IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගණේමුල්ලේ සංජීවගේ නිවසට වෙඩි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල සාමාජිකයකු බව සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි  ගණේමුල්ල පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගණේමුල්ල සංජීව නැමැත්තාගේ බිරිඳ, දියණිය ඔහුගේ සහෝදරියක සහ මවුපියන් නිවසේ සිට ඇතත් ඔවුන්  කිසිවකුටත් එම වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුවී නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නිවසේ බිත්තිවල සහ ගේට්ටුවෙ වෙඩි  සලකුණු පෙනෙන්නට ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

ගණේමුල්ල සංජීව නමැත්තාගේ මව සහ සහෝදරිය විසින් නීතීඥයකු සමඟ අද දහවල් කාලයෙ ගණේමුල්ල පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත අතර ඔහු මේ වන විට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවද බුද්ධි අංශ සඳහන් කරයි.

මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති  බවට ද ආරංචි  මෙරට බුද්ධිඅංශ වලට ලැබී තිබිණි.

ප්‍රතිවාදී  පාතාල කණ්ඩායමක්  ගනේමුල්ල සංජීව නමැත්තා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණ ඇති බවත්  වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි කණ්ඩායම ගැන තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නොමැති බවත් ෙපාලිසිය පවසයි

 



අදහස් (3)

ගණේමුල්ලේ සංජීවගේ නිවසට වෙඩි

Maarayaa Friday, 25 August 2023 02:05 PM

ඒ ගොල්ලන්ටත් මරණ බය දැනිලා වගේ...

:       0       8

sam Friday, 25 August 2023 04:12 PM

මෙන්න මේවට තමයි කියන්නේ අවි ගත්තෝ අවියෙන්ම නැසේ කියලා... සංජීව කළ අපරාධවලට දඬුවම් පස්සෙන් එළවගෙන එනවා වගේ...

:       0       4

සමන් Friday, 25 August 2023 05:31 PM

ගම්පහ ප්‍රසන්නට කියන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පේපර් අවුලේ ශිෂ්‍යත්වය යළි පවත්වන්නේ නැහැ‘
2024 ඔක්තෝබර් මස 14 16 0

විභාගයට පෙර ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මතභේදයට ලක්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත යළි නොපැවැත්වීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය


හිසට පහරදී අයෙක් මරලා
2024 ඔක්තෝබර් මස 14 53 0

හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 64 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 250 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 63 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ශිෂ්‍යත්වය ගැන කොමසාරිස්ගේ තීරණය
2024 ඔක්තෝබර් මස 14 300 0

ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 368 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 438 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1391 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site