හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නීත්‍යානුකූලව සිටි බව කියන අලි පැටවුන් දෙදෙනා ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සන්තකයේ සිටි චරිත නම් ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති අතර චාරිකා නම් පැවටා හිටපු ජනාධිපතිවරයා විසින් සන්නසක් මගන් ලබාදී ඇත. තමන්ට මේ සතුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් යළි රජයට බාරදෙන බව හිටපු ලේකම්වරයා කී බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඔහුගේ මේ ක්‍රියාව පැසසිය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇතුන් වගේ සත්තු ගෙවල් වලට ගෙනල්ල හදන්නේ හීන මානයෙන් පෙලෙන අය. මෙයාලා ඒ කෙන් අපේක්ෂා කරන්නේ තමන්ට හිමි නැති ලොකුකමක් මිනිස්සුන්ට පෙන්නන්න. මේ වැඩෙන් හොදටම පැහැදිලියි දැන් උන්ව නඩත්තු කරගන්න විදියක් නැති බව. ඉස්සර ආන්ඩුවේ සල්ලි වලින් අලින්ට කන්න දුන් බව පැහැදිලීයි. එතකොට අර සුරතලයට හදපු මිනී මෝරුන්ට මොකද කලේ? (නදී)
මෙයා මේ බොරු බබා පාට් දාන්නේ. මම හොරකම් කරලා නෑ ඒක නිසා මගෙ ළඟ සල්ලි නෑ ඉතින් අලින්ව නඩත්තු කරන්න විදියක් නෑ කියලා රටට පෙන්වන්නයි මේ හදන්නේ.(නදී)
"තමන්ට මේ සතුන් නඩත්තු කිරීමට නොහැකි බැවින් ....." ඒ කියන්නේ කලින් නඩත්තු කලේ රජයේ වියදමින්? (නදී)
මේකෙන් හොඳටම තේරෙනවා මේ ගොල්ලෝ යන්න නෙවෙයි ඉඳල තියෙන්නේ කියලා. (නදී)
නඩු දැම්මට මේ මහත්තයාගේ නඩුව බරක් වෙන එකක් නැහැ (නි)
අලි කියන්නේ ජාතික වැදගත්කමක් තියෙන සත්තු ජාතියක්. එහෙම එකේ කාගෙවත් පුද්ගලික භූදලයක් හැටියට අලින්ව තියා ගන්න එක අපරාදයක්. පුංචි ලමයින් හරිම කැමති සතෙක් අලියා කියන්නේ. මේ ගැන තවත් විස්තර කියන්න බලන්න.(හේ)
අපි නම් ගොඩක් විස්තර දන්නවා (නි)
හොඳ බුද්ධිමත් තීරණයක් (නි)
එතකොට අර හුඹස් වල නාග පැටව් හදාපු අක්කත් පව්? (නදී)
දැන් සම්පත්ල කියන විදියට ඔක්කොම රට බේරා ගත්ත ඇත්තෝ එකම පවුලක. අනිත් මිනිස්සු ඒ ටික ඒගොල්ල කරන කන් ගෙදර බුදියාගෙන ඉඳලා (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමය. (නදී)
හොඳ තීරණයක් මැතිඳුනි. (ර)
සම්පත් ඇත්ත කොහොමත් තිත්තයි (දිල්)
පතිරණ, මිනි මෝරු ටික බන්දුල පෙරේරා හෙවත් යහපාල හදන්න භාර අරගෙනද දන්නේ නැහැ. මෙතන ඉන්නෙම අපිට දත් විලිස්ස ගත්ත ගමන් නේ. (නදී)
කොන්ඩෙ බැදපු චීන්නුන්ට මේ කතා හොදයි. මට වෙන ලියන්න දෙයක් නැහැ. බන්දුල පෙරේරාගේ හිටපු පාලකයෝ. (නදී)
ඒක හොඳයි නැත්නම් අපිට තමයි ගෙවන්න වෙන්නේ (බ)
එතකොට කලින් නඩත්තු කලේ රජයේ මුදල් වලින් ද ? (නදී)
මුදිතා, දැන්වත් මඩ ගහන එක නවත්වන්න. ඔයාගේ දෙමව්පියෝ ඔයාට නම දාල තියෙන්නේ ඔයාගේ චරිත ලක්ෂණවලට නෙවෙයි. ගෝඨාභය ඔයාල වගේ කාගෙවත් සල්ලිවලින් කන මනුස්සයෙක් නෙවෙයි. මේ රට බේරාගත්තු නායකයා. (නදී)
අපිට කියපු ලැම්බෝගිනියි බකිංහම් අශ්වයෝයි සී ෂෙල්ස් වල බැංකුවක ද දන්නේ නැහැ. (නදී)
කලින් නඩත්තු කලේ රජයේ සල්ලි වලින් කියන එකනේ ඔය කියන්නේ (නදී)
අලි නොදුන්නොත් නඩු වැටෙනවා. (නදී)
හත් දෙයියනේ, අලි පැටව් ඉන්න ඕනේ මව් ඇතින්න සමගනේ. වැඩියෙන්ම අලි මරපු සුද්දට හෙන ගැහුව එක මතක තියාගෙන කව්රු කව්රුත් අලි හොරු හිමින් සීරුවේම අලි ආපහු දීපල්ලා (නදී)
අයියා ආණ්ඩුවයි පක්ෂෙයි දෙකම බාර දුන්නා. මල්ලිට අලි පටියත් බර වෙලා. (නදී)
කොහොමද එක එක අයට ඕනෑ විදිහට රටේ දේවල් ගන්නේ ? (නදී)
දැන් අලියන් නඩත්තු කිරීමට මුදල් නැතිව ඇති. (නදී)
කටකතා වලට හොද පිලිතුරක්. ඔබ තුමන්ට සහ ගරු වසන්ත සේනානායක මැතිදුන්ට අන්තගාමි නොවන ජනතාවගේ උපහාරය. (නදී)
අම්මල එක්කල කැලේ හැදුනු අහිංසක අලි දරුවන් සන්නස් මගින් එක එක්කෙනාට භාර දෙන්න අලි තාතත්ලත් හිටපු රජයේ හිටියද? දැන් පෙනෙනවා නේද කැලේ අලි පැටවුන් සොරකම් කලේ කාගෙ අනුදැනුම ඇතුවද කියලා. තව කල් යනකොට විහාර දේවාල වල චුද මානික්‍ය හොරකම් කරපුවා, නිදන් හොරකම් කරපුවා, රෑ එළිවෙනකොට වල්ල පට්ට ගස් අතුරුදහන් වෙච්ච එව්වා, කටුගෙවල් වල රන් රිදී මුතු මැණික් සොරකම් කරපුව එහෙමත් සන්නස් පත්‍ර එක්කම එලියට එයි. අපට වැරදිලා දොරටුපාලකයටවත් ඔටුන්න පලන්දවලා තිබිලද වත් ද? (නදී)
මේවා බලයේ සිටිය කාලයේ කරේ රාජ්‍ය බලය නිත්‍යානුකුල කර ගනිමින්. ඔහුගේ සිතම ඔහුට දැන් කියනවා ඇති මෙම අලි පැටවා බාර දීම සුදුසුයි කියා (නදී)
අලි අනාථාගාරයෙන් නීත්‍යානුකූලව ගත්තේ කොහොමද - පින්නවලින් අලි පිටට දීම තහනම් නේද ? (නදී)