කොළඹ විශ්ව විද්‍යාලයයේ දෙවැනි වසර සිසුන් විසින් පළමු වසර සිසුන් වෙනුවෙන් සෑම වසරකම සංවිධානය කරන නවක ක්‍රිඩා උළෙල අද (3) කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඇරැඹිණි.
ඇපල් කෑමේ තරග , ක්‍රිකට් තරග , යුගල නර්තන තරග , එල්ලේ තරග ආදී තරග ද රාශියක් ඊට ඇතුළු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් විශ්ව විද්‍යාලවල ළමයි ශිෂ්‍ය අයිතින් වෙනුවෙන් පාරට බැහැපු අද වගේ දවසක මේ වැඩේ එච්චර හොඳ නැහැ. පාරට බහින්න බැරිනම් මේ වගේ විනෝදකාමී වැඩ හරි නොකර ඉන්න තිබුනා. එයාලා පාරට බැහැලා කරන කෑ ගැසීම නිසා තමයි මේවා කරන්න හරි තැනක් තියෙන්නේ කියලා දෙවෙනි වසරේ අයියලා අක්කලා මේ නංගිලා මල්ලිලට කියලා දෙන එක වටිනවා. (නි)
ධම්මික මම හිතන්නේ නම් කොළඹට වඩා පේරාදෙණිය සරසවිය ලස්සණයි.(නදී)
මිනිපේ, මම ඔයාගේ අදහසට ගරු කරනවා. ඇත්තක් නැත්තේම නැහැ ඔයාගේ කතාවේ. මම කිව්වේ මගේ කාලේ ගැන. මම කොළඹ ඉපදුන කෙනෙක් නෙවෙයි, නමුත් මගෙත් එක්ක ඕන තරම් ලොකු පොසතුන්ගේ දුවලා පුතාලා කොළඹ කැම්පස් එකේ ඉගෙන ගත්තා. දැන් මම ඉන්න රටේ ඕන තරම් ලංකාවේ ළමයි ඉන්නවා ඉගෙනගන්න ඇවිල්ලා. නමුත් බහුතරය ලොකු සල්ලි කාරයෝ නෙවෙයි. සමහරු වැඩකරනගමන් සල්ලි හොයාගෙන ඉගෙන ගන්නවා. අනිත් අයගේ අම්මල තාත්තල කොහොම හරි සල්ලි හොයල මෙහෙට එවනවා. මොනවා කලත් කොළඹ කැම්පස් එකෙන් ගන්න පුළුවන් ආස්වාදය සහ අත්දැකීම වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ.(නදී)
ඇයි කැම්පස් ළමයි කරන හැම දේම ඇලජික් ද ? ඒ ළමයින්ගේ පාඩුවේ සතුටින් හිටියම මොකද ? අධයාපනය නිසා බර වුන ඔලුව සැහැල්ලු කරගන්න තරුණ දූ දරුවෝ සතුටු වෙන එකට ඔහොම ඊර්ෂියා කරන්න එපා. අන් අයගේ සතුට තමන්ගේත් සතුට කරගන්න. අපිට නම් දැක්කම සතුටුයි අපිටත් ඒ කාලේ මතක් වෙනවා.(නදී)
නියමයි. (ස)
දම්මික, ඔයාට පොඩ්ඩක් වැරදුන තැනක් තියෙනවා. හුගක් පෝසත් කොළඹ ළමයි යන්නේ ලංකාවේ කැම්පස් වලට නොවේ. (නි)
මේ වගේ සුන්දර නවක වද කොච්චර හොදද? (නි)
ඉතාම සුන්දර දසුන් ටිකක්. (නදී)
'පොෂ් ලූක්' බලන චන්ද්‍ර ගුප්ත "මොලේ හිස් " කෙනෙක්. (නි)
කොළඹ අය ඉතින් කලොත් ඔය වගේ ඉස්කෝලෙ වැඩක් තමයි. (නි)
ඔහොම ගියොත් තව තව දේවල් වලටත් තරග තියාවි (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකටද? (නි)
ළමයිනේ ඔය ගමන් කටවල් එහෙම කාගන්නවා නෙමේ .(අ)
මහාචාර්ය සිල්වා කියන්නේ අපේ කැලණියේ එක්කෙනාද? (ත)
චන්ද්‍ර ගුප්ත මහත්තය මේවට එන්නේ දුප්පත් දෙමාපියන්ගේ ඉගෙන ගන්න පුළුවන් දරුවෝ නැතුව ඔය කියන විදියේ මොලේ නැති පොෂ් බේබි හාමුල නෙවි . ඔයාටත් ඔයාගේ ලමියින්ටත් පොෂ් උන්ට මොලේ නෑ නේද?(අ)
සිල්වා, ඔබතුමන්ලගේ කාලේ මේ වගේ දේවල් නොතිබුනාට දැන් තියෙනවා. මගේ කාලෙත් ඕවා තිබුනේ නැහැ, නමුත් මට පුළුවන් අද වෙන දේවල් ලෝකේ වෙනස් වෙන ස්වභාවය කියලා තේරුම්ගන්න.කපිල මහත්තයෝ, කැම්පස් යන්න බැරිවුණ හැමෝම ඔය කතාව කියනවා. මොනවා කරන්නද. සමහර සල්ලිකාර අම්මලා තාත්තලාගේ මෝඩ පුතාලට සල්ලි දීලාවත් උගන්නන්න අමාරුයි... (නි)
කැම්පස් එකේද ? හපෝඕඕඕඕඕඕඕ... බලන්නවත් එපා (නි)
අපි නොදන්න කැම්පස් (ත)
මල විකාර, අපිත් ඔහේ හිටියා නමුත් ඔය වගේ මෝඩ ක්‍රීඩා නම් අපි අතරේ නැහැ.(නදී)
මොනවද මේ ක්‍රිකට් ගහන්නේ සෙරෙප්පු දාලා හෙල් මටුත් නැතුව කොහෙන් ඉගෙන ගත්තද මන්දා.(නදී)
දම්මික මහතාණෙනි, ඔබට මගේ උත්තමාචාරය! ඇත්තටම කැම්පස් එක කියන්නේ පුදුමාකාර තැනක්. ඒකේ රස, සුවද, විදින්න හදවතින්ම එතන ඉන්න ඕනෑ. මට අදටත් ඒ කාලය මතක් වෙනකොට හදවතට පුදුම සැනසීමක් දැනෙන්නේ. (නි)
මට නම් හිතෙන්නේ මෙයාලා කලාකාමී කට්ටියක් වෙන්න නම් බැහැ, අනිවාර්යෙන්ම ගණිතය කරපු කට්ටියක්. (නි)
ඔහොම යං......ඔහොම යං......
කැම්පස් එක කියන්නේ පුදුමාකාර සොඳුරු තැනක්.කොළඹ කැම්පස් එක විශේෂයි, මොකද පුදුමාකාර විදියට එකට එන සිසු සිසුවියන් මිශ්‍ර වෙලා. ඉතාම පොහොසත්, පොහොසත්, දුප්පත් සහ ඉතාම දුප්පත් ඔය කොයි කවුරුත් ඉන්නවා එතන. ඉතින් කතිකාවත සහ විවිධත්වය විශාලයි. මොකක්ද ඔය පොෂ් ලුක් කියන්නේ හැබෑටම චන්ද්‍රගුප්ත මහත්තයා? එවන්නකො ඔයාගේ පින්තුරයක් අපටත් බලාගන්න ඔයාගේ පොෂ් ලුක් එක. අනේ නිකන් යනවා හලෝ, පොල් සම්බෝලයි බතුයි ගිලල, ඩෙනිමක් ගහගෙන හෝටලයක් ලඟින් ගියාම පොෂ් වෙන්නේ නැහැ. මනුස්සයෙක්ගේ මනුස්සකමයි පොෂ් වෙන්න ඕනෑ. අපි නොදන්නා පොෂ්... (නි)
කැම්පස් නොගිය කොල්ලෙක් කැම්පස් ගිය කෙල්ලෙක්ව බඳින්න හොඳ නෑ.(අ)
මේ වගේ සොදුරු නවක වදයක් දුන්නොත් මදිද ? (නි)
5වෙනි පොටෝ එකේ ගැණු ළමයා ඇපල් ගෙඩියයි කොල්ලවයි දෙන්නවම ගිලින්න පුළුවන් ගානට කට ඇරලා නොවැ. බලාගෙන හක්ක පනී? (නි)
මේ ක නවතම සේබ්බද විජ්ජාවක් ද (අ)
සතුටූයි.. (නි)
එක්කෙනෙක්ගේවත් 'පොෂ් ලූක්' එකක් නැහැනේ (නි)
හරිම ලස්සනයි (නි)
මේවා දැක්කම මටත් කැම්පස් යන්න හිතෙනවා. (නි)