IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගණිකාවකගේ චරිතයක් කරන්න මම ආසයි

2016-09-24-ent-23

2009 දී රෑපවාහිනී නිවේදිකාවක් විදියට එක්වන නිරංජනී ශම්මුගරාජා අද වනවිට නිවේදිකාවක් වගේම අපිට ඉන්න දක්ෂ සම්මානනීය නිළියක්. ඇය ප්‍රධාන භූමිකාව නිරෑපණය කරන රතු සමනළ සිහිනය කියන චිත්‍රපටයත් ඉන්දියාවේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට තේරිලා තියෙනවා. ඒ ගැන වගේම මේ දවස්වල මොකද කරන්නේ කියලා දැන ගන්න හදසර අපිත් කතා කළා නිරංජනීට.

 

මේ දවස්වල මොකද කරන්නේ?

2016-09-24-ent-22මේ දවස්වල අලුත්ම වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරනවා. ඒක භාෂා තුනෙන්ම නිර්මාණය වන වේදිකා නාට්‍යයක්. මම ඉතාම කැමැත්තෙන් බාරගත්ත නිර්මාණයක්. ඒ වගේම මේ 22 වැනිදා මම ඇතුළු ප්‍රියන්ත කළුආරච්චි මහතාගේ "රතු සමනළ සිහිනය" කියන චිත්‍රපටයේ රඟපෑ සියලු දෙනාම ඉන්දියාවේ යනවා. මොකද ඉන්දියාවේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකට මේ චිත්‍රපටය තේරිලා තියෙනවා. ඉතින් අපේ කණ්ඩායමටම ආරාධනා කරලා තියෙනවා ඒ සම්මාන උළෙලට සහභාගි වෙන්න කියලා. ඒ සඳහා 22 ගිහින් 29 තමා ලංකාවට එන්නේ.

 

එහි ඔබේ චරිතය?

රාජිණි කියන ප්‍රධාන චරිතය තමා මම කළේ.

 

ඔබ රංගනයට එන්නෙත් වේදිකාව හරහා?

ඔව් අනිවාර් යෙන්ම ඒ ගැන මතක් කරන්න ඕනේ. මොකද මම නිවේදිකාවක් විදියට කටයුතු කරද්දී මා තුළ තියෙන රංගන හැකියාවක් දැකලා මට වේදිකා නාට්‍යයකට කතා කළේ 2011 දී තරංගා ප්‍රියදර්ශනී අක්කා. ඒ හරහා  තමා මගේ රංගන ජීවිතේ ආරම්භ වුණේ. ඊට පස්සේ තමා අශෝක හඳගම මහතාගේ ඉනිඅවන් චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

 

රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. එකක් මම මේ ගැන අවබෝධයක් ඇතුව ආව කෙනෙක්. මොකද ගොඩක් අය ඉන්නේ නිරෑපණ ක්ෂේත්‍රය හරහා හෝ අවුරැදු කුමාරිකාවක් හෝ යම් කිසි පැජන්ට් එකක් හරහා රංගන ශිල්පිනියන් වුණ අය. මම ඒ අයට වැරුද්දක් කියනවා නෙවෙයි. නමුත් මම වේදිකාවේ අත්දැකීම් ලබලා සිනමාවට ආව කෙනෙක් නිසා, මට ලොකු සතුටක් තියෙනවා.

 

ඔබේ ඉදිරි සිනමා නිර්මාණ මොනවාද?

ප්‍රසන්න විතානගේ මහතාගේ අලුත් සිනමා නිර්මාණයට මට ආරාධනා කරලා තියෙනවා. ඒකෙ රෑගත කිරීම් ලබන මාසේ වගේ ආරම්භ වෙයි.

 

ඔබ චරිත තෝරා ගන්නේ කොහොමද?

ඇත්තටම මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නැහැ. මම කැමැති මට අභියෝගයක් වන චරිතයක් බාර ගන්න. මොකද අපි කරන නිර්මාණ හරහා අපි තුළ තියෙන දක්ෂතා පිළිබිඹු වෙන්න ඕනේ. ඒ නිසා මම කැමති සරල චරිතවලට වඩා අභියෝගාත්මක චරිත කරන්න.

 

බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

ඔව් ඇත්තම කියනවා නම් The Dirty Picture කියන චිත්‍රපටයේ විද්‍යා බාලන් කරපු චරිතය වගේ චරිතයක් කරන්න කැමැතියි. ඒ වගේම prostitute කෙනෙක් ගේ චරිතයක් කරන්නත් ආසයි. හැබැයි එහෙම නිර්මාණයක් කළත් සමාජයෙන් ගොඩක් ප්‍රශ්න එයි. ඇයි එහෙම චරිතයක් කළේ කියලා. නමුත් නිළියක් හැටියට හිතන්න බැරි චරිත කරන්න තමා කැමැති. මම කියන්නේ ඒවා චරිත පමණයි. ඉතින් ඇයි නිළියකට එහෙම චරිත කරන්න බැරි කියන තැනයි මම ඉන්නේ.

 

තවමත් ඔබ නිවේදිකාවක්, ඉදිරියේදී රංගනය නිසා නිවේදන කටයුතු මඟ හැරෙයිද? 

නැහැ. ඒක නම් කවදාවත් වෙන එකක් නැහැ. මොකද මම මිනිස්සු අතරට ගියේ නිවේදිකාවක් විදියට. ඉතින් මම ගොඩක් ගරැ කරනවා මගේ පළමු රුකියාවට. ඒ නිසා නිවේදන කටයුතු නම් අත්හරින්නේ නැහැ.

 

සම්මාන ගැන පොදු අදහස මොකක්ද?

හොඳ දක්ෂතා සපිරි අයට සම්මාන ලැබෙන්න ඕනේ එකේ  වටිනාකම  මුදලින් මනින්න බැහැ. සම්මාන ගැන විවිධ මත තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට දක්ෂතාවය වගේම පොඩි හරි වාසනාවක් තියෙන්න ඕනේ කියලත් හිතෙනවා සම්මාන ගැන බලද්දී.

 

දැන් තියෙන සිනමා නිර්මාණ ගැන ඔබේ අදහස?

දැන් තියෙන සිනමාව හොඳයි. මම කැමති වෙනත් සිනමාවක අනුවර්තන චිත්‍රපට හැදෙනවට වඩා අපේ රටේ අපේ අලුත් නිර්මාණ බිහිවෙනවා නම්. මොකද අපි අපේ දෙයක් සිනමාවට නගන්න ඕනේ කියන තැන මම ඉන්නේ.

 

අනාගත බලාපොරොත්තු?

මම කැමතියි. ලාංකික සිනමා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ගෙන යා හැකි නිර්මාණවලට මගේ දායකත්වය ලබා දීමට. ජාති ආගම් භේද වලින් තොරව මට ආදරය කරන මගේ රසික රසිකාවියන්ට ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ගෙන දීම මගේ බලාපොරොත්තුවක්. ඒ වගේම මට ඕනේ ප්‍රසිද්ධ නිළියක් වෙන්න නෙවෙයි ජනකාන්ත නිළියක් වෙන්න.

 

අනූ / සේයාරැව | සුමුදු හේවාපතිරණ

 

2016-09-24-ent-21
2016-09-24-ent-20
2016-09-24-ent-19
2016-09-24-ent-18



අදහස් (0)

ගණිකාවකගේ චරිතයක් කරන්න මම ආසයි

විශාඛා Sunday, 25 September 2016 04:08 PM

පුදුම අාශාවන් තමයි අද ඉන්න අයට තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1323 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 926 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site