(ආරියරත්න රණබාහු )
කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායකව සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පුර්ණය නිමිත්තෙන් පැවැත්වීමට යෝජිත පිංකම් වලට අමතරව ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවීමට කටයුතු කර ඇත.
ගංගාරාම විහාරස්ථානයේ අභිවෘද්ධිය පමණක් නොව ශ්‍රී ලංකාව පුරාවටම විසිරි සිටින ගිනිය නොහැකි තරමේ තරුණ තරුණියන්ගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් මුළු මහත් ජීවිතයම කැප කළ යතිවරයන් වහන්සේ නමක් වු බැවින් උන්වහන්සේගේ එම සේවාව තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන බව ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.
උන්වහන්සේ ඒ බව පැවසුවේ එම ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගංගාරාම විහාරස්ථානයේ අද(30)සවස පැවති මාධ්‍ය හමුවේදී ය.
සිංගප්පුරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරස්ථානාධිපති මාස්ටර් ශි ෆා ශාඹ් ස්වාමීන් වහන්සේ මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටීම සඳහා මූලිකත්වය ගැන කටයුතු කළ බව කී අස්සජි හිමියෝ ඒ සඳහා උන්වහන්සේ ඇමෙරිකානු ඩොලර් 500000ක (රුපියල් ලක්ෂ පහක්) මුදලක් පරිත්‍යාග කර ඇති බව සඳහන් කළහ.
මෙම ශිෂ්‍යත්ව භාර අරමුදල මඟින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ තරුණ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර ලබා දෙන අතර උගත් හා නිපුණ සමාජයක් සඳහා ඤාණිස්සර නා හිමියන්ගේ දැක්ම අඛණ්ඩව වර්ධනය වීම සහතික කරනු ඇතැයි ද උන්වහන්සේ කීහ.
මෙම අරමුදල උන්වහන්සේගේ චිරස්ථායි උරුමයට උපහාරයක් පමණක් නොව උන්වහන්සේගේ ඉගැන්වීම් මගින් හැඩගැසුණු අනාගත නායකයින්ට බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙසද ක්‍රියා කරනු ඇතැයි ද අස්සජි හිමියෝ අවධාරණය කළහ.
මෙම ශිෂ්‍යත්ව අරමුදල නැණ ඉසුරු යන පොදු නාමයෙන් හැඳින්වෙන බවද උන්වහන්සේ කීහ.
අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි තීරණාත්මක ජාතික විභාග සඳහා සූදානම් වන සිසුන්ට මෙන්ම කාර්මික හා වෘත්තීය විද්‍යාල වලට ඇතුළත් වන සිසුන්ට ද ශිෂ්‍යත්ව පිරිනිවීමට බලාපොරොත්තු වන බවත් ඊට අමතරව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට සහාය වීමට ද අපේක්ෂා කරන බව විහාරාධිපති හිමියෝ පැවසූහ.
එපමණක් නොව මෙම ශිෂ්‍යත්ව අරමුදලින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට මූල්‍ය ආධාර ලබාදීම සහ තරුණයින් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට ද කැපවෙන බව උන්වහන්සේ සඳහන් කළහ.
අධ්‍යයන ශිෂ්‍යත්ව වලට අමතරව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් පෝෂණය කිරීම සඳහාද මෙම අරමුදලින් සෙත සැලසෙන බව ද අස්සජි හිමියෝ අවසාන වශයෙන් කීහ.
මෙම ශිෂ්‍යත්ව අරමුදලට දායකවිමට හෝ සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව වැඩි විස්තර දුරකතන අංක0763969696 ලබා ගත හැකිය.
මෙම මාධ්‍ය හමුවට ගංගාරාම විහාරවාසී පාලටුවේ ජිනරතන, පල්ලේගම රතනසාර හීන්බුන්නේ කොණ්ඩඤ්ඤ යන හිමිවරු සමඟ අජිත් ද සොයිසා යන මහතා ද නීතිඥ තෙපුල්මා ජයතිස්ස මෙනෙවිය සහ ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියහ.
ඡායාරූප : සුමුදු හේවාපතිරණ
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක්