උසාවි නියෝග බාර නොගෙන නුගේගොඩින් පටන්ගෙන තුම්මුල්ල දක්වාත් එතැනින් කොල්ලුපිටිය දක්වාත් ගමන් කළ විශ්ව විද්‍යාල සිසුන් විසිරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
උසාවි නියෝග බාර නොගෙන නුගේගොඩින් පටන්ගෙන තුම්මුල්ල දක්වාත් එතැනින් කොල්ලුපිටිය දක්වාත් ගමන් කළ විශ්ව විද්‍යාල සිසුන් විසිරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ දොස්තරලා මදිවෙලා මිනිස්සු මැරෙනවද? ඕක සේවාවක්නේ. රටේ අාදායමට කෙළින්ම බලපෑමක් නැහැ. එ්ක නිසා සල්ලි ගෙවලා පිටරට ගිහිල්ලා දොස්තරලා හදන්න ඕනෑ නැහැ. ඔය අවුල තියෙන්නේ දෙමාපියන්ට (නි)
කුහක ඊර්ෂ්‍යාකාරයෝ. රටේ සල්ලි පිටට යනවට වැඩිය කොච්චර හොඳද. ඕක තේරෙන්නේ නැහැනේ. (නි)
ඔය උපාධි කඩ වැහුවා නම් ඉවරනෙ. ලංකාව වගේ මිනිස්සු ඉන්න රටක මේ වගේ කඩ අරින්න දුන්නහම තරඟෙට තව අරියි. තරඟෙ නිසා ලාබෙට දෙන්න හදයි. ලාබ බඩු වල හැටි දන්නවනේ. අධ්‍යාපනයට දෙයියන්ගෙම පිහිටයි. මේ දේ නොතේරෙන නුඹලාට අැත්තටම නිදහස් අධ්‍යාපනය දෙන්න ඕනෑම නැහැ තමා. (නි)
අද රටේ ජනතාවට සල්ලි මත දුවන ඉගැන්වීමේ ක්‍රමයකට මුහුණදෙන්න වෙලා. අදත් මේ යන්නේ 88-89 වගේ ගමනක්ද? පාලකයෝ ඇහුම්කන් නොදෙන තරමට මේ ප්‍රශ්න ඔඩු දුවනවා. කරුණාකරලා සිසුන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න. අද ඔය සිසුන් කියන දෙය හෙට ජනතාවට ප්‍රබල ලෙස එදා වගේම බලපාන්න පුළුවන් (නි)
මෙයාලාගෙන් මහජනතාව වන අපිට පුදුම වදයක් තියෙන්නේ (නි)
රටේ ඕනෑතරම් සරසවි තියෙනවා නම් කමක් නැහැ. මම නම් හරි කැමතියි මේවා අරිනවට. මෝඩ පණ්ඩිතයන්ගේ කුහක අදහස් වලට මට නම් ලැජ්ජයි (නි)
තව එකෙක් ඉගෙනගන්නවට ඇති ඊර්ෂ්‍යාව මිස වෙන මොකක්ද? (නි)
සිංහයා උඩ නැඟපු එකටත් දඩ ගහන්න ඕනෑ. (නි)
නවක වදය දීලා සිසුන් මුලින්ම බය කරගන්නේ මේවට තමා. අද නිදහස් අධ්‍යාපනයක් තියෙනවද කියලා දන්නේ ටික දෙනෙක් පමණි. ටීවී එකේ යන උසස් පෙළ ටියුෂන් දැන්වීම් වලින්ම එය අවබෝධ වෙනවා. (නි)
මෙයාලා කියන විදිහටද දැන් රට කරන්න ඕනෑ? (නි)
විශ්ව විද්‍යාල යන ගමන් ප්‍රයිවට් උපාධි කරන්න මොවුන්ට හොඳයි. දොස්තරලා වෙලා පුද්ගලික රෝහල් වල චැනලින් කරන්නත් හොඳයි. (නි)
අවුරුදු 13 පාසලේ නොමිලේ උගන්වා අවුරුදු 3 විශ්ව විද්‍යාලේ නොමිලේ උගන්වා ඊට පසු රජයේ රස්සාවලුත් දීල මැරෙනකන් විශ්‍රාම වැටුපත් ගෙවන්න ඕන පුදුම රටක් තමයි ලංකාව. (බ)
මේ වැඩ නිසා පිට පළාත් වලින් රැකියාවට එන මහජනතාව පත්වන අපසුතාව පෙන්වන්න (බ)
උසාවි නියෝග වලට ගරු නොකර කරන අරගල නීති විරෝධී ඒවා. (බ)
මහජනයාගෙන් කපන ටැක්ස් වලින් යැපෙන රජයේ සරසවි සිසුන්ට කිසිම සාදාචාරාත්මක අයිතියක් නැහැ මහජනයාට කරදරයක් වන ලෙස හැසිරීමට. මම දුක්වෙනවා මගේ කපන මුදල් මේ වගේ පිස්සන්ට යොදවන එකට. (නි)
පොඩ්ඩක් හිතන්න. මෙහෙ මුදල් ගෙවලා යම් ප්‍රමිතියකට උපාධියක් ගත්තොත් මේ රටෙන් පිටරට උපාධි වලට යන යන ඩොලර් සහ අනෙකුත් විදේශීය මුදල් අඩුවෙනවා. හොඳට බලන්න ස්වාධීන විදියට කිසිම දවසක පිටරට උපාධි ආයතන වලට සල්ලි ගෙවලා උපාධි ගන්න එපා කියල උද්ඝෝෂණ කරලා තියනවද මේ අය? (නි)
මේ අරගල වලට විරුද්ධ ඔබගෙන් මම අහන්නේ, මෙතන ඉන්න දහස්ගානම මෝඩයෝ කියලද? නැත්නම් මේවා ගැන අබමල් රේණුවක හරයක් තේරුම්ගන්න බැරි නුඹලා බුද්ධිමතුන් කියලද? (නි)
කැම්පස් යන්නේ මෙහෙම අයද? මේ අය දන්නේ නැද්ද ලෝකයේ හැම රටකම පාහේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබෙන බව. රජයට පමණක් හැම ළමයටම උගන්වන්න බැහැ. එම රටවල් විදේශ විනිමය කෝටි ගණන් හම්බකරනවා. අනේ අපේ උගතුන් යැයි කියාගන්නා මෙහෙම පිරිසක්? (නි)
අපි හිතමු කෝටිපති පුතෙක් ඒ 3ක් අරන් ලංකාවේ පළවෙනියට විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ පාස්වුණා කියලා. එයා වෛද්‍ය උපාධිය කරන්න සයිටම් තෝරාගනීවිද? පැහැදිලිවම නැහැ. එයා තෝරාගන්නේ කොළඹ කැම්පස් එක. සයිටම් හැදුවේ, සාපේක්ෂ දක්ෂතාවය අඩු, ඒත් සල්ලිකාර තාත්තලාගේ දරුවන් වෛද්‍යවරු කරන්න මිස පිටරටට ඇදිලා යන සල්ලි නතර කරන්න නොවේ. (නි)
සටන් කළයුත්තේ අනෙකාගේ ඉගෙනීමට තියෙන අයිතිය නැතිකරන්නද? (නි)
මෙයාලා නිසා අපේ රටටත් ලැජ්ජයි (නි)
මේකේ කමෙන්ට් කරන විද්වතුන්ට නොතේරන දේ නම්, ලංකාවේ කී දෙනෙක්ට පුළුවන්ද ලක්ෂ 120ක් ගෙවලා උපාධියක් ගන්න කියන එක.. තව දෙයක් තමයි සයිටම් එකේ උගන්නන්නෙ එ්කෙන් පාස් අවුට් වුන අයවත් රුසියාවෙන් ඇවිල්ලාවත් නෙවෙයිනෙ.. රාජ්‍ය විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ව වැඩි පඩි දීලා අරගෙන තියෙන්නෙ..(බ)
රැකියා දශලක්ෂයක් දෙන අද කාලේ නිකන් දෙන දෙයින් ඉගෙනගෙන එළියට ගිහින් ජොබ් එකක් කරන්න පින නැති මහපාරේ කාලකන්නි වෙන බත් කන හරක්....(බ)
88-89 කාලේ පාරවල් වල මේ වගේ බුද්ධිමත් අය මහදවාලේ පිච්චිලා තියෙනවා. කවදාවත් කිසිම රජයක් මේ ළමයි ගැන හොයලා නැහැ. මීටවඩා ආණ්ඩුව මේ ගැන ගැඹුරින් හිතන්න (නි)
මෙයාලට නම් හොඳ පාඩමක් උගන්වන්නේ නැතුව හරියන්නෙ නැහැ (නි)
උසස් අධ්‍යාපනය පුද්ගලික අයිතියක් විය යුතුමයි. අධ්‍යාපනයේ නිදහස එකක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ තව එකක්. (නි)
හොඳ වැඩේ. නියමයි (නි)
එදා අරගල කළේ නැත්නම් අද තියෙන නිදහස් අධ්‍යාපනය අපට නැතිලු. ඔයාල නිදහස් අධ්‍යාපනයට කරපු අරගල මොකක්ද? හා කියන්න බලන්න. (නි)
විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති උදවිය තමයි විශ්ව විද්‍යාලයකට ගිය අයට රැකියා සපයන්නේ. කොටින්ම දොස්තරලට රැකියා සපයන්නේ විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති රටේ ලොකු බිස්නස්කාරයින්. හොඳට හොයලා බලලා කතා කරන්න ජයන්ත (නි)
නිදහස් අධ්‍යාපනයේ සෞඛයේ හරයක් නොදන්න අය මොනවා කීවත් ඒ අයගේ දරුවන්ටත් ඉගෙන ගන්න,ලෙඩකට බෙහෙතක් ගන්න ඉතුරු වෙන්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය තමා.නැතුව කෝටි ගණන් ඉගෙන ගන්න බෙහෙත් ගන්න අපි වගේ පොඩි මිනිස්සුන්ට බෑ. (හේ)
ඉල්ලගෙන කන්නේ මේ අය.(හේ)
අලුත් පරපුර කොහෙද දන්නේ නැහැ නේද. අය්යෝ පව්. රටක නීතියක් නැති කොට මේ වගේ දේවල් වෙනවා ඉගෙන ගන්න අය පෙළපාලි යනවා. ලංකාව කොහෙන් නවතීවිද කියල දන්නේ දෙයියෝ තමා (බ)
පළමු වසර සිට විශ්ව විද්‍යාල දක්වා සියලු නිදහස් අධ්‍යාපනය වහා නවතනු! නිදහස් සෞඛ්‍ය සේවය වහා අත්හිටවනු! (නි)
ගාලු පාරේ ලොකු ට්‍රැෆික් එකක් ඇති කරපු සිසුන්ව අත්අඩංගුවට ගන්න. කරුණාකර මෙවැනි මහජනතාව අපහසුතාවයට පත්කරන අයට නිසි දඬුවම් ලබාදෙන්න (බ)
සුබපැතුම්.දැන් මාධ්‍ය සාකච්ඡාවක් තියන්න හේතුවක් තියෙනවා. (බ)
මෙතැන ඉන්න ගොඩක් අය වෛද්‍ය සිසුන් නෙමෙයි පේන හැටියට.පෙරටුගාමීන්ට ඕන විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ඇතිකරන්ඩ මිසක් ඉගෙනීමක් නෙමේ. (අ)
විකි , ඔබ වගේ සැප වාහන වල යන අය මෙය ඉවසුවේ නැති වුණාට, රටේ නිදහස් අධ්‍යාපන යේ අගය දන්නා අපි හැමදාම සිසුන් සමග.(අ)
තව එකෙක් ඉගෙන ගන්නවට ඇති ඉරිසියාව. (බ)
අනේ මේ ළමයි මේ ආණ්ඩුවට ඡන්දෙත් දීල මෙහෙම දෙයක් වෙයි කියල මේ ළමයින්ගේ දෙමවුපියන් වත් හිතන්නේ නැතුව ඇති (බ)
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා (නි)
සම්පත් පතිරණ, ඔබ නිවැරදියි (නි)
විශ්ව විද්‍යාලවල ගිහිල්ලා උද්ඝෝෂණය නොකළොත් කට්ට කන ජීවිතයට හරි මදි වගේම මේ ගහන වතුරට ළඟදීම ජලබද්දක් එකතුවෙයි වගේ (නි)
සම්පත් පතිරණ, ඔබගේ අදහස සත්‍ය වුණාට රටේ බත් කන සමහර උදවියට තේරුම් ගන්න ටිකක් අමාරුයි. (නි)
ඉගෙනගන්න කියල විශ්වවිද්‍යාලවලට ගිහින් මේවාද කරන්නේ?නොමිලේ උගන්නනකොට සමහරුන්ට එකේ වටිනාකමක් නැතිබවයි පෙනෙන්නේ.(රේ)
මෙි කියන අන්තර් විශ්වවිද්‍යයාල බල මණ්ඩලය විශ්වවිද්‍යල වලින් අයින් කරන්න ඕනේ.මෙි සංවිධානය තමයි රටෙි අධ්‍යාපන ය නැති කරන්නේ.අහිංසක දුප්පත් දෙමව්පියන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ දිවි දෙවැනිකොටගෙන.මුං ඒ අහිංසක ළමයින්ගෙ අධ්‍යාපනයත් විනාශ කරලාදානවා.(රේ)
අන්තර් විශ්ව විද්‍යයාල බල මණ්ඩලය තහනම් කරන්න. එවිට ළමයි ඉක්මනින් ඉගෙනීම ඉවරකරලා රටට සේවයක් කරයි. දේශපාලනය අවශ්‍ය අය දේශපාලනයට එයි. (නි)
මේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න පිරිස නේද? (නි)
වෙනත් රටවලට නම් උගත් තරුණයෝ මහා සම්පතක්. අපේ රටට කරුමයක් වෙලා (නි)
පළමුවෙනි ශිෂ්‍ය සටන ඇරඹුනේ සුද්දගේ කාලයේ පේරාදෙණිය සරසවියේ අයාලයේ ගිය බල්ලට වෙඩි තැබිමෙන් පසුවයි . අනේ දෙන් කරන ශිෂ්‍ය සටන් බල්ලෙකුටවත් වටිනා ඒවා නොවෙයි. ශිෂ්‍ය මහත්වරුන් තේරුම් ගත යුතු බොහෝ දේවල් තියනවා. ඔබ සටන් කළ යුත්තේ ඔබලාගේ නායකයන්ගේ නියෝගවලට පමණක් නොවෙයි ,ඒමේ සටන්වලට ජනතාව දක්වන සහයෝගිතාවය සොැලකිල්ලට ගනිමින් (බ)
සිරිත් පරිදි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් විඳ සභාතොමෝ ක්‍රෝධයෙන් විසිර ගියෝය. (නි)
විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ශාපයක් වූ දේශපාලන අවස්ථාවාදීන්ද සිටිනවා. (නි)
නිදහස් අධ්‍යාපනය එදා සිට රැකගත්තේ සිසු අරගල වලිනුයි (නි)
'නිදහස් අධ්‍යාපනය' මෙයාලගේ සටන් පාඨයක් පමණයි. නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනයට කිසිමදෙයක් වෙන්නේ නැත. වෙන එකම දේ මෙයාලගේ රැකියා අවස්ථා පුද්ගලික විශ්ව විද්‍යාල වලින් පාස්වන ළමයින්ට යාමය. (නි)
මෙහෙම තමයි මෙයාලට සළකන්න ඕනෑ (නි)
රටේ ලෝකේ සිද්ධවෙන දේවල් ගැන හොයන්නේ නැතුව එක එක්කෙනාට කඩේ යන්න තමයි මේ අය දන්නේ (නි)
අපේ පොලිසියට ජයවේවා! (නි)
ළමයිනේ! ඡන්දය දුන්නා නම් දැන් හොඳට ඉල්ලගෙන කන්න (නි)
දිය යට රබර් බෝලය සැඟවීමට සමහරු දරන අසාර්ථක උත්සාහයක්! (නි)
මහජනයාගේ හා අම්මලා තාත්තලාගේ සල්ලි කන, උසස් අධ්‍යාපනයට තේරුණා කියලා අං ඇවිල්ලා ඇති මොවුන් රටේ ප්‍රශ්න කතාකරන්න කලින් තමාගේ දැනුම වැඩි කරගන්නේ නැතුව පාරවල් දිගේ පිස්සු නටනවා. කවදාහරි මොවුන්නේ රටේ ඉහළ රැකියා වලට එන්න හදන්නේ. (නි)
එතකොට පිටරට ගිහින් මුදල් ගෙවලා එන වෛද්‍ය සිසුන්ට පත්වීම් දුන්නට කමක් නැද්ද? මෙහෙ නිදහසේ පෙළපාලි යනකොට පිටරට ගිය අය පත්වීම් ලබලා රැකියාවල (නි)
මෙතන අදහස් දාපු ගොඩදෙනෙක් මම හිතෙන්නේ විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් ගිහින් නැති උදවිය. එදා අරගල කළේ නැත්නම් අද තියෙන නිදහස් අධ්‍යාපනය අපට නැහැ. අද අරගල කළේ නැත්නම් හෙට නිදහස් අධ්‍යාපනය නැහැ. එ්ක තමයි අමිහිරි ඇත්ත. විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නේ පුළුල් දෙයක්. අරගල කරන්න ඕනෑ. එ්කේ කිසිම විවාදයක් නැහැ. නැත්නම් දේශපාලුවෝ අධ්‍යාපනය විනාශ කරනවා. (නි)
ජයවේවා ! නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සහ අනාගත පරපුර සඳහා ඔබ කරන අරගලයට ජයවේවා! මුළු ලෝකෙන්ම එඩිතරම ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! (නි)
අන්තරේ අවශ්‍යතාවය තේරුම් ගන්න. වෙන රටක නායකයෙක් මෙහෙට එන දවසට පාරවල් වහගෙන පිකටින් කරනවා, මෙරට අධ්‍යාපන නිදහස, මානව අයිතිවාසිකම් නැහැ කියලා ලෝකයට පෙන්වන්න. (නි)