(ධම්මිකා බාලසූරිය)
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්ය කර්ම සිදු කිරීම නතර වීමෙන් රෝගීන් දහස් ගණනකට සැත්කම් සිදුකර ගැනීමට නොහැකිව අසරණව ඇතැයි ඔවුන් පවසයි.
එම රෝහලේ අක්ෂි සම්බන්ධව සිදු කෙරෙන සැත්කම් නතර කර වසරකට වැඩි කාලයක් ගතව ඇතැයි එම රෝගීන් පැවසීය.
ඇස් වලට කාච බද්ධ කිරීම සහ මෙන්ම ඇස අදාල සියලුම සැත්කම් රෝහල තුල සිදු නොවේ.
කුලියාපිටිය ශික්ෂණ රෝහල ප්රධාන පෙලේ රෝහලක් වන අතර දිනකට දස දහස් ගණනක රෝගීන් සංඛ්යාවක් නේවාසිකව සහ එක්දින ප්රතිකාර ලැබීමට මෙම රෝහලට පැමිණෙයි.
කුරුණෑගල දිස්ත්රික්කයේ ඇති ප්රධාන පෙලේ රෝහල් අතරින් එකක් වන මෙම රෝහලින් ප්රදේශ රැසක ජනතාව ප්රතිලාභ ලබයි.
රෝහල් තුල අක්ෂි ශල්ය කර්ම සිදු කිරීම සිදු වන්නේ අක්ෂි සායනය වෙත ලියාපදිංචිය ඇති පිළිවෙළ අනුව වේ.
සායනය වෙත පැමිණ ලියාපදිංචිය සිදුකර ඇති රෝගීන් පවසන්නේ සැත්කම සිදුකර ගැනීමට තමන්ට වසරකට එහා කාලයක් බලා සිටීමට සිදුව ඇති බවයි.
අක්ෂි සම්බන්ධව ශල්යකර්ම සිදු නොවීම සම්බන්ධව කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් විමසීමකදී අණාවරණය වන්නේ සැත්කම් සිදු කිරීමට අදාළ යන්ත්රය ඉවත් කිරීමට සිදුව ඇති බවයි.
රෝහල තුලින් සැත්කම් කිරීමට අවශ්ය යන්ත්ර ඉල්ලීම රජය වෙත සිදුකර ඇති බවත් මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට අදාල යන්ත්රය ලැබීමට ඉඩ ඇති බවයි.
සැත්කම් සිදු කිරීම හැර අක්ෂි සම්බන්ධව සිදු කෙරෙන සියලුම සායන, පැවැත්වීම, රෝග පරීක්ෂාව, දෛනික ප්රතිකාර කිරීම යන සියලුම කරුණු රෝහල වෙත සිදු කෙරෙන බව පැවසේ.
රෝගීන් වසරකට වැඩි කාලයක් ශල්යකර්ම සිදුකර ගැනීමට නොහැකිව සිටින අතර අදාල යන්ත්ර රෝහලට ලැබුණ වහාම කඩිනම්ව අවසන් කිරීමට වෛද්ය කාර්ය මණ්ඩලය සැදී, පැහැදී සිටින බව අණාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd