මාතර හා වැලිගම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තිහකට අද සිට සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් තිදෙනා බැගින් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය.
මේ අනුව රතු හා කොළ කොඩිද, රන්තෑරුම් ද සමග සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෝ 92ක් පැය අටේ සේවා කාලයකට යටත්ව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට යොදවනු ලැබ සිටිති.
එක් අයකුට රුපියල් 7500ක දීමනාවක් ගෙවන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සිවිල් ආරක්ෂක සාමාජිකයන් යොදවනු ලැබ සිටියට මදි. ඒ අයට අව්වට වැස්සට ඉන්න කුටියකුත් දෙන්න. මොකද දවසම පාරට වෙලා ඉන්න බැහැනේ. එයාලත් මනුස්සයෝ. තනි මාර්ගයක් නිසා එකවර දුම්රිය 2 එන්න නැහැනේ. එවිට එයාල හොදින් කාර්යය කරගෙන යයි (නි)
බොහොම හොඳ වැඩක්. දැන් තියෙන්නේ රියදුරු මහතුන්ගේ වැරදි හදන එක තමා. පාරේ අනෙක් තැන් වලදී අපේ ජනතාව ආරක්ෂා කරගන්න. කහ ඉරි නැති තැන්වලත් ඒවා ඇන්දා නම් තමා හොඳ (නි)
මාසේ අන්තිමට අතට ඉතුරු වූ මුදල ලෙස රුපියල් 5000 ක් ඉතුරු වෙනවා. ඇමතිතුමා, මේකෙන් අපි මොනවද කරන්න ඕනෑ? (නි)
ඔතන ඉදන් ස්වයං රැකියාවක්වත් කරගන් බලන්න (නි)
නැ එහෙම ස්වයං රැකියාවක්වක් කරන්න ගියොත් තමන්ගේ රාජකාරිය අමතක වෙනවා. පාරිබෝගිකයොත් වැඩිවන විට කරගන්න බැරි වෙනවා. ඔඋන්ට දෙන වැටුප එම පුද්ගලයාගේ නිවසේ අයට ජීවත් විය හැකි ආකාරයේ වැටුපක් කරන්න. ඔවුන් අපට හා රටට ලොකු සේවයක් කළා යුද සමයේ. අප එය අමතක නොකළ යුතුයි (නි)
හා හා ... මට බොහොම සතුටුයි. එදා මම කල යෝජනාව හරිගිහිල්ලා. මම යෝජනා කලේ ගේට්ටු දැම්මත් මිනිහෙක් තියන්න ඕනෑ නිසා දැනටම රතු කොඩියක් සමග මිනිහෙක් තියමු වාහන නවත් වන්න කියලා. (නි)
තව ටික දවසකින් සේවය ස්ථිර කරන්න කියලා වර්ජනය කරාවිද?(නදී)
ඉතාම හොඳයි. ඔහොම යනකොට තව පඩිය වැඩි වේවි (නි)