IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘කොළඹ ශූරතා ටෙනිස්’ තරගාවලිය 21 දක්වා

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන 98 වැනි ‘කොළඹ ශූරතා ටෙනිස් තරගාවලිය’ මේ දින වල කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ජුලි මස 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග, සතියේ දිනවල පස්වරු 2.30 සිට රාති‍්‍ර 9.30 දක්වාත්, සති අන්තයේ දිනවල උදෑසන 8.00 සිට රාති‍්‍ර 9.00 දක්වාත් පැවැත්වේ.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක් ලෙස සැලකෙන ‘කොළඹ ශූරතා තරගාවලිය’ වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගි වන හා වැඩිම වටිනාකමින් යුත් ත්‍යාග මුදලක් පිරිනමන තරගාවලියක් ලෙස හැදින්විය හැක.

මෙම තරගාවලියේදී කණිෂ්ඨ, ජ්‍යේෂ්ඨ සහ විවෘත අංශ යටතේ කේවල හා යුගල කාණ්ඩ සඳහා පිරිමි සහ කාන්තා ශූරතා පිරිනැමේ.
ඉන්දියානු හා පාකිස්තානු කී‍්‍රඩකයින්ද සහභාගි වන බැවින් මෙවර තරගාවලිය මින් පෙර පැවති තරගාවලීන්ට වඩා ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

පසුගිය වසරේදී, විවිධ කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන් 500 දෙනෙකු පමණ මෙම තරගාවලියට සහභාගීවූ අතර මේ වසරේදී එම අගය ඉහළ යනු ඇති බව ටෙනිස් සංගමය ප‍්‍රකාශ කරයි.

තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය සැපයීමට එයාටෙල් සමාගම ඉදිරිපත්වී සිටී.


(එයාටෙල් ලංකා සමාගමේ වෙළඳනාම හා සන්නිවේදන අළෙවි අංශ ප‍්‍රධානී චරිත් ද චිකේරා, එම සමාගමේ අලෙවි අංශ ප‍්‍රධානී චන්ද්‍රසේකර් සිං චවුහාන්, එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ සුරේන් ගුණවර්ධන, ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ කී‍්‍රඩා  සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්, ප‍්‍රධාන ලේකම් ප‍්‍රදීප් ගුණසේකර හා කොළඹ ශූරතා තරගාවලියේ අධ්‍යක්ෂ උදිත් වික‍්‍රමසිංහ යන මහත්වරු ඡුායාරූපයේ සිටිති.)



අදහස් (0)

‘කොළඹ ශූරතා ටෙනිස්’ තරගාවලිය 21 දක්වා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 223 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 622 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 340 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 688 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1240 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 528 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37635 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24810 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 717 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site