IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය 26 දා සාලියපුරදී

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන 11 වැනි ‘ගජබා සුපර් ක්‍රොස් ’මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 26 වැනිදා පෙරවරු 9.00 ට අනුරාධපුරයේ සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ හිටපු සභාපති හෑන්ස් රැල්ෆ් සහ ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරී මේජර් ජනරාල් ජී. ඒ. ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1999 වසරේදී ආරම්භ කර තිබේ. මෙම තරගාවලිය රටේ පැවැති යුදමය තත්ත්වය නිසා 2007 වසරින් පසුව සංවිධානය කිරීමට නොහැකි වු අතර 2010 වසරේදී තරගාවලිය යළිත් ආරම්භ කෙරිණ. යුද්ධයේදී දිවිපිදූ ගජබා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ,  ආබාධිත සෙබළුන්ගේ සුබ සාධන අරමුදලට ආධාර පිණිස හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරයි. පසුගිය වසරේ තරගාවලියේ ආදායමෙන් ලක්‍ෂ 30 ක පමණ වියදමකින් රණවිරුවකුට නිවසක් සාදා දීමට හැකියාව ලැබුණ බවත්, එවැනි නිවාස 17 ක් පමණ යුද්ධයේදී ආබාධිත රණවිරුවන්ට ඉකුත් වසරවලදී ලබාදීමට හැකි වු බවත් මේජර් ජනරල් සුමේධ පෙරේරා මහතා පවසයි. මෝටර් රථ ඉසව් 11 ක් හා යතුරු පැදි ධාවන ඉසව් 10 කින් සමන්විත මෙවර තරගාවලියට දේශීය මෙන්ම විදේශීය ධාවකයන් ඇතුළුව ධාවකයෝ 200 කට ආසන්න පිරිසක් සහභාගිවනු ඇතැයි සංවිධායක කමිටුව අපේ්ක්‍ෂා කරයි. 10 න් පහළ, 13 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ තුනකින් යතුරු පැදි ධාවන ඉසව් හතරක් ද එහිදී පැවැත්වේ. යතුරු පැදි ධාවකයන් ඉල්ලීම් රැුසක් ඉදිරිපත් කරමින් තරග වර්ජනයකට සුදානම්වීම සම්බන්‍ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වු බව ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පවසයි. යතුරු පැදි ධාවන තරග වෙනුවෙන් වයස් කාණ්ඩ යටතේද තරග පවත්වමින් ක‍්‍රීඩාව සංවර්ධනයට කටයුතු රැසක් කර ඇති බවත්, යතුරුපැදි ධාවකයන් ඉල්ලන සියල්ල ලබාදීමට සිය සංගමයට හැකියාවක් නැති බවත් ගම්මන්පිල මහතා පැවසීය. මේ වන විට තරගවලදී ජයග‍්‍රාහී යතුරු පැදි ධාවකයන් සඳහා මුදල්් ත්‍යාග ලබාදීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ පස්වැනි තරගාවලිය ලෙස මෙය පැවැත්වේ. ගජබා රෙජිමේන්තු අධිපති හා ආරක්‍ෂකසේනා ආඥාපති (වන්නි) මේජර් ජනරල් සුමේධ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම තරගාවලිය සංවිධානය කෙරේ. තරගාවලියේ අනුග‍්‍රහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.



අදහස් (0)

ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය 26 දා සාලියපුරදී

වරුණ Thursday, 16 August 2012 10:50 AM

ඔය සල්ලි වලින් අම්පාරේ රෝහලට ජෙනරේටරයක් අරන් දුන්නා නම් ඒකත් 'සුපර් ක්‍රොස්' එකක් තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1090 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 704 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 259 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1767 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 547 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site