අසූව දශකයේ සිට රංගනයට පැමිණි ඇය සිනමාවේ පේ‍්‍රමණීය මෙන්ම භාවපූර්ණ රංගනයක යෙදී සිටියාය. ඒ රංගනය සීමා කළේ සිනමා තිරයට පමණක්ම නොවීය. රූපවාහිනී තිරයේදීද අපූර්ව රංගනයන් වෙතින් දැක ගත හැකිවිය. නමුත් පසුගිය කාලයේදී ඇය වෙතින් දක්නට ලැබුණේ සීමා සහිත වූ රංගනයක් පමණි. එනම් ඇය රංගනයට දායක වූයේ කලාතුරකිනි. නමුත් මේ දිනවල ඇය නැවතත් මාතෘකාවක් බවට පත්ව සිටින්නීය. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන්, සුනිල් ටී ප්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ”මහරජ අජාසත්” සිනමා නිර්මාණය මේ දිනවල තිරගතවීම ඊට හේතුවය. එහි ”ඛේමා” බිසවගේ චරිතයට දායක වූ ”සබීතා” සඳැල්ල පිළිසඳරට එක්වූ අයුරුයි මේ.
සාමාන්‍ය විදියට හොඳින් ගෙවෙනවා.
මොන විදියටද?
බිරිඳක, මවක ලෙස වගේම ගෘහණියක ලෙස කළයුතු කටයුතු ගැන උනන්දු වෙනවා. විශේෂයෙන්ම පුතාගේ අධ්‍යාපන කටයුතුවලට සතියේ දිනවල සහයෝගය ලබා දෙනවා. එයාට දැන් වයස අවුරුදු 15 යි. 10 වසරෙ ඉගෙනුම ලබන්නෙ. එයා ඉගෙනීම් කටයුතු හොඳින්, ආසාවෙන් කරගෙන යනවා.
කලා කටයුතුවලට එයා ආසා නැද්ද?
චිත්‍රපට නැරඹීමට, ගීත ශ්‍රවණයට හරිම ආසයි. ඇත්තටම එයා ඒ සියලූ දේවල් සමබරව කරගෙන යනවා. අපට තියෙන්නෙ ඒ සියල්ල අධීක්ෂණය කරන්න විතරයි.
මේ හැර ඔබ දැන් ව්‍යාපාර කටයුතුවලටත් වැඩිපුර දායක වෙනවා නේද?
සමහර වෙලාවට සැමියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කාර්ය බහුලවන අවස්ථා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා වෙන්වූ ඞී.පී. ජයසිංහ ෆයිලින් සමාගම තව නොබෝ දිනකින් විවෘත වෙනවා. ඉතින් ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සැමියාට උදව් වෙනවා.
මේ සියලූ දේ වෙනුවෙන් සැමියාට ඔබ උදව් වුවත්, නිරන්තරයෙන්ම විදේශ සංචාරවල යෙදෙනවා නේද?
අධ්‍යාපන කටයුතු නිසා පුතාට විවේකයක් තිබුණේම නැහැ. එයාට මාස දෙකක විතර නිවාඩුවක් තිබුණා. මගේ නංගි පදිංචි වෙලා සිටින්නේ ටොරොන්ටෝවල. ඒ ගිය ගමන් සැමියා මම, පුතා ඇමරිකාවෙත් සංචාරය කළා. ඊට පෙර සම්මාන උළෙලකට සහභාගීවීම සඳහා ගියා.
අපි අහලා තියෙන විදියට කොහොමටත් ඔබ සංචාරවලට ආසයි නේද?
ඇත්තටම ආසයි.
හේතුව?
පසුගිය කාලයේ කාර්යබහුල වෙලා හිටියෙ. දැන් පුතා, සැමියා සහ මම නිවාඩුවක් ලැබුනු විගස කරන්නෙ සංචාරයේ යෙදෙන එකයි. දැන් අපි ඒකට පුරුදු වෙලා. ලෝකයේ බොහෝ දේ ගැන දැන ගන්න, නරඹන්න අපි හරිම කැමතියි.
අන්තිමට ඔබ රඟපෑ සිනමා නිර්මාණය වුණේ ”අබා”. දැන් නැවතත් ”මහරජ අජාසත්” සමග. ඇයි එච්චර කාලයක් රඟනොපා හිටියේ?
”අබා” චිත්‍රපටයට පසුව ටෙලිනාට්‍ය කීපයකම රංගනයට ආරාධනා ලැබුණා. නමුත් ඒවාට දායකවන කාලය ගැන ප්‍රශ්න තිබුණා. මොකද බොහෝ දුර බැහැර ගිහින් කාලය ගත කිරීම අසීරු වූ නිසා. තිරගතවීමට නියමිත ”ඇඩ්රස් නෑ” චිත්‍රපටයට දායක වුණේ එය කොළඹදී රූගත කළ නිසයි. නමුත් අජාසත් චිත්‍රපටයේ චරිතය තෝරා ගත්තෙ එය ජාතක කතා පොතේ ඇතුළත් කතාවක් වූ නිසයි. ඒ අනුව තමයි මේ චිත්‍රපට ප්‍රතිනිර්මාණය වුණේ. ”ඛේමා” බිසව ගැන අපි අහලා-කියවලා තිබුනා. අද මේ සමාජයේ අජාසත්තලා වැඩියි. එදා ඒ අජාසත්ත කතාවේ විදියටම සිදුවීම් නොවුණත් අදටත් මේ කතාව ගැලපෙන බව මගේ හැඟීමයි.
”ඛේමා” බිසවගේ චරිතය ගැන හිතන්නෙ කොහොමද?
ඒ කතාව ඇත්තටම බුදුන් දවස කතාවක්. ඛේමා බිසව බුදුන් සරණ ගිය කාන්තාවක්. ජීවමාන බුදුන් දැකීම යනු අපට හීනයකින්වත් හිතන්න බැරි තරම් දෙයක්. ඇත්තටම එවැනි චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමට ලැබීමම එක අතකට වාසනාවක්. ඒ නිසා ඒ චරිතය වෙනුවෙන් මම මගේ උපරිමය කළා. නමුත් තීරණය පේ්රක්ෂකයින් අතේ තිබෙන්නෙ. ඇත්තටම මගේ සිනමා ගමනේ තවත් අත්දැකීමක් ලද චරිතයක් ඛේමා බිසව.
මේ විදියට හෝ රඟපානවාට සැමියා කැමතිද?
මේ චිත්‍රපටය පුතා සහ සැමියා දෙදෙනාම නැරඹුවා. ඒ දෙන්නාම හරිම කැමතියි. අද පරම්පරාව පවා කැමති බව මම තේරුම් ගත්තෙ, පුතාට එයාගෙ යාළුවෝ එක්තත් මේ චිත්‍රපටය නැවත නරඹන්න ආසයි කිව්ව නිසයි. මුලදීත් මම කිව්වෙ ඒකයි මෙය කාලීනව අදටත් ගැලපෙන බව.
මෙහි රඟපෑමට ගොස් සිටියදී, එක් රූගත කිරීමක් අවසන ඔබ කඳුළු සැලූවා කියලත් ආරංචියි?
එක් දර්ශන රූගත කිරීමකදී පුතා තාත්තාව සිර කරන්න කියලා කියනවා. ඇයි ඔයා තාත්තාට මේ වගේ දෙයක් කළේ රට වැසියෝ ඒකට කැමති නැහැ, කියලා මම කියනවා. එතකොට පුතා මෑණියෝ වහාම එළියට යන්න කියනවා. ඒ රූගත පෙළ හරිම තාත්විකයි.” මට ඇස් දෙකට කඳුළු ආවා. දර්ශනය අවසන මම දර්ශන තලයෙන් ඉවතට යද්දී ගීතා කාන්ති ශිල්පිනිය මෙය දුටුවා. ”ඇයි මේ ඇස්වල කඳුළු කියලා එයා ඇහුවා” නෑ නෑ මොනවත් නිසා නෙවෙයි, ඒ සීන් එක නිසයි කියලා මම ඇයට කිව්වා. ඇත්තටම අද කාලයේ සමහර පුතාලා අම්මලාxතාත්තලාට සලකන විදිය අපට අහන්න, දකින්න ලැබෙද්දී මේ වගේ කතා වෙතින් ආදර්ශයක් ගන්න පුළුවනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාණි, ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
චමර මමත් ඔයාගේ අදහට සහය දෙනවා. හරිම ඉරිසියා කාරයො ඉන්න රටක් තමා ලංකාව කියන්නේ (අ)
ලංකාවේ අය පුරුදුවෙලා තියෙන්නේ විවේචනය කරන්න විතරයි හොඳ මොනාවත් කවදාකවත් කියන්නේ නෑනේ (ම)
මං ආසම නිළිය මේ. (ර)
මේකප් නැතත් මෙයා ලස්සනයි. දැන් ඉන්න කට්ටිය වගේ නෙමෙයි. දැනටත් හොඳට තම ශරීර ප්‍රමාණය පාලනය කරගෙන ඉන්නවා (නි)
කොහොමද තාමත් ලස්සනට ඉන්නේ? (අ)
රනා, ඔලුවත් නැතුව වලිගෙත් නැතුව කියන්නේ නැතුව තේරෙන්න කියන්නකෝ අනේ........! (අ)
සබීතා දක්ෂ නිළියක් (නි)
මම නම් හිතන්නේ ලස්සන කියන එක රැඳිලා තියෙන්නේ එක, එක්කෙනා බලන දෘෂ්ටිය තුල කියලා. එයට හොඳම උදාහරණය මීට ඉහත මෙහි පල වූ "අංජලී පාටිලී" නම් ඉන්දියානු නිළිය ගැන අපේ පාඨකයන් දැක් වූ අදහස්. ඒ කොහොම උනත් සබීතා මා ප්‍රිය කරන ලස්සන නිළියක්. (ර)
මීට අවුරුදු 20 ට විතර හිටියා වගේම අදටත් ඉන්න පුළුවන්නම් ඒ කෙනා මනුෂ්සයෙක් වෙන්න බැහැ. මෙතන ඉරිසියාවෙන් කමෙන්ට් අය අය 40 පැන්නම කොහොමද කියලා මටනම් හිතාගන්නත් බැහැ. ඉරිසියා කරන්න කරනන් කැත වෙනවා. (ර)
අපි ආදරය කරන නිළියක්. සබීතා තවමත් මලක් වගේ ලස්සනයි (නි)
ඇය දක්ෂ නිළියක් (නි)
මට අද වගේ මතකයි මෙයා අපේ පප්පගෙන් සල්ලි ගන්න අපේ හොටෙල් එකට ඇවිත් යනවා ඒ කාලේ (බ)
අපි ජාතියක් විදිහට කෙතරම් ඊර්ෂ්‍යාවකින් පෙළෙනවද කියලා මේ අදහස් වලින් පෙනෙනවා. ඒකයි මෙච්චර අපරාධ වැඩි. ඔබතුමියට සුබ පතනවා ඉදිරි කලා කටයුතු සඳහා (නි)
සබීතා කියන්නේ මගේ හිතගත් හොඳ ලස්සන නිළියක් (නි)
අපි යම් දෙයක් දිහා බලන්න ඕනෑ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැතුව. එවිට හැමදෙයක්ම ලස්සනයි. කවුරු වුණත් තරුණ කාලේ තියෙන පෙනුම ටික ටික වයසට යද්දී වෙනස් වෙනවා. (නි)
ලස්සන සැමදේ මොහොතට සුව දේ .....!ලස්සන හැමදාටම තියෙන දෙයක් නොවෙයි.අපේ අම්මලා ගේ පින්තුර දිහා බලපුවාම පේන දෙයක් තමයි ඒ කාලේ කිසිම මේකප් එකක් නැතුව එයාලා මොනතරම් සුන්දරද කියලා.දැන් කාලේ ඉන්න පව්ඩර් බබ්බු වගේ නොවෙයි. ස්වාභාවික ලස්සනකුයි අපි නම් දැක්කේ. (බ)
ඇය ජිවිතය දිනලා ඉවරයි. තව වෙන මොනවද? (ම)
තවමත් ඇය පෙර වගේම ලස්සනයි ..! මේකප් එක සමග හෝ ඇගේ පෙර ලස්සන එසේම අපිට දැක ගත හැකිව ඇත්තේ ඇගේ ලස්සන නිසයි ..? (ම)
තවමත් ඉස්සර වගේම ලස්සනයි. (බ)
අපේ අක්කගේ පුතා නිලියෙකුගේ දුවෙක් එක්ක සම්බන්ධයක් තිබුනා. අක්ක වහ බොනවා කියලා යන්තම් දරුවාව බේරා ගත්තා. ආරංචියේ හැටියට දැන් අර වයස 20 ක් වත් නැති තරුණිය පැටලීලා ඉන්නේ විවාහක සල්ලිකාරයෙක් එක්ක . කොහොමද ඔය වගේ ලේලියක්ව ගෙට ගත්තා නම්. හැමෝම එහෙම නැති වුනත් මව බලා දුව ගනින් කියලා ඉස්සර කාලේ මිනිස්සු කිව්වේ කට කහනවාට නෙවෙයි. (බ)
ඇය තවමත් හරිම ලස්සනයි (නි)
මෙයාව දැන් මේකප් නැතුව බලන්නට බැහැ. (බ)
ආරක්ෂක සහ කොළඹ නගර සංවර්ධන අධිකාරියේ උපදේශක තනතුර තවමත් දරනවද? දීල තිබුන බී එම් ඩබ්ලිව් රථය සහ ආරක්ෂකයෝ තවමත් ඉන්නවද? (බ)