ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායම මෙතරම් කාලයක් ජයග්‍රහණ ගත්තත් ඒ ගැන නිසි ප්‍රචාරයක් ලබා නොදුන් මාධ්‍යය ඒ කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සිද්ධියක් සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දුන් බවත්, එම සිද්ධිය ගැන අදහස් දැක්වීමට තමා අකමැති බවත් ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාන කියයි.
අමිත රඹුක්වැල්ල ගුවන් යානයකදී හැසිරුණැයි කියන ආකාරය ගැන ‘එසැණ‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් කළුවිතාන එසේ පැවසීය.
තමාද ක්‍රීඩා කළ 1996 ලෝක කුසලානය ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය හා දැන් විනය සලකා බැලීමේදී විශාල වෙනසක් දැකිය හැකිදැයි විමසූ විට කළුවිතාන මහතා පැවසුවේ ඒ ගැනද අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා අර්ජුන යටතේ කණ්ඩායමේ තිබුණු විනය අද කෝ? බීලා තිබුනොත් කොහොමද? අනෙක එයා ආදර්ශමත් විදිහට කණ්ඩායමේ හිටියේ. එදත් අර්ජුන නන්ද මැතිව් අරවින්දට අසාධාරණයක් කරපු වෙලාවේ කොන්දක් කෙලින් තියෙන නායකයෙක් වගේ තීරණයක් ගත්තා. නුසුදුසු අයට එයාගේ ටීම් එකේ ඉඩ දුන්නේ නැහැ. කණගාටුව කළු කියන්න තියෙන දේ කෙලින් නොකියන එකයි. කලුටත් අර්ජුනව අමතක වෙලාද ? (නි)
අවංකවම කළු හරි. මොකද ඒක කළුට අයිති දෙයක් නෙමෙයි. කළු ඔබ එදා වගේම අදත් අප තුල ඉන්නවා. ඔබට දීර්ඝායුෂ පතමි.(නදී)
මාධ්‍ය මොනවා ප්‍රචාරය කලත් ඒවා බලන්නේ කියවන්නේ ක්‍රීඩා ලෝලී අපි. ඒ කාලෙ විදේශ මාධ්‍ය මඩ ගහනකොට අපේ දක්ෂ ක්‍රීඩකයො වෙනුවෙන් අපිත් නැගී සිටියා. ඒත් මේ වගේ ගොං පාට් වලට අවවාද කරන්න ඕනෙ වැරැද්ද කරපු අයට. පුහුණු කරු වශයෙන් වැරැද්ද සාධාරණීකරනය කරන්න යෑමෙන් මෙවැනි වගකීමෙන් තොර වැඩ තවත් සිද්ද වෙන්න පුළුවන්. (නදී)
මාධ්‍යයට පිළිතුරු දෙන්න බැඳී සිටිනවා යන්න පිළිගත නොහැකියි. ඕන නම් පිළිතුරු දීමෙන් වැලකි සිටිය හැකියි. යමෙක් කළු විතාරණ ගේ ජොබ් එකට තට්ටු කරන්න ඔහුගෙන් මාධ්‍ය ප්‍රකාශ ගන්න යනවා නම් ඒකත් වැරදියි. ඔහු ප්‍රකාශ ලබා දිය යුත්තේ විනය කමිටුවට පමණයි.(නදී)
හැම දේටම දේශපාලනේ සල්ලි ගෑවෙන තැන කට වහගෙන ඉන්න එක තමා හොඳ.(නදී)
ඇමති පුතා නින්දෙන් ඇවිද්දලු, බෝතල් තියාගෙන බොන පින්තුර වෙබ් අඩවි වල ප්‍රචාරය වෙනවා දැක දැක තාත්තා කියනවා මගේ පුතා බොන්නේ නැතිලු , කළුලා ජයන්තලා ජොබ් එකට කෙලවෙයි කියලා කට වහගෙන ඉන්නවා. මේවා නිකම් ගොන් පාට් විතරයි. අපිත් බල බලා ඉන්නවා. අපි තමයි පව්.(නදී)
ලංකාවේ ක්‍රිකට් විනාශ වෙලා (දී)
අපි දන්නවනේ සමහර ඇමතිවරු නිලධාරීන් ගස් බැඳලා, පස්සේ තමන්ම බැඳගත්තා කිව්වා. ඉතින් කළුත් දන්නවා කට ඇරියොත් යන්න වෙන්නේ කොහාටද කියලා.ඔය වගේ අවස්ථා වලදී ලොකු ලොකු නිලධාරීන් පවා අසරණ වෙනවා (නි)
අනේ ඔයත් 96 කණ්ඩායමේ නේද හිටියේ? කෝ එදා තිබුන විනය? එම විනය දේශපාලනීකරණය වෙලා නේද කළු කොල්ලෝ? ඔබත් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වෙලා, අනේ පවු. හොඳම වැඩේ ඔය දේශපාලුවන්ගෙන් මිදිලා පිටරටවත් කෝච් පට්ටමක් හොයාගන්න. (නි)
ටෙනිසන්, ඔයා හරියටම හරි. කළු කියන්නේ කාටවත් බය නැතිව ජයසුරියටත් කලින් පලවෙනි ඕවර්ස් 15 බෝලර්ස්ලට දුවන්න ගහපු අපේ කොල්ලෙක්. ඒ ගැන දන්නේ නැති අය ඒ ගැන කතා නොකර පැත්තකට වෙලා හිටියා නම් හොදයි (නි)
වරුණ, ඔබ කියන ඒ නායකයාම තමයි 1999 ලෝක කුසලාන තරගාවලියේ අසාර්ථකත්වයට වගකිව යුත්තෙත් (නි)
කළු ඇත්ත කියන්න බය වුනාද ? (නි)
මේ දේශපාලකයෝ සහ ඔවුන්ගේ නෑදෑයෝ, අපේ රණවිරුවෝ සහ ක්‍රිකට් ක්‍රීඩකයෝ රටට ලබාදුන්න ජයග්‍රහණ වලට කළුපැල්ලම් එකතු කරනවා.ජනතාව සහ රට ගෙන නොසිතා ක්‍රියා කරනවා. (නි)
යන්නේ කොහෙද? මල්ලේ පොල් ! (නි)
පුවත්පත්වලින් අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ මුදල් කාබාසිනියා කරන ඊනියා දේශපාලුවන්, ඔවුන්ගේ නෑදෑයන්, හිතවතුන් මහජන මුදලින් නඩත්තුවෙන අන්දම රටට හෙළි කිරීමයි. අද කිසිම ආචාරශීලි බවක් තියෙනවද? කාටද මේවා කියන්නේ? (නි)
රගර් විනිසුරුවෝ ගුටිකන රටක නි.විදුහල්පතිලා තමන්ගේ කට උත්තරේ ඉල්ලා අස් කර ගන්න රටක,නිදහසේ අදහස් පල කල හැකිද? ,ඔබ හරි මල්ලි.(නදී)
කළු ගෙන් ඇහුවේ මොකද නිසි බලධාරින්ගෙන් අහන්නෙ නැතුව ? (නි)
හැම අතින්ම මුදලට යටපත්වෙච්ච සමාජයක් මේ.දේශපාලනය පමණක් නොව සෑම දෙයක්ම ක්‍රීඩා ඇතුළු සියල්ලත් දැන් මූල්‍යකරණය වෙලා හමාරයි.ඉතිං එවැනි සමාජයේම ජීවත්වන අපේ "කළු"ත් තම තනතුරට අනතුරක් ගෙනදෙන කිසිදු පියවරක් ගනීවි යැයි අපි බලාපොරොත්තු වීම සාධාරණද ? දඩිබිඩෙන් ඔහු අනාගන්න යෑමෙන් හෙට ඔහු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ කවුද ?ආදී වශයෙන් ප්‍රශ්නාර්තය ඔහු ඉදිරියේ ඉතුරු වන බව දන්නේත් ඔහු පමණයි. අප රටේ ඕනෑතරම් කතා කළ හැකියි. නමුත් ක්‍රියාවට නැංවීම ලේසි පහසු කාර්යක් නම් නොවේ (නි)
කලුවත් එහෙනම් එහෙම කළා?? (නි)
දෙන වැරැද්ද කරලා තියෙන්නේ කලුවිතාරණද ? (නි)
සින්ඝගේ කතාව හරි. කෝ එදා අර්ජුන මහත්මයාගේ කාලේ තිබුන විනය. මුලින්ම ක්‍රීඩකයෙකුට විනය කියල දෙයක් තියෙන්න ඕනා. එදා ලෝක කුසලානය දිනන්න විනය තමයි මුල් වුනේ නායක අර්ජුනගේ අදහස් නීති වලට හැමෝම හිස නැමුව ,ගරු කලා. අද ක්‍රීඩාවත් දේශපාලනයවෙලා. ක්‍රීඩා ඇමති තුමනි නිහඩ ඇයි?(නදී)
කළු ඔබ දක්ෂ වගේම විනය ගරුක ක්‍රීඩකයෙක් බව මුළු ලෝකෙම දන්නවා. ඔබ ඉන්නේ දේශපාලකයන්ගේ පුත්තුන්ගේ කුණු හෝදන්න නෙමෙයි. එයගේ තාත්තා ඒ දේ කරයි. අනික වෙනත් දක්ෂ ක්‍රීඩකයෝ නැතිවටද හීනෙන් ඇවිදලා පිස්සු කෙලින අය ජාත්‍යන්තර ක්‍රීඩාවලට නම් කරන්නේ. නවක ක්‍රීඩකයන්ගේ විනය කොයිතරම් පිරිහිලද කියල මේකෙන්ම ඔප්පුවෙනවා ක්‍රීඩාවත් දැන් දේශපාලනීකරණය වෙලා නිසා.(නදී)
කළු ඇත්ත කීවත් බොරු කීවත් අපි කලුට කවදත් ආදරෙයි.(නදී)
කළු ඔයාට මොකුත්ම මතක නැද්ද?(නදී)
සුදු ටෝනි තරම් මාත් කලුට ලව් කළා ඉස්සර.(නදී)
කලු කවදත් කළු මැණිකක් තමයි. (නි)
කළු අයියේ, ඔබ අපට වඩා වයසින් වැඩිමහල් වුනත් අපි ඔබව කවදත් අමතන්නේ ලිට්ල් කළු යන නමින්මයි. ඒ අන්වර්ථ නාමය ඔබට ලැබුනේ නැසීගිය ප්‍රවීන විස්තර ප්‍රචාරක ටෝනි ග්‍රේග් මහතාගෙනි. (නි)
කළු මොන කරන්නද? (නි)
බීවේ කවුරුවත්. හීනෙන් ඇවිද්දේ කවුරුවත්. පැත්තක හිටපු කළුවිතාරණ මේකට ඇද ගන්නේ ඇයි. මූලික කාරණාව මුල්කර ගෙන අදහස් දක්වන්න. අදහස් දක්වන්නන්ටත් ආචර ධර්ම තියෙන වග අමතක කරන්න එපා.(නදී)
ජොබ් එක ඊට වඩා වටිනවා නේද ?(නදී)
මුනිවත රැක්කේ නැත්තම් තැන නැතිවෙනවා ඒකයි මුනිවත රකින්නේ.(නදී)
කළු ඇත්ත කියන්න බය වෙන්න එපා. ඇත්ත නොකියා ඉන්නවා නම් ඒක වැරදියි. අපි ඔබව ගොඩක් අගය කළා (දී)
බයයි තමයි. ඇත්ත කිවුවොත් වෙන දේ අපිත් දන්නවා. මේක තමයි අද මෙරටට වෙලා තියන දෙය. ලොකු ලොකු බලපුළුවන්කාරයෝ කරන හැම වරදක්ම සාමාන්‍ය මිනිස්සු අනුමත කරන්ඩ ඕනෑ. (දී)
එදා 96 දී කණ්ඩායම ක්‍රීඩා කළේ අභීතවත් හා මනා විනයක් හික්මීමක් ඇති නොසැලෙන නායකයෙක් යටතේ. අද ලංකාවේ තත්වය මුදලට යටවෙලා. ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම පාලකයන්ද සල්ලි පස්සේ හති දා ගෙන දුවනවා. ක්‍රීඩකයන්ව පාලනය කරගන්න බැහැ දේශපාලනය ගාගෙන. මම හිතන්නේ මේ වරදට අයි සි සි ය මගින් දඩුවම් කල යුතුයි (දී)
කළු කියන එකත් ඇත්ත තමයි. (දී)
මේ පුවත ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ප්‍රචලිත වුනා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බීමතින් ගුවන් යානයේ පිස්සු නටයි කියලා තමයි ඒ බොහෝ පුවත්පතකම සදහන් කරලා තිබුණේ. මෙහෙම කැලලක් ලංකාවේ ක්‍රීඩකයෙකුට ඇතිවෙලා නැහැ මීට කලින් (දී)
මෙයත් මෙයාලටම කඩේ යන කෙනෙක්ද?(නදී)
කළු අයියේ, ඔයා රස්සාව නැති කරගන්න එපා. මම ඔතන හිටියත් ඔය වගේම මුනිවත තමයි රකින්නේ (දී)
කලුවිතාරණ කියන්නේ අපි ආදරේ කරපු ක්‍රීඩකයෙක්. ඒ නිසයි ඉස්ස්ර වගේම කළු කියලා ලිව්වේ! කළු, දැන් අපිටත් මේ කියන්නේ ඔය සිද්ධිය ගැන ඔයා ඉන්නවා වගේ සද්ද නැතුව ඉන්න කියලද ? අදහස් ප්‍රකාශ කල නොහැකි බව නම් ඇත්ත. (දී)
මගුලක් කතාකරනවා. මගේ ජොබ් එක. අනේ අම්මෝමෝ.(නදී)
මාධ්‍යයට පිළිතුරු දෙන්න මේ අය බැඳී සිටිනවා. මෙයාලා මහජන මුදලින් යැපෙන අය බව මතක තබා ගත යුතුයි. ඇත්ත කතා කරන්න බය වියයුතු නැහැ (දී)
කළු විනය තකා වැඩ කරනවා ද ?(නදී)
කට ඇරියොත් කළු නසී වගේ වැඩක් (දී)
කලුවිතන නෙවෙයි මෙයා කළුවිතාරණ.(නදී)
කළු, ඔහොම යන්. (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ක්‍රිකට් මණ්ඩලේ අවසර නැතුව අදහස් දැක්වීමට පුලුවන්ද? (දී)
ආදරණීය කළු, ඇත්ත කතා කරලා පැත්තක් ගියත් කමක් නැහැ (දී)
මෙයා ලෝක හොරෙක් ද කොහෙද?(නදී)
කරුණා කරලා ලංකාවේන් ක්‍රිකට් තුරන් කරන්න එපා (දී)
කළු මෙම සිද්ධියට වගකිවයුතු කෙනෙක් නෙමෙයි. එයා පුහුණුකරු පමණි. මෙම සිද්ධිය විනය සම්බන්ධ වැඩක්. ඒකට වෙනම බලදාරියෙක් ඉන්නවා (දී)
ඇත්ත කතා කරලා පැත්ත ගියත් කමක් නැහැ කිවුවේ ඉස්සර. අද පැත්ත පරිස්සම් කරගන්න ඕනෑ නම් සද්දේ වහලම තමයි ඉන්න වෙන්නේ. මේක කලුගේ වරද නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රරවාදේ තරම තමයි. (දී)
වරුණ මහත්තයෝ, එදා ක්‍රීඩකයෝ අද ක්‍රීඩා කළා නම් එයාලත් ඔය බෝට්ටුවේම තමයි යන්නේ. එදා එහෙම තත්වයක් තිබුනේ නැති නිසා අද එයලා ලොකු කතා දානවා. (දී)
වරුණ මහත්තයා හරි. එදා හිටපු නායකයා ( අර්ජුන) කෙලින් මිනිහෙක්. ඇයි අමතකද ඕස්ට්‍රේලියාවෙදි මුරලිදරන්ව බෙර ගන්න අම්පයර් ලා සමග කතා කරපු හැටි. ඒකට දැන් ඉන්න අය. ඒකට වරදක් කියන්නත් බැහැ අද කතා කලොත් හෙට මිනිය පාරේ. නාදුනන කළු ඇඳගත් අයෙක් වෙඩි තිබ්බා කියයි.(නදී)
ඇත්තනම් කියන්න එපා වැනියන් කළු වැනීයන්.(නදී)
මෙතන කළුට මඩ ගහන්න එපා එයා කණ්ඩායමේ පුහුණු කරු මිසක් කළමනාකරු නොවේ එය කතා නොකරන එක හරි මෙම කරුණ එයාට අදාල නොවේ.(නදී)
"මුනිවත හොදයි දෙබසින් දුක වැඩිහින්දා".(නදී)
සමහරුන්ගේ අදහස් දැක්කහම විශාල කණගාටුවක් දැනෙනවා. කළු ‘ඒ‘ කණ්ඩායම සමග ගියේ විනය පාලක ලෙස හෝ කළමනාකරු වසයෙන් නොවෙයි. එනිසා කළුට නිස්සබ්දව ඉන්නවා මිසක් වෙන කියන්න දෙයක් නැහැ, කළු රස්සාවට බය මිනිහෙක් නොවෙයි. එහෙත් අහක යන මරාල වලට කර තියලා ජීව්තය නැති කරගන්න කවුද කැමති. අපි දන්නා තරමින් කළු කියන්නේ අවංක ,නිහතමානී පිරිසිදු චරිතයක්.(නදී)