පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ පහර කෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංදීත් සමරසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය.
මේ අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ද ජාතික රෝහලට පැමිණ සංදිත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ සුවදුක් සොයා බැලීය.
ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
(වීඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ අපේ වීරයෝ මෙහෙමද තුවාලවෙලා ඇත්තේ? මේවා මොනවද එහෙම බලනකොට? (නි)
මෙච්චර දෙයක් වෙලත් මෙයා මාධ්‍යවේදීන්ට ලස්සනට උත්තර දෙනවනේ (නි)
අපිට නම් කිසිම අමාරුවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ (නි)
පාර්ලිමේන්තුව තියන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නද, නැත්නම් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නද කියලා මුලින්ම තෝරලා දෙන්න වෙනවා මේ ඒකාබද්ධ විපක්ෂයට. (නි)
අනේ ඒ වීඩියෝ එක නැද්ද අපිට බලන්න? (නි)
ගුටිකන්න ඕනෑ මේගොල්ලන්ට ඡන්දය දීපු අපි (නි)
ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ සාකච්ඡා කරලා, වාදවිවාද කරලා සම්මුතියකට එන, ශීලාචාර යැයි කියාගන්නා පිරිස් හැසිරෙන උත්තරීතර තැනක් නොවේද? (නි)
සිරිල් කොහොම කෙනෙක්ද? ගුටිකාපු කෙනෙකුට එහෙම කියන්නේ නැහැ නේද? (නි)
හිටපු ජනපතිට ජය වේවා! එතුමා ආරක්ෂා කළයුතුම කෙනෙක්. අපේ රටේ බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයෙක්. (නි)
මෙහෙම අයටද අපි ඡන්දය දුන්නේ? (නි)
සඳුන් කියපු දෙය සහතික ඇත්ත. පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ ජනතාවට අදාල ප්‍රශ්න දෙය පිළිබඳව කතා කිරීමට මිස හිටපු නායකයාගේ පෞද්ගලික දේවල් කතා කරන්න හෝ ගුටි ඇනගන්න නොවේ. (නි)
මොනවා වුණත් මහින්දට කරන වැඩේ නම් හරි නැහැ (නි)
ගුටිකන්නෝ ගුටි ගහගන්නවා. මේ එකිනෙකා ගහගත්තොත් ජනතාවට නිදහසේ ඉන්න පුළුවන්. ජනතාවගේ ඡන්ද අරන් පිල් මාරුකරන අයටත් ගහලා එළවනවා නම් අපිට හොඳයි (නි)
පුද්ගලික රෝහලට ඇතුළුනොවී ජාතික රෝහලට ගිය එක ගැන සතුටුයි (නි)
අත් පා වලින් පහරදෙනවට වඩා මොළෙන් පහරදීම වැදගත්. ගුටිකන්නේ අදක්ෂයෝ (නි)
මොකක්ද වෙලා තිබෙන තුවාලය? (නි)
දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ පුදුමාකාර ජාතියක මිනිස් කොට්ඨාශයක් (නි)
අනේ පවු දෙයියනේ හොඳටම ගහලා. (නි)
ඒකාබද්ධ විපක්ෂය දැන් ඉන්නේ වෙඩිකාපු ඌරා වගේ. මොන වැඩක් කරලා හරි බලයට එන්න දඟලන්නේ (නි)
සියල්ලන්ටම සියලුම පැතුම් ඉෂ්ටවුණානේ දැන් (නි)
දියවන්නාවේ හැමෝටම උදය ආහාරය සඳහා කොහිල කැඳ අනිවාර්ය කළා නම් හරි (නි)
මහජනයා ප්‍රතික්ෂේප කළ අය ලවා අනවශ්‍ය කතා පාර්ලිමේන්තුවේ සිදු වෙනවා ඒවා නතර කළ යුතුයි (බ)
ඕක වෙන්නේ ඡන්දෙන් පැරදුණු අයට ඇමැතිකම් දීලා උන්ට කියලා නරක කථා කියවන නිසා (බ)
මනුස්සයෙක් හැදෙන්නත් නැති වෙන්නත් මහා ලොකු වෙලාවක් යන් නැහැ දැන්වත් හැදුනොත් හොදයි ගුටි කාල හරි (බ)
මෙයාවත් සිංගප්පූර් යවන්න.(හේ)
හොඳ කෑමක් කලා තියෙන්නේ.(හේ)
කට හැම දේටම හොදට නරකට විනාසයත් වෙනවා හරියට පාවිච්චි නොකලොත් (හේ)
තෙවරප්පෙරුම එක්ක තරහක් තිබ්බද කමක් නැහැ එකම පක්ෂේ කට්ටියනේ (බ)
ගුටිකන වැඩ කළාම ඔහොම තමයි. (නි)
මතක හිටින්නම සළකලා වගෙයි (නි)
අනේ මන්දා මේවා! අපිත් ඔහේ බලාගෙන ඉන්නවා (නි)
නැති ප්‍රශ්න ඇති කරගන්නවට මේ ආණ්ඩුවට හොඳ වැඩේ. අගමැති ඒ ගැන ප්‍රකාශයක් කරන්නේ නැතුව සරත් ෆොන්සේකාට දුන්නේ මොකටද? (නි)
ඔය හොඳට ඉන්නේ. මේවත් අර ඉස්සර ගස් බැඳිලි නාටක වගේ. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න අපේ මහජන නියෝජිතයෝ ගැන අපිට ආඩම්බරයි (නි)
අහිංසක ජනතාවගේ මුදල් විනාශ කරමින් මොවුන් මේ කරන නාඩගම කුමක්ද? (නි)
ඒ කියන්නේ ජනතාව ඡන්දෙ දීලා පත්කරලා තියෙන්නේ නූගත් මැරයෝ රංචුවක්. (නි)
අපි අද මේ විදියට ඉන්නේ හිටපු ජනාධිපතිට පින් සිද්ධ වෙන්න. මීට කලිනුත් ජනාධිපතිලා කී දෙනෙක් හිටියද? (නි)
අගමැතිගෙන් අහපු ප්‍රශ්නයට උත්තර නොදී ඒක වෙන කෙනෙකුට බාරදුන්නේ ඇයි උත්තර දෙන්න? (නි)
ජනතාව පත්කළ ජනතා නියෝජතයෝ, ජනතාවට හොඳ ආදර්ශයක් දීලා තිබෙනවා. හරි හමන් ඇක්ෂන් ෆිල්ම් එකක් වත් නිර්මාණය නොවන කාලයක ජනතාවට නරඹා සතුටු වියහැකි සුන්දර දසුනක්? (ම)
මෙය පාර්ලිමේන්තුවෙන් ගිය හැටියට මෙච්චර අමාරු වෙන්න විදියක් නැනේ (හේ)
මාළුවා නාහිනෙත් කට නිසාලු මෙන්න හොදම උදාහරණෙ. (ර)
තවත් ටෙලි නාට්‍යයක නාටක 2 (ර)
රටේ බහුතරයක් විශ්වාස කරන්නේ මේ පාර්ලිමේන්තුව හොදටම විශාල වැඩි කියලා. මේක 100 ට වඩා අඩු කල යුතුයි. ජනතාවටත් බර අඩුයි. ගුණාත්මක බවත් වැඩියි. (ර)
මෙහෙම ගියහම ඒකාබද්ධයට ඇඩ්රස් නැති වෙනවා. (හේ)
හොදට ගුටි කලා තියෙනවා.(හේ)
රටේ සංවර්දනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙලීම අනිවාර්රයයෙන් කළ යුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙලීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවට පැමිණෙන දුරකථන ඇමතුම් වලින් අය කෙරෙන අසාමාන්‍ය බද්ද වෙනත් කිසිදු රටක අය නොකෙරේ. ඒ වගේම රට තුල ඇමතුම් වලින් බදු අය කිරීමද නොකළ යුත්තකි. (බ)
මේගොල්ලන්ගේ වාහන පර්මිට් පිටරට සවාරිවලට සල්ලි ඕන හින්ද වැට් වැඩි කරලා අපිට කියයි සීනි ඇගට හොද නැති නිසා සීනි මිල වැඩි කළා කියල. මිනිස්සු කන්ඩ නැතුව අපා දුක් විදිනවා. රටේ 50% ක් විතර ඌන පෝෂණයෙන් පෙළෙනවා. ගොඩක් මිනිස්සුන්ට බත් පත ගන්න සල්ලි නැහැ. පොඩ්ඩක් දුෂ්කර පළාත්වලට ගිහින් බලන්න මිනිස්සු විදින දුක. සීනි ග්රෑම් 100, තේකොල ග්රෑම් 50 ඔහොම තමයි මිනිස්සු බඩු ගන්නේ. මෙහෙම 226 කට වාහන පර්මිට් දෙන්න මිනිස්සු දහ දුක් විදින එක කොච්චර අසාදාරණද? (බ)
ගනු - දෙනු (බ)
මේ ඔවුන්ගේ සාමාන්‍ය තත්වයයි. වසර 10 සිට විරුද්ධ මත දරන්නන් මර්දනය කරන්නේ මෙලෙසයි. අවසාන තුරුම්පුව ඝාතනයයි. එය ඔවුන්ගේ ක්‍රමයයි. (බ)
මෙච්චර ඇඟක් තියාගෙන මූ ගුටි කෑවේ ඇයි? (ම)
බොරු විගඩම් මේවා (ම)
මේ අයට නිතිය ක්‍රියාත්මක නැතිද? රට හදන තැන ම්හෙමනම් කොහොමද රටක් හදන්නේ මොන පක්ෂ වේවා කරපු දෙය නම් හරි නැහැ ප්‍රචණ්ඩත්වය හෙළාදකිමු. (ම)
එක අතකට සත්තු සත්තු වගේ හැසිරෙන එක ස්වභාවික කාරණයක්. සත්ව ක්‍රියාකාරකම් ගැන මනුෂ්‍යයෝ එතරම්ම කලබල විය යුතුත් නැහැ. මේ අබුද්දස්ස කාලේ. (ම)
මැයි රැලිය අසාර්ථක වීමේ තරහ පිට කරනවද කොහෙද ? (ර)
අනවශ්‍ය තැන වලදී වීරයෝ වෙන්න ගිහාම සමහර අවස්ථාවලදී ඔහොම දේවල් වෙනවා. (ර)
හොදට නරකට මුල් වෙන්නේ කටය ,කට නිසා ප්‍රශ්න ඇති වෙනවා (ම)
ගුටි කන්න තරම්ම වැරද්දක් කරාද... අනේ මන්දා.... (ර)
සිංගප්පුරු යන්නේ නැද්ද බෙහෙත් ගන්න? (නි)
මට නම් මේක කාලෙකින් අහන්න ලැබුණ රසවත් ප්‍රවෘත්තියක් (නි)
ඉක්මනට ගෙදර යන්න ලැබේවා !!!! (නි)
කිසිම වැදගත්කමක් නැති විහිළුකාරයෝ වගේ හැසිරෙනකොට මේ වගේ දේවල් වෙනවා. (නි)
මනාප පොරය දැන්ම පටන් අරන් වගෙයි... (නි)
මට මතක් වෙන්නේ අර කාලයකට ඉහතදී තිබුණු 'වටරැක නාඩගමයි' මේක දකිනකොට. (නි)
අනේ හැබෑට මේ අය කරන දේවල් නිසා ලෝකයා අපිට හිනාවෙනවා ඇති (නි)
අනේ මන්දා දෙවියනේ අපිත් පත්කරගන්නා කට්ටිය? (නි)
අනේ මන්දා දැන් දැන් දියවන්නාවේ පෙන්වන ජවනිකා දැක්කහම ලැජ්ජයි. (නි)
ජය වේවා අවරුදු ක්‍රීඩා මෙවර පන්ලිමෙන්තුවේ. (ර)
බලන්න මොනතරම් ආදර්ශමත් මිනිස්සුද අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා (නි)
පව් අනේ! මන්ත්‍රීතුමා හොඳටම ගුටිකාලා. (නි)
මේවා තමයි පාර්ලිමන්ට් ජෝක්ස් වල නවතම සංස්කරණය. (නි)
දීපාල්, සහ සිරිල් හරි. (ර)
එජාප මන්ත්‍රීලා ගුටිකන කොට කෝ වන්ෂොට් නිදිද (බ)
රටේ දුෂ්ට පාලකයන්ගේ පාලනය නිසා මෙවැනි දේවල් අහන්න වෙනවා (බ)
මේවා වෙන්නේ රටක අයහපත් කාලේ මැණික් යට ගිහින් කළු ගල් කැලි මතුවන් යුගයක් (බ)
අද ජාතික රෝහලේ හෙට වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ ලංකාවේ වෙදදුරන්ට මෙවැන්නට ප්‍රතිකාර කළ නොහැක (බ)