තඹුත්තේගම මැදි විදුහලේ ජයමාලි නිස්සංක (17) දැරිය අපොස සාපෙළ විභාගය ලිවීම වැළැක්වීම සඳහා තරහකරුවකු ඇගේ ගෙට ගිනි තබා පිවිසුම්පත විනාශ කළත් එම දැරිය අද විභාගයට පෙනී සිටියාය.
නිල ඇඳුම පිළිස්සී තිබූ නිසා ඇය පාට ඇඳුමින් විභාගයට ගියාය.
ඇය විභාගයට ගියේ විදුහල්පති ඇගේ ඡායාරූපයක් සහතික කර දීමෙන් පසුවය.
ඇගේ කාමරයට ගිනි තැබීමෙන් ගෙට සෑහෙන හානියක් සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙට ගිනි තියපු අයට හෙනම ගහන්න ඕනේ.(නදී)
ඔයාට සුභ අනාගතයක් නංගි. ඔයා සැලෙන්න එපා. ඉතිරි විභාගවලටත් හොදට මුහුණ දෙන්න. ඔයාට මාගේ සුභ පැතුම් ! (නදී)
නැගනියෙණි, ඔබට විශිෂ්ට ජයක් ලැබීමට ආත්ම ශක්තිය ලැබේවා ..!! ඔබගේ සටහන් පත්ද සියල්ල විනාශ වන්නට ඇත. එසේ වුවත් උගත් දේ මෙනෙහි වීමට මනසටත් ශක්තිය ලැබේවා..!! මේ අපරාධය කරපු මිනිස් වෙස් ගත් තිරිසනුන් හට දිට්ට ධම්ම වේදනීය ලෙසත් නීතියෙනුත් දඩුවම් ලැබේවා..!!! (ස)
ඔය වැඩේ කරපු එකාට/ එවුන්ට මඩු වල්ගෙන් තල තල නගරය මැද්දට ගෙනල්ල ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනා. වෙන කියන්න දෙයක් නෑ. අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න දක්ෂ හැදිලා එන ළමයි පේනකොට ඇස් වලට කටු අනිනවා වගේ දැනෙන අය. මුන් විනාශ කරන්නේ දක්ෂ ළමයින්ගේ විතරක් නෙවෙයි රටෙත් අනාගතය. (නදී)
මේ දරුවාට තව තවත් ශක්තිය ලැබේවා! (නදී)
ඔය වැඩ කරලා තියෙන්න මනුස්සයෙක්ද?? (ස)
ඔබට ජය වේවා. (ස)
දරුවා ඔබට තෙරුවන් සරණ ලැබෙනවා.ජය අත් වෙනවා. හිත ධෛර්යමත් කරගන්න. අපිට දුක තවත් කැටයම් චින්තකලා බිහිවෙන එකටයි. (ස)
"තිබු තැනක සොර සතුරන් ගත නොහෙන - උගත මනා ශිල්පය මයි මතු රැකෙන". රත්තරන් දුවේ "නුඹ විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". නුඹව නැවත්වීමට කිසිවකුටත් නොහැකියි. (ස)
තිදස පුරෙන් වඩිනු මැනවි මෙත් මහ බෝසතුනේ ... (ස)
අනේ පව් අසරණ දුවෙක්. මේ වැඩේ කරපු එක හොයල හම ගහන්න ඕන. ඒත් එක්කම මේ දරුවට ඡායා රූපය සහතික කර දීපු විදුහල්පතිතුමාට හා පාට ඇඳුමෙන් විභාගය පෙනී සිටීමට අවසර ලබාදුන් ශාලාධිපති තුමාටත් අපේ ප්‍රණාමය පුදමු. නැත්නම් සාමාන්‍යයෙන් වෙන්නේ හැඳුනුම්පත නැහැ, නිල ඇඳුම නැහැ, කියවලා ළමයව ලේසියෙන්ම ගෙදර යවල නිකන් ඉන්න නිලධාරීන් ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබ දේපල ශ්‍රේෂ්ටයි . අර බලු වැඩේ කරපු එවුන්ට නම් කොහොම හරි හොයල දඬුවම් දිය යුතුමයි. දුව ඔබ නොසැලී විභාගය ලියා හොඳ ප්‍රතිඵල අරගෙන අනාගතේ උන්ට පෙන්න හොඳ ජීවිතයක් ගතකරන්න සිතට ගන්න අපෙත් සුබ පැතුම්. (ස)
ඔබට ජය වේවා. (ස)
නොසැලෙන නැගනියනි, බාදා එන තරමට ජීවිතය ලස්සන වෙයි. ඔබට විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලැබෙන්නට මේ පුවත දකින සැවොම ප්‍රාර්තනා කරනවා.(නදී)
විමල් මාමාට කියල ඉක්මනින්ම වෙනත් ප්‍රදේශයකින් නිවෙසක් ඉල්ලා ගන්න දරුවෝ.(නදී)
තරහ වෙන්න එපා ඇහැව්වට. මේ ගෙදර දොර තියෙන්නේ කොහෙද? (නදී)
ඔබේ දහිරිය ශක්තිය වැඩිවී ඉතා හොඳින් විභාගයට මුහුණ දීමට හැකියාව ලැබේවා! බලාපොරොත්තු වූවටත් වඩා හොඳ ප්‍රතිපල ඔබට ලැබේවා! " තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා... උගතමනා ශිල්පයමය් මතු රැකෙනා.. " (නදී)
සා. පෙළට මෙහෙම නම් අනිත් විභාග වලට මොනවා නොකරයිද? අනේ මන්ද මිනිස්සුන්ට මොනවා වෙලාද? දුවට බුදු සරණයි. හැමවිටම බුදුගුණ සිහි කරන්න. (ස)
ඔබට තවත් ශක්තිය ලැබේවා.බෝසතුන් මාර සෙනඟ පරදවා බුදු බව ලැබු ලෙසට ඔබටත් සියලු බාධක මැඩ විභාගය සමත් වීමට ශක්තිය ලැබේවා. (ස)
මේ කල දෙයින් අපට පෙනෙන්නේ රටේ මිනිසුන්ගේ මානසික විකෘති භාවයයි ..නැගණියණි ..! ඔබ අද පෙනී සිටි විභාගයෙන් විශිෂ්ට ජය ලබා විභාගය ඉහලින්ම සමත් වීමට තෙරුවන් සරණේ බල මහිමයෙන්, මුළු ශ්‍රී ලාංකිකයින්ම වෙනුවෙන් අපි ඔබට සුබ පතනෙමු ..! ධෛර්යමත් වෙන්න ...! ඔබට ජය සිකුරුයි ..!!! (ස)
දුව, ඔයාට සිළලු දෙවි පිහිටයි. ඔයාගේ ගමන ඔයා නොබියව යන්න. උදව්වක් අවශ්‍ය නම් දන්වන්න.(නදී)
නංගි අභියෝගයක් විදියට බාර ගන්න ඔබට ජය නියතයි. බුදු සරණයි! (නදී)
ඔබට ජයෙන් ජය නංගී. ඔය වගේ කාලකන්නි මිනිස්සු උල තියන්න ඕනා. වැටි වැටි ඉස්සරහට යන්න නංගී. ඔය වසල වැඩේ කරපු කෙනාව නීතිය හමුවට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනා.(නදී)
මේ පොටෝ එක දැක්කම නම් අයියල ඒවි ගොඩක් උදවු කරන්න. ඒ වට අහුවෙන්නේ නැතුව හොදට ඉගෙනගෙන ලොකු මනුස්සෙක් වෙලා සමාජයට ආදර්ශයක් දෙන්න. ගෙට ගිනි තියපු කෙනා ජීවිත කාළෙම විදවනවා. කවද හරි ඔයාගේ පාමුල වැද වැටෙනවා මට ඒක විස්වාසයි.(නදී)
ජීවිතේට ආශිර්වාද කියන්නේ මේ වගේ බාධක. අනාගතේ ඉස්සරහට යන්න මේ කරපු දේ ලොකුම ආශිර්වාදයක් ලෙස හිතන්න. ඔබට සුබ අනාගතයක්. (ස)
කුහක හිත තුල ඇවිලෙනා වූ ඊර්ෂ්‍යාවේ ගින්න පතුරා..... නුඹේ සටහන් පොත් නැසුවද උගත් සිත නුඹේ තිබෙයි උතුරා.....කම්කටොලු මුළු සිතින් දුරුකර ජය ගන්න නැගනියේ සපුරා...නුඹේ හෙට දින පය තබන්නට පලස් ඇත මාවතෙහි අතුරා.... (ස)
දුවේ.. ඔබට සියලු දෙවි වරුන්ගේ පිහිටයි..ජයෙන් ජයම වේවා !!!! (ස)
මේක කරන්න ඇත්තේ බුදුන් වදින කෙනෙක් නම් වෙන්න බැහැ. (ස)
මේ සිසුවියගේ තරඟකරු පාසැලෙන් පිට කෙනෙකු වෙන්න බෑ.....තමන්ගේ නොහැකියාව නිසාම වෙන අයගේ හැකියාවන්ට වෛර කරන සමාජයක අද අපි ජීවත්වෙනවා. (ස)
ගම්වල ඔය වගේ අඩු මානසිකත්වයේ මිනිස්සු ඉන්නවා.මම කවදත් කොළඹ මිනිස්සුන්ට කැමති කොළඹ අපි ගාව කුහක වැඩ නැහැ. (ස)
මෙතරම් වෛරයක් සිත් තුල පුරවාගෙන කොයිබට ද මේ මිනිස්සු යන්නේ. අහන්නත් පිළිකුල්. (ස)
මුන් මනුස්සයෝ ද අමනුස්සයෝ ද?? දියණිය ඔබට ජය !!!! (ස)
විභාග ප්‍රතිපල එනකම් චූදිතයා රිමාන්ඩ් කරනු... (ස)
මොන රටක්ද යකෝ මේක? (ස)
මේක කළ කාව වුනත් අල්ලලා දඬුකඳේ ගහපියව්.(නදී)
ගිනි තියපු කෙනාගේ සගවා තැබූ ආයුධ නැද්ද දන්නේ නැහැ නේ හොයන්න ගෙනියන්න. සමහර විට ආයුධ ඇති රාජාංගන වැව කිට්ටුව හංගලා ඇති. (නදී)
අවශ්‍ය තැනදී සුදුසු නුවනින් කටයුතු කල විදුහල්පතිතුමාටත් විභාග බලධාරීන්ටත් ගෞරව කරමි. කොහොම උනත් මේක ඉරිසියාවට කලා නම් මේ දරුවාගේ ශක්තිය හා ජයග්‍රහණ ඉදිරියේ මෙම ඉරිසියාකාරයින් පිස්සු වැටෙන්නට ඉඩ ඇති බැවින් මෙම දියණිට අවශ්‍ය ආරක්ෂාව ගැනද ගොඩක් සැලකිලිමත් වියයුතු යැයි මට මට සිතේ. දියණිය ඔබගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා.(නදී)
මේ වැඩේ කරලා තියෙන්නේ ලගම නෑයෙක්ද? (නදී)
අනේ නංගි ඔයාට සුබ පතනවා. අනාගතෙ නිසැකවම ජය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි. (ස)
උත්සහවන්තයා ජයගනී. ඔබට ජේසු පිහිට ලැබේවා.(නදී)
දුව ඔයාට සුභ අනාගතයක්.(නදී)
කොහොම කරත් කරපු දේ වැරදියි. බොහොම කැතයි.මෙය කරපු මිනිස්සුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)
නොසැලෙන්න දුවේ ජයගන්න ඉදිරියට යන්න. මව හා පිය කල්පනාවෙන් ඉන්න බුදුසරණයි.(නදී)
දියණිය ඔබට තෙරුවන් සරණයි. සුබ අනාගතයක්...! (ස)
කරපු මිනිසුන්ට සාප වෙනවා, වෙනවාමයි. (ස)
ඒකත් එහෙමයි කියමුකෝ.ඔය කරපු එවුන් ඔයිට වඩා දෙයක් කරන්ට බලයි.පරිස්සමින්. එවුන්ට හරියන් නෑ. (ස)
දයාබර නංගි, මහමෙරක් වගේ දහිරිය ගන්න.මොකද මම උසස් පෙළ ලියන විට අමු කුණු හරුප ලියලා පින්තූර වලින්ද ලිපි එව්වා.මාත් එක්ක ඉගෙන ගත්තු අය වගේම එක ගුරුවරයෙකුත් වැඩේට හවුල්.නමුත් මා වටා වෙනම ගුරු පුරුක් හිටියා.එම රත්තරන් ගුරු මෑණිවරුන්, පියවරුන් මාව දිරි මත් කළා. අවසානයේ එක ගුරු මවක් ඇගේ නිවාස ළඟ මට නවාතැනක් සොයා දුන්නා. විභාගය ඉවර වෙන තෙක්.එම සත්කාරයෙන් මුළු ගමටම, පාසලටම කිර්තියක් ගෙන දෙන්න මට පුළුවන් උනා.ඔබටත් එසේම ජය කෙහෙළි නංවන්න සියලු දෙවියන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා.. (ස)
ඔබට ජේසු පිහිටම ලැබේවා !!! උසස්ම ප්‍රතිපල අත්වේවා!!! මේ වගේ පුංචි හිත්වලට වද දෙන මිනිස්සුන්ගේ අමනුස්සකම නැතිවී මනුස්සකම ඉස්මතු වේවා!!! (ස)
මගේ නංගිත් අද විභාගය ලිව්වා.මට නම් පුදුම තරහයි. මේ වගේ කාලකන්ණි හින්ද තමයි මේ රටට හෙන ගැහෙන්නෙ.මුන්ට හෙන ගහන්න ඕනෙ. (ස)
පොත් ගිනි තිබ්බට ධෛර්යමත් හිත ගිනි තියන්න බෑ. (ස)
මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනම. මිනිස්සු දන්නවා මොන ජරා වැඩේ කරත් බේරිලා යන්න පුළුවන් කියලා. මිනිස්සුන්ට වෙන්නේ තම හිසට තම අතමය කියලා නීතිය තමන්ගේ අතට අරගෙන අර කිව්වා වගේ මඩු වලිගෙන් ගහලා එල්ලන එක තමා. (ස)
මේ ගැන කියන්න මම වෙනම වචන මාලාවක් හදා ගන්න ඕන. ලංකාවේ වාසය කරන සමහර ජනතාව කොයි තරම් පිරිහිලද කියල පේනවා නේද. අහිංසක දරුවගේ අනාගත ගමනටත් මේ තරම් ජරා වැඩ කරන වෙන ජාතියක් දැක තිබේද?? (ස)
ඔයාට හොදකම වෙන්න ඕන නංගි. මෙච්චර නපුරු මිනිස්සු මේ රටේ ඉන්නේ හොදට ඉගෙනගෙන මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ඔයාට ස්වභාව ධර්මය බලා ගනියි (දිල්)
වයසින් පොඩි උනත් බාධක උහුලන්න!..නොසැලී ඉදින් දියණියේ දිවි ජයගන්න... මාවත එයයි මතු ඉදිරියටම යන්න!...නොසැලී ඔබේ හිහ දිරිමත් කර ගන්න! ...ගිනි දා වැනසුවත් පාඩම් පොත් සෑම...මොලයෙන් ඔබට ජය ගත හැක මේ සැවොම.. දිරිමත් දියණියක් වී යන්නට ඉදිරියට.... අපි සුභ පතන්නෙමු හදවත පතුලෙන්ම!!!(දිල්)
ඔබේ දක්ෂතාවය ඔය නරුමයන්ට ගින්නෙන් විනාශ කල නොහැක ඔබට දෙවියන්ගේ පිහිටයි ඔබට ජය (දිල්)
ආරක්ෂාව ලබා දෙන්න. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි. (ස)
ආදරණිය දුවේ, ඔබට වැඩ නවයටම හොඳට ලකුණු ගන්නවා.ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (ස)
නංගි ඔය වගේ මිනිසුන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා...ඔයාට බුදු සරණයි. හොඳට විභාගය සමත් වෙන්න. සැලෙන්නෙපා. (ස)
නිර්භීත ගෑණු ළමයෙක්. (ස)
ඔයාගේ ගෙදර නෙවෙයි ගින්නෙන් දැවෙන්නෙ.ඔයා ජය ලබා ගත් පසු ඔවුන්වයි දැවි දැවී පිච්චෙන්නෙ. (ස)
මම ඔයාට සුබ පතනවා. ඔයා කිසිවිටක සැලෙන්න එපා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා. (ස)
කරපු එකාට හොඳක් වෙන්න එපා. (ස)
දුවේ උන් ලඟ නැති වටිනා දෙයක් නුඹ ළඟ තියනවා..ඒ තමයි ආත්ම විශ්වාසය සහ ශක්තිය. නතර වෙන්න එපා ..යන්න ඉදිරියටම..වෛර කරන උන් වෛරයෙන්ම විනාශ වෙන්න. අධ්‍යාපනයේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න... උන් එදාට එයි නුඹ ලඟ දනින් වැටීගෙන ..එදාට තිරණය නුඹ අතේ... (ස)
පොඩි දුවේ, දුක ඔබ තුල වඩා ගැඹුරට හාරා ගෙන යද්දී වඩා සතුට ගබඩා කරන්නට ඉඩ ලැබෙන බව වටහා ගන්න. ඔබට වරදින්නේ නැහැ. (ස)
දිරිය නැගණිය තව තවත් ශක්තිමත් වේවා. මානසික දිළිඳු බව හා පැමිණෙන අනාරක්ෂිත භාවය සහ හීනමානය තව තවත් ජාතික දේහය පුරා පැතිරෙන්න කලින් අපේ අධ්‍යාපන ක්‍රමය තුලින්ම මිනිසුන් ගැහැනුන් ඒ පිළිබඳව දැනුවත් කරමු. (ස)
අනේ පව්, මේ අපරාදේ කරපු එවුන්ට හෙන හතම ගහන්න ඕනේ. මේ දරුවාගේ අනාගතය දීප්තිමත් වේවා කියා පතමි. (ස)
අනුන් කරන වැරදී දේට දොස් නගනවා වගේම ඔය කවුරුත් තමුන් නිතරම හරි දේ කරනවද කියලත් සොයල බලන්න .. ලෝකය හදන්න බැහැ. ඒත් තමුන්ට හැදෙන්න පුළුවන්. එතකොට ලෝකයම ලස්සන වේවි.. (ස)
ඒ දරුවා වෙනුවෙන් හැමෝම හොඳ අදහස් දාලා තියෙන්නේ.මටත් කියන්න තියෙන්නේ, ඒවාම තමා. නමුත් විශේෂයෙන්ම ඒ ළමයා ඉන්න තැන වෙනස් කලොත් මන් හිතනවා එයා ගේ ජිවිතේට හොඳයි කියා. (ස)
දුවේ "නුඹ විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". නුඹව නැවත්වීමට කිසිවකුටත් නොහැකියි. මේ දරුවට ආරක්ෂාව ලබාදෙන ලෙස ප්‍රදේශයේ පොලිසියෙන් අපි ඉල්ලා සිටිමු. (ස)
මේ වගේ එවුන්ට දෙන්න තියෙන හොදම දේ තමා විබාගය ඉහලින්ම සමත් වෙන එක. (ස)
දෙවියනි මෙහෙමත් මිනිසුන් ඉන්නවා නේ අපේ ලංකාවේ. නංගියේ ඔයාගේ විභාගය ලියන්න තව තවත් ශක්තිය ලැබේවා..!! ඔබට සුබ අනාගතයක් බුදුසරණ..! (ස)
දුව ජයමාලි මොනවා ගින්දර දාල විනාශ කලත් ඔබගේ ධෛර්යය දැනීම කාටවත් විනාස කරන්ට බැහැ. ඔයාගේ නම පටන් ගන්නෙත් " ජය ". ඉතින් දුව ජයමාලි ඔබට හැම ජයම වේවා !!!! කාටවත් හොරකම් කරන්ට බැරිදෙය තමා " උගත්කම " (ස)
භයක් නැතුව මෙවැනි වැඩක් කලේ කව්ද කියල හෙලිදරව් කළානම් කාටත් දැනගන්න. (ස)
හොඳම විසඳුම මේ ගිනි තැබීම කළ කෙනාව හංගපු ගිනි පෙට්ටියක් සොයන්න රැගෙන යාමයි (නි)
මට පෙන්න විදියට මේ ගෙදර දෝෂයක් තිබෙනවා. ජනෙල් 3 එක කෙලින් තියෙන්නේ. එකක් මුදුන් වහළයට කෙළින් තියෙන්නේ. ඒක හොද නැහැ (නි)
ඔයා පව් නංගියෝ.එත් ඔයා ලඟ තියෙන ආත්ම විස්වාසයට මම ගොඩක් ගරු කරනවා.ඔයාට නිසැකයෙන්ම විභාගය සමත් වෙයි.සුබම සුබ අනාගතයක් ඔයාට. (ස)
නංගි ඔයා විභාගය ඉහලින්ම සමත්වනවා නියතයි". ,, මම ඔයාට සුභ පතනවා..........(ස)
ඉගෙනීමේ වටිනාකම නොදන්නා කුහකයෙක්ගේ වැඩක් .... දුවේ ඔයාට ජයෙන් ජයම ලැබෙනවා ... පරිස්සමින් ඉන්න මුන් ආයෙත් ඔයාට කරදර කරයි ... (ස)
නංගි ඔයා O/L ඉහලිනම සමත්වෙනවා.... අනිවාර්යෙන්ම.... එන අවුරුද්දෙ හොදින් A/L කරන්න වාසනාව ලැබේවා කියල මම සුභ පතනවා..... (ස)
පව් නේද. (ස)
ඔයාට සුභ අනාගතයක්. කිසිවිටක සැලෙන්න එපා...!! (ස)
දියණියනි ඔබට රත්නත්තරයේ පිහිට ලැබේවි. හොදින් විභාගයට මුහුණදෙන්න.සියලු දෙවි රැකවරණය ලැබේවි. (ස)
ගිනි තියපු කෙනාව අල්ලලා හොද දඩුවමක් දෙන්න ඕනෑ (නි)
මනුස්සකම ඔප්පු කරමින් කටයුතු කළ විදුහල්පතිතුමාට මගේ අවංක ප්‍රණාමය පුදකරමි. (නි)
මේ මිනිස්සු මුරුගසන් වැස්සට තෙමිලද ? (නි)
නංගියේ, ඔබට මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
ඔයාට ජය පතනවා පැරිස් වලින්.වරදකරුවන්ට වහාම දඩුවම් දෙන්න (නි)
මෙන්න අභියෝගය.දිරිය ගන්න දූ. ඔබට දළඳා සමිදුගේ පිහිට ආරක්ෂාවම ලැබේවා! බුදු දහම සත්‍යයයි.ඔබට ජයවේවා! සතුරන්ට වෙන දේ වෙයි. (නි)
මේ අදහස් බැලුවහම දැනෙන සතුට අතිමහත්. ඒ වෙන කිසිවක් නිසා නොව අනුන්ගේ දුක දැනෙන ,සානුකම්පිතව සිතන මිනිසුන් තවත් ලොව ඇති නිසා (නි)
ඇලෙක්ස්, උදවුවක් අවශ්‍ය නම් දන්වන්න කියන්නේ කාටද?මොකද ඔයාගේ ලිපිනයක් දාලා නැහැනේ. ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ (නි)
මින් ඔබට තවත් ධෛර්යයක් ලැබිය යුතුයි (නි)
නංගියේ, ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණින් ජයම වේවා! (නි)
ඔයාට සුබ පතනවා.ජයෙන් ජය වේවා........! (ස)
කර්මය විසින් ගිනි තැබූ නරුමයාට දඩුවම් ලබා දෙනු ඇත . දුව හොදින් විබාගයට ලියන්න . (ස)
පුලුවන් තරම් හොඳට විභාගය ලියන්න නංගි...ඔයාට සුභ පතනවා..!! (ස)
ගිනි තියපු අයට නිතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන්ඩ ඕනේ. නංගියේ ඔයා හොදට විභාගේ ලියලා අනිවාර්යෙන්ම ජය ලබන්ඩ . ඔයාට ජය! (නදී)
මේ වැඩේ කරපු අයට හොදක් වෙන්නෙ නැහැ. මම සුබ පතනවා නංගි. (නි)
නංගී ඔයාට තව තවත් ආත්ම ශක්තිය ලැබේවා. ඔයාට බුදු සරණයි.(නදී) .
කහල ගොඩේ තිබුණත් මැණික මැණිකක් මයි. අද අයුක්තිය, අසාධාරණය තමයි වැඩියෙන් අහන්න දකින්න වෙන්නෙ.ඔබ දිරිය දියණියක්. ඔබගේ අනාගතය ඔබගේ අධිෂ්ටාන ශක්තිය මත අනිවාර්යයෙන්ම සුභ වෙනවා. මගේ ප්‍රාර්ථනයත් ඒකයි. ඒත් ඔබගේ ගෙට ගිනි තැබූ අයගේ ප්‍රාර්ථනය පළවෙනි අදියරේදී ඉටු නොවුණා නම් ඔවුන් නැවත වරක් ඔබට පහර එල්ල කරන්න බලාගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ කල්පනාවෙන් සහ පරීක්ෂාවෙන් යුතුව සිටින්න. ඔබට නපුරක් නොවේවා !!! ඔබගේ සියලු බලාපොරත්තු ඉටු වේවා !!! ඔබට ජයෙන් ජයම අත්වේවා !!! (නි)
පොත්පත් ගිනි තිබ්බට ඔයාගේ මතකය නැති කරන්න බැහැ. ඔයාට වෙනදාටත් වඩා හොද මතකයක් විභාගයේදී ඇතිවෙන්න කියලා මම පතනවා. ඔබට සුබ අනාගතයක් (නි)
මේවා නම් කැත වැඩ. නමුත් මේ දෙන්නා විතරද සා. පෙළ ලියන්නේ? එහෙම නම් හැම සා. පෙළ ලියන ගෙදරක්ම ගිනි තියන්න වේවී (නි)
ඔයාට පුලුවන් නංගියෝ මෙ කඩඉම පැනගන්න? තෙරුවන් සරණින් ජයම වේවා! (නි)
මේ වගේ තිරිසන් වැඩ කරන අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.ඊර්ෂ්‍යාකායින්ගේ ඇස් ඇරෙන්න හොදින් විභාගයට ලියන්න. (නි)
මේ ළමයාගේත් මොකක් හරි වරදක් ඇති. නැත්තම් නිකන් ගිනි තියනවද? (නි)
වැඩේ කරපු කෙනාට දැන් ලැජ්ජයි. ඒ නිසා ළමයට අනතුරක් වෙන කිසියම් දෙයක් කරයිද දන්නේ නැහැ. (නදී)
මේ වගේ තිරිසන් වැඩ කරන අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා.නංගී ඔයාට තව තවත් ආත්ම ශක්තිය ලැබේවා. ඔයාට බුදු සරණයි! ඊර්ෂ්‍යාකායින්ගේ ඇස් ඇරෙන්න හොදින් විභාගයට ලියන්න. (නි)
ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
ලස්සන ගැහැණු ළමයෙක් (නි)
මේ වගේ පහත වැඩ කරන පහත් ආශාවන් තියන අයට කරන්න ඕනෑ රටේ නිතිය නොවෙයි ගමේ නීතියයි. මේ දරුවා ප්‍රවේශම් කරන්න වේවි. මගතොටේදී හරි කරදර කරන්න පුළුවන්. දෙමව්පියනි, කල්පනාවෙන් (නි)
මේ වගෙ වැඩ කරන අයව ගල් ගහලා මරන්න ඕනෑ (නි)
දුවේ දුවට උන දේ හිතින් අයින් කරලා ඔයා හොදින් විභාගය කරන්න. බුදුන් සරණින් දුව හොදින් විභාගය සමත් වෙනවා. දුවේ ඔයාට උන දේට වඩා වෙනස් දෙයක් මට උනේ. මට තරහ කාරයෝ හිටියේ නැහැ. මට පලවෙනි පාර විභාගය ලියන අතරතුර මන් ලෙඩ උණා. මාස 2ක් මම ලෙඩ වෙලා හිටියා. මම උත්සාහය අත හැරියේ නැහැ. මම 2වෙනි වර කරා. මම හොදින් විභාගය පාස් උණා. දුවේ උත්සාහයෙන් හා උනන්දුවෙන් විභාගය කරන්න. ඔබට ජය නියතයි.(නදී)
නංගි, ඔයා අනිවාර්යයෙන්ම විභාගය ඉතා ඉහළින් සමත් වෙනවා.ඒක 100% ක් විශ්වාසයි. නොමිනිස් ගුණ ඇති ඒ අධමයා කළ ඒ නොමනා ක්‍රියාව ඔයාට වෙස්වලාගත් ආශීර්වාදයක් වේවා. ඔයාට ජයෙන් ජය ! තෙරුවන් සරණයි ! (නි)
මේ ගෙදරට ගිනි තියපු බවක් පේන්න නැහැ. හරියටම කාමරේ දන්නා කියන කෙනෙක් අවශ්‍යම භාණ්ඩ සොයා කළ වැඩක් වගෙයි. මේ ගෙදරට අර ඉරිදා ලංකාදීපයේ මානසික ලිපි පළ කරන විද්‍යාකුලපති මහතාව ගෙන ගියානම් සත්‍ය හොයා ගන්න පුළුවන් වෙයි බොහෝ විට. (නි)
නංගියේ හොදින් විභාගය කරන්න ඔයා මේ පාර විභාග ගැන ගත්ත තීරණයම ඔයාට ඔය වගේ දෙයක් කළ අයට හොඳ පාඩමක් වේවි. (ස)
පුතේ, රුප සම්පත්තිය උපතින් අරන් ආපු ඔයාට, අධ්‍යාපනය නමැති ආභරනයත් උරුමයි, ඒක මොන කරුමක්කාරයෙකුටවත් වළක්වන්න බැහැ...ඔයාට දිරිමත් වෙන්න ඔය ලැබුණු කඩ ඉම හොදක් සේ සලකන්න....තව දිරිමත් වෙන්න..සුභ අනාගතයක්...(ස)
ඔබට ජය වේවා නංගියේ (නි)
නංගියෝ, ඔයාට සුබ අනාගතයක්. ඉස්සරහටම යන්න (නි)
"තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා - උගත මනා ශිල්පයමයි මතු රැකෙනා". (නි)
සමදරා,ඔයාට නම් පිස්සු හැදීගෙන එනවා වගෙයි පෙනෙන්නේ (නි)
අපරාධය කළවුන්ට හොදක් නම් නොවේවා! (නි)
ඔයාට හොදට විභාගේ හොදට ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නංගි. ඔයා හොදට විභාගය ලියලා ඔයාට මේ වැඩේ කරපු කෙනාට පෙනෙන්න හොද ප්‍රතිපලයක් ගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජේසු පිහිට ලැබේවා! (නි)
මේ වගේ වැඩ කරන්නේ පහත් මානසිකත්වයක් ඇත්තන් (නි)
දුවේ ඔයා හොදින් විභාගය ලියා ඉහලින්ම පාස් වෙන්ඩ කියල මම පාර්ථනා කරනවා . ඔයාට ජයෙන් ජයම ලැබේවා.(නදී)
මේ දේ කරලා තියෙන්නේ සිංහලයෙක්ම නේද? .මගේ දරුවා මොකද පිට දරුවෙක් මොකද? පිපීගෙන එන මලකට නේද මේ අපරාදය කරලා.ලෝකේ කිසිම ජාතියක් කරනවැඩද මේ කරලා තියෙන්නේ පව්. (නදී)
ගෙට ගිනි තිබ්බට ඔයාගේ දැනුමට ගිනි තියන්න කිසිකෙනකුට බැහැ. ඒ දේවල් අමතක කරලා විභාගෙට හොදින් මූහුණ දෙන්න.ඔයාගේ ප්‍රතිපල ලංකාවේ හොදම 10 දෙනාගෙන් කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ප්‍රතිපල අාවහම ලංකාදීපයට කියන්න (නි)
මට හරි දුක හිතුණා. විභාගයට ලියන්න අවස්ථාව දුන්නට ස්තූතියි. ඔබට ජය! (නි)
ගිනිගෙන දැවුණ පත පොත මට අහිමි වුණත්.... ගෙන යා යුතු පිවිසුම් පත පිළිස්සුනත්.... තිබුන එකම නිල ඇඳුමම අහිමි කළත්.... ජයමාලි වුනේ නිකමට නම් නොවේ මමත්.... (නි)
නැගණියනි, මේ පුවතට අදහස් දාලා තියෙන සැමදෙනාගේ ආශිර්වාදයම ඇති ඔබට ඉහළින්ම විභාගය සමත් වෙන්න. ඔබට ජය නියතයි. (නි)
දියණියනි, ඔබේ ආත්ම ශක්තිය ඔය තිරිසනුන්ගේ සිත් හැමදාමත් ගිනි තියාවි. පරිස්සම් වෙන්න. ඔබට දෙවි පිහිටයි! ජය පතමි (නි)
මම නම් බනින්නේ නැත ඒ මිනිසුන්ට. ඔයා ලංකාව පුරාම ප්‍රසිද්ධ වුණා. (නි)
නංගි, ඔයා ජිවිතේ ජය ගන්න. ඔයාට පුළුවන්. ඔයාට මේ අපරාදේ කරපු අයට හොදක් වෙන එකක් නැහැ. නමුත් ඔයා ඒ මිනිස්සුන්ට ශාප කරන්න එපා. මොකද ඔවුන්ට ධර්මයෙන් දඩුවම් ලැබෙනවා. ඔබට ජයෙන් ජය පතනවා (නි)
නංගි, ඔය වගේ දේවල් වලින් සැලෙන්න එපා.ඔය දේවල් වලින් හිතට ධෛර්යක් ගන්න.මම ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා (නි)
ඔයා බය වෙන්න එපා. ඔයා දිනනවා (නි)
නංගි, මේ වුණ හැමදේම ඔයාගේ හිතට ශක්තියක් කරගන්න (නි)
අදහස් දක්වපු හැමෝම හදවතින්ම සුභ පතලා තියෙන නිසා මෙම අදහස් ඒ දියණියට ශක්තියක්. කරුණාකර මෙම අදහස් ටික ඇයට ලැබෙන්න සලස්වන්න හැකි නම් ලංකාදීපය කරන තවත් හොඳ වැඩක් තමයි ඒ. (ස)
කවුරු මොනවා කීවත් කරත් ඔබ සැලෙන්න එපා. මෙවාගේ කරපු කෙනාට ඔබ මෛත්‍රී කරන්න. (ස)
ඔය මිනිහ මට බාර දෙන්න. මම පදම් කරලා ගන්නම්.(නදී)
ඔයාට ජය නියතයි නංගි.දහසක් බාධක ආවත් නොසැලී ආත්ම විශ්වාසයෙන් ඉදිරියටම යන්න. (ස)
පුතේ වානේ පන්නරය ලබන්න නම් හොඳට තැලෙන්න ඕනි .බලන්න ඔයාට හැමෝම ආදරේයි නේද?? ඔයාට බුදු සරණයි. (ස)
මෙතන වැඩි හරියක්ම අදහස් දාල තියෙන්නේ හොඳ බෞද්ධයෝ. ඒකයි වෛරයෙන් පිරුණු අදහස් එන්නේ. දරුවන්ට වෛරය උගන්වන්න එපා. මෙවැනි දෙයක් කල කෙනාට සමාව දෙන්න දුවේ. ශක්තිය ගන්න බාධක ජය අරගෙන හොඳින් ඉගෙන ගෙන ඉදිරියට යන්න. වෛරය ජීවිතය කෙටි කරනවා. ඉවසීම, සමාව දීම ජීවිත ශක්තිමත් කරන ආයුධයි. යකඩය තැලෙන්න තැලෙන්න තමයි හොඳ පන්නරය ගෙන හොඳ නිපැයුම් බිහි වෙන්නේ. (ස)
මම තමා ගිනි තිබ්බේ. ඇයි මොනා කරන්න ද ශාන්ත කුමාර. (ස)
ඔයාට වරදින්නේ නැහැ නංගී. හොදට විභාගේ ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබෙනවා.(නදී)
නංගී එයාලට පේන්නත් එක්ක ඔයා ඉගෙනගන්න ඕනේ. ඔයාට බුදු සරණයි . සැලෙන්න එපා.(නදී)
දුවේ ඔයාට ජයෙන් ජය. ඔය වැඩේ කල අයට නිසි දඩුවම් ලබා දේවී. ඔයාට තෙරුවන් සරණයි. (ස)
දුවේ ඔබගේ අනාගතය ජය නියතයි. නොසැලී ඉදිරියටම යන්න. ඔයාට තෙරුවන් සරණයි. (නදී)
දිරිය දියණියනි, ඔබට ජය නියතයි (නි)
මේ ළමයා හුඟක් දක්ෂ ඇති.ඒ වගේම මෙම නිවසේ ගාලා තියන පාටට විරුද්ධ අයත් ඇති. (ස)
ගම් වල හුඟක් මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මේ දරුවාගේ ජීවිතේටත් අනතුරක් වෙන්න බැරි නැහැ. පදිංචියත් වෙනස් කලොත් හොඳියි වගේ. හොඳ ගම්වලත් ජරා මිනිස්සු ඉන්නවා. උන් පිච්චිලම පලයන්.(නදී)
මේ තීරණාත්මක මොහෙතේ මෙම දැරිවියට උසස් අධ්‍යාපනයට පිවිසීමට පළමුවන කඩුල්ල පැනීම සඳහා උදව් කළ සියලු දෙනාටම තිසරණ සරණින් යහපතක්ම වේවා!!!. දැරිවියටද ඉදිරියටම යාමට අවශ්‍ය ජවය, බලය සහ ආත්ම ශක්තිය නොඅඩුව ලැබේවා!!! (ස)
අභියෝග බාධක මැද ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවායී ප්‍රාර්ථනා කරමි.. (ස)
නංගි ඔයාගේ තියෙන වාසනාවට ඔයාට අවස්ථාව මඟ හැරීලා නෑ. ඔයා ඔයාට පුලුවන් උපරීමය කරලා විභාගය ගොඩ දා ගන්න. ඔබට ජය ! (ස)
දුවේ ඔබ වෛද්‍යවරියක් උනදාට ඔය ගිනිතියපු කෙනාම ඔබ ලඟට එයි අසරණ රෝගියෙක් වෙලා.නිහතමානීව ඔහුව සුව කරන්න. (ස)
මොකක්හරි ගැටළුවක්වද්ද? (නි)
ඔය කිසිම දෙයකට බය නොවන්න. උදව් උපකාර ඕනෑ නම් ලියන්න. කිසිම බලවේගයකට ඔයාගේ ඉගෙනීම නවත්වන්න බැහැ (නි)
ඔයා ඉදිරියටම යන්න දුවේ. සුභ අනාගයක්! (නි)
දුවේ ඔබට ජයෙන් ජය සැමදා ලැබේවා. විභාගයට පෙනී සිටිමට අවසර ලබා දුන් ඔබ දෙපලටත් බොහෝම පින්.(නදී)
මෙය අපේ ගෙවල් ගාව වුන දෙයක්. තවත් මේ වගේ දේවල් නොවේවා! මේ අමනුස්ස දේ කල වුන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕනේ. ඔබ තව ඉදිරියට යන්න. මේ අභියෝගය ජයගන්න.(නදී)
ඔබට බුදු සරණින් කිසිම හානියක් නොවේවා...... ජයෙන් ජය ..........! (ස)
චමත් ඔයා හරි.සමදරා ට නම් ඇත්ත ට ම ලූස්.නැත්නම් මේ ළමයාගේ වරදක් ඇති කියන එකක් නැහැ. (ස)
හැකි ඉක්මනට වෙන පළාතකට යන්න. මොකද ඔය මිනිස්සු ඔයාට තව ඉදිරියට මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. පුතේ, ඔබට තෙරුවන් සරණින් සියලු බාධක බිද ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! (නි)
නංගි,ඔයාගේ ජීවිතයේ ඔය සිදුවීම පුංචි අත්දැකීමක් විතරක් කරගන්න.ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ගැන හිතන්න (නි)
මේ තීරණාත්මක මොහෙතේ මෙම දැරිවියට උසස් අධ්‍යාපනයට පිවිසීමට පළමු වන කඩුල්ල පැනීම සඳහා උදව් කළ සියලු දෙනාටම තිසරණ සරණින් යහපතක්ම වේවා!!!. දැරිවියටද ඉදිරියටම යාමට අවශ්‍ය ජවය, බලය සහ ආත්ම ශක්තිය නොඅඩුව ලැබේවා!!! (ස)
මම හිතන්නේ මේ ගෙදරට ගාලා තියන තීන්ත වල පාටෙත් වැරැද්දක් තියෙනවා. මාත් එක්ක කව්ද එකග. (නි)
නැගනියණි, ඔබ අනිවාර්යයෙන්ම විභාගෙ පාස් වෙනවා. (ස)
හ්ම්ම්.ඕවට සැලෙන්න එපා නංගී.හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට යන්න. (ස)
මේක කරපු අයට හෙන ගමයි ගහන්න ඕනේ. මිනිස්සු අපිට ඉරිසියා කරන්නේ අපි ඒ මිනිස්සුන්ට වැඩා ඉහළින් ඉන්නවා කියලා දැනුනහම. ඔයා ඒ අයට වඩා ගොඩක් ඉහලින් ඉන්නේ. ඒකයි ඔහොම කරන්න ඇත්තේ.(නදී)
ඔය ගිනි තැබූ කෙනාට එරෙහිව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ (නි)
මං සෑහෙන දවසකින් එසැණට ආවේ.මේ සිදුවීම දුටුවහම පුදුම දුකක් දැනුණේ.මහා පුදුමාකාර මිනිස්සු ඉන්න රටක අපි ජිවත් වෙන්නේ. කියන්න තියෙන්නේ මෙපමණයි.මේ දුවට කවදාවත් වරදින්නේ නැහැ, දුව හොදට විභාගය සමත් වේවි, තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි! කිහිප දෙනෙක් කියා ඇති පරිදි ඉදිරියේදීත් ප්‍රවේශම් වෙන්න.කිසිදු විපතක් නොවේවා කියා පතමි (නි)
ගම් වල සිදුවෙන දේවල් අපි දන්නවනේ (නි)
දිරිමත්ව ඉදිරියට යන්න දුවේ සුභ පැතුම්(දිල්)
ලංකාවේ අයට මොනා වෙලාද මන්දා ඉරිසියාකාරයෝ. විභාගේ පේල් උනොත් බලු කුඩුවේ දානවා පුච්චනවා. අපේ පන්තියේ කොල්ලෙක් හිටිය පොඩි කාලෙ ඉඳන් පන්තියේ අන්තිමයා. අවරුදු 3 ක් පේල් උනා. දැන් ඉන්නේ ඇහරිකාවේ වාරයේ වැඩ මාසයට ඩොලර් පනස්දාහක් උපයනවා.(නදී)
නංගි ජයමාලි, හොඳට ඉගෙන ගන්න. කරදර කළ අයට සොභා දහමේ නීතියෙන් නිසි කලට දඬුවම් ලැබෙයි. ඔබ නොසැලී තව ඉදිරියට යන්න. තරගයකදී වුණත් දිනන්නේ තමන්ගේ උපරිමයෙන් වැඩ කරන අයයි. අනුන්ට ඊර්ෂ්‍යා කරන අයට තමන්ගේ කටයුත්ත නිසි ලෙස කරගන්න නොහැකි වෙනවා. (නි)
ඔයාට සුභ අනාගතයක් නංගි පැටියෝ.(නදී)
ඔයාට ඒ 9 යක් ලැබේවා.(නදී)
දයාබර දියණිය , මට ඔයාගේ වයසේදීම සිදු උන දෙයක් කියන්නම්. මම සාමන්‍ය පෙළ ලියන්න ලෑස්ති වෙනකොට ලංකාවේ එක පළාතකින් මගේ පාසලට ආව කල්ලියක් එයාලගේ පළාතෙන් ආව අය විතරයි ඉගෙන ගන්න දක්ෂ කියල පෙන්නගෙන හිටිය. එත් එයාලට මම පන්තියේදී ගත්ත ලකුණු වලට කිට්ටු කරන්නවත් බැරි උනා. අන්තිමට විභාගයට මාසයක් තියල මගේ පොත් ඔක්කොම හොරකම් කළා. මම හොස්ටල් එකේ හිටිය නිසා එයාලට එක ලේසි උනා. මම අමාරුවෙන් යාළුවෙක්ගෙන් සටහන් අරගෙන ලියාගෙන විභාගය ඉහලින්ම සමත් වුණා. ඒ විතරක් නෙවෙයි අද මම මහාචාර්ය වරයෙක්. ඔයා හොදින් ඉගෙන ගන්න. එයාලට ඔයාගේ ගමන නවත්වන්න දෙන්න එපා. ඔබට ජය (දිල්)
ඔබට සුභ පැතුම්. ඔබට විශිෂ්ඨ සාමාර්ථ ලැබෙනවා අනිවර්‍යයි. (නදී)
අසංගට වුණා වගේ දෙයක් මටත් වුණා.මගේ සටහන් පොත් ඔක්කොම හොරකම් කළා මම බොහොම අමාරුවෙන් පාඩම් කරලා විශිෂ්ට ලෙස පාස් උනා. හැබැයි සටහන් පොත් හොරකන් කරපු අයට ඒ දේ පලදීලා තිබ්බා (දිල්)
අනේ නංගි ඔයාට සුබ පතනවා. අනාගතෙ නිසැකවම ජය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට බුදු සරණයි.....(අ)
බාදක ජයගන්නවා කියන්නේ ඔයා දිනනවා කියන එක තමයි නංගෝ. ඔයාට කවදාකවත් වරදින්නේ නැ. මගෙන් සුබ පැතුම්.(නදී)
ඔබගේ විභාග ප්‍රතිපල සඳහා විශිෂ්ට සමාර්ථ ලැබීමට පර්ර්තනා කරමි .! ඔබට දීප්තිමත් අනාගතයක් ! (දී)
නංගියෝ ඔයාට දෙව් මවු රැකවරන්යි ..ඕව තුට්ටුවකට වත් ගණන් ගන්න එපා ... (දී)
නංගි අභියෝගයක් විදියට බාර ගන්න ඔබට ජය නියතයි. බුදු සරණයි! (දී)
අධෛර්යමත් නොවී ඉදිරියට යන්න දුව . එනමුත් මිතුරන් වෙසින් එන සතුරන්ගෙන් පරිස්සන් වෙන්න . විශේෂයෙන් අනුන් දෙන කෑමකන්න එපා . ඔබට බුදුසරණයි ! (දී)
විදුහල් පති තුමාට හා අනෙකුත් කාර්යය මණ්ඩලයට මගේ සුබපැතුම් (දී)
මේවගේ විදුහල් පති තුමන්ලා රැකදෙන්න දෙවියනි අනිත් අයට ඉගෙන ගන්න හොඳ පාඩමක් (දී)
ගුරු තුමා දෙවි පිහිටයි කරපු උදවුවලට (දී)
ලෝකෙටම ආදර්ශමත් ළමයෙක් (දී)
මේ වගේ නරුමයන්ට ගමේ වටපිටා ඉන්න අය මේ ගමේ තවත් ජිවත්වෙන්න ඉඩ දෙනවාද? (නදී)