IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගොකරැල්ලදි බසයක් පොඩිපට්ටම් වේ

ඉබ්බාගමුව තල්ගොඩපිටියේ දී පෞද්ගලික බසයක් වැලි ටිපර් දෙකක හැපී බසයේ සිටි හත් දෙනකු තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

බවය කොළඹ සිට වව්නියාව බලා යමින් තිබිණ.

වැලි ප්‍රවාහණය කළ ටිපර් රියක හැපුණු බසය තවත් ටිපර් රියක ගැටී මීටර් පනහක් පමණ ඇදී ගොස් තිබිණි.

 

 



අදහස් (0)

ගොකරැල්ලදි බසයක් පොඩිපට්ටම් වේ

කරාපිටිය ජයලත් Tuesday, 01 October 2013 05:34 PM

මේ පෞද්ගලික බස් රියදුරන්ගේ පැදවීම කිසිම සදාචාරයක නැහැ. අධික වේගයත් පාලනය කර ගත නොහැකිකමත් මේවට බලපානවා. එහෙත් අහිංසක ජිවිත වලට වන හානිය අවම කිරීමට මෙම රියදුරන්ට වෙනම නීති රීති මාලාවක් සහ බස් රියදුරෙක් වීමට අවම සුදුසුකම සොයා බැලිය යුතුය (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 01 October 2013 05:34 PM

මහගෙදර ඇඹිලිපිටිය, අපි දැනගෙන හිටියේ නැහැනේ. ඔය පැත්තේ එහෙමද? (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Tuesday, 01 October 2013 11:15 PM

ඔය බස් ටිපර් රථ රියදුරන් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. මොකද ඔය මහත්තුරු මාර්ග නීති සියට සීයක්ම කඩමින් ගමන් කරන්නේ.ඔය අය මිනිස්සු නිසා නොව මුදල් මත පමණක් ගැන හිතලා ජිවත් වෙන්න දගලන අය. (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 01 October 2013 11:26 PM

බස් එකේ ගහලා තියෙනවා " සෙමි ලක්ෂරි වීඩියෝ කෝච් " කියලා. හික් හික් .. (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 01 October 2013 11:34 PM

7 දෙනෙක් තුවාල වෙලා බේරුන ලොකු දෙයක් මේ මග මරුවව හැපිලා තියෙන හැටියට.ටිපර්කාරයොයි , බස්කාරයොයි , දේශපාලුවෝයි කියන්නේ පාරේ යද්දී සාමාන්‍ය මිනිස්සු පරිස්සම් වෙන්නම ඕනෑ ජාති තුනක් (නි)

:       0       0

ඉසුරු Tuesday, 01 October 2013 11:50 PM

ලංකාවේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන කොටස තමයි පදිකයින්. පාරේ යන්න නියමිත ඉඩක් වෙන් කරලා නැහැ. අලුතෙන් හැදෙන පාරවල් වලවත් ඉඩක් වෙන් කරන්නේ නැහැ. තව පාරේ අයිනේ තියෙන ඉඩත් වාහන නවත්වලා. මිනිස්සු පාර මැද යන්න ඕනෑ. විශේෂයෙන් රැ කෑම කඩ ගාව. මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන්ටත් මේවා පෙනෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ වාහනවල යන නිසා. කවදා අපේ රටවල් හැදෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉසුරු Wednesday, 02 October 2013 12:11 AM

ජනා තරහ ගන්නෙපා. හැබැයි ඔබ බස් දිවෙව්වට බස් එකේ ගිහින් නැද්ද කියල මට හිතෙනවා. දුර/මැද/කෙටි කියල නැ. ගොඩක් බස් රියැදුරු, කොන්දොස්තර මහත්තුරු සල්ලි ගැන විතරයි හිතන්නේ. සේවාව, හැසීරීම් අන්තිම පහත්. කොළඹ අවට බස් සේවාවන් විශේෂයෙන්. උදා:- 255, 150, (නදී)

:       0       0

දොන් සේත‘ Wednesday, 02 October 2013 12:46 AM

ජනාගේ ජානවල අප්සට් එකක් තියෙනවා. මේ බස් එක බලපුවහම කියන්න පුලුවන්. ඒ රියදුරාගේ අමිමා සහ තාත්තා ඉබ්බෝ නොවෙති. රියදුරා අශවයෙක්ගෙන් පැවත එන බව පෙනේ.(නදී)

:       0       0

සබා Wednesday, 02 October 2013 02:22 AM

මම හිතුවේ ගුණසේකර බස් එක කියලා. (නි)

:       0       0

ලාලින්ද Thursday, 20 March 2014 03:27 PM

අයියෝ අපරාදේ බස් එක (ත)

:       0       0

කුසුම් Tuesday, 01 October 2013 06:32 PM

විශේෂයෙන්ම වවුනියා, කොළඹ පෞද්ගලික බස්රථ රියදුරන් මාර්ගයේ රිය පදවන ආකාරය ගැන බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබෙනවා. මහපාර ඔවුන්ගේම පමණක් කියලා හිතාගෙන තමයි බස් රථය පදවන්නේ. අනෙකුත් රියදුරන්ට සිදුවී තිබෙන්නේ තමන්ගේ වාහනය අයින් කරගෙන මොවුන්ට රිසිසේ මාර්ගයේ යාමට ඉඩදීම පමණයි. මහපාරේ තිබෙන අනෙක් මාෆියාව තමයි වැලි පටවාගත් "ටිපර් රථ රියදුරන්". ලංකාවේ කුමන ප්‍රදේශයකදී වුවත් මොවුන්ට මහපාරේ තිබෙන්නේ විශේෂ බලයක්. අනෙක් රියදුරන් සහ මගින් අසරණයි. මේවා ගැන කාටද? කොතනටද පැමිණිලි කරන්න තියෙන්නේ? පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට මේවා පෙනෙන බවක් නම් අපට පෙනෙනෙන නැහැ.ඔවුන්ට පෙනෙන ලොකුම වැරැද්ද තමා කුඩා මෝටර් සයිකලයේ යන අයෙකුගේ හෙල්මට් එක සහ පාරේ තියන තනිඉර සෙන්ටිමීටර් කීපයක් කැපී යන ආකාරයේ රිය ධාවනය. මෙම නීතියත් ඉහත කී රියදුරන්ට බලපාන්නේ නැහැ. පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක වී අවිනීත රියදුරන් නිතිය හමුවට පැමිණවීමට විශේෂ වැඩපිළිවෙලක් යොදනවා නම්, ඉදිරියේදී රිය අනතුරු අවම කර ගැනීමට හැකිවේවි. (නි)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 02 October 2013 03:08 AM

මේක අධිවේගී මාර්ගයේ වුණා නම් මාර්ගය සම්පූර්ණයෙන්ම වහන්න තරම් ඉල්ලීම් ඒවි. (නි)

:       0       0

ලංකා Wednesday, 02 October 2013 03:15 AM

ජනා හරි.මේ බස් එක ගොඩක් ලස්සන පාටයි. කඩවසම් පෙනුමක් තියෙන්නේ බස් එකට. අපරාදේ බස් එක. මිනිස්සුන්ට ඉක්මන් සුව පතමි. දුර ගමන් සේවා ඉබි ගමන් ගියොත් ගමනට සෑහෙන්න වෙලාවක් යාවි. බස් රථයේ වේගයත් පාරේ ඇති පටු ස්වාභාවයත් අනතුරට හේතු වෙන්න ඇති කියා සිතනවා. සාමාන්‍යයෙන් උදෑසන කාලයේ ගාලුපාරේ පානදුර සිට කොළඹට එනවිට අලුත් පාරේදී නම් බස් රථ පැයට කිලෝමීටර 80 සීමාව ඉක්මවා යනවා. අන්තර් පළාත් බස්රථ නම් සාමාන්‍යයෙන් පැ.කි. 100ක පමණ වේගයෙන් ධාවනය කරනවා. එම වේගය එය බස් රථය පැමිනෙන දුර, රියදුරුගේ ස්වාභාවය හා ගේමට එන බස් රථය කොතනද යන්න වග මත තීරණය වෙනවා. නමුත් එහි මාර්ගය යන එන මංතීරු ‍වෙන්කර ඇති නිසා දෙයියනේ කියා රිය අනතුරු අඩුයි. එම නිසා බස්රථ රියදුරන් මාර්ගය ගැන සිතා ගමන් කරන්න. ඔබ අත ජීවිත විශාල ප්‍රමාණයක් තීරණය වෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 02 October 2013 04:20 AM

මේ බස් එකේ වම් පැත්ත තමයි. පේනවා නේද සීට් තියෙන්නේ ඉස්සරහට, පස්ස දොරට ඉස්සරහ තමය වැදිලා තියෙන්නේ.ටිපරයට ඉස්සර කරන්න යද්දී වදින්න ඇත්තේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 01 October 2013 06:49 PM

ජීවිතයේ කළ ලොකුම මෝඩකම.. (නි)

:       0       0

ගයා Wednesday, 02 October 2013 05:58 AM

ලංකාවේ කොහෙද පොලිසි තියෙන්නේ? අහිංසකයින්ව කන්න හදන පොලිසි විතරයි තියෙන්නේ. මේ සේරම ගානට පගාව දීලා මේවා කරන්නේ. (නි)

:       0       0

දොන්සේතං Tuesday, 01 October 2013 07:00 PM

මෙම බස් එක දෙස බලද්දී හැපිලා තිබෙන්නේ පසුපස භාගය.මමත් බස් එකට නැග්ගහම බොහෝ වෙලාවට පසුපස භාගයේ තමයි අසුන් ගන්නේ. බොහෝදුරට මැද භාගය අසුන් ගැනීමට වඩාත් සුදුසුයි කියා මා හිතනවා. (නි)

:       0       0

සුනිල් Tuesday, 01 October 2013 02:39 PM

මොවුන්ගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්න... (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 01 October 2013 02:40 PM

බස් එක ඇවිත් තියෙන විදිහ හිතා ගන්න පුළුවන්. (ස)

:       0       0

චතුර Wednesday, 02 October 2013 07:16 AM

කණගාටුයි (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Tuesday, 01 October 2013 03:06 PM

මම මෙච්චර දවසක් බස් එකේ යන කොට පුළුවන් තරම් මහන්සි වෙලා වාඩි වුනේ වම් පැත්තේ. මම හිතුවේ ඒ පැත්ත ආරක්ෂිතයි කියලා. මේ ඡයාරූපෙ බලපුවහම ඒ අදහසත් නැතිවුනා. පොඩි දරුවෙක් එහෙම වාඩිවෙලා හිටියා නම්...... මේ කඩිකුලප්පුව හැදෙන උන්ගේ බලපත්‍රය සදහටම තහනම් කරන්න නීති හදන්න ඕනි. (ස)

:       0       0

භානු Tuesday, 01 October 2013 07:45 PM

හෆොයි මේ අර බස් එක නේද? (නි)

:       0       0

ධනුජ Tuesday, 01 October 2013 03:17 PM

අමිල, මේ වම නෙමෙයි. දකුණු පැත්ත... (ස)

:       0       0

භානු Tuesday, 01 October 2013 07:59 PM

එයාට වවුනියා බස්ම විතරක් අටක් තියෙනවා (නි)

:       0       0

ජනා Tuesday, 01 October 2013 08:14 PM

ඔය හැමෝම කෑ ගහන්නේ දැන් තමා. බස් එක හිමින් යනවා නම් ඔය හැම එකාම කියන්නේ එක්කෝ රියදුරාගේ අම්මා ඉබ්බෙක්, නැත්නම් තාත්තා ඉබ්බෙක් කියන එකයි. රියදුරු කෙනෙක් කවදාවත් ඕනෑකමින් බස් එකක් හෝ කිසිම වාහනයක් හප්පන්නේ නැහැ. මේ දුර දුවන බස් තරගයක් යන්නේ. නැත්නම් මේ රැකියාව කරන්න බැහැ, මං බස්කාරයන්ට කඩේ යනවා නම් නෙමෙයි. දුරගමන් සේවා බස් එකක් කරපු නිසයි දන්නේ (නි)

:       0       0

හසිත Wednesday, 02 October 2013 09:18 PM

නොසැලකිල්ල නිසා වෙන ධරුනු අනතුරු (දී)

:       0       0

කසුන් Tuesday, 01 October 2013 03:44 PM

ධනුජට වම, දකුණ මාරු වෙලාද?? අමිල හරි... (ස)

:       0       0

හෂාන් Wednesday, 02 October 2013 09:03 AM

කණගාටුයි.... (ස)

:       0       0

රණසිංහ Tuesday, 01 October 2013 03:47 PM

කොහොමත් ඔය නම තියෙන බස් පාරේ යන විදිහ මං හැමදාම උදේට දකිනවා.ඔය හැප්පිලා තියෙන විදිහට හැප්පුනේ නැත්නම් තමා පුදුම වෙන්ඩ ඕනේ.... (ස)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 09:03 AM

කොහොමත් මෙයාලගෙ බස් පාරේ යන්නෙ මහ නරක විදියට.එයාලා හිතන්නෙ මුළු පාරම එයාලගෙ කියලා... (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 01 October 2013 04:12 PM

ධනුජලගේ පැත්තේ බස් වල මිනිස්සු වාඩි වෙන්නේ පස්ස පැත්ත බලාගෙන වෙන්න ඇති. ඒකයි එයට වම දකුණ මාරු වුනේ. අපේ පැත්තේ බස් වල නම් සීට් ගහල තියෙන්නේ ඉස්සරහ බලාගෙන යන්න. (ස)

:       0       0

චමීර Saturday, 12 October 2013 09:39 PM

ෆොටෝ එකේ තියෙන විදිහට ටිපර් එක තමයි බස් එක හප්පලා තියෙන්නෙ.. (අ)

:       0       0

චින්තන ද සිල්වා Wednesday, 02 October 2013 09:55 AM

අදහස් වල සදහන් පරිදි ම අවසානයේ අනතුර බස් රථයේ හෝ ටිපර් රථයේ රියදුරු ගේ වැරදි බව තිරණය වේවි. නමුත් මෙහි තවත් මතු කල යුතු පැතිකඩක් තියනවා. මෙය ලංකාවේ ප්‍රධාන මාර්ගයක් නමුත් මෙම ප්‍රදේශෙයේ පාර ඉතාමත් පටුයි අනතුරුදායකයි.ඒ නිසා ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශ‍යේ මාරක රිය අනතුරු සාපේක්ෂව බහුල සිදුවී තිබෙනවා.එසේ ම එම අනතුරු වැලැක්වීම පොලීසියේ දායකත්වය ද එතරම් සතුටු දායක නෑ. මේ නිසා මේ පිළිබඳව රියදුරන් සහ වගකිව යුතු අංශ නිසි ලෙස කටයුතු කරන්නේ නම් වටිනා ජීවිත හා මහජන දේපල තව තවත් ආරක්ෂා වේවි. (ස)

:       0       0

චරිත් Friday, 04 October 2013 10:29 AM

පර්මිට් එක අවලංගු කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 02 October 2013 04:42 PM

මෙතරම් රියදුන්ට බනින කී දෙනෙකුට පුළුවන්ද දන්නෙ නැහැ පටුපාරක අනතුරක් නොවී බසයක් හෝ ටිපර් රියක් පදවන්න? (නි)

:       0       0

කුමාරි Wednesday, 02 October 2013 10:58 AM

චින්තන ද සිල්වා, ඔබ ඇත්තටම හරි.හැබැයි පාර පටු බව දැන දැනත් මේ බස්කාරයෝ යන යෑමට ඇඟ හිරි වැටෙනවා. (ස)

:       0       0

කේ එස් Tuesday, 01 October 2013 10:00 PM

අම්මෝ! (නි)

:       0       0

ශාන් Tuesday, 01 October 2013 05:02 PM

හැමදාම උදේට ඔය නම තියෙන බස් 2ක් මම දකිනවා. කඩවත දි. එකක් වව්නියාවට යනවා, අනික කොළඹට එනවා.කඩවත ටවුන් එක මැදින් මේ බස් එක යන වේගෙට සහ යන විදිය බැලුවම තදබදය අඩු පාරකදි මෙහෙම අනතුරක් වෙලා තුවාල වෙලා බේරිලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගෙ වාසනාවකට ! (නි)

:       0       0

මීනු Tuesday, 01 October 2013 10:00 PM

ටිපර් සහ බස්කාරයෝ කියන්නේ නිල නොලත් අළුගෝසුවෝ (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 01 October 2013 05:06 PM

බස් එකේ වම් පැත්තේ වැඩිවෙලා තමන් පරිස්සම් වෙන තැනට මිනිස්සු පත්වෙලා.තමන්ගේ දුව පුතත් හැමවිටම වමෙන් ගිහින් බේරෙයි කියලා හිතනවද ? එතකොට පයින් යන අක්කගේ පුතා,මෝටර් සයිකලේ වැඩට යන තමන්ගේ මල්ලි තව වැලි ලොරි කාරයෙක් හරි බස්කාරයෙක් හරි තරගයට යද්දී යටකරගෙන නොයයි කියලා හිතනවද ? මේක හරියන්නේ නැහැ.අපේ නහය ළගටම ගිලිලා ඉවරයි.අස්වාභාවික මරණය ලොකු පොඩි හැමදෙනා ළගටම ඇවිල්ලා.හැමදෙනාම එක්ව හඩක් නගමින් යමක් නොකළොත් හැමදෙන පරාද බව වැටහෙනවිට සියල්ල විනාශ වී අහවරය. (නි)

:       0       0

නලින් Tuesday, 01 October 2013 05:21 PM

ඒ වගේම ටිපර් වාහන සහ කන්ටේනර් රාත්‍රී කාලයට ධාවනය කරන්න නීති ගෙනෙනවා නම් හරි (නි) නලින්

:       0       0

භානු Wednesday, 02 October 2013 06:01 PM

ජනා, ඔබ හරි. දුරගමන් සේවා බස් එකක් ධාවනය කරද්දී අනිවාර්යෙන්ම කෙටි දුර බස් එකක් ධාවනය කරන ආකාරයට ධාවනය කරන්න බැහැ. අපිත් අපගේ බස් රථය වවුනියාව-කොළඹ මාර්ගයේ හැමදාම ධාවනය කරන නිසා ඒක අත්දැකීමෙන් දන්නවා. මෙතන මේ බස් කාරයන්ගේ හැටි ඔහොම්මම තමයි කියන අය තමයි බස් එකට නැගලා මල්ලි කීයටද යන්නේ, ඩ්‍රයිවර් උන්නැහැගේ කකුල් පණ නැද්ද, තමුසෙලාට වෙලාවක් නැද්ද කියලා ආඩපාලි කියවන්නේ. මොනම ඩ්‍රයිවර්වත් හිතා මතා බස් එක අනතුරකට ලක් කරන්නේ නැහැ. මොකද ඒ මිනිහත් තමන්ට ආදරෙයි. මේ අනතුරට නම් හේතුව පාරේ පටු බව තමයි මං දන්නා තරමින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 346 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1676 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1020 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1636 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1193 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2843 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20801 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19795 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site