IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගීතයක් ලියලා තියෙනවා . ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා

2016-06-22-ent-47

කලාපුරවරය ලෙස හැඳින්වෙන හලාවත නගරයෙන් ජනප්‍රිය බොහෝ සංගීත කණ්ඩායම් මෙන්ම ජනප්‍රිය ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් බිහිවී තිබේ. නමුත් කලාපුරවරයෙන් ගීත රචකයන් බිහි වී ඇත්තේ ඉතාමත් අතළොස්සකි. එවන් පසුබිමක් ක්ෂේත්‍රයට පැමිණි කෙනෙකු ලෙස රංග ප්‍රනාන්දු හැඳින්විය හැකිය. මේ ඔහු "සාරවිට" සමග එකතු වූ මොහොතකි.

 

2016-06-22-ent-46ඔබ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

මගේ නම රංග ප්‍රනාන්දු. මම ඉගෙන ගත්තෙ හලාවත ජාතික පාසලෙයි. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරලා. යුද්ධය නිමාවත් සමගින් එතැනින් ඉවත්වුණා. ඊට පස්සෙ මම විදෙස්ගත වුණා. සයිප්‍රස්වල තමයි ඉන්නේ. මම මේ නිවාඩුවට තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නේ. දැනට මාස ගාණක් වෙනවා.

 

සංගීත ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද?

මට තිබ්බ ලොකුම ආසාවක් තමයි සිංදු ලියන්න. ඒ වුණත් කරගන්න උනන්දුවක් තිබුණේ නැහැ. මෑතකදී තමයි ඒ සඳහා උවමනාවෙන් යොමුවුණේ. මාස 06ක් ඇතුළත තමයි ගීත තුනක් එළිදැක්වුවේ. එහි එක් ගීතයක් වන "මගේ පිවිතුරු ආදරේ" ලක්ෂ්මන් හිල්මි ගායනා කරනවා. තව ගීතයක් වන "නෙතු කඳුළින් බර වෙලා" කිංග්ස්ලි පීරිස් ගායනා කරනවා. මෑතකදී එළිදක්වපු ගීතය වන "සඳවතියේ" ඉසුරු ජයරත්න ගායනා කරනවා. එහි මියුසික් වීඩියෝවේ වැඩ කටයුතුත් මේ දිනවල කෙරී ගෙන යනවා.

 

මීට අමතරව ඔබ විසින් රචිත ගීත තියෙනවාද?

දැනට තව ගීතයක් ලියලා තියෙනවා. ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේ වැඩකටයුතු ටිකක් ඉස්සරහට තියෙනවා.

 

දැන් ගීත රචනාව වෘත්තීය වෙලාද?

නැහැ. මේ දේ කරන්නෙ මගේ විනෝදාංශය වෙනුවෙන්. මම විදෙස් ගත වෙලා තමයි රැකියාව කරන්නේ.

 

කලාපුරවරයෙන් බිහිවූ ගීත රචක ශිල්පියෙකු ලෙස ඔබේ අදහස මොකක්ද?

කලාපුරවරයෙන් වැඩි වශයෙන්ම බිහිවෙන්නෙ සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් තමයි. නමුත් ගීත රචකයන් බිහි වෙන්නේ ඉතාමත් අතළොස්සයි. ලොකු ආඩම්බරයක් දැනෙනවා. පද රචකයෙක් විදිහට දියුණු වෙලා ඉස්සරහට එන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා.

 

පදරචකයෙක් වෙන්න උදව් කරපු අය ඇතිනේ?

විශේෂයෙන්ම මගේ බිරිඳව මතක් කරන්න ඕනේ. එයා තමයි මාව දිරිගැන්නුවේ ගීත ලියන්න කියලා. ඊට පස්සෙ මගේ නංගි මගේ ලියපු ටිකක් බලලා එයා කිව්වා නිකන් ඉන්න එපා සිංදු ලියපු ටික කරන්න කියලා. ඒ දෙන්නා තමයි මේ දේට විශේෂ උනන්දුවක් තිබ්බේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

ගීතයක් ලියලා තියෙනවා . ඒක දිමන්කට දෙන්න හිතාගෙන ඉන්නවා

වසන්ත Friday, 24 June 2016 05:59 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 821 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 394 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 355 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 294 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1516 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1693 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site