(සුමිත් පොතුපිටිය)

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවකු  කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු මියගොස් ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

යතුරු පදියකින් දෙදෙනකු පැමිණ වෙඩික්කරු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙළිව ඇති බවද පොලිසිය සදහන් කරයි.

බරපතළ තුවාල ලැබූ බිරිඳ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි .

කළුතර අපරාධ කොට්ඨාසය , කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ දකුණු කළුතර මූලස්ථාන පොලිස් නිලධාරින් පරීක්ෂණ පවත්වති.