IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කොළඹින් ගමට ගිය 80කගේ ප්‍රතිඵල නවතී

දුෂ්කර ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් බව කියන සිසුන් 80 දෙනකුගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නවත්වා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසීය.

දුෂ්කර පළාත්වල කෝටාවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම සඳහා පහසුකම් ඇති ප්‍රදේශවල සිට දුෂ්කර ප්‍රදේශවලින් ඔවුන් විභාගයට අයදුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2016 උසස් පෙළ විභාගය අතරතුර මේ ගැන තොරතුරු ලැබීමත් සමඟ විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කළේය. එලෙස පිට පළාත්වල සිසුන්ට විභාගයට මුහුණ දීමේ අවස්ථාව ලබා දුන් බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකුගේ ද වැඩ තහනම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ තවත් විදුහල්පතිවරුන් 12 දෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැති බවයි.

කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසු උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට අයත් පාසල් කිහිපයකින් විභාගයට මුහුණ දුන් සිසුන් 80කගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නැවැත්වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා  පැවසීය. වංචනිකව විභාගයට මුහුණ දෙන සිසුන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව ද ඔහු  සදහන් කළේය.



අදහස් (0)

කොළඹින් ගමට ගිය 80කගේ ප්‍රතිඵල නවතී

ලුම්බිණි Sunday, 08 January 2017 11:24 PM

මේකට හේතුව විශ්ව විද්‍යාලයට යන්න පාර හදා ගැනීමයි. දිස්ත්‍රික්ක ක්‍රමයට සිසුන් තේරීම සම්පුර්ණ අසාධාරණ වැඩක්. අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමෙන් බිහිවෙන උගතුන් කරන වැඩ වලින් මේක තහවුරු වෙනවා. (නි)

:       0       0

බිමල් Sunday, 08 January 2017 10:06 AM

මේවා අද කාලයේ විතරක් නෙවෙයි අපි උසස් පෙළ කල බොහෝ කලකට පෙරත් සිදු වුනා. පිට පළාත් වල සිසුන් පවා සති අන්තයේ කොළඹ පන්ති ආවා. නමුත් කියන්නේ මම ඉහලින් සමත් වුනේ ටියුෂන් පවා නොගිහින් ගමේ ඉස්කෝලේ උගන්වපු දෙයින් කියලා. අවංක බැවින් තොර උගතුන්ගෙන් රටට වෙන යහපතක් නැහැ . මේ උදවිය ඊළඟට රජයේ රැකියා අරගෙන එතනත් වංචාවෙන් මහජනයා ගසා කමින් හම්බ කරනවා. කරුණාකර උපරිම දඬුවම් දෙන්න . අපි මේ උදවියට වැඩිය දෙගුණයක් ලකුණු අරගෙනත් අවංකව කොළඹින් විභාගය ලියපු නිසා ලැබුනේ සරසවියේ අඩු ලකුණු පාඨමාලා. (හේ)

:       0       0

රිතික් Monday, 09 January 2017 06:02 AM

මේවා වැරදි වැඩ .දඩුවම හොදයි. (අ)

:       0       0

රොකී Sunday, 08 January 2017 01:52 PM

වංචාවෙන් විභාගවලට පෙනී සිටි හොරුන්ට ජීවිතාන්තය දක්වා විභාග තහනම් කරන්න! ඔවුන්ගේ දෙමාපියන්ට සහ අදාළ විදුහල්පතින්ට එරෙහිව නඩු පවරන්න. (බ)

:       0       0

චන්න Sunday, 08 January 2017 03:41 PM

බිමල් හරි. තියෙන ක්‍රමය නිසා ගම්පහ කොළඹ අයට විශාල අවාසියක් වෙන්නේ (රේ)

:       0       0

ප්‍රේම් Sunday, 08 January 2017 05:28 PM

මේ ළමයින්ගේ වැරැද්ද නෙවෙයි සිස්ටම් එකේ වැරැද්ද (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1192 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2137 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 942 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9204 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3360 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site