IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඛාන් සමග රජ කරන බොලිවුඩ් නිළියන්

2016-07-15-ent-69

මේ වසරේදී තිරගත වෙමින් පවතින "සුල්තාන්" චිත්‍රපටය සමගින් බොලිවුඩයේ ඛාන්වරුන් සමග රඟපෑ ජනප්‍රිය බොලිවුඩ් නිළියන්ගේ ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු. ඒ ඛාන්වරුන් විරසක වුවත් ඔවුන් සමග රඟපාන නිළියන් අතර විරසකයක් නොමැති බැවිනි.

 

1) කාජල්

බොලිවුඩයේ "කින්ග් ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් සමග රඟපෑ චිත්‍රපට මෙසේය. ඇය ෂාරුක් සමගින් "බාසිගර්", "කරන් අර්ජුන්", "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ", "කුච් කුච් හෝතා හේ", "කබි කුෂි කබි ගම්","මයි නේම් ඉස් ඛාන්", "දිල්වාලේ" යන චිත්‍රපටවලට දායක වී තිබේ. සල්මන් ඛාන් සමග රඟපෑ චිත්‍රපට අතර "පයාර් කියා තෝ දාර්නා ක්යා" සඳහන් කර ඇති අතර ෂාරුක් සහ සල්මන් එකට එක්ව රඟපෑ %කුච් කුච් හෝතා හේ" චිත්‍රපටයද මෙහිදී කැපී පෙනේ.

අමීර් ඛාන් සමග රඟපෑ චිත්‍රපට අතරින් වඩා ජනප්‍රිය වූයේ "ෆනා"ය.

 

 

2) රාණි මුඛර්ජි

දෙවැනි වරටත් විවාහ වූ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රාගේ බිරිඳ වන රාණි, පසුගිය වසරේදී මවක් වූ නිළියකි. ඇය ෂාරුක් සමගින් රඟපෑ චිත්‍රපට අතරින් "කුච් කුච් හෝතා හේ", "පහේලි", "චල්තේ චල්තේ", "කබි අල්විදා නා කෙහ්නා" කැපී පෙනේ. සල්මන් ඛාන් සමගින් ඇය රඟපෑ චිත්‍රපට අතර, "බාබුල්", "කහින් ප්යාර් නා හෝ ජායේ" සහ "චෝරි චෝරි චුප්කේ චුප්කේ" යන චිත්‍රපට ඉදිරියෙන් පවතී.

අමීර් ඛාන් සමගින් ඇය රඟපෑ චිත්‍රපට අතරින් %ගුලාම්^ ඉතා ජනප්‍රිය වූ අතර එහි එන %ජාදු හේ තේරා හයි ජාදු^ සහ %ආති ක්යා ඛන්ඩාලා^ යන චිත්‍රපට ගීත අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල රැඳී තිබේ. එහෙත් රාණි %තලාෂ්^ චිත්‍රපටයේද අමීර් සමගින් රඟපා ඇති අතර, එහිදී ඇය නිරූපණය කරන්නේ ප්‍රතිවාදී චරිතයකි.

 

 

3) අනුෂ්කා ෂර්මා

ෂාරුක් ඛාන් සොයා ගත් නිළියක් ලෙසින් සැලකෙන අනුෂ්කා, බොලිවුඩයට පැමිණෙන්නේ "රබ් නේ බනාදි ජෝදි" චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය යෂ් චොප්රාගේ අවසන් අධ්‍යක්ෂණය ලෙස සැලකෙන "ජබ් තක් හේ ජාන්" චිත්‍රපටයේදීද ෂාරුක් සමගින් රඟපෑවාය.

අමීර් ඛාන් සමගින් "පීකේ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අනුෂ්කා, මේ දිනවල තිරගත වන "සුල්තාන්" චිත්‍රපටයේදී සල්මන් ඛාන් සමගින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නීය.

 

 

4) මධුරි ඩික්සිත්

මේ වනවිට තරමක් කල් ඉකුත් වූ නිළියක ‍ලෙස සැලකෙන මධුරි ඩික්සිත්ද බොලිවුඩයේ සුපිරිතම ඛාන්වරුන් තිදෙනා සමග රඟපෑ නිළියක වන අතර ෂාරුක් සහ සල්මන් ප්‍රධාන චරිතය රඟපෑ “හම් තුමාරේ හේ සනම්“ චිත්‍රපටය මෙයින් කැපී පෙනෙන්නේ ෂාරුක් සහ සල්මන් විරසකය ඇරඹෙන්නේ මෙම චිත්‍රපටයෙන් වීම හේතුවෙනි. මීට අමතරව ඇය ෂාරුක් සමගින් "අන්ජාම්", "කොයිලා", "දිල් තෝ පාගල් හේ" සහ "දේව්දාස්" චිත්‍රපටවලදී ප්‍රධාන චරිතය නිරූපණය කර තිබේ.

සල්මන් ඛාන් සමගින්ද රඟපා ඇති මධුරිගේ එම චිත්‍රපට අතරින් "හම් ආප්කේ හේන් හෝන්", "සාජන්" සහ "දිල් තෙරා ආෂික්" සඳහන් කළ යුතුමය.

අමීර් ඛාන් සමගින්ද රඟපෑ ඇති ඇයගේ හොඳම චිත්‍රපට ද්විත්වය වන්නේ "දිල්" සහ "දීවානා මුජ් සා නහින්"ය.

 

2016-07-15-ent-68
2016-07-15-ent-70



අදහස් (0)

ඛාන් සමග රජ කරන බොලිවුඩ් නිළියන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 745 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1598 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2326 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5975 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4091 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site