රතුපස්වල ගම්වාසීන් හා හමුදාව අතර පෙර දින ඇති වු ගැටුම පිළිබදව තොරතුරු සොයා බැලිම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (02) වැලිවේරියට පැමිණියේය.
එහිදී ජනතාව සමග කතා කළේය.
වැලිවේරිය පොලිසියට පැමිණි වික්‍රමසිංහ මහතා වැලිවේරීය පොලීසියට ගොස් බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේසානායක මහතා සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් හමුවේ සාකච්ඡාවක්ද පැවැත්විණි.
පසුව මාධ්‍ය හමුවේ දහස් දැක්වු වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඇති වු තත්ත්වය පිළිබදව සිය කණගාටුව පළ කරන බවත් මේ පිළිබදව ස්වාධින පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් රජයට පවසන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි සාකච්ඡා කරන බවද කීවේය.සාමාන්‍ය ජනයාට මේ තත්ත්වය සමතයකට පත් වන තුරු කළබල නොවී සාමකාමීව හැසිරෙන්නැයි ද වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.
මේ අතර මින් මද වේලාවකට පෙර වැලිවේරිය නගරයේ මාර්ග බාධක ඉවත් කළ හමුදාව වාහන ගමනාගමනයට ඉඩ සැළැසීය.
පෙරදින සිට වැලිවේරියට ඇතුළු වන මාර්ගය වසා තිබිණී.තැන තැන ගල් ගොඩවල් ,දැව හා ටයර් පුළුස්සා තිබු අතර ගස් කපා හරහා දමා කොට හරස් කැර තිබුණේය.
මාර්ග බාධක ඉවත් කරන්නට පොලීසියද සහය දක්වන අයුරු දකින්නට ලැබිණි.
ගමනාගමනයද යථා තත්ත්වයට පත් කැර තිබිණි. හමුදාව හා පොලීසිය වැලිවේරියේ ආරක්ෂාවට රදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාව යැව්වේ හරියටම ඇත්ත තත්වය බලාගෙන එන්න ...කවුරුත් එතුමාට බනින්න එපා....මොකද එතුමා තරම් විශ්වාසවන්ත පුද්ගලයෙක් ආණ්ඩුවට නැහැ (ස)
රනිල්ව අපේ අය එදත් මඩ ගැහුවා. අදත් මඩ ගහනවා. දැන් පේනවා නේද රටට වෙලා තියන දේ. (නි)
රටේ ජනතාවට දැන් ඕනෑ ජනතාව අතරින් එන පක්ෂ නායකයෙක්. එහෙම වුණොත් මේගොල්ලෝ දිනයි . එහෙම නොකෙරුවොත් හැමදාම පරාදයි (නි)
සමහරවිට අර උද්ගෝෂණය වෙලාවේ මෙතුමා ගෙන්වලා කතාවක් පවත්වන්න දුන්නා නම් මිනිස්සු ටික නුවර පාර අතහැර යන්නත් තිබුණා. එහෙම වුණා නම් මෙපමණ කරදර වෙන්නේ නැහැ (නි)
සිද්ධිය ගැන පරීක්ෂා කර බලන්න යන්න ඇති. (නි)
මෙතුමා කලින් ආවා නම් සමහරු කියයි වාසි ගන්න ආවේ කියල.අපේ මිනිස්සු කවදාවත් හදන්න බැහැ. (නි)
තමන්ටත් යමක් කරන්න පුළුවන්ද බලන්න එන්න ඇති (නි)
ඡන්දයකුත් දැන් අත ළගනේ... (නි)
විපක්ෂ නායකයෙක් මෙහෙම යන එක බොර දියේ මාළු බෑමක් වෙන්නේ කොහොමද. කෝපි බොන්න රජ වාසලට යන්නද කියන්නේ. 88 89 කාලේ බොර දියේ මාළු බාපු ලොක්කෝ ගැන ඔහේලට මතක නැති වුනාට අපිට මතකය හොඳට තිබේ (ස)
සමහරු දැන් කියනවා රනිල් ඡන්ද ටික ගන්න ගියා කියල.අත්කොට ඔය සිදුවීමට කලින් ඔය ස්ථානයට ගියානම් ඔය කටවල් ටිකම අනිත් අතට කියනවා රනිල් තමයි මිනිස්සුන්ව කුලප්පු කරේ කියල.කට මැත දොඩවන සියලුදෙනාගෙන් ඉල්ලන්න්නේ බත් කන කටින් අසුචි නොකා කාටවත් කඩේ නොයා නිවැරදි දේ වෙනුවෙන් හඩක් නැගීම මොනතරම් යහපත්ද මදක් සිතන්න (ස)
ධමිමික ඔබ හරි; ලංකාවෙ මෙවගේ මොටිටයෝ ඉන්න හින්ද තමා දේශපාලඥයෝ බය නැතුව ඕන ජරා වැඩක් කරන්නේ. (ස)
රට ගැන නොහිතන මිනිස්සු නිසයි රටට මේවා වෙන්නේ (නි)
මෙතුමාව යැව්වේ කව්ද කියලා අපි දන්නවා. කවුරුත් බනින්න එපා ඉතින්!! බැනලා වැඩකුත් නැ.. (ස)
මේ අදහස් කියවන කොට තමයි තේරෙන්නේ ලංකාවේ පුරවැසියන් නොමැති බවත් ඉන්නේ යටත් වැසියන් බවත් ය . මේ සියලුදෙයට වගකිවයුතු පුද්ගලයට කඩේ යන ගමන් විපක්ෂයට බැනවැදීම ඉතා අගනේය (අ)
අහිංසක මිනිස්සුන්ට ගහපු එක හොඳ ද මේ මනුස්සය ගිය එක තමා දැන් වැරැද්ද වෙලා තියෙන්නේ හැමෝටම. (අ)
ඔය කතාව කිව්වේ නිදිමතේ නම් දෙනවත් අඑහේ අඑරලා බලන්නකෝ? (ස)
දැන්නම් හැමෝම එනවා (අ)
රනිල් මහත්තයට දොස් කියන නිවට අයට මේ කියන්නේ. දේපාලන වසෙන් මාත් රනිල් මහතාට කැමතිනෑ මිනිස්සුන්ට සන්සුන් වෙලා ඉන්න කියන එකෙන්ම පේනවා මෙතන දේශපාලන වාසියක් ගන්න ගිය ගමනක් නෙවේ කියලා . (ස)
ලිදේ වතුර නරකනම් ගගට යනවා මිසක් උද්ගෝසන කරනේ ඇයි. හමුදාව ගත්ත තීරණය හරි .හමුදාවට මගේ ආචාරය . (ස)
මේගොල්ලන්ට ගියත් වැරදි නොගියත් වැරදි... කලත් වැරදි නොකලත් වැරදි... බැරි වෙලාවත් රනිල් ආවේ නැත්තම් කියයි කෝ මේ මනුස්සයා පැත්ත පළාතේ ආවේ නැහැනේ කියල.(අ)
රතුපස්වල විජයග්‍රහණයට උරදුන් වීරෝධාර රණවිරුවන් සියළු දෙනාට අපගේ උපහාරය. චිරං ජයතු. (නි)
මේ තත්වයට රට පත් වුණට කවුද වගකියන්න ඕනෙ. එයාලග හඬක්නැගිය කෙනෙක් හිටියනන්, කරන්න පුලුවන් හැම හිරිහැරයක්ම කරල අනික්පැත්තට පැන්නුවා. (අ)
බන්දුල, ඔයා නම් හරිම මෝඩයෙක් (නි)
මේවා දෙස බලා අපි හිනාවෙමුද? අඩමුද? (නි)
අපේ රටේ මිනිස්සුන්ට දැන් හරක්ට එළුවන්ට තියෙන අයිතියවත් නැහැනේ (නි)
මේකේ අදහස් පළකරපු සමහර උදවිය මේ ගමන ගැන විහිලුවකට හා දේශපාලන වාසි ලබා ගන්න ගිය ගමනක් ලෙස හදුන්වන්න උත්සාහ කරනවා.අපේ රටේ බහුතරයක් හට හරි වැරැද්ද තෝරාගන්න බුද්ධියක් නැහැ.මෙහෙම ප්‍රහාරයකට අණ දුන්න කෙනා අද ආවා නම් අද පිළිගන්නේ මල් මාලා දාලා.මේකේ අදහස් වැටෙන්නේ ජාතික වීරයා ආවා කියලයි. ඉතින් මේවා ඇහෙද්දී පෙනෙද්දී අපිට හිතෙන්නේ මිනිස්සුන්ට ඔහොම වෙලා මදි කියලයි. කොල්ලෙක් නැති වුණා නිරපරාදේ. ඒකට අපට නම් දුකයි (නි)
මෙතුමා නොගියා නම් හොදයි (නි)
අපේ අයට රනිල් කියන්දෙය තෙරුගන්න තරම් මොලයක් නෙතිඑක ගැන දුකකි (දී)
රනිල් කියන්නේ වැදගත් නායකයෙක්,නුගතුන් හැමදාම ඔහුව තේරුම් ගත්තේ නැහැ,
ජාත්‍යන්තරයට ගෙනි යයි දැන් (දී)
".සාමාන්‍ය ජනයාට මේ තත්ත්වය සමතයකට පත් වන තුරු කළබල නොවී සාමකාමීව හැසිරෙන්නැයි ද වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය." මේ අදහස් වලින් මේ රනිල්ට කතා කරන කවුරුත් මේක දැක්කේ නැද්ද ,, ඔබ තුමා දිනුවත් පැරදුනත් ඔබගේ ක්‍රියාව කතාව ශේෂ්ටය .. (දී)
රනිල් මහතාගේ වටිනාකම මේ මෝඩයන්ට තේරෙන්නේ නැති හැටි. (අ)
මරණයකුත් වුණාට පස්සෙනේ ඔබතුමා ඇවිල්ලා තිබෙන්නේ (නි)
මහත්තයත් ආණ්ඩුවට එකතු වෙන්නකෝ (නි)
මෙතුමා ජනතාවට කිවේ "සන්සුන් වන තරමට පිළිතුරු සෙවීම පහසුයි කියා", ඒක හරි.(අ)
මෙතුමන්ට බනින එකනේ සමහරුන්ගේ විනෝදාංශය(දී)
තරංග සම්පත් මට පෙන්නේ ඔබ තාම පොඩි කොල්ලෙක් වගේ.
විපක්ෂ නායකතුමා අසිරිබර සිරි ලංකාවේ සිටියේ නැද්ද? මේවට ඔබතුමන්ලත් වග කියන්න ඕනෑ (නි)
ද සිල්වා ,ලෙස්ලි ලෝව්, අගයමි ඔබේ අදහස්. (නි)
ඔබතුමා රතුපස්වල ගිය එක හොඳයි, මොකද ගමට කර්මාන්ත ගෙන ආවේ ඔබතුමාලා නිසා. හැබැයි එදා කරපු වැඩේ හොඳයි. රැකියා,ආර්ථිකය,ප්‍රදේශ වැඩි දියුණු වුණා. දැන් දැන් ඒවායේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ජනතාවට අහිතකර විදියට. ඒකයි සැබෑ වෙනස.පරිසර දුෂණය ඉහවහා ගිහින්. මෙම කම්හල් වලින් ඉවත දමන සියල්ල ව්‍යාපාරිකයින් පිරිසක් මුළු බියගම ආසනය පුරාම රැගෙන යනවා. යම්තම් පාවිච්චියට ගන්න පුළුවන් ඒවා දේශීය වෙළඳ පළේ විකුනනවා. ඒවායේ විෂ රසායනිකත් ගම පුරා මෙමගින් ගෙන යනවා. ඉතිරි රබර් කෑලි ගම පුරාම ගොඩ ගහනවා. පාලු වතුවලට, පුරන් කුඹුරු වලට, ඇළ මාර්ග වලට ගෙනගොස් දානවා. පරිසරයම විනාශ වෙනවා. මේ ගැනත් බලධාරීන් දැනුවත් කරන්න පියවරක් ගන්න. (නි)
කුමක් සදහා පැමිණියේදැයි මම නම් හොදාකාරව දනිමි (නි)
මෙතුමා ඇයි මෙතන? (නි)
ඔය සිදුවිම ඉතාම කණගාටුදායකය. (ස)
අවස්ථාවාදී රනිල් ගේ කිඹුල් කදුළු. (ස)
එක්කෙනෙක් මැරුවට පස්සෙවත් ඔබතුමා ආපු එක හොඳයි. මීට වඩා ජනතාව වෙනුවෙන් කැපවෙන විපක්ෂයක අවශ්‍යතාව ජනතාවට ඇත. අද මෙරට ජනයා අසරණයි. අම්මා තාත්තා නැති දරුවෝ වගේ. (ස)
වෙඩි වැදී දෙන්නෙක් මියගියාට පස්සේ ඒ ලෙයින් ජලයේ ආම්ලිකතාවය අඩුවී භාස්මිකතාවය වැඩිවී ප්‍රශ්නය විසඳීමට බලදරු නෙත් පැදේවා !!! (ස)
රනිල් මහත්තයෝ මෙතන හදිසි නිතිය නැති අවස්ථාවක වෙඩි තැබීම බරපතල වරදක් .මේ ගැන තදින් ක්‍රියා නොකලොත් ඔබතුමාගේ විපක්ෂ නායක කමෙන් වැඩක් නැහැ . (ස)
දැන්ද මෙයාට ඇහැ ඇරුණේ. ...ඔක්කොම කපටි රැල. (ස)
රනිල් මැතිදුනි සාටකයේ ශාපයෙන් දේශය ගලවා ගන්න.. (ස)
මේ ආමි එක ගහන කොට ඔබ තුමා අරලියගහ මන්දිරේ කෝපි බිබීද හිටියේ පස්සේ ගිහිල්ල පලක් නැ (ස)
ආණ්ඩුවේ මිනීමරුවො වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තියනකම් ඔබතුමා කොහෙද හිටියේ ?(ස)
එයා යන්නේ නරඹන්න . ඔන්න දැන් එයාට කතා කරන්න මාතෘකාවක් තියෙනවා. පක්ෂේ ඇතුලේ ප්‍රශ්න විසදගන්න බැරි මෙයා කොහොමද ගමක ප්‍රශ්න විසදන්නේ?. (ස)
විපක්ස නායක තුමනි අශ්වයා පැන ගියාට පසු ඔබ අශ්වයා බෙටි දැමු තැන පිළිබඳව සොයා බලන්න අවා වෙන්න ඇති, ඔබේ දේශපාලනය නිසා ශක්තිමත් විරුද්ධ පක්ෂයක් නැති රටේ රජය කරන මේ අමානුෂික ක්‍රියාවන්ට මුහුණදීමට ජනතාවට සිදුවී ඇති බව කණගාටුවෙන් ප්‍රකාශ කරන්න සිදුවිය.
රනිල්ට වඩා ගෝඨාභය මහත්මයා කෙරෙහි මිනිස්සු ලොකු විශ්වාසයක් තබා තියෙනවා. එතුමා වැඩිය කතා නොකර 'ක්‍රියාවෙන්' දේවල් කරන කෙනෙක්. (ස)
අපට මතකයි කටුනායක ප්‍රස්නදී මිනිස් ජෙවිත බිලි දුන්න හැටි (ස)
ඇහැරෙන්න එක්කෙනෙක් නැතිවෙන තුරුම සිටියද. මට මතකයි මේ පක්ෂය බලයේ සිටි කාලයේ කුවෛට් ගිය ඇමති කෙනෙකුට අපේ දුක ගැනවිලි කියපු වෙලාවේ, ඇහුවේ කරන රස්සාව නැතිකරගන්න කැමතිද කියල. (ස)
බොරදියේ මාළු බාන්නට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතුය. එසේ වුවහොත් වන්නේ ජීවිත පරිත්‍යාගයෙන් දින ගන්න ඉල්ලීම් දේශපාලන කුණු ගොඩට වැටීමය. (ස)
සැබෑ නායකයෙක්... වෙන කෙනෙක් නම් කියන්නෙ මිනිස්සුන්ට තවත් කලහකාරී වෙන්න කියලා දේශපාලන වාසි ගන්න.... (ස)
රනිල් දැන් සාකච්චා කරන්න ගියාට ප්‍රමාද වැඩියි , හරිනම් මේ ගැන හොයන්න තිබුනේ දැනට දින 3-4 ඉස්සෙලා , අපේ රටේ වැඩි වන බඩු මිල ජනතා ප්‍රශ්න වලට විපක්ෂයත් වග කිව යුථුඉ , ආණ්ඩුව ඒකාධි පති පාලනයකට සැරසෙන්නේ ශක්තිමත් විපක්ෂයක් නැති නිසඊ, ජනතාවට සාධාරණයක් ඉටු නොවන බව පෙන්නෙන කොට ජනතාව නිතිය අතට ගන්න බලනවා එතකොට තමඊ මේ විනාශය සිදු වෙන්නේ , කරුණාකර ඔබතුමා ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්න පුළුවන් ශක්තිමත් ජනතා පදනමක් ඇති ශක්තිමත් නායකයෙකුට පක්ෂය භාරදෙන්න , නැත්නම් ජනතාව කුපිත වී ඔබතුමාට පහරදෙන දිනය වැඩි ඈතක නොවෙයි . මිය ගිය සහ තුවාල ලැබූ අයට මගේ කණගාටුව පලකරන අතර මේ ප්‍රහාරයට අණදූපු පුද්ගලයන්ට මම අනුකම්පා කරනවා. (ස)
වැඩ සිද්දවුනේ ඇත්තටම මේ ප්‍රවෘත්තියේ කියවෙන ආකාරයට නම් රනිල් නියම ජනනායකයෙකු ලෙස ඉතාම බුද්ධිමත්ව කටයුතු කලබව කිව යුතුයි. (ස)
මේ ලොකුම පිස්සා. (ස)
චතුල වෙරෝනා දෑන්ද ගිහින් තියෙන්නෙ, දෑන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවර වෙයි අනේ මහෙමත් රටක් (ස)
මැරුණ ගාන අඩු මොකද බලන්න ගියා වෙන්නැති. ඒ කාලේ ලක්ෂ ගනන්නේ කොල්ලෝ මැරුවේ. (ස)
වාහනය ලෙඩ දීපු නිසා වෙන්න ඇති කලින් එන්න නොහැකි වෙන්න ඇත්තේ (නි)
පිටිගල-මිලානෝ,වැඩිය කතානොකර ක්‍රියාවෙන් කරවපු දේ පේනවා නේද? ඔය ආවැඩීම දැන්වත් නවත්වන්න. (නි)
කටුනායක සිද්ධිය, ධීවරයින්ගේ තෙල් අර්බුදය, වැලිවේරියේ ප්‍රශ්නය යන තුනම අවසන් කළේ වෙඩි උණ්ඩයෙන් නේද? මේක ප්‍රජාතන්ත්‍රවාදයද? (නි)
දැන් ප්‍රමාද වැඩියි මහත්තයෝ (නි)
එතුමා ලංකාවේ දෙවැනි පුරවැසියා.වැලිවේරියේ ජනතාවනි, ඔබගේ ප්‍රශ්නය එතුමාට කියන්න (නි)
මේ රටට මේ වෙන දෙයට වගකියන්න ඕනෑ කවුද? (නි)
මොකද මේ බර ආයුධ ගෙනල්ලා තිබෙන්නේ? අනේ ලංකාව ! (නි)
බොහෝ දෙනා මේ ගැන නිශ්ශබ්ද මන්ද? (නි)
අනේ රනිල් මහත්තයෝ, මොකද ඔය කරන්නේ? (නි)
එතුමා කියලා තිබෙන දේ කියවලා ඔබගේ අදහස් ලියන්න. එතුමා කියලා තිබෙන දේ හරි. ඒ ගැන අපි එතුමාට ප්‍රශංසා කළ යුතුයි. (නි)
ඔන්න ගියා මළ මිනී උඩින්ද ඡන්ද ගන්න. ඔච්චර ජනතාවට ආදරේනම් මීට කලින් යන්න තිබුණා. කරුණාකර මේ අහිංසක මිනිස්සුන්ව දේශපාලන අතකොලු කරගන්න එපා. (ස)
කෝපි කෝප්පයක් එහෙම එපාද දන්නේ නේ මෙයාට ... (ස)
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ පුතුනේ ලේකිරි දුන්උන් ලේත් උරා බී ලේ කළඳක් වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට වින කෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී ගේ දොර කන කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී (ස)
එතුමා හැමද ප්‍රමාදයි හරියට අර හින්දි ,දෙමල ෆිල්ම්ස් වල දුෂ්ටයව මරල ඉවර උනාට පස්සේ පොලිසියෙන් එනවා වගේ (ස)
එකෙක් මළාට පස්සෙයි සේරගේම ඇස් ඇරිලා තියෙන්නේ. මේ සේරම නාට්‍ය සංදර්ශන විතරයි. (ස)
මෙයා එන්නේ ලකුණු දාගන්න. මෙයාට ලංකාවේ පොඩි මිනිහා ගැන කිසිම හැගීමක් නැ. මෙයා උසස් පැලැන්තියේ කෙනෙක්. කිසිම දවසක ලංගම බසයක ගිහිල්ලා නැතුව ඇති.(ස)
වේලාසන ආවනම් දේශපාලන වාසි, නැත්නම් ජනතාව සමග එකතු වෙලා බටහිර කුමන්ත්‍රණ කරමින් දේශප්‍රේමී ආණ්ඩුව පෙරලන්න හදනවා කියයි. මෙච්චර දෙයක් වෙලත් ආණ්ඩුවට එක වචනයක් නොකියන ජනමාධ්‍ය මේ වගේ [ ගැටුමන් පසු ... ] දෙයක් දාල බලාපොරොත්තු වන්නේ දිගට හරහට අපිට කියල රනිල්ට බැන්නල ආණ්ඩුවට ලකුණු දාල දීමද ???? (ස)
එයාට මතක් වෙන්නේ හැමදේම සිද්ද වෙලා අවසන් උනාම (ස)
පළාතේ ප්‍රශ්නයකට විරෝධය පාමින් හිටපු සාමාන්‍ය මිනිසුන්ට කල හමුදාවේ අනවශ්‍ය වෙඩි තැබීම සහ එම නිසා සිදු කල ජීවිත විනාශය හෙලා දකින්නවත් මෙතුමාට බැරි වීම කණගාටුදායකයි. (ස)
රටේ ජනතාවට නොතේරුනාට මෙතුමා උගත් බුද්දිමත් නායකයෙක් (ස)