IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොළඹ රථ වාහන පෙරහුරුවක්

මරදාන පාලම් හංදියේ සිට ටෙක්නිකල් හංදිය දක්වා ද, ටෙක්නිකල් හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද එක් දිශාවකට වාහන ගමන් කරවීමේ පෙරහුරුවක් අද සහ හෙට (30) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

ඒ අනුව මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට එන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුල්ව එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරී ටෙක්නිකල් හංදියෙන් වමට හැරී පිටකොටුවට යා යුතුය.

ගාමිණී වටරවුම දෙස සිට සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම ටෙක්නිකල් හංදියට පැමිණ එතැනින් දකුණට හැරී සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යායුතුය.

පිටකොටුව දෙස සිට උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණී වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණී වටරවුම දෙසට ගමන් කළ යුතුය.

ටෙක්නිකල් හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසු කර ගාමිණී වටරවුම දෙසට වාහන ඇතුල් කිරීමට අවසර ලැබේ.

මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහනවලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවසර නැත. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය හංදිය දක්වා ගමන් කළ හැකිය.

 



අදහස් (0)

කොළඹ රථ වාහන පෙරහුරුවක්

කැනඩා දිසා Saturday, 29 June 2013 09:22 AM

මෙය සත්‍ය වශයෙන් මට හැගෙන්නේ ආණ්ඩුව මොකක් හරි වැඩකට අර අඳිනවා කියලයි . (අ)

:       0       0

පියල් පෙරේරා Saturday, 29 June 2013 09:24 AM

ගොඩක් හොඳ වේවි. ගාලු පාරේ කරපු එක නියමෙට වැඩ. (අ)

:       0       0

උද්දික Saturday, 29 June 2013 04:18 PM

ඇත්තටම ඉතා හොද වැඩක්. ගාලුපාරේ තදබදය අඩු උනා වගේ මේකත් හොද වැඩක්. නැත්තම් මහා මාර්ග පලල්කරන්න වැඩි වියදමක් දරන්න වෙනවානේ. ගාලු පාරේ වගේ මේකත් සාර්ථක වේවා. ඒවගේම තමන් යන ගමන, යන්න ඕන තැන කල් තියා සැලසුම් කරගන්නවානම් වට රවුම් ගහන්න ඕන නැහැ. අපේ කට්ටිය පාරට වාහනේ දාලනේ සැලසුම් ගහන්නේ කොහෙන්ද යන්නේ කියලා. මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම සැලසුම් හදන අයට මගේ ආචාරය.(නදී)

:       0       0

ශෂිනි Saturday, 29 June 2013 04:34 PM

හැමදේම වෙනකම් බලා නොඉද ඉදලා හිටලා හරි අනාවැකියක් කියන්න එපැයි රංජිත්. ඔව් ඉෂාර මම හිතන්නේ මේ විදිය හොදයි කියලා. නහැ මංජුල රිනාත්මනකව නෙමෙයි හිතුනා මේකත් ආණ්ඩුවේ අනිත් වැඩ වගේම නිෂ්ඵල ක්‍රියාවක් කියලා.(නදී)

:       0       0

සම්පත් ප්‍රියංකර Sunday, 30 June 2013 11:43 AM

ලංකාවේ ඉන්නවා කට්ටියක්. මොන හොඳ දේ කළත් පෙනෙන්නේ නරකට.හැමදාම ලිඳේ තමා ඉන්න කැමති. බස් මගීන්ට පමණක් මුලදී ටිකක් අපහසුතාවන් ඇතිවේවි.ඒ වුනත් මේක කාලින අවශ්‍යතාවක් වගේම ඉතා හොඳයි. සියලු දෙනා අගය කළ යුතු දෙයක්. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 29 June 2013 05:43 PM

අගය කල යුතු වැඩක්. මේක පෙරහුරුවක් නිසා පොලිස් නිළධාරීන් හැම තැනම ඉන්නවා. නමුත් මේක ක්‍රියාවට නැංවීමෙන් පසු, අන්තර්ජාතික මට්ටමේ මාර්ග සළකුණු හඳුනාගැනීමට පහසුවෙන ස්ථාන වල නිවැරදිව සවි කිරීමෙන් රියදුරන් පත් වන අපහසුතාවය වළක්වා ගැනීමට පුළුවන්.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 29 June 2013 06:32 PM

කැනඩා දිසා මේක ආණ්ඩුවේ වැඩක් නෙවයි ශ්‍රී ලංකා පොලීසිය හා මොරටු විශ්වවිද්‍යාලය එකතුව කරන වැඩක්. අනික ආණ්ඩුවේ උනාම මොකද වැඩේ හොද නම්. අංජන ඔයා ඔයා ඉන්න රටට යන්න කලින් පාරවල් ගැන ඔක්ක්කොම ඉගනගෙනද ගියේ, ගොන් කතා කියන්න එපා. ජයන්ත කිව්වා වගේ මං තීරු නොසලකා ඉරි කපාගන යන අයට නම් දඩ කොළ දෙන්නම ඕනා. සෆීක් එකතැන පල්වෙවී පුච්චන තෙල් තරම් තෙල් ඔයාට පුච්චන්න වෙන්නේ නැහැ. අනික හිතන්න නැතිවන වටිනා කාලය. මංතීරු හයක් තිබෙන නිසා බස් හා බර වාහන වලට තීරු දෙකක් වෙන්කලොත් වඩා හොදයි. කොහොම උනත් ව්‍යායාමය සාර්ථක වේවා කියා පතමු.(නදී)

:       0       0

කැලුම් Sunday, 30 June 2013 12:37 PM

මම ගිය සැරේ ලංකාවට ආවා දෙසැම්බර් වල. රට ඉදන් ලංකාවට එන්න ගියේ පැය තුනයි. කටුනායක ඉදලා නුවර ගෙදරට එන්න පැය අටක් ගියා. මොන දේ හරි කරලා හරි වාහන තදබදේ අඩු කරලා දැම්මොත් අපිට ඇති. (නි)

:       0       0

නන්දලාල් Saturday, 29 June 2013 07:28 PM

මට හිතෙන්නෙත් මේ ක්‍රමය සාර්ථකයි කියලා. මොකද හරස් පාරවල් වලින් දෙපැත්තටම යන වාහන ඇතුල් නොවන නිසා තවත් පහසුයි. ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ අදහස් වටිනවා. මෙලෝ රහක් නැති මෝඩයෝ කිහිපදෙනා ගැන කණගාටුයි.(නදී)

:       0       0

ජීවක Saturday, 29 June 2013 08:58 PM

මේක හුරු වෙනකම් අමාරූ වෙයි. ඊට පස්සේ ලෙහෙසීයි.(නදී)

:       0       0

ජෝසප් පෙරේරා Saturday, 29 June 2013 09:21 PM

ගාලු පාර ඩික්මන් පාර සිට කොල්ලුපිටියට තනි අතට යන නිසා තිබෙන්නේ පුදුම සහනයක්. මුලදි ටිකක් කරදර උනා තමයි.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 29 June 2013 09:23 PM

නනදලාල් ඔයාගේ අදහස් වටිනවා. ඔයා හරියට හරි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 29 June 2013 10:28 PM

මෙතැන රථ වාහන අංශයට අසු නොවූ විකල්ප මාර්ගයක් තියෙනවා.පිටකොටුවේ සිට{පරණ ට්‍රැක්ටර් සංස්ථාව) නීතිච්ච කාර්යාල සංකීර්ණය ඔස්සේ සාන්ත බස්තියම හරහා සඟරාජ මාවතට යා කරන පළල මාර්ගය පාලුවට ගිනින්.මහනුවර ,කුරුනෑගල ,අවිස්සාවේල්ල,මීගමුව දක්වා මාර්ගවල සෙනග සම්පුර්ණ හා හිටගෙන යාමට කැමති අයවලුන් වෙනුවෙන් බස් යැවීමෙන් වාහන තදබදය බොහෝ දුරකට වලක්වා ගත හැකියි (අ).

:       0       0

හෙමන්ත Saturday, 29 June 2013 10:37 PM

දන රින මහත්තය නැද්ද ?(අ)

:       0       0

චාමික Sunday, 30 June 2013 02:43 PM

ඉතාම හොද දෙයක්. මෙය බොහෝ කලකට පෙර කළයුතුව තිබුණු එහෙත් නොකෙරුණු, දැන් දැන් කෙරෙන්න පටන් ගතිපු දෙයක්. ධනාත්මකව මේ ගැන මගේ ප්‍රතිචාරය එයයි. මොරටුව විශ්ව විද්‍යාලය හා පොලිසියට ස්තුතියි. ධන ප්‍රතිපෝෂක අදහස නම්, රටක වාහන තදබදය අඩු කිරීමට ඉතාම සුදුසු ක්‍රමය වන්නේ, පොදු ප්‍රවාහන සේවාවන් වල ගුණාත්මක බව ඉහල නංවා ඒ වෙතට ජනතාව ආකර්ෂණය වීම ඉඩ හැරීමයි. එහෙත් ප්‍රවාහන බලධාරීන් තවම මෙම සත්‍ය තේරුම් නොගැනීම කණගාටුවට කරුණක්. අද වනවිට කොළඹ පොදු ප්‍රවාහනය යොදාගන්නේ තමන්ට පුද්ගලික වාහනයක් භාවිත කිරීමට ආර්ථික ශක්තියක් නොමැති අය පමණයි. නමුත් සැබෑවටම සිදු විය යුත්තේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ඇතිකිරීමෙන් සියලු දෙනා ඊට ආකර්ෂණය වීමට සැලැස්වීමයි. මේ මගින් නාගරික වායු දුෂණය අවම කර, ඛනිජ තෙල් සදහා පුළුස්සන මුදලුත් ඉතිරිකර ගත හැකියි. නමුත් පෞද්ගලික බස් හිමිකරුවන්ගේ උඩු බිරීම් වලට බියවී මේවා කල නොහැකියි. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අතවරයන් වලට ඉතා දැඩි දඩුවම් පනවා ප්‍රවාහනයේදී ආරක්ෂාව ඉහල දැමිය යුතුයි. බස් සේවකයන්ගේ විනය කඩකිරීම් වලට නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. (නි)

:       0       0

ෂපීක් Saturday, 29 June 2013 01:55 PM

තෙල් මිල අඩු නම් මේ ක්‍රමේ හොදා.(නදී)

:       0       0

අංජන Saturday, 29 June 2013 02:25 PM

කොහොම හරි ලංකාවට අවාම දඩ කොළ කන්න වෙයි වගේ අඩු නැතුව. මේවා දැනුවත් කරන පත්‍රිකා එයාර් පොර්ට් එකේදිම දෙන්න කියන්න. මිනිස්සු ලංකාවට එනකොට. (අ)

:       0       0

අනුර Saturday, 29 June 2013 02:27 PM

මේවා මොරටුවේ උගත් සිංහලයන්ගේ වැඩ. අපි අගය කළ යුතුයි. අපිට ටිකක් කරදර වුනත් තව තවත් නිර්මාණ කරන්න.(නදී)

:       0       0

චමී Sunday, 30 June 2013 04:55 AM

මේ දේවල් නිසියාකාරව ,ක්‍රමානුකුලව සිදුවුනොත් මහජනතාවට වඩාත් හොඳ ප්‍රයෝජන අත්වෙයි කියලා මට නම් හිතෙනවා.ප්‍රධානම දේ වෙනදට වඩා මහා මාර්ගයේ වන අනතුරු අඩුවේවි.විනයක් නොමැතිව ,ලැබෙන සුළු ඉඩෙන් හෝ තමන්ගේ වාහනය ඇතුලත් කිරීමට පොරකන පිරිස අඩුවේවි.බස් රථ වලට වෙනම මං තීරුවක් යෙදීමෙන් පාසලට,රෝහලට ,කාර්යාලයට ඉක්මනින් යාමට හැකි වේවි.වේග සීමාවක් යෙදුවහොත් සියලුම දෙනා එකම වේගයකින් ගමන් කිරීමට උත්සාහ ගනීවි.ජයන්ත කිව්වා වගේ සමහර වාහන පාරේ ඉරි කපාගෙන මං තීරු දෙකම පරිහරණය කරමින් යන්නේ මාර්ග නීති නොදත්කම නිසා..රථ වාහන පොලිසිය වගේම මාධ්‍යත් මේ ගැන දැනුවත් කලොත් ඒ දේවල් හරි යාවි කියලා මට හිතෙනවා.මේ දේවල් හිතලුවක් නොවෙන්න නම් මාර්ගය භාවිතා කරන සියලුම දෙනා තුල "පිළිපැදීම " කියන දෙය ඇතිවිය යුතුයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

අනුර Saturday, 29 June 2013 02:32 PM

අර වීඩියෝ එකේ පාර මැද හරකෙක් යනවා. ගව ඝාතනයට විරුද්ධ වෙන කාලේ හැපුනොත් එහෙම රියදුරත් අමාරුවේ. (නදී)

:       0       0

වරුණ Sunday, 30 June 2013 06:23 AM

අපේ මිනිස්සුන්ට මොනවා කළත් හොදක් නැහැ. (නි)

:       0       0

දුලානි Saturday, 29 June 2013 03:05 PM

හරකෙක් කිව්වේ අර කකුල් දෙකේ සුදු සරමක් ඇඳන් යන කෙනාට ද අනුර ? කෝ අපේ පොලිසියේ මහත්තුරු මේවට දඩ නැද්ද?(නදී)

:       0       0

ශෂිනි Saturday, 29 June 2013 08:13 AM

අනේ මන්දා මෙහෙම වට රවුම් ගිහින් කොහෙන් ඉවරයක් වෙයිද කියලා. මන් නම් හිතන්නේ නැහැ මෙමගින් මහජනතාවට හැමදාම ඇතිවෙන වාහක තදබදයට ලොකු විසදුමක් ඇති වෙයි කියලා. මේකෙන් වෙන්නේ තවත් මිනිස්සු කොලොප්පන් වෙන එක.(නදී)

:       0       0

ඉෂාර Saturday, 29 June 2013 08:45 AM

එතකොට ශෂිනි කියන්නේ මොකක් කරන්න කියලද? මේ යන විදිහ හොඳයි කියලද? (අ)

:       0       0

ජයන්ත Saturday, 29 June 2013 03:22 PM

මේ එක පැත්තකට යන ක්‍රමය හොදයි. ඒත් බලන්න සමහර වාහන ඉරි මැද යනවා. ඒකෙන් වෙන්නේ ලේන්ස් දෙකම එක වාහනයකට වෙන් කරගෙන. මෙන්න මේවා තමා රථ වාහන පොලිසියෙන් නතර කරන්න ඕනේ. තව එකක් තමා ලේන්ස් හයක් දැන් එක පැත්තකට යන්න තියෙනවා. බස් වලට එක ලේන් එකක් වෙන් කරොත් කාර් සැහෙන ගනනක් පාරෙන් යන එක අඩුවෙයි. ඒ කියන්නේ බසය ඉක්මනින් යනකොට මිනිස්සු කාර් දාලා බස් වල යන්න පුරුදු වේවි.(නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 29 June 2013 03:28 PM

හොඳ වැඩක්, පාර ටිකක් පළල කර නොනවත්වා යන්ඩ ක්‍රමයක් හදන්ඩ. මෙවැනි ක්‍රමයක් කොළඹ මීගමුවේ සිට ඇතුල්වෙද්දිත් පිටවෙද්දිත් හැදුවොත් හොඳයි. බස් මග නවත්වන ප්‍රමාණය අඩු කරන්ඩ පුලුවන්.(නදී)

:       0       0

වරුණ Sunday, 30 June 2013 09:27 AM

අංජන ඔයා පිටරටද ඉන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 05 July 2013 06:32 PM

මේක හොද දෙයක්. අපේ මාර්ග නීති වෙනස් වෙන්න ඕනෑ (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 29 June 2013 09:07 AM

පොලිසියට ආදායකම් ලැබෙයි නොදන් රියදුරන්ගෙන් (අ)

:       0       0

මංජුල අබු ධාබි සිට Saturday, 29 June 2013 09:08 AM

පුදනකොටම කාපි යකා කියන්නහේ ශෂිනි උදෙන්ම රින ආකල්පයකින් අදහසක් ඉදිරිපත් කරලා. පොඩ්ඩක් ධනාත්මකව හිතන්න බලන්න. (අ)

:       0       0

රංජිත් Saturday, 29 June 2013 09:14 AM

අනේ ශෂිනි යහපත් විදිහට වැඩේ වෙනවා කියල හිතන්නකෝ පටන් ගත්තෙත් නැතිව අනාවැකි කියන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 904 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4050 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1455 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2451 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site