පාර්ලිමේන්තුවේ අඟහරුවාදා සිදුවූ ගුටි කෙළිය සම්බන්ධ වාර්තාව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරක සභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛකලනාදන් මහත්වරු අද (4) කථානායකට බාරදුන්හ.
මෙම වාර්තාව බ්‍රහස්පතින්දා (5) උදේ 9ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සිද්ධියෙන් මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගතකිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා උපදෙස් ලබාගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ හා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා අද කථානායක හමුවී සාකච්ඡා පැවැත්වූහ.
මේ අතර ගුටි කා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයා අද රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් පිටව ගිය පසු සමරසිංහ මහතා ගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබ ගත්තේය.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුටිකෙළි වාර්තාව බ්‍රහස්පතින්දා මන්ත්‍රී කමිටුවට
ලසිත් Wednesday, 04 May 2016 11:42 AM
පක්ෂය වැඩක් නැහැ. වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න. මන්ත්‍රී ධුර අහෝසි කරන්න (නි)
දනුක Thursday, 05 May 2016 03:38 AM
මේකට සම්බන්ද සියලු දෙනාගේ මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරන්න. (ර)
අනුෂා Thursday, 05 May 2016 04:51 AM
අපේ චන්දය අරන් මේ මහත්තුරු කරන හරියක්. බටහිර රටවල සුද්දෝ කොච්චර හොඳද කියල හිතෙනවා. ඒ මිනිස්සු අඩුම තරමේ අන් අයගේ මත වලට ඇහුම්කන් දෙනවා. සමහරවිට සුද්දෝ අපේ රට පාලනය කලානම් මීට වැඩිය හොඳ තැනක් අපට තිබෙන්නට ඇතිය කියල මට දැන් හිතෙනවා. (ර)