 08:05 PM

නිවැරදි දේ පමණක් කිරීමට කාලය පැමිණ ඇති බැවින් මෙය සුලුකොට තැකිය නොහැක. (නි)

:       0       0

මුදිත Friday, 14 December 2012 09:34 AM

ජයවේවා ..... ජයවේවා ..... (දී)

:       0       0

සඳුන් Friday, 14 December 2012 09:41 AM

බොරැල්ලේ කනත්තේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවත් පුදුම වෙන්න දෙයක් නෑ (ස)

:       0       0

රකිත Friday, 14 December 2012 09:47 AM

ඇත්තටම මේකට යොදවන්නේ රාජ්‍ය ආයතනයක සල්ලිද? එහෙම නැත්නම් කවුරුන්හෝ පෞද්ගලික ආයතනයක සල්ලිද? දන්නා කෙනෙක් කියන්නකෝ (ස)

:       0       0

ජනක Friday, 14 December 2012 09:43 AM

අපිට අඩු ඔච්චරයි . ඔය සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිව්වනම් කොච්චර පිනක්ද ?(ස)

:       0       0

කමල් Thursday, 13 December 2012 08:13 PM

බොහොම අපුරුයි. දුප්පත්, පාරේ කකුල් දෙකෙන් යන අපි ගැන හිතලා අර කහ ඉරේ තීන්ත ටිකක් ගාලා දෙන්න. අපිට රේස් බලනවාට වඩා බඩගින්න ගැන හිතන්න වෙලා තියෙන්නේ ආයුබෝවන්ඩ .... ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය යන රටවල් නියෝජනය කරමින් එන්නේ කවුද දන්නෙ නැහැ නේද ? (නි)

:       0       0

අප්පු Friday, 14 December 2012 09:59 AM

නියමයි... (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 13 December 2012 08:24 PM

ඕසන් සලාම්, ඔබ දැකගන්න ඔය රටට එන්න හිතෙනවා. මීට ටික දවසකට පෙර එක නාලිකාවක පෙන්නුවා ඔය වගේම තවත් මාරක ගමනක් යමින් ඉගෙනගන්න දුක් විඳින දරු පිරිසක්. ඔවුන්ට ස්ථිර පාලම කෑල්ලක් දමා දෙන්න වැයවෙනවා ඇත්තේ මීට වඩා ඉතාම සුළු මුදලක් හා ශ්‍රමයක්. එත් ඔබ වගේ හිතන අය අපේ රටේ අඩු හින්දා මේ ඉන්න මෝඩයින්ව සතුටු කරවන්න පුළුවන් වෙන්නේ සැටලයිට්, නෙලුම් කුළුණු, අධි සුඛෝපභෝගී පහසුකම් සහිත විවේක උද්‍යාන, රේස් තරඟ ආදියෙන් පමණයි. මේවා කියනකොට 'රටේ දියුණුවට ඉරිසියා කරනවා' කියා අපට බැනගෙන එන්න කට්ටියකුත් වෙනම ඉන්නවා.(මම මේ කියපු එකේ තොප්පිය ඉස්සෙල්ලම දාගන්නේ කවුද බලමු) (නි)

:       0       0

විරාජ් Friday, 14 December 2012 10:07 AM

කේතුමතී පුරවරයේ ඉසුරු ඇති ලංකාව !!!(ස)

:       0       0

හසිත Friday, 14 December 2012 10:12 AM

ඔය සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න. (නි)

:       0       0

සමන් Thursday, 13 December 2012 08:51 PM

සන්තෝසයි

:       0       0

පියල් Thursday, 13 December 2012 09:02 PM

ජයවේවා..... (දී)

:       0       0

රත්නායක Friday, 14 December 2012 10:44 AM

ඔන්න ආසියාවේ ආශ්චර්යය... (නි)

:       0       0

පාලිත Friday, 14 December 2012 10:44 AM

නැව ගිලුනත් බෑන් චූන් කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

නිහාල් Friday, 14 December 2012 10:52 AM

ලංකාව තුල තවත් වෙනසක් (දී)

:       0       0

සමන්ත Thursday, 13 December 2012 09:19 PM

මේක නිසා 12 දා පාන්දර නෙලුම් පොකුණ ලඟදී අහිංසක මිනිසුන් 7ක් අනතුරකට පත්කරලා (අ)

:       0       0

බන්දුල Thursday, 13 December 2012 09:15 PM

අපිත් එනවා බලන්න (දී)

:       0       0

තනුජා Thursday, 13 December 2012 09:20 PM

අයියෝ සල්ලි

:       0       0

සුරියප්පෙරුම Friday, 14 December 2012 11:01 AM

මගේ ඇගේ මඉල් කෙළින් වෙනවා හසන්ත. හරිම ආඩම්බර හිතෙනවා මට. (නි)

:       0       0

මල්ලික Friday, 14 December 2012 11:11 AM

ඇත්තටම මේවා බලන අපිටයි පිස්සු. (නි)

:       0       0

වරුණ Friday, 14 December 2012 11:16 AM

ආශ්චර්‍යය‍ට ජය වේවා (ස)

:       0       0

ගමගේ Thursday, 13 December 2012 09:49 PM

ලංකාවට විදේශ විනිමය ලබා ගන්න හොද ක්‍රමයක් (දී )

:       0       0

තිමිර Friday, 14 December 2012 11:18 AM

මේ තියෙන්නේ අයවැය ප්‍රතිපල වෙන්න ඇති. රේල් පාරවලට ගේට්ටු දාන්න, ඇළවල් වලට පාලමක් දාන්න , ඉස්පිරිතාල වලට බේත් ටිකක් අරන් දෙන්න, අඩුගානේ දුප්පත් ගම්වලට විදුලිය දෙන්න මුදල් කවදා වෙන් වේවිද? කාර් රේස් බලන්න දෙන්නෙත් ටිකට් වලට. (නි)

:       0       0

රාජිත Friday, 14 December 2012 11:19 AM

බලන්නයන්න ආසයි (දී)

:       0       0

කුමුදු Friday, 14 December 2012 11:15 AM

මේ තරම් වැලි කොහෙන්ද? (නි)

:       0       0

දිලංක Friday, 14 December 2012 05:59 PM

ප්‍රභාකරන් නැති අඩුව දැන් දැනෙනව නේද ?(ස)

:       0       0

ශාන් Friday, 14 December 2012 11:19 AM

මේකට වියදම් කරන මුදලින් නොදියුණු පාසල් සහ වැඩිහිටි නිවාස දියුණූ කළොත් නරකද? (නි)

:       0       0

නුවන් Thursday, 13 December 2012 10:21 PM

නියමයි

:       0       0

නීල් Thursday, 13 December 2012 10:27 PM

ඕක විතරනේ අඩු වෙලා තිබුණේ. (නි)

:       0       0

චන්දිම Thursday, 13 December 2012 10:37 PM

නිකං තියෙන ඔය ඇලවල් වල බෝට්ටු රේස් තියමු. අහසෙ ගුවන්යානා ධාවන තරඟ තියමු . මේක මගේ අලුත් යෝජනාවක්. මොකද කියන්නේ (ස)

:       0       0

චානක Friday, 14 December 2012 12:16 PM

ත්‍රාසය, භීතිය ඇතිකරමින් රට අධිවේගයෙන් ආගාධයට... (නි)

:       0       0

සංක Thursday, 13 December 2012 10:44 PM

සුභපැතුම් , සාර්ථක වේවා (දී)

:       0       0

කුමාර Thursday, 13 December 2012 10:51 PM

සන්තොසයි

:       0       0

ෆ්‍රැන්සිස් Friday, 14 December 2012 12:20 PM

මිනිස්සු මෙහේ කන්න නැතුව බඩගින්නේ ණය වෙනවා. එහේ...? (නි)

:       0       0

බමුණුසිංහ Friday, 14 December 2012 12:56 PM

ප්‍රභාකරන් මේ කාලේ හිටියා නම්...? (නි)

:       0       0

ගයාන් ඩුබායි Thursday, 13 December 2012 11:07 PM

මීට ඉස්සරවෙලා මැදිරිගිරියේ මිනිස්සුන්ට පාලමක් හදල දුන්නොත් හොදයි නේද.දැක්ක නේද මිනී පෙට්ටිය අරන් යන හැටි මිනිස්සු. (ස)

:       0       0

බමුණුසිංහ Friday, 14 December 2012 12:58 PM

එයාලට රේස් යන්න, අපි වෙන පාරවල් වලින් යන්න... (නි)

:       0       0

කිර්ති Thursday, 13 December 2012 11:10 PM

අයියෝ සල්ලි

:       0       0

විජිත Thursday, 13 December 2012 11:07 PM

මිනිස්සු මොකද කියන්නේ මේ වැඩේට (දී)

:       0       0

විජිත Thursday, 13 December 2012 11:09 PM

අපිට බලන්න යන්න බැරිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 67 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 245 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 532 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 413 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3550 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 517 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site