මරදාන පාලම් හංදියේ සිට ටෙක්නිකල් හංදිය දක්වා ද, ටෙක්නිකල් හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද එක් දිශාවකට වාහන ගමන් කරවීමේ පෙරහුරුවක් අද සහ හෙට (30) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඒ අනුව මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට එන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුල්ව එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරී ටෙක්නිකල් හංදියෙන් වමට හැරී පිටකොටුවට යා යුතුය.
ගාමිණී වටරවුම දෙස සිට සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම ටෙක්නිකල් හංදියට පැමිණ එතැනින් දකුණට හැරී සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යායුතුය.
පිටකොටුව දෙස සිට උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණී වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණී වටරවුම දෙසට ගමන් කළ යුතුය.
ටෙක්නිකල් හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසු කර ගාමිණී වටරවුම දෙසට වාහන ඇතුල් කිරීමට අවසර ලැබේ.
මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවසර නැත. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය හංදිය දක්වා ගමන් කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම වෙනකම් බලා නොඉද ඉදලා හිටලා හරි අනාවැකියක් කියන්න එපැයි රංජිත්. ඔව් ඉෂාර මම හිතන්නේ මේ විදිය හොදයි කියලා. නහැ මංජුල රිනාත්මනකව නෙමෙයි හිතුනා මේකත් ආණ්ඩුවේ අනිත් වැඩ වගේම නිෂ්ඵල ක්‍රියාවක් කියලා.(නදී)
මේක හොද දෙයක්. අපේ මාර්ග නීති වෙනස් වෙන්න ඕනෑ (දී)
ඉතාම හොද දෙයක්. මෙය බොහෝ කලකට පෙර කළයුතුව තිබුණු එහෙත් නොකෙරුණු, දැන් දැන් කෙරෙන්න පටන් ගතිපු දෙයක්. ධනාත්මකව මේ ගැන මගේ ප්‍රතිචාරය එයයි. මොරටුව විශ්ව විද්‍යාලය හා පොලිසියට ස්තුතියි. ධන ප්‍රතිපෝෂක අදහස නම්, රටක වාහන තදබදය අඩු කිරීමට ඉතාම සුදුසු ක්‍රමය වන්නේ, පොදු ප්‍රවාහන සේවාවන් වල ගුණාත්මක බව ඉහල නංවා ඒ වෙතට ජනතාව ආකර්ෂණය වීම ඉඩ හැරීමයි. එහෙත් ප්‍රවාහන බලධාරීන් තවම මෙම සත්‍ය තේරුම් නොගැනීම කණගාටුවට කරුණක්. අද වනවිට කොළඹ පොදු ප්‍රවාහනය යොදාගන්නේ තමන්ට පුද්ගලික වාහනයක් භාවිත කිරීමට ආර්ථික ශක්තියක් නොමැති අය පමණයි. නමුත් සැබෑවටම සිදු විය යුත්තේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇතිකිරීමෙන් සියලු දෙනා ඊට ආකර්ෂණය වීමට සැලැස්වීමයි. මේ මගින් නාගරික වායු දුෂණය අවම කර, ඛනිජ තෙල් සදහා පුළුස්සන මුදලුත් ඉතිරිකර ගත හැකියි. නමුත් පෞද්ගලික බස් හිමිකරුවන්ගේ උඩු බිරීම් වලට බියවී මේවා කල නොහැකියි. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අතවරයන් වලට ඉතා දැඩි දඩුවම් පනවා ප්‍රවාහනයේදී ආරක්ෂාව ඉහල දැමිය යුතුයි. බස් සේවකයන්ගේ විනය කඩකිරීම් වලට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. (නි)
මම ගිය සැරේ ලංකාවට ආවා දෙසැම්බර් වල. රට ඉදන් ලංකාවට එන්න ගියේ පැය තුනයි. කටුනායක ඉදලා නුවර ගෙදරට එන්න පැය අටක් ගියා. මොන දේ හරි කරලා හරි වාහන තදබදේ අඩු කරලා දැම්මොත් අපිට ඇති. (නි)
ලංකාවේ ඉන්නවා කට්ටියක්. මොන හොඳ දේ කළත් පෙනෙන්නේ නරකට.හැමදාම ලිඳේ තමා ඉන්න කැමති. බස් මගීන්ට පමණක් මුලදී ටිකක් අපහසුතාවන් ඇතිවේවි.ඒ වුනත් මේක කාලින අවශ්‍යතාවක් වගේම ඉතා හොඳයි. සියලු දෙනා අගය කළ යුතු දෙයක්. (නි)
අංජන ඔයා පිටරටද ඉන්නේ? (නි)
අපේ මිනිස්සුන්ට මොනවා කළත් හොදක් නැහැ. (නි)
මේ දේවල් නිසියාකාරව ,ක්‍රමානුකුලව සිදුවුනොත් මහජනතාවට වඩාත් හොඳ ප්‍රයෝජන අත්වෙයි කියලා මට නම් හිතෙනවා.ප්‍රධානම දේ වෙනදට වඩා මහා මාර්ගයේ වන අනතුරු අඩුවේවි.විනයක් නොමැතිව ,ලැබෙන සුළු ඉඩෙන් හෝ තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පොරකන පිරිස අඩුවේවි.බස් රථ වලට වෙනම මං තීරුවක් යෙදීමෙන් පාසලට,රෝහලට ,කාර්යාලයට ඉක්මනින් යාමට හැකි වේවි.වේග සීමාවක් යෙදුවහොත් සියලුම දෙනා එකම වේගයකින් ගමන් කිරීමට උත්සාහ ගනීවි.ජයන්ත කිව්වා වගේ සමහර වාහන පාරේ ඉරි කපාගෙන මං තීරු දෙකම පරිහරණය කරමින් යන්නේ මාර්ග නීති නොදත්කම නිසා..රථ වාහන පොලිසිය වගේම මාධ්‍යත් මේ ගැන දැනුවත් කලොත් ඒ දේවල් හරි යාවි කියලා මට හිතෙනවා.මේ දේවල් හිතලුවක් නොවෙන්න නම් මාර්ගය භාවිතා කරන සියලුම දෙනා තුල "පිළිපැදීම " කියන දෙය ඇතිවිය යුතුයි කියලා මට හිතෙනවා. (නි)
දන රින මහත්තය නැද්ද ?(අ)
මෙතැන රථ වාහන අංශයට අසු නොවූ විකල්ප මාර්ගයක් තියෙනවා.පිටකොටුවේ සිට{පරණ ට්‍රැක්ටර් සංස්ථාව) නීතිච්ච කාර්යාල සංකීර්ණය ඔස්සේ සාන්ත බස්තියම හරහා සඟරාජ මාවතට යා කරන පළල මාර්ගය පාලුවට ගිනින්.මහනුවර ,කුරුනෑගල ,අවිස්සාවේල්ල,මීගමුව දක්වා මාර්ගවල සෙනග සම්පුර්ණ හා හිටගෙන යාමට කැමති අයවලුන් වෙනුවෙන් බස් යැවීමෙන් වාහන තදබදය බොහෝ දුරකට වලක්වා ගත හැකියි (අ).
නනදලාල් ඔයාගේ අදහස් වටිනවා. ඔයා හරියට හරි.(නදී)
ගාලු පාර ඩික්මන් පාර සිට කොල්ලුපිටියට තනි අතට යන නිසා තිබෙන්නේ පුදුම සහනයක්. මුලදි ටිකක් කරදර උනා තමයි.(නදී)
මේක හුරු වෙනකම් අමාරූ වෙයි. ඊට පස්සේ ලෙහෙසීයි.(නදී)
මට හිතෙන්නෙත් මේ ක්‍රමය සාර්ථකයි කියලා. මොකද හරස් පාරවල් වලින් දෙපැත්තටම යන වාහන ඇතුල් නොවන නිසා තවත් පහසුයි. ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ අදහස් වටිනවා. මෙලෝ රහක් නැති මෝඩයෝ කිහිපදෙනා ගැන කණගාටුයි.(නදී)
කැනඩා දිසා මේක ආණ්ඩුවේ වැඩක් නෙවයි ශ්‍රී ලංකා පොලීසිය හා මොරටු විශ්වවිද්‍යාලය එකතුව කරන වැඩක්. අනික ආණ්ඩුවේ උනාම මොකද වැඩේ හොද නම්. අංජන ඔයා ඔයා ඉන්න රටට යන්න කලින් පාරවල් ගැන ඔක්ක්කොම ඉගනගෙනද ගියේ, ගොන් කතා කියන්න එපා. ජයන්ත කිව්වා වගේ මං තීරු නොසලකා ඉරි කපාගන යන අයට නම් දඩ කොළ දෙන්නම ඕනා. සෆීක් එකතැන පල්වෙවී පුච්චන තෙල් තරම් තෙල් ඔයාට පුච්චන්න වෙන්නේ නැහැ. අනික හිතන්න නැතිවන වටිනා කාලය. මංතීරු හයක් තිබෙන නිසා බස් හා බර වාහන වලට තීරු දෙකක් වෙන්කලොත් වඩා හොදයි. කොහොම උනත් ව්‍යායාමය සාර්ථක වේවා කියා පතමු.(නදී)
අගය කල යුතු වැඩක්. මේක පෙරහුරුවක් නිසා පොලිස් නිළධාරීන් හැම තැනම ඉන්නවා. නමුත් මේක ක්‍රියාවට නැංවීමෙන් පසු, අන්තර්ජාතික මට්ටමේ මාර්ග සළකුණු හඳුනාගැනීමට පහසුවෙන ස්ථාන වල නිවැරදිව සවි කිරීමෙන් රියදුරන් පත් වන අපහසුතාවය වළක්වා ගැනීමට පුළුවන්.(නදී)
අනේ මන්දා මෙහෙම වට රවුම් ගිහින් කොහෙන් ඉවරයක් වෙයිද කියලා. මන් නම් හිතන්නේ නැහැ මෙමගින් මහජනතාවට හැමදාම ඇතිවෙන වාහක තදබදයට ලොකු විසදුමක් ඇති වෙයි කියලා. මේකෙන් වෙන්නේ තවත් මිනිස්සු කොලොප්පන් වෙන එක.(නදී)
ඇත්තටම ඉතා හොද වැඩක්. ගාලුපාරේ තදබදය අඩු උනා වගේ මේකත් හොද වැඩක්. නැත්තම් මහා මාර්ග පලල්කරන්න වැඩි වියදමක් දරන්න වෙනවානේ. ගාලු පාරේ වගේ මේකත් සාර්ථක වේවා. ඒවගේම තමන් යන ගමන, යන්න ඕන තැන කල් තියා සැලසුම් කරගන්නවානම් වට රවුම් ගහන්න ඕන නැහැ. අපේ කට්ටිය පාරට වාහනේ දාලනේ සැලසුම් ගහන්නේ කොහෙන්ද යන්නේ කියලා. මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම සැලසුම් හදන අයට මගේ ආචාරය.(නදී)
හොඳ වැඩක්, පාර ටිකක් පළල කර නොනවත්වා යන්ඩ ක්‍රමයක් හදන්ඩ. මෙවැනි ක්‍රමයක් කොළඹ මීගමුවේ සිට ඇතුල්වෙද්දිත් පිටවෙද්දිත් හැදුවොත් හොඳයි. බස් මග නවත්වන ප්‍රමාණය අඩු කරන්ඩ පුලුවන්.(නදී)
මේ එක පැත්තකට යන ක්‍රමය හොදයි. ඒත් බලන්න සමහර වාහන ඉරි මැද යනවා. ඒකෙන් වෙන්නේ ලේන්ස් දෙකම එක වාහනයකට වෙන් කරගෙන. මෙන්න මේවා තමා රථ වාහන පොලිසියෙන් නතර කරන්න ඕනේ. තව එකක් තමා ලේන්ස් හයක් දැන් එක පැත්තකට යන්න තියෙනවා. බස් වලට එක ලේන් එකක් වෙන් කරොත් කාර් සැහෙන ගනනක් පාරෙන් යන එක අඩුවෙයි. ඒ කියන්නේ බසය ඉක්මනින් යනකොට මිනිස්සු කාර් දාලා බස් වල යන්න පුරුදු වේවි.(නදී)
හරකෙක් කිව්වේ අර කකුල් දෙකේ සුදු සරමක් ඇඳන් යන කෙනාට ද අනුර ? කෝ අපේ පොලිසියේ මහත්තුරු මේවට දඩ නැද්ද?(නදී)
අර වීඩියෝ එකේ පාර මැද හරකෙක් යනවා. ගව ඝාතනයට විරුද්ධ වෙන කාලේ හැපුනොත් එහෙම රියදුරත් අමාරුවේ. (නදී)
මේවා මොරටුවේ උගත් සිංහලයන්ගේ වැඩ. අපි අගය කළ යුතුයි. අපිට ටිකක් කරදර වුනත් තව තවත් නිර්මාණ කරන්න.(නදී)
කොහොම හරි ලංකාවට අවාම දඩ කොළ කන්න වෙයි වගේ අඩු නැතුව. මේවා දැනුවත් කරන පත්‍රිකා එයාර් පොර්ට් එකේදිම දෙන්න කියන්න. මිනිස්සු ලංකාවට එනකොට. (අ)
තෙල් මිල අඩු නම් මේ ක්‍රමේ හොදා.(නදී)
ගොඩක් හොඳ වේවි. ගාලු පාරේ කරපු එක නියමෙට වැඩ. (අ)
මෙය සත්‍ය වශයෙන් මට හැගෙන්නේ ආණ්ඩුව මොකක් හරි වැඩකට අර අඳිනවා කියලයි . (අ)
අනේ ශෂිනි යහපත් විදිහට වැඩේ වෙනවා කියල හිතන්නකෝ පටන් ගත්තෙත් නැතිව අනාවැකි කියන්නේ (අ)
පුදනකොටම කාපි යකා කියන්නහේ ශෂිනි උදෙන්ම රින ආකල්පයකින් අදහසක් ඉදිරිපත් කරලා. පොඩ්ඩක් ධනාත්මකව හිතන්න බලන්න. (අ)
පොලිසියට ආදායකම් ලැබෙයි නොදන් රියදුරන්ගෙන් (අ)
එතකොට ශෂිනි කියන්නේ මොකක් කරන්න කියලද? මේ යන විදිහ හොඳයි කියලද? (අ)