IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


කොළඹ වරායට සේන්දූ වූ සද්දන්තයා

(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන "මේන් චිෆ් 5" මගීන් 2014 ක් සහ කාර්යමණ්ඩලය 922 ක් රැගෙන අද(29) උදෑසන 6.30 ට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු වූ බව හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා පැවසුවේය.

2016 වසරේ නිපදවා ඇති නෞකාව දිගින් මීටර 295 වන අතර මගීන් 2500 කට පහසුකම් සැපයිය හැක.

"මේන් චිෆ් 5" නෞකාව අද රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත් වන බව නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

"මේන් චිෆ් 5" හෙට (30) හම්බන්තොට වරායෙන් නැවත වරක් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"මේන් චිෆ් 5" අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

නෞකාවේ විශාලත්වය හේතුවෙන් මගී පර්යන්තයට පැමිණිය නොහැකි වීම හේතුවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත පැමිණෙන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.



අදහස් (11)

කොළඹ වරායට සේන්දූ වූ සද්දන්තයා

JAYASEKARA Tuesday, 29 November 2022 10:10 AM

හම්බතොට යන්නෙ බලාගෙන .. තඩි ගලක් තියෙනවලු ....

:       5       29

Nandalal DE SILVA - FranceTuesday, 29 November 2022 01:37 PM

ඒකට බය වෙන්න එපා.වැඩකට නැති ඔය තඩි ගල් තියෙන්නේ මැදමුලන පැත්තේ විතරයි

:       6       21

ABWednesday, 30 November 2022 05:04 AM

Cruise ships මගින් පැමිණෙන විදේශියන් backpackers මෙන් නොව ඔවුන්ට මුදල් තිබේ. බොහෝ විට මොවුන් semi retired / retired සහ වියපරිකයන් වේ. එමනිසා මෙවැනි Cruise ships treating tourists are very important. එමනිසා මෙම සංචාරය අවසනයේ ඔවුන් පිටත්වය යාමට පෙර සියලු විදේශිකයන් වෙත නොමිලයේ key tagයක් ලබාදීමෙන් ඔවුන් සතුටුවනවා පමණක් නොව ලබෙනාවූ ප්‍රචාරය වැදගත්වේ. එමනිසා cheap quality Key Tag නොව acceptable Key Tagයක් ලබාදීම සොයාබැලිය යුතුවේ. ඔවුන් පදවන වාහනයේ හෝ නිවසේ key tagය ලංකාවෙන් නොමිලයේ ලබාදුන් key tagය එය වන්නට හැකියාව තිබේ. එයින් ලැබෙන ප්‍රචාරය වැදගත්වේ.

:       2       6

ANURA ROME Tuesday, 29 November 2022 11:14 AM

ජෙප්පෝ කියන්නේ තනිකරම බොරුවෙන්, වංචාවෙන් ජීවත්වෙන, එන්.ජී.ඕ. කොටින්ට වහල් වැඩ කරන තම මව්බිම පාවාදෙන තක්කඩි ටිකක්... එළොවටත් නැති, මොලොවටත් නැති අපතයින් ටිකක්..

:       1       3

ganegoda Thursday, 01 December 2022 02:58 PM

පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ ජාතික ඇදුමින් සැරසුන සිංහල බෞඩ්ද්යො කරන්නෙත් ඔය ටිකමනෙ !

:       0       2

saththyaa Tuesday, 29 November 2022 02:33 PM

අපෙ රට දුගී දුප්පත් වෙනකොට , හැම කෙනෙක්ම අපේ රටට අපිට ආදරෙ කරනව . ( අපෙ රට ලෝප්‍රකට ක්‍රීඩා පිටියක් බවට පත්වෙනව ! )

:       8       7

SUNIL MILANO Tuesday, 29 November 2022 02:39 PM

කෙලෙහි ගුණය නොදත් අසමත්ජාතීන් ලොකයේ කොහෙත් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකාවේ බහුලයි. හරිම කණගාටුයි.

:       1       19

siri Tuesday, 29 November 2022 04:13 PM

අපට මේවා මැජික් උනාට සංචාරකයින් යන්න කැමති, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් පරිපුර්ණ වගේම සංචාරකයින් ගසා නොකන බටහිර ඉන්දියානු දුපත් වගේ වෙනත් බොහෝ රටවල් වලට එක දවසකට මේවගේ දැවැන්ත නැව් හය හත පැමිණෙනවා. කොළඹ වරායේ මගී පර්යන්තයේ මේවගේ විශාල නැව් නවත්වන්න පහසුකම් නැති එකෙන්ම පෙනෙනවා සංචාරක කර්මාන්තයෙන් අපට පල්ලම් බහින්න වෙලා තියෙන හේතුව. ලස්සන රටක් වෙලා පමණක් මදි. සංචාරකයින්ගේ, විශේෂයෙන් අතමිට සරු සංචාරකයින්ගේ, ආකර්ෂණය දිනා ගන්න අවශ්‍යනම් ඔවුන් වියහියදම් කරන මුදලට සරිලන අන්දමේ යටිතල පහසුකම්ද සැපයිය යුතුයි. පහසුකම් නැතුව හැමතැනකම යුරෝපා රටවල අයකරන මුදල් අයකරන එක ගැන කිසි සංචාරකයෙක් සතුටු වෙන එකක් නැහැ. විවිධ තැන්වල සහ අවස්ථාවල සංචාරකයින් ගසා කෑමද අපේ රටේ සිදුවෙන තවත් නොහොඹිනා කටයුත්තකි. සංචාරකයින් කියන්නේ මෝඩයින්ද නොවේ. අපේ රට ඔවුන් සංචාරය කරන පළමු හෝ එකම රටද නොවේ. ඔවුන් ලෝකයේ විවිධ රටවල සංචාරයකළ ඒගැන හොඳ අත්දැකීම් ඇති හොඳට තෙම්පරාදුවූ පිරිසකි." අනේ පව් දුප්පත් රටක් නේ. උදව්වක් කරන්න අපි එහෙ සංචාරය කරමු " කියා කිසිම කෙනෙක් අපේ රටට එන්නේ නැතිබව සංචාරක කර්මාන්තයට සම්බන්ධ හැමෝම තේරුම් ගත යුතුය.

:       0       23

uddika Tuesday, 29 November 2022 04:35 PM

අපි දැක්කා, එළියට ආවම අයියෝ මැස්සෝ වහනවා වගේ ඒ මිනිස්සු පස්සෙන් යනව ත්‍රයිලෝකපූට්ටූ කට්ටිය සහ මැර පෙනුම තියෙන මිනිස්සූ. වද දෙනව. එක සංචාරකයෝ කට්ටියක් ඇහැව්වා ඔයාලට කියන දේ තේරෙන්නේ නැද්ද නැත්තම් තේරුම් ගන්න බැරිද කියලා. මේ වගේ දේවල් නොවන්න වග බලාගන්නවනම් හොදයි අදාල බලධාරීන්. හැබැයි ඒ අය නිදිනේ

:       0       25

P.H Thilina Sandaruwan Tuesday, 29 November 2022 09:59 PM

ඇත්තටම මේ වෙලාවේ අපේ රටට විදේශීය සංචාරකයන් ගොඩක්ම ගෙන්න ගන්න ඕන වේලාවක් මේ. අපේ රට ගැන හොද වගේම පැහැදිලි ආකල්පයක් ලෝකයටම ලබා දෙන්නත් අඅවස්ථාවක් කර ගන්න ඕන.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 08 776 1

එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ග


පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්
2025 පෙබරවාරි මස 08 1086 3

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස්


’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි
2025 පෙබරවාරි මස 08 368 0

’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාල


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 08 437 0

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තු


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 08 1438 1

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 1216 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 841 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site