ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රී විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දන ගැස්වූ බව කියන සිද්ධියට විරෝධය පා අද උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුව කියයි.
කොළඹ ලිප්ටන් වටරවුම , මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට සහ අනුරාධපුර කඩදොලහේදී අද පස්වරු දෙකට ද, මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට පස්වරු එකට ද මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සහ සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුවට අයත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ මන්ත්‍රී තුමාට පවු එතුමා රටට කොපමණ සේවයක් කොරල තියනවද අප්පා!(අ)
ක්‍රිකට් වලදී 'ඩෙඩ් බෝල්' කියන්නේ මේවටද මන්ද. දැන් ස්කෝර් කරන්න බෑ නේද? ක්‍රීඩකයෝ ටිකක් විවේක ගන්න තුන්වෙනි අම්පයර්ගේ තීන්දුව ක්‍රියාත්මක වෙනකල්. එහෙම නූනොත් බැරිය ඕනනම් ආයෙත් පටන්ගන්න. (අ)
උත්ඝෝෂණය කරන්න කලින් ඡන්දෙ දීපු කට්ටියවයි මෙයාට ඡන්දෙ ඉල්ලන්න ටිකට් එක දුන්න ලොක්ක කවුද කියල හොයන්න ඕනේ (අ)
මම හිතනවා මේ සිදුවීම ගැන දැන් විරෝධය පෙන්නුවා ඇති කියලා.(නදී)
ඒ ගමන්ම ගුරුවරු ගහලා කන පැලුව,පොලුවලින් ලමයින්ට ගහපු ,4වසරේ ගෑණු ලමයි දුෂණය කරපු ගුරුවරුන්ටත් විරෝදය පල කරන්න.(නදී)
මේ මන්ත්‍රීට උපරීම දඬුවම ලැබිලා තිබිලත් ගුරුවරුත් බොරුවට දගලනවා. මේ දක්වා රාජ්‍ය නිලධාරීන් කීදෙනෙක් ඝාතනය වෙලාතියනවද දේශපාලකයන් අතින්ම. 88,89, රාජ්‍ය සේවය බල්ලටගියා. සේවා ස්ථානයේදීම කීදෙනෙක් මැරුණද? කැම්පස් එක ඇතුලේ මහාචාර්යවරු මැරුවා. ඇමතිලා නිලදාරින්ව ගස් බැන්දා. මේවට කව්රුත් උද්ඝෝෂන කරන්න බයද ?(නදී)
අදාල මන්ත්‍රී වරයා පක්ෂයෙන් අස්කරලා. ඔහු මන්ත්‍රී දුරයෙන්ද ඉල්ලා අස්වෙලා. ඉදිරි මැතිවරණ වලදී පක්ෂයෙන් නොමිනේෂන් නොදෙන්නත් තිරණය කරලා. ඔහු ඉන්නේ බන්දනාගාරයේ. නඩුවත් ඉදිරියට යනවා. ඉතින් තවත්නම් මොන විරෝධතාද?.(නදී)
කොහොමද පළාත් සභාතුමා කන පරිප්පුව? පළාත් සභා උන්නැහේලා මොන සුදුසුකම් තියාගෙනද මහජනයාගේ මුදල්වලින් සුරසැප විදින්නේ? ඒ මදිවට චන්ඩිකමුත් කරනවා. (නි)
මගේ අදහසත් උද්ගෝෂණ දැන් ඇති. දැන් කළ යුත්තේ අදාල ගුරුවරියගේ ජිවිත ආරක්ෂාව පිලිබඳව අවදානයෙන් සිටීම.(නදී)
ඔක්කොම කුණු මේ මනුස්සයාගේ පිටින් අරිනවා. අනෙක් මැරකම් කළ පලා බබාලට කිසිම දඩුවමක් නැහැ (නි)
දැන් ඉතින් කරන්න තියෙන්නේ තමන් හිරෙන් නිදහස් වෙලා ගෙදර ආපුවහම තමන් නිදාගන්න කාමරේ ඇදට ඉහළින් දුව ඇන්ද සුදු කොට ගවුම එල්ලලා පිළිකුල් භාවනාව කරලා සසර ගමන කෙටි කරගන්න එක (නි)
ඇයි මේ මන්ත්‍රීවරයා එයාගේ පැත්තෙන් සිදුවුණ දේ ගැන කියලා මාධ්‍යයට ප්‍රකාශයක් නොදෙන්නේ? (නි)
කුමාරිහාම් මන්ත්‍රීගේ පැත්තෙන් කියන්න තියෙන්නේ දුවගේ ගවුම කොට නිසා කකුල් පෙනුන බවත්, ගුරුතුමී අවවාද කළ නිසා මන්ත්‍රී කුනුහරුපෙන් බැනලා දුන්න දඩුවමත් ගැන විතරයි. වෙන මොකක්ද?(නදී)