මඩකලපුව වෙල්ලාවලි මන්ඩුර් තිත්කෝඩ් යන ප‍්‍රදේශවල මිනිස් ජිවිත බිලි ගනිමින් දේපල වලට හානි කරමින් සිටි ගැටයා නමැති තනි අලියා අල්ලා ගැනිමට අද (10) වනජිවි නිලධාරිහු සමත්වූහ.
නැගෙනහිර වනජිවි ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර සහ පොලොන්නරුව වනජිවි ඒකකයේ පශු වෛද්‍යය ප‍්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම අලියා නිර්වින්දනය කර අල්ලා ගැනිමට සමත්විය.
පසුගිය මාසයේ පමණක් මෙම ප‍්‍රදේශයේ මිනිස් ජිවිත 03 ක් බිලිගත් අතර මෙම අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙනියන ලෙසට ප‍්‍රදේශවාසින් විසින් පසුගිය දා විරෝධතාවයක්ද පවත්වන ලදි.
දින 03 ක පමණ කාලයක් අලියා පසු පස හඹාගිය වනජිවි නිළධාරින් ඊයේ රාති අලියාට නිර්වින්දන එන්නත ලබා දුන්නත් අලියා ජලය තිබෙන දූපතක් වැනි ප‍්‍රදේශයට ගිය බැවින් අද අලූයම සිට රැක සිටි වනජිවි නිලධාරින් වෙනත් ස්ථානයකදි අලියාට නිර්වින්දන බෙහෙත් දුන්නේය.
අල්ලා ගත් අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට කටයුතු කරන බව නැගෙනහිර පලාත් භාර වනජිවි අධ්‍යක්ෂක ඩී. එම්. විරසිංහ මහතා පැවසිය.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්
නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං
ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක
පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගැටයා අල්ලන්න අලි මෙහෙයුමක්