IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොළඹ/මහනුවර/අපුරත් විරෝධතා

ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රී විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දන ගැස්වූ බව කියන සිද්ධියට විරෝධය පා අද උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව කියයි.

කොළඹ ලිප්ටන් වටරවුම ,  මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට සහ අනුරාධපුර කඩදොලහේදී අද පස්වරු දෙකට ද, මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට පස්වරු එකට ද මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුවට අයත්ය.



අදහස් (0)

කොළඹ/මහනුවර/අපුරත් විරෝධතා

කුමාරිහාමි Wednesday, 19 June 2013 04:25 PM

ඇයි මේ මන්ත්‍රීවරයා එයාගේ පැත්තෙන් සිදුවුණ දේ ගැන කියලා මාධ්‍යයට ප්‍රකාශයක් නොදෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 20 June 2013 02:40 AM

කුමාරිහාම් මන්ත්‍රීගේ පැත්තෙන් කියන්න තියෙන්නේ දුවගේ ගවුම කොට නිසා කකුල් පෙනුන බවත්, ගුරුතුමී අවවාද කළ නිසා මන්ත්‍රී කුනුහරුපෙන් බැනලා දුන්න දඩුවමත් ගැන විතරයි. වෙන මොකක්ද?(නදී)

:       0       0

මර්වින් Wednesday, 19 June 2013 10:30 AM

අයියෝ අපේ මන්ත්‍රී තුමාට පවු එතුමා රටට කොපමණ සේවයක් කොරල තියනවද අප්පා!(අ)

:       0       0

ජයසිරි Wednesday, 19 June 2013 02:55 PM

ඔක්කොම කුණු මේ මනුස්සයාගේ පිටින් අරිනවා. අනෙක් මැරකම් කළ පලා බබාලට කිසිම දඩුවමක් නැහැ (නි)

:       0       0

උපාලි Wednesday, 19 June 2013 10:40 AM

ක්‍රිකට් වලදී 'ඩෙඩ් බෝල්' කියන්නේ මේවටද මන්ද. දැන් ස්කෝර් කරන්න බෑ නේද? ක්‍රීඩකයෝ ටිකක් විවේක ගන්න තුන්වෙනි අම්පයර්ගේ තීන්දුව ක්‍රියාත්මක වෙනකල්. එහෙම නූනොත් බැරිය ඕනනම් ආයෙත් පටන්ගන්න. (අ)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 11:00 AM

උත්ඝෝෂණය කරන්න කලින් ඡන්දෙ දීපු කට්ටියවයි මෙයාට ඡන්දෙ ඉල්ලන්න ටිකට් එක දුන්න ලොක්ක කවුද කියල හොයන්න ඕනේ (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 19 June 2013 11:00 AM

මම හිතනවා මේ සිදුවීම ගැන දැන් විරෝධය පෙන්නුවා ඇති කියලා.(නදී)

:       0       0

ප්‍රදීප් Wednesday, 19 June 2013 11:02 AM

ඒ ගමන්ම ගුරුවරු ගහලා කන පැලුව,පොලුවලින් ලමයින්ට ගහපු ,4වසරේ ගෑණු ලමයි දුෂණය කරපු ගුරුවරුන්ටත් විරෝදය පල කරන්න.(නදී)

:       0       0

රුවන් Wednesday, 19 June 2013 11:19 AM

මේ මන්ත්‍රීට උපරීම දඬුවම ලැබිලා තිබිලත් ගුරුවරුත් බොරුවට දගලනවා. මේ දක්වා රාජ්‍ය නිලධාරීන් කීදෙනෙක් ඝාතනය වෙලාතියනවද දේශපාලකයන් අතින්ම. 88,89, රාජ්‍ය සේවය බල්ලටගියා. සේවා ස්ථානයේදීම කීදෙනෙක් මැරුණද? කැම්පස් එක ඇතුලේ මහාචාර්යවරු මැරුවා. ඇමතිලා නිලදාරින්ව ගස් බැන්දා. මේවට කව්රුත් උද්ඝෝෂන කරන්න බයද ?(නදී)

:       0       0

මා.උපරතන හිමි-ස්වීඩන්. Wednesday, 19 June 2013 11:21 AM

අදාල මන්ත්‍රී වරයා පක්ෂයෙන් අස්කරලා. ඔහු මන්ත්‍රී දුරයෙන්ද ඉල්ලා අස්වෙලා. ඉදිරි මැතිවරණ වලදී පක්ෂයෙන් නොමිනේෂන් නොදෙන්නත් තිරණය කරලා. ඔහු ඉන්නේ බන්දනාගාරයේ. නඩුවත් ඉදිරියට යනවා. ඉතින් තවත්නම් මොන විරෝධතාද?.(නදී)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 19 June 2013 11:29 AM

කොහොමද පළාත් සභාතුමා කන පරිප්පුව? පළාත් සභා උන්නැහේලා මොන සුදුසුකම් තියාගෙනද මහජනයාගේ මුදල්වලින් සුරසැප විදින්නේ? ඒ මදිවට චන්ඩිකමුත් කරනවා. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 03:56 PM

දැන් ඉතින් කරන්න තියෙන්නේ තමන් හිරෙන් නිදහස් වෙලා ගෙදර ආපුවහම තමන් නිදාගන්න කාමරේ ඇදට ඉහළින් දුව ඇන්ද සුදු කොට ගවුම එල්ලලා පිළිකුල් භාවනාව කරලා සසර ගමන කෙටි කරගන්න එක (නි)

:       0       0

අතපත්තු Wednesday, 19 June 2013 11:52 AM

මගේ අදහසත් උද්ගෝෂණ දැන් ඇති. දැන් කළ යුත්තේ අදාල ගුරුවරියගේ ජිවිත ආරක්ෂාව පිලිබඳව අවදානයෙන් සිටීම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 196 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1113 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3867 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2937 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site