අනාරක්ෂිත දුම්රිය ගේට්ටු සවි කිරීමට සඳහා රුපියල් කෝටි 64.3ක් වෙන් කළ බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි.
ගේට්ටු 486කින් භයානකම අනාරක්ෂිතම ගේට්ටු 159ක් අලුත්වැඩියා කිරිමට නියමිතය.
අමාත්‍යංශයේ මේ තීරණය පැසසුම් කටයුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන් කලාට මදි. ඔය පැලවෙන මුල්ගල් එහෙමත් තියෙන්නේ.මේවා ක්‍රියාත්මක වෙයිද.(අ)
ලෝකේ අනෙකුත් රටවල් අනතුරුවීමට කලින් එය හදුනාගෙන ඒ සදහා ස්ථිර පිළියම් යොදවයි. ලංකාවේ අනතුරු බොහෝ ප්‍රමාණයක් සිදුවී ජීවිත බොහෝ ප්‍රමාණයක් අහිමිවී, මිනිසුන් පාරට බැස කෑ ගැසූ පසු පිළියම් යොදවයි. නමුත් මෙම පිළියම් කොපමණ කාලයකටදැයි අපි නොදනිමු. ලංකාව එදත් එහෙමය අදත් එහෙමය මතුවටත් එහෙම්මමය. (නි)
ගේට්ටු දැම්මට මදි. කෝච්චි වෙලාවට යනවද කියලත් හොයලා බලන්න ඕනෑ (නි)
ලක්ෂ 40යි. අනේ රැවුලත් ඕනෑ කැදත් ඕනැ, ලංකාවේ ඉන්ජිනේරු මහත්මයා කියපු ගානට වඩා හුගක් වැඩියි.ජනතාව බ්ලැක්මේල් කරනවා වගෙයි ගණන් ටික දැක්කම.උබලට ඕනෑ නම් හදන්නම්, හැබැයි මෙච්චර මුදලක් යනවා කියනවා හා සමානයි.අපි හරිම පව්කාරයන්.කෝටි65කට මුළු ලංකාවේම ගේට්ටු පද්ධතියක් සැදිය හැකියි. (නි)
අපේ රටේ මේවා හදන අයට කියලා මේවා අඩු මුදලට හදාගන්න සැලසුම් කරගන්න. එහෙම වෙනකොට නැති බැරී අයට සල්ලි ටිකක් ලැබෙනවා. (නි)
එක ගේට්ටුවකට දල වශයෙන් 1323,000/=ක්... ඇත්තටම එච්චර වෙයිද? (නි)
මේ සල්ලි කන්නේ නැතුව හරියට යෙදෙව්වා නම් මේකෙන් හදන ගේට්ටු හොඳ සුපිරි තාක්ෂණයෙන් යුතු ඒවා වෙන්න ඕනෑ. බලමු කොයි විදිහේ ඒවාද කියලා???? (නි)
හොඳ වැඩක්... එහෙත් මේකෙන් කීයක් සාක්කු වලට යයිද දන්නේ නැහැ. (නි)
ඕනෑ මෝඩයෙක් වුනත් දන්නවනේ ගේට් එකකට යන වියදම. (නි)
මීට වඩා අඩු මුදලකට හදන්න පුළුවන් ගේට්ටුවක් ලංකාවේ මහත්මයෙක් හොයාගෙන තිබුනා නේද? මෙච්චර මුදලක් නාස්ති කරන්න යන්නේ මොන අපරාදයක්ද? ඕවා අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. (නි)
එක ගේට්ටුවකට 139000ක්? මේ ලංකාවේද? (නි)
දුෂණය.. දුෂණය,, දුෂණය.. ****** පක්ෂ පෝෂණය ද ? (අ)
විනාශ වෙන ජිවිත වල වටිනාකම ඊට වඩා අඩුද (දී)
ගේට්ටු කොහොම උනත් සාක්කු වලට වාසනාවන් (ත)
මේ වැඩේ මීට කලින් කලානම් ජීවිත කීයක් බේරගන්න තිබුනද? මේකේ කොන්ත්‍රාත් එක් පුසිද්ද ගැසට් එකක් මගින් කළොත් හොදයි. නැතිනම් පාරවල් කාපට් කෙරුවා වගේම තමයි. රුපියල් පන්දාහකින් වැඩේ කරලා එක ගේට්ටුවකට ලත්ෂ පනහකවත් බිලක් දමයි.(නදී)
හොද ගානක් හම්බ කරගන්න පිළිවන්. මේ විදියට තමා වැදගත් විදියට ගසා කන්න ඕනා. එකෙන් කාටවත් ලැජ්ජාවක් වෙන්නේ නැහැනේ. මෙයාල තමා වැදගත් හොරු කියන්නේ.(නදී)
මෙයට අවංක සාදාරන නියෝජිතයන් පත්කරන්න.ඒ අතරින් ගසාකන අය බලන්න අවංක සාදාරන කොමිසමක් පත්කරන්න. (නි)
මම හිතන්නේ කවුරුවත් මේකට යන ගාන ගැන හිතුවේ නැහැ වගේ.ගේට්ටු 486 ක් නම් එකකට ලක්ෂ දහයක් ගනනේ මොවුන් වියදම් කරන්න හදන්නේ. ගේට්ටු 159ක් ට නම් එකකට ලක්ෂ 40ක් ගානේ දාලා තියෙනවා. රත්තරන් වලින් ද ගේට්ටු ගහන්නේ? කරන වැඩේ ඉතාම හොඳයි. ඒත් මේ සංවර්දනයට යොදන්න පුළුවන් සල්ලි නේද? (නි)
දැන්ද ඇස් ඇරුනේ..?දැයට කිරුල වාගේ ප්‍රදර්ශන වලට වියදම් කරපු මහජන මුදල් ඕවගේ දේකට යොදවන්න තිබුනනේ..? (අ)
ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුයුක්ත කර සිටි ඉංජිනේරු වරයෙක් ,විදුලි, සූර්ය බලයෙන් ක්‍රියා කරන දුම්රිය ගේට්ටු සම්බන්ධව පුවත් පතක පලවී තිබුනා.කාගෙන් හරි කමක් නැහැ , කඩිනමින් ,කාලයක් පවතින ලෙඩ නැති ,ගේට්ටු , දුම්රිය එන්ජින්,පෙට්ටි පරිත්‍යාග කල රටවලින්ම මිලදී ගැණීම කලොත් ඒ අය වගකීමක් දරයි. (අ)
කාලයකින් අහන්න ලැබුන හොඳම ප්‍රවෘතියක්. (අ)
හෙජින් නිසා ස්ටෑන්ඩඩ් චාටඩ් එකට ගෙවූ මුදල රුපියල් කොටි 700 (අ)
ඒකනම් හොද වැඩක් ටව මිනිස්සු මැරෙන්න ඉස්සෙල්ල (අ)
බොහොම හොඳයි රැකියා විරහිත උපාධිධාරියන් පත් කළොත් හොඳයි (අ)
අඩන්න ඕනෑ කිරි එරෙන්න, හැප්පෙන්න ඕනෑ ඇස් ඇරෙන්න (නි)
අප්‍රිකානු රටකට අපි ඩොලර් කෝටියක් තෑගි දුන්නු එකේ ඕකත් ලොකු මුදලක් නොවේනේ.දෙයියනේ කියලා ඔය ගේට්ටු ටික සවි කරන්න. (නි)
දුම්රිය පාරවල් වල අනාරක්ෂිත ගේට්ටු සවිකිරීම සදහා වෙන්කළ මේ මුදලින් 50% වත් ගේට්ටු සදහා වියදම් කරයිද දන්නේ නැහැ (දී)
රජයට කෝටියක් කියන්නේ කජු ඇට කොස් ඇට වගේනේ. ඒ කියන්නේ එක ගේට් එකකට ලක්ෂ කීයක් වැය කරනවද? (නි)
ඉම්තියාස් මහත්තයෝ නුබට බැරිද ඒ රස්සාව කරන්න, අනුන්ව පත් කරන්න කලින්. (අ)
ලොකු දෙයක්. කෝටි 64ක් වගේ ද මිනිස් ජීවිතවල වටිනාකම? (නි)
වැඩේ නම් හොඳයි ! හැබැයි මේකෙන් කීයක් කොමිස් තිබෙනවද දන්නෙ නැහැ (නි)
අර මාතර මනුස්සය හදපු සූර්ය බලයෙන් ක්‍රියා කරන ගේට්ටු කීයක් මේ මුදලට ගෙනත් සවි කළ හැකිද? හැබැයි කොමිස් ප්‍රමාණය අඩු වෙනවා. අනේ, අවශ්‍ය කොමිස්ගාන තියාගෙන ඒ මනුස්සයාගේ ගේට්ටුව සවි කරන්න. එතකොට සල්ලි ටික රටේ ඉතුරු වෙනවානේ. (නි)
ෂා... එක ගේට්ටුවකට රුපියල් ලක්ෂ 40 ක්. මේ ගේට්ටු හැදුවම සුපිරියටම තියෙයි එහෙනම්. ජපානෙවත් නැතිවෙයි මේතරම් ඉහල තාක්ෂණයක් සහිත ගේට්ටු (නි)
ලක්ෂ 40ක් එක ගේට්ටුවකට? මේවා අපේ බදු සල්ලි නේද? මේ ගැන මම දන්නේ නැහැ. කරුණාකරලා ඉංජිනේරු මහතෙක් මේක බලනවා නම් මට කියලා දෙන්න ඇත්තටම මේ තරම් යනවද කියලා. (නි)