වේගය, භීතිය, ත්‍රාසය සහ තරගකාරිත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්‍රීඩා ලෝකයට නව අත්දැකීමක් ලෙස කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සංවිධායකත්වයෙන් හා ආසියා මෝටර් රථ ක්‍රීඩා සමාජයේ මෙහෙයවීමෙන් පවත්වන ‘කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය‘ ලබන 15 වැනිදා කොළඹ ගාලු මුවදොර හා කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලදී පැවැත්වේ.
ඒ වෙනුවෙන් ධාවන පථ සූදානම් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදු කැරේ. පාර දෙපස නරඹන්නන්ගේ ආරක්ෂාව පිණිස වැලි කොට්ට හා ටයර් වළලු ද ඇතිරෙයි. ගාලු මුවදොර පිටිය හා කොටුව යෝර්ක් වීදිය ආශ්‍රිත සියලු ප්‍රධාන මාර්ග රේසින් ධාවන පථ මෙන් දිස් වේ.
මෙම තරඟාවලියට මෙරට යතුරුපැදි හා මෝටර් රථ තරඟකරුවන් 150 දෙනෙකු ද, ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය හා ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් තරඟකරුවන් 35 දෙනෙකු ද තරඟ වැදීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ ..!!! අපි දැන් ගොඩාක් දියුණු යි නේඔහොම යන් .... ඔහොම යන් .... තව ටික දවසයි... ප්‍රතිපල ලබන්න (ත)
නැව ගිලුනත් බෑන් චූන් කියන්නේ මේවට තමයි. (නි)
ඔන්න ආසියාවේ ආශ්චර්යය... (නි)
ඔය සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න. (නි)
කේතුමතී පුරවරයේ ඉසුරු ඇති ලංකාව !!!(ස)
නියමයි... (ස)
අපිට අඩු ඔච්චරයි . ඔය සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිව්වනම් කොච්චර පිනක්ද ?(ස)
ඇත්තටම මේකට යොදවන්නේ රාජ්‍ය ආයතනයක සල්ලිද? එහෙම නැත්නම් කවුරුන්හෝ පෞද්ගලික ආයතනයක සල්ලිද? දන්නා කෙනෙක් කියන්නකෝ (ස)
බොරැල්ලේ කනත්තේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවත් පුදුම වෙන්න දෙයක් නෑ (ස)
ජයවේවා ..... ජයවේවා ..... (දී)
ලංකාවට තමයි ආඩම්බර (දී)
ලංකාව තුල තවත් වෙනසක් (දී)
මිනිස්සුන්ට කන්න නැහැ. මෙයාලට කාලා වැඩි වෙලා. (නි)
මෙවැනි දේ කිරීමට තව බොහෝ කල් ඇති බව බලධාරීන්ට නොතේරීම අපේ අවාසනාවයි. (නි)
නරකද ඔය විකාර දේවල් වලට වියදම නවත්වලා, ඒ මුදලින් අඩුම තරමේ පාසල් කිහිපයකට වත් පරිගණක විද්‍යාගාර ටිකක් දුන්නොත්? මොනවා කරන්නද? උගත් මැති ඇමතිවරුන් රට සංවර්ධනය කරන්න කරන වැඩ නේ. (නි)
මහජනතාවට ඉවසීමෙන් බලා හිටින්න වෙනවා. (නි)
දෙයියනේ! අපි ඡන්දෙ දුන්නේ රේස් බලන්නද? අපි බලන් ඉන්නවා මල්ටි බැරල් වියදම් නැති නිසා පාන් මිල අඩු කරනකම්... (නි)
ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය යන රටවල් නියෝජනය කරමින් එන්නේ ඒ රටේ ටැක්සි එළවන රියදුරන්ලු.... :D (නි)
ලංකාව දැන් හරි දියුණුයි (දී)
ඔය සල්ලි වලින් ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න (දී)
මට නම් ඇඩෙනවා මලේ. (නි)
ප්‍රභාකරන් මේ කාලේ හිටියා නම්...? (නි)
ළගදීම අපිට රේසින් බෝට්ටු තරගයකුත් බලන්න පුලුවන් වෙයි. (නි)
ප්‍රභාකරන් නැති අඩුව දැන් දැනෙනව නේද ?(ස)
අපිටත් දුකයි දැන් නම් මනාපය දුන්න එකට. මොනවා කරන්නද? උඩ බලාගෙන ඉන්නවා මිසක්. (නි)
මමත් ආසයි ලැම්බොගිනි කාර් බලන්න. (නි)
අද අපේ රටේ මිනිසුන්ගේ ආර්ථික අපහසුකම් ගැන මීට වැඩිය හිතුවා නම් තමයි හොද. (නි)
මේ ප්‍රවෘත්තිය ඇහුවහම අපිට පුදුම තරමේ ආශ්චර්යයක් මැවිලා පෙනෙනවා. දැන් අපි ආසියාවේ නොම්මර 1.ඒකේ ආයි දෙකක් නැහැ. (නි)
ජීවිතයත් මරණයත් අතරේ යුද්ධ කරපු අපේ වීර කොල්ලන්ට වෙලා තියෙන දේ දැක්කහම අපිට දුකේ බැහැ. (නි)
අයියෝ මේක මුහුදේ ඒ වගේ තැනක් හදලා කරන්න තිබුණා. මුහුද ගොඩ කරන්න ආයෝජකයොත් එයි. දුප්පත් අපිට රස්සාවට යන්න ගියාම කරදර හරියට මේවා හින්දා. ඇමතිවරු පිඹගෙන වාහන වල යනවා. ජන්දේ දීපු අපිට යන්න පේමන්ට් එකක්වත් නැහැ.අනික පව් අර ආරක්ෂක අංශ වල අය. මේවා කාටවත් හිරිහැර නොවන විදිහට කරගත්තා නම් හොඳයි. එතකොට කැමති සල්ලි තියන අය බලලා සතුටු වෙයි. (නි)
ලෝක විනාශයට කලින් ඒක තියෙන එක හොදයි. (නි)
එයාලට රේස් යන්න, අපි වෙන පාරවල් වලින් යන්න... (නි)
රටේ ලොකු කාන්තාවක් සන්විධායකට කිව්වලු 2 සහ 3 වෙනි තැන කාට ගියත් කමක් නැහැ කියලා. (අහපු කටකතාවක් පමණි) (නි)
මිනිස්සු මෙහේ කන්න නැතුව බඩගින්නේ ණය වෙනවා. එහේ...? (නි)
ත්‍රාසය, භීතිය ඇතිකරමින් රට අධිවේගයෙන් ආගාධයට... (නි)
මේකට වියදම් කරන මුදලින් නොදියුණු පාසල් සහ වැඩිහිටි නිවාස දියුණූ කළොත් නරකද? (නි)
මේ තරම් වැලි කොහෙන්ද? (නි)
බලන්නයන්න ආසයි (දී)
මේ තියෙන්නේ අයවැය ප්‍රතිපල වෙන්න ඇති. රේල් පාරවලට ගේට්ටු දාන්න, ඇළවල් වලට පාලමක් දාන්න , ඉස්පිරිතාල වලට බේත් ටිකක් අරන් දෙන්න, අඩුගානේ දුප්පත් ගම්වලට විදුලිය දෙන්න මුදල් කවදා වෙන් වේවිද? කාර් රේස් බලන්න දෙන්නෙත් ටිකට් වලට. (නි)
ආශ්චර්‍යයට ජය වේවා (ස)
ඇත්තටම මේවා බලන අපිටයි පිස්සු. (නි)
මගේ ඇගේ මඉල් කෙළින් වෙනවා හසන්ත. හරිම ආඩම්බර හිතෙනවා මට. (නි)
බොහොම අපුරුයි. දුප්පත්, පාරේ කකුල් දෙකෙන් යන අපි ගැන හිතලා අර කහ ඉරේ තීන්ත ටිකක් ගාලා දෙන්න. අපිට රේස් බලනවාට වඩා බඩගින්න ගැන හිතන්න වෙලා තියෙන්නේ ආයුබෝවන්ඩ .... ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය යන රටවල් නියෝජනය කරමින් එන්නේ කවුද දන්නෙ නැහැ නේද ? (නි)
නිකං තියෙන ඔය ඇලවල් වල බෝට්ටු රේස් තියමු. අහසෙ ගුවන්යානා ධාවන තරඟ තියමු . මේක මගේ අලුත් යෝජනාවක්. මොකද කියන්නේ (ස)
ඕක විතරනේ අඩු වෙලා තිබුණේ. (නි)
නියමයි
ලංකාවට විදේශ විනිමය ලබා ගන්න හොද ක්‍රමයක් (දී )
අයියෝ සල්ලි
අපිත් එනවා බලන්න (දී)
මේක නිසා 12 දා පාන්දර නෙලුම් පොකුණ ලඟදී අහිංසක මිනිසුන් 7ක් අනතුරකට පත්කරලා (අ)
ජයවේවා..... (දී)
සන්තෝසයි
ඕසන් සලාම්, ඔබ දැකගන්න ඔය රටට එන්න හිතෙනවා. මීට ටික දවසකට පෙර එක නාලිකාවක පෙන්නුවා ඔය වගේම තවත් මාරක ගමනක් යමින් ඉගෙනගන්න දුක් විඳින දරු පිරිසක්. ඔවුන්ට ස්ථිර පාලම කෑල්ලක් දමා දෙන්න වැයවෙනවා ඇත්තේ මීට වඩා ඉතාම සුළු මුදලක් හා ශ්‍රමයක්. එත් ඔබ වගේ හිතන අය අපේ රටේ අඩු හින්දා මේ ඉන්න මෝඩයින්ව සතුටු කරවන්න පුළුවන් වෙන්නේ සැටලයිට්, නෙලුම් කුළුණු, අධි සුඛෝපභෝගී පහසුකම් සහිත විවේක උද්‍යාන, රේස් තරඟ ආදියෙන් පමණයි. මේවා කියනකොට 'රටේ දියුණුවට ඉරිසියා කරනවා' කියා අපට බැනගෙන එන්න කට්ටියකුත් වෙනම ඉන්නවා.(මම මේ කියපු එකේ තොප්පිය ඉස්සෙල්ලම දාගන්නේ කවුද බලමු) (නි)
සුභපැතුම් , සාර්ථක වේවා (දී)
නිවැරදි දේ පමණක් කිරීමට කාලය පැමිණ ඇති බැවින් මෙය සුලුකොට තැකිය නොහැක. (නි)
ඔසාන් සලාම්, නියම කතාව. මම ඔබ සමග එකගයි. (නි)
දුප්පත් අපි ඡන්දය දුන්නේ රේස් බලන්නද? (නි)
බැරිද ආයුබෝවන් මේ වැලි ගෝනිවලින් වාහන ටයර්වලින් ටිකක් මැදිරිගිරියේ කිරිමැටියාවේ වැලි ඇලට ගිහිං දාල දෙන්න මන්ද අර මිනිස්සු මිනී පෙට්ටිය අරං යන්නේ ඇලට බැහැල....(නු)
වේගය, ත්‍රාසය,භීතිය වගේම බඩු මිළ, තෙල් මිළ, ජීවන වියදමත් ඔය සමගම වැඩිවෙයි. (නි)
අපිට කන්න නැ........(නු)
පිස්සු වැඩ..!(නු)
කියමු බලන්න ජයග්‍රහණ කොහොමද කියල, (නු)
අනේ වාසනාවන් (නු)
ලංකාවට සල්ලි ලැබෙනවාද මේ වැඩ පිලිවෙලින් (දී)
කෝ අර ණයට අධිවේග හදනකොට, අහස උසට කුළුණු වගේ ගොඩනැගිලි චිත්‍ර දැකලා "මගේ රටට දළදා හිමි සරණයි" කියපු කට්ටිය? බලාගෙන ඉන්න ළගදීම අපේ රට මුල්‍ය අරමුදලෙන් ලියාගන්නවා, පුළුල් දැනුමක් තියෙන ජනතාවක් භිමිවෙන තුරු අපේ රට පස්සට යනවා. (නි)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
රටේ දියුණුවට ඉරිසියා නොකරනු (ස)
එන්න එන්න එන්න... දකුණු කොනින් එන්න... (නි)
අයියෝ සල්ලි
දනවතුන්ගේ ආශ්වාදයට හොදයි (දී)
මේ ක්‍රීඩාව අවශ්‍යම එකක් නම් කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය මේ සඳහා වෙනම ට්‍රැක් එකක් හදා ගත යුතුයි, මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කටයුතු වලට කරදර නොකර. වෙන රට වල කරන්නේ එහෙමයි. (නි)
රාත්‍රියට විතරක් තියෙන්නේ මොකද, විදුලි බිල අඩු කරන්න පුලුවන්ද මෙහෙම (දී)
ලෝකේම අවධානයට ලක් වේවා (දී)
මොකද ඕක රාත්‍රියටම තියන්නේ (දී)
මළත් ඇලේ බහී කියන පුවතේ තියෙන දේ දැක්කද. මැදිරිගිරියෙ කිරිමැටියෙ වැලිඇල කැඩිලා මිනිස්සු මිනිය ගෙනියන්නෙත් ඇලේ බැහැලා. ඔයිට නරකද පාලම හදලා දුන්නොත්(නු)
එයාලා මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. (නි)
කාටද ආඩම්බර
ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ද වෙනවා මෙවන් දේ නිසා (දී)
ලංකාව තව තවත් දියුණු වේවා (දී)
අපිට බලන්න යන්න බැරිද (දී)
මිනිස්සු මොකද කියන්නේ මේ වැඩේට (දී)
අයියෝ සල්ලි
මීට ඉස්සරවෙලා මැදිරිගිරියේ මිනිස්සුන්ට පාලමක් හදල දුන්නොත් හොදයි නේද.දැක්ක නේද මිනී පෙට්ටිය අරන් යන හැටි මිනිස්සු. (ස)
සන්තොසයි