‘සපිරි නගරයක් විසිරි සංවර්ධනයක්‘ තේමා කර ගනිමින් සඳුදාට (31) යෙදෙන ලෝක නගර දිනයට සමගාමීව කැළි කසල ඉවත් කර පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මන්ත්‍රී මුජිබර රහුමාන් පළාත් මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (30) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ආරම්භ විය.
රාජ්‍ය ආයතන, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය, බාල දක්ෂයින් හා පරිසර නියමුවෝද මෙම අවස්ථාවට එක්වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මෙතුමා මහින්ද මහතාගේ ආණ්ඩුවේ පරිසර අැමැති වෙලා ඉන්න කාලෙත් ඉදලක් අතට අරගෙන මෙහෙම රංගනයක යෙදුන මට මතක ඇත , මමත් හිතුව උගත් දේශපාලකයෙක් නිසා පරිසරයට වැඩක් වේවි කියල , නමුත් කොළඹ පිරිසුදු වුනේ නැත , මෙයාගෙත් අනිකුත් දුෂිත දේශපලකය්න්ගේත් අතර ඇති වෙනස මෙයා බුද්ධිමත් නිසා වැඩ අනාගෙන හත්පලේම ගාගන්නේ නැත (බ)
අනිවාර්යයෙන් ඔහු ඉන්නම ඕනෑ මේකට. දිගටම මේ වැඩේට මෙයාලව ගන්න. (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ (නි)
ගෝඨාභයට පුළුවන් දෙයක් නැහැ බලනකොට (නි)
ඕවා දවසකට දෙකකට විතරක් කරලා වැඩක් නැහැ (නි)
අන්න නියම වැඩක්. ඉස්සර ගෝඨාභයලා මේ වගේ වැඩ කරන්න කෝටි ගණන් මුදල් වැයකරලා උස්සව තියලා සල්ලි නාස්තිකෙරුවා (නි)
මේ දිනයට නියම සුදුස්සා ගෝඨාභය මැතිතුමා. එතුමා කොළඹ විතරක් නෙමෙයි හැම නගරෙම ලස්සන කළා (බ)
ඩයනා කුණු කොහාට හරි දාන්න නැතිව ගෙදර තියා ගන්නය. පුත්තලමට ගිහින් දැම්මොත් අසාවි ගෝඨාභය ඉන්න කාලේ පුත්තලමට ඔක්කොම ගිහින් දැම්මේ නැද්ද? (බ)
සාගර. මේ අැමතිතුමාට විතරක් නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අැමතිවරුන්ට ගැලපෙනම රස්සාව මේක තමයි. (අ)
ඔය බක්කිවලට ගෙදරින්හෝ මොනවා හෝ දාගෙන තල්ලු කළානම් කොච්චර හොදද.(බ)
ලස්සනට පිරිසිදුවට තිබිච්ච කොළඹ කාලා දාලා දැන් ලකුණු දාගන්න සුද්ධ කරන්න යනවා, රට හිනස්සන බොරුකාරයෝ. (බ)
යහපාලන ජෝක්ස් කියන්නේ මේවට තමයි. ඉස්සර කොළඹ තිබ්බ ලස්සන දැන් නෑ (බ)
ඩයනා, කසල කළමනාකරණයට ක්‍රමයක් හඳුන්වා දෙනවනම් යුද්දය නිම කළා වගේ මීතොටමුල්ලේ කුණු එක දවසින් ඉවත් කරමි (බ)
ඔන්න පටන් ගත්ත බොරු දේශපාලන සංදර්ශන. පුළුවන්නම් ගෝඨාභය කළා වගේ සංදර්ශන නැතුව වැඩ පෙන්නන්න. (බ)
තොප්පි ටී ෂර්ට් වලටත් හොඳ ගානක් යන්න ඇති.අය්යෝ සල්ලි (බ)
නෝනා අර කරත්තේ තල්ලු කරන සහෝදරී එක්කම සෙල්ෆිය ගැහුවනම් තමයි හොඳ (බ)
බලමු දවස් කියක් කරාවිද කියල. ඇවිත් අවුරුදු දෙකකට කිට්ටු. සත පහක දෙයක් කළේ නැහැ (බ)
ගෝඨාභය ඉන්න කාලේ මීතොටමුල්ලට ඔක්කොම ගිහින් දැම්මේ නැද්ද? සෝබනේ සෝබනේ ගගා ඉන්නේ නැතිව තමන්ට කරන්න පුළුවන් දේ කරන්න පුරුදු වෙයල්ලා. (බ)
අපරාදේ කියන්න බැැ, ඔය ඇමති තුමාට ගැලපෙනම රස්සාව...(බ)
විහිලු (බ)
පිස්සු විකාර ෆොටෝ එකට විතරයි ඔක්කොම (බ)
කොළඹ කොච්චර ලස්සනට පිරිසිදුව තිබුණද ගෝඨාභය ඉන්න කාලේ. දැන් මේ සෝභන වැඩ ඕන නෑනේ තිබුණ විදියට තිබුණානම් (බ)
මොන බොරුද, කොයි කාලයක් ඕක කෙරුනාද ? (බ)
ඇත්තටම අපේ රට ගැන තියෙන්නේ දුකක් , වෙන රටවල් වල අඩු පාරිසරික මට්ටම් තියෙද්දී ඔවුන් රට ලස්සන කිරීමට උත්සහා ගන්න විදිහට මේ වගේ ලොකු ප්‍රචාරයක් දීලා පොඩි පොඩි දෙකේ පන්තියේ වැඩ වලින් මිනිසුන් සතුටු කිරීම විහිළුවක්. ලංකාව කවදාවත් දියුණු නොවෙන රටක් , මොකද ආසියාතික රටවල් වල තියෙන්නේ පොඩි දේවල් වලින් සතුටු වෙන දේවල්. (බ)
බොහොම හොඳයි. අනේ මේ උතුම් ක්‍රියාව සතියකට වරක් වත් කළොත් අපි දීපු ඡන්දෙට වැඩක් වුණාය කියන්න පුළුවන්!. (බ)
බොරු ෂෝ එකක (බ)