(ඉන්දිකා රාමනායක)
ගත වූ පැය 48 තුළ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 80 ක් කොරෝනා ආසාදිතයින් ලෙස හමු වී ඇති බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අප්‍රේල් 30 වැනිදින සිට මේ දක්වා සමාජය තුළින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී නොමැති බවත් විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් කොවිඩ් 19 වයිරසය ශ්‍රී ලංකාව තුළට පැමිණ ඇති බව පෙනී යන බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
මෙවන් අවස්ථාවක කොවිඩ් 19 වයිරසයට ගොදුරු නොවී සිටීමට සෑම පුරවැසියෙක්ම තම සමාජ යුතුකම හා වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව කොවිඩ් 19 වයිරසය විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කළ ආදර්ශමත් රටක් වශයෙන් ලෝකයට පෙන්වාදී ඇති බවත් එවැනි අවදියක අප විසින් තවදුරටත් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් වන මුඛ ආවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය , නිතර නිතර අත්සේදීම සහ කිවිසුම් යන විට රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් නාසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණු වලට අනුගත විය යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.
පාසල් වල සියලුම පන්ති ආරම්භ කිරීමත් සමඟ විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් මේ සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කර පාසල තුළ සහ ඉන් පිටතදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය අංගයක් සේ සලකා කටයුතු කළ යුතු බවද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගත වූ පැය 48 තුළ කොරෝනා ආසාදිතයින් 80 ක්