IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ රංගන ශිල්පිනියකට මඩ ගහන්න

2016-06-21-ent-04

2016-06-21-ent-07යොවුන් නිළි පබසරා මධුෂානි මේ දිනවල පුංචි තිරයේ නිතර දක්නට ලැබෙන චරිතයකි. දැනට විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම අප හමුවට එන ඇය මේ දිනවල කලා කටයුතුවලින් තරමක් කාර්යබහුලව ඇත. රංගන ශිල්පිනියක ලෙස මෙන්ම නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඇයගේ කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට "අද" සමග එක්කාසු වූ මොහොතකි මේ.

 

කලා කටයුතු සමග ගෙවෙන ජීවිතය ගැන කිව්වොත්?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයක් සඳහා දායකත්වය ලබාදීලා තියෙනවා. ඊට අමතරව "සුරදූතියෝ", "දේදුන්නෙන් එහා" සහ "අංගනා" කියන ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. තව ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා.

 

පබසරා පුංචි තිරයට පමණක් සීමාවුණු කෙනෙක්ද?

එහෙම නැහැ. වේදිකා නාට්‍ය සඳහාත් මම දායක වෙලා තියෙනවා. මොකද වේදිකා නාට්‍යවලින් තමයි මම ටෙලිනාට්‍යවලට ආවේ. ටෙනිසන් කුරේ මහත්මයාගේ වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිතය සඳහා දායක වුණා කාලයක්. ඊට පස්සේ තමයි ටෙලිනාට්‍ය සඳහා අවස්ථාව ලැබුණේ. ඊට අමතරව නිවේදිකාවක ලෙසත් දැනට කටයුතු කරගෙන යනවා.

 

වේදිකාවෙන් රංගන ක්ෂේත්‍රයට එන පිරිසෙහි අඩුකමක් තියෙනවා නේද?

එහෙම කියන්නත් බැහැ. අද ඉන්න නවකයන් ගොඩක් දක්ෂතා තියෙන අය. අපිත් එක්ක එහෙම ගොඩක් අය වැඩ කරලා තියෙනවා. වේදිකාවෙන් රංගනයට ආවද, නැත්නම් නිරූපණයෙන් රංගනයට ආවද එහෙමත් නැත්නම් නිවේදනයෙන් ආවද කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. මොකද දක්ෂතාව තියෙනවා නම්‍, ඒ වැඩේ හරියට කරනවා නම් ඒ කෙනා මේ මොන ක්ෂේත්‍රයෙන් හරි රංගනයට එනවා.

 

නවක පරපුර අභියෝගයක්ද?

නැහැ. නවකයන් අභියෝගයක් නෙමෙයි. ඕනෑම කෙනෙක් තමන්ට ලැබෙන චරිතයට අභියෝගයක් වෙනවා. නැතුව තව කෙනෙක් එක්ක අභියෝගයක් වෙලා වැඩක් නැහැ. තමන් අභියෝගයක් හදාගන්න ඕනේ තමන්ට ගැටෙන්න තියෙන චරිතයක් එක්කයි.

 

ලංකාව තුළ උචිත ටෙලිනාට්‍ය සංස්කෘතියක් ගොඩනැගිලා තියෙනවාද?

එහෙම හිතනවා. මෙගා ටෙලිනාට්‍ය ගත්තත් ඒ සඳහා වරදක් කියන්න බැහැ. මොකද මමත් මෙගා ටෙලිනාට්‍ය සඳහා දායකත්වය ලබාදීලා තිබෙනවා. මෙගා ටෙලිනාට්‍යවලත් හොඳ නිර්මාණ තියෙනවා. මෑතකදී මම දායක වූ "අංගනා" කියන ටෙලිනාට්‍ය කොටස් 100ක ටෙලිනාට්‍යයක්. ඒකට ඉහළම ප්‍රතිචාර ලැබුණා. තාමත් ඒ සඳහා ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මෙගා නාට්‍යද, කොටස් ටෙලිනාට්‍ය ද කියලා නැහැ. හොඳ කතා පිටපතක් තියෙනවා නම් මෙගාද කොටස්ද කියලා බේදයක් නැහැ. රසිකයන් ඒ දේ වැලඳ ගන්නවා.

 

නවකයන් බොහෝදෙනෙක් කරන චෝදනාවක් තමයි ප්‍රවීණයන්ගෙන් අත්වැලක් ලැබෙන්නේ නැහැ කියලා?

එහෙම කියන්න බැහැ. ගොඩක් ප්‍රවීණ අයගෙන් අතහිත ලැබෙනවා. ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඒ කතාව නම් සම්පූර්ණ වැරදියි. ඔවුන් අපිත් එක්ක කතා කරනවා. අපිට වැරදි අඩුපාඩු කියලා දෙනවා. ආඩම්බරකමක් නැහැ. නිහතමානියි. මම නම් අනිවාර්යෙන්ම ප්‍රවීණයන්ට ගරු කරනවා.

 

අතීතයේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සමාජය විසින් යම් කිසි ගරුත්වයක් ලබාදුන්නා. නමුත් අද වනවිට එය ගිලිහෙමින් පවතිනවා නේද?

මෙහෙමයි, තාම ඒ තැන තියෙනවා. ඒ වුණාට අපේ මිනිස්සු බොරු කටකතා හදාගෙන ලංකාවෙ කලාකරුවන්ට ගොඩක් වෙලාවට වෙබ් අඩවි ඔස්සේ අපහාස කරනවා. මොකද රංගන ක්ෂේත්‍රයට දිහානේ මිනිස්සු ගොඩක් වෙලාවට බලන්නේ. ඉතිං මම කියන්නේ අනිත් ක්ෂේත්‍රවලත් ජනප්‍රිය අය ඉන්නවානේ. ඒවලත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා. ඒ වුණාට කොයි වෙලෙත් චෝදනා නගන්නේ රංගන ක්ෂේත්‍රයේ පැත්තටයි. රංගන ක්ෂේත්‍රයෙත් හොඳ උගත්, වැදගත් ඉහළ තැන්වල රැකියා කරන කලාකරුවෝ ඉන්නවා. එක එක්කෙනා දකින විදිහත් එක්ක තමයි ඒ දේ තීරණය වෙන්නේ. ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ රංගන ශිල්පිනියකට මඩ ගහන්න.

 

සිනමාවට එන්න කැමැත්තක් නැද්ද?

සිනමාවට එන්න කැමැත්තක් තියෙනවා. මම චිත්‍රපටයක් කරා. නමුත් තාම ඒක පෙන්නුවේ නැහැ. ඒකත් එක්ක තමයි බලන්න ඕනේ සිනමාවේ මට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. ඒක නිසා තාම කියන්න බැහැ සිනමාවට මාව ගැලපෙනවාද කියලා මම දන්නේ නැහැ.

 

රංගනයෙන් දායක වූ චිත්‍රපටයේ අත්දැකීම ගැන කිව්වොත්?

චිත්‍රපටය කළේ ඩොනල් අයි ප්‍රනාන්දු මහත්මයා. ඒකෙ ප්‍රධාන චරිත සඳහා අනර්කලී, මේනකා රංගනයෙන් දායක වුණා. තරුණ පරපුරේ කට්ටියක් එක්ක තමයි වැඩකරන්න හම්බුණේ. ටෙලිනාට්‍යවලට වඩා ගොඩක් වෙනස්. ඒකෙ අත්දැකීමෙන් රංගන ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් වුණා.

 

ඉදිරියේ වැඩකටයුතු ගැන කිව්වොත්?

දිගටම රංගන ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මගේ නිවේදන කටයුතුත් මම මගඅරින්නේ නැහැ. නිවේදිකාවක් කියන දේටත් මම කැමති නිසා රංගන ශිල්පිනියක් කියනදේත් සමබරව යනවා.

 

මෙතරම් දුර එන්න අතහිත දුන්න පිරිසක් ඇතිනේ?

විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ නාලන් මෙන්ඩිස් මහත්මයාව. මොකද "අංගනා" ටෙලිනාට්‍යයෙන් තමයි පබසරා කියන නම ගොඩක් හැදුනේ. ඊට අමතරව නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාක් අය ඉන්නවා මට උදව් කරපු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ටෙනිසන් කුරේ මහත්මයාව. එතුමාගේ වේදිකා නාට්‍යවලින් තමයි මම ආවේ. දැනට මම වැඩ කරන සිව ගුරුනාදන් ඇතුළු සියලුම අධ්‍යක්ෂකවරුන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත/ ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-06-21-ent-12
2016-06-21-ent-11
2016-06-21-ent-10
2016-06-21-ent-09
2016-06-21-ent-08
2016-06-21-ent-06
2016-06-21-ent-05
2016-06-21-ent-03
2016-06-21-ent-02

 



අදහස් (0)

ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ රංගන ශිල්පිනියකට මඩ ගහන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 602 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1158 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1725 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 431 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1152 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2123 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site