පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමග නිල්වලා සහ ගිං ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවුල් 4930ක 18,917 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර, ඇල්පිටිය, හබරාදූව, බෝපේ- පෝද්දල, යක්කලමුල්ල, බද්දේගම, හික්කඩුව, අක්මීමන, ඉමදූව, ගෝනාපීනුවල, කරන්දෙ‚ය සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පවුල් 3411කට අයත් පුද්ගලයින් 13.057 දෙනෙක් සහ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, මාලිම්බඩ, මාතර, හක්මන, පිටබැද්දර, පස්ගොඩ, මූලටියන, දෙව්නුවර, අකුරැස්ස, වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පවුල් 1519කට අයත් පුද්ගලයින් 5860දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම පීඩාවට පත්වූවන්ගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 44ක 189 දෙනෙකු සහන කදවුරු පහක ද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 671ක 2352 දෙනෙකු සහන කඳවුරු හයක ද රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
නායයෑම් අවදානමක් නිසා වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔහියවත්ත ලයින් නිවාසවල ජීවත් වන පවුල් දහයක් අද එම ස්ථානයෙන් ඉවත් කළ බව අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල මහතා කියයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
(කොළඹ කිංසි පාර ජලයෙන් යටවී තිබූ අයුරු)
ඡායාරූප - ඉෂාන් සංජීව
වීඩියෝ - ලහිරු හර්ෂණ
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කොළඹට ගාල්ලට මාතරට වැස්සෙන් හානි