ඉතාලියේ ෆිරෙන්සි නුවර සේවය කරන ජයන්ත උදයසිරි මහතාගේ බිරිඳත් දරු දෙදෙනාත් 231.1 මල්වතු හිරිපිටිය , බුත්පිටිය, ගම්පහ යන ලිපිනයෙ ජිවත් වෙති.
පසුගිය මැයි මාසයේ දී නිවසට පැන දරු දෙදෙනා සමග ජිවත්වන තම බිරිඳට දෙවරක් පහර දී තෙවරක්ම මරණ තර්ජන සිදුකළ බවත් පසුගිය 23 වෙනිදා නැවතත් තම බිරිදට පහරදීමෙන් ඇය රාගම රොහලට ඇතුළත් කළ බවත් උදයසිරි මහතා කියයි.
මේ පිලිබඳව මල්වතු හිරිපිටිය පොලිසියට ගොස් පැමිණිලි පහක් බවද කිසිදු පැමිණිල්ලක් විභාග නොකළ බව ද මේ වනවිට තමාගේ බිරිද හා දරු දෙදෙනා පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය නිසා තමාට ද නිදහසේ රෑකියාව කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව ද ඒ මහතා පවසයි.
චාන්දනි දිලූකා ප්‍රනාන්දු පැමිණිලි පහක් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය කියයි.
23 වැනිදා පැමිණිලි කළ පැමිණිල්ල අනුව ඇයට රෝහල් ගත වීමට උපදෙස් දුන් බව ද පොලිසිය සඳහන් කරයි. පොලිසිය සාධාරණව හා අපක්ෂපාතීව පරීක්ෂණ කරන බව ද මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිසිය ලගදි දැම්මේ මෙලෝ වැඩක් නැහැ. (නදී)
මෙම පොලිසිය පිළිබදව වහාම පරික්ෂණයක් කරන්න අවශ්‍යයි නේද? මෙහෙම ගියොත් අපිට රට වෙනුවෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණ කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙය පිළිබදව පරික්ෂණයක් පවත්වා විනය විරෝධී වැඩක් කර තිබෙනවා නම් වහාම දඩුවම් දෙන්න (නි)
මේක ආශ්චර්යවත් ලංකාවනේ.අහන්නත් දෙයක්ද? (නි)
මෙය සමහරවිට යම් සැළසුමක් වෙන්නත් පුළුවන් (නි)
පිටබැද්දර ජයා,බොරුවට පොලිසියට බනින්න එපා.මොකද හරියට විස්තරේ පැහැදිලි නැහැ තවම. නිකම්ම මිනිස්සු ගෙවල් වලට පැනලා කරදර කරන්නේ නැහැ. (නි)
විත්තිකරුවන් හෝ සැකකරුවන් නොමැති නඩුවක්. එහෙත් පැමිණිලි කාරියගේ ලිපිනය පවා හෙළිදරව් කර ඇත.පොලිසියට ගිය විට රෝහලට ඇතුලත් වෙන්න කීවලු. කෝ මේ මානව හිමිකම් සංවිධාන.? කාන්තා නිදහසට කැප වුන සංවිධාන? ඒවා කුරුඳුවත්තේ නෝනලා ජොලියට දා ගත්ත ඒවාද? (අ)
හමුදාවට මේ වැඩේ භාරදුන්නා නම් සහනයක් ලැබෙනු ඇතැයි මම සිතනවා (නි)
අපේ ලංකාවේ පොලිස්... (නි)
අසරණ පවුල් ජීවත් කරමින් ලංකාවට විනිමය එවීමට පිටරටට ගොස් සේවය කරන කිසිම කෙනෙකුට හෝ ඒ අයගේ පවුල් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. මෙසේ දහදුක් විඳ එවන විදේශ වත්කම් වලින් සුර සැප විඳින අපගේ පරපෝෂිත දේශපාලන පරපුටුවන් අහිංසක ජනතාවට තම කෘතඥතාවය පෙන්වන හැටි නම් කදිමයි. (නි)
සිංහලරාවය, බොදු බලසේනා මේ විපතට පත් වෙලා ඉන්නේ සිංහල කාන්තාවක් සහ සිංහල දරුවන් දෙදෙනෙක්. සිංහලකම පෙන්වන්න මොවුන් වෙනුවෙන් ඉදිරිපත්වී ඔවුන්ට ආරක්ෂාව තහවුරු කරවන්න. මමත් ඔය දෙගොල්ලන්ටම සහය දක්වන ,ඔයගොල්ලන්ටත් වඩා සිංහලකම ගැන සිතන ආබදිතයෙක්.(නදී)
මට මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ගෙදර අයට පහර දුන්නේ හොරුද? මංකොල්ල කාරයොද? අල්ලපු ගෙදරින්ද? (නදී)
පොලිසිය හරියට රාජකාරි කලොත්,අර කොළඹ අපරාද කොට්ටාසයේ 17 ට වෙච්ච දේ වෙයි කියලා බය ඇති, (නදී)
පිටරට ගිය පියවරුන්ට මෙවැනි කරදර වලට මුහුණ දෙන ගොඩක් තැන් තිබෙනවා අප දැනුවත්වම. එය මැඩලීම පොලිසියේ රාජකාරියයි. (නි)
ලංකාවේ හොඳ පොලිසිය. සිංදුවකුත් තියෙන්නේ. (නදී)
මෙය සමහරවිට යම් විස සැළසුමක් වෙන්නත් පුළුවන් (නදී)
මේකෙන් පෙනෙන දේ නොතේරෙයිද? අපේ රටේ බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නැත. යථාර්තය මේකයි.(නදී)
මේ පොලිසියට ඇම්බියුලන්ස් එකක් පරිත්‍යාග කරමු, පහර කෑමට ලක්වන පුද්ගලයින් රෝහල් ගතකිරීම සදහා, (නදී)
සමහර පාටකයන් සදහන් කර ඇති පරිදි මෙම මව හා දරුවන් ඉන්න නිවසේ ලිපිනය සදහන් කිරීම බොහොමත් වැරදියි. එය එම අයගේ අනාගත දිවියට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් තිබෙන්නේ එම අයට වෙන තැනක පදිංච්චියට යාමයි. අනික පොලිසියත් මෙම අසරණයින් බේරාගැනීමට කටයුතු නොකිරීම හරිම ප්‍රෙෙහළිකාවක්.(නදී)
කව්ද දන්නේ ඉතාලි යවනවා කියල මෙයාල මිනිස්සුන්ගෙන් සල්ලි අරන් තියෙනවද කියල (නදී)
පැමිණිලි පහක් දාලත් පොලිසියට වැඩක් නැත්නම් නීතිය අතට ගන්න එක සාධාරන වෙනවා නේද, සහෝදරවරුනි? (නි)
හැමදාම වගේ මේ පාරත් පොලිසියේ අයට ජරාව ලැබුනොත් මේ පැමිණිලි 5ම එකපාරට පරීක්ෂණයට ගනී. මතකනේ තලංගම පොලිසියේ අය මොකද කලේ කියලා. අපෝ පොලිසිය ගැන නම් කතා එපා. පැමිණිලි කාරයන්ට කරදර දෙනවා හැබැයි චුදිතයන්ට සැලකිලි මොකද පගාව අරන්.ලංකාවේ පොලිසියනේ. (නදී)
පොලිසියට නීතිය ඉටුකරන්න නොහැකිවෙලා වගෙයි (නි)
සමහර විට, ඉතාලි යවනවා කියලා මුදල් අරන් ද දන්නේ නැහැ. මන් දැක්ක කෙනෙක් එහෙම ලියා තියෙනවා. මෙහෙ ඉන්න අපේ කට්ටිය එහෙම වැඩ අනන්තවත් කළා. අපේ ලංකාවේ මිනිසුන් ට බොරු බේගල් කියල මුදල් ගන්නවා. ඒ හරිය ලියන්න ගියොත් පත්තරයක් ලියන්න කරුණු තියෙනවා. කොහොම උනත් ගැහැනු කෙනා මොනා කරන්න ද? නමුත් ඇත්ත තත්වේ අපි දන්නේ නැහැ. ජීවිත ආරක්ෂාවට පදිංචිය වෙනස් කරන එකයි හොඳම විසඳුම. නැත්නම් ඉදිරියේදී අපිට දකින්න ලැබේවි මරල දාලා ගිහින් කියලා. ඒ මදිවට ඇඩ්රස් එක පත්තරේට දාලා. පොලිස් සහන මැදිරියට කියන්න. ඔක්කොටම කලින් පදිංචිය වෙනස් කරන්න.(නදී)
ශ්‍රී ලංකාවේ පොලිසියේ අයට බැටන් පොල්ල අතට දීලා ඉස්සර වගේ කොට කලිසම ඇන්දුවා නම් ජනතාව වෙනුවෙන් යස අගේට සේවය කරයි.(නදී)
පොලිසියේ උපදෙස් නම් නියමයි. එතකොට දැන් පැමිණිලිකරු රෝහල් ගත කළවිට ප්‍රශ්නය විසඳෙනවාද? (නි)
පොලිස්පතිතුමාගේ අවධානය මෙයට යොමු වේවා! (නි)
අද කාලේ බහුතර පොලිසි ගැන නම් කියලා වැඩක් නැහැ (නි)
දැන් කවුද මේ ගෙදරට පැනල ගහන්නේ? කොහොමත් රට ගිහින් දහදුක් විදලා හරි හම්බ කර දරුවන් වෙනුවෙන් ඉතිරි කලාට අහල පහල අයගේ හිත් වල ඇති වෙන ඉරිසියාව රුසියාවට වඩා වැඩි වෙනවා. වෙන දෙයක් නැත්නම් වැටට හරි රණ්ඩු වෙනවා.(නදී)
තමන්ගේ බිරිඳ හා දරුවන් ගෙදර තියල රටත් යන්න බැරි තත්වයක් උදා වෙලා තිබෙන්නේ අද අපේ රටේ. ලංකාවේ මිනිසුන්ගේ අවාසනාව තමන්ගේ දුක කියන්න යන අයගෙන් කිසිම සෙතක් නොලැබීම. මුදල් වලට අද හැම දෙයක්ම යටත් වෙලා. අපේ ජනාධිපතිතුමන් හා මැති ඇමතිවරු පුවත්පත් කියවන්නේ නැතිපාටයි පේන්නේ. මෙතරම් අපරාධ සිදුවෙනවද එයාල වැස්සට නිසා හොඳට පොරවාගෙන ගොරව ගොරව නිදි වගේ. (නදී)
අපේ රටේ දේශපාලන බලවතෙක්ගේ හෙන්චියියල ටිකක් වෙන්න ඇති (නදී)
අනේ ගුටි කෑවම හොස්පිටල් යවන්නද පොලිසිය ඉන්නේ. මම දන්නැති නිසයි අහන්නේ.(නදී)
මොකද මේ පුද්ගලික ලිපිනයන් පත්තර වල දාන්නේ ?(නදී)
මේ අපරාධ කරුවන් හා සම්බන්ධ දේශපාලන සවියක් තිබෙන බවට සැක පහල වෙනවා. ජනාධිපතිතුමාට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල හැකි නම් මේ අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නාවූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම එතුමා බාරගන්නවා කියල හෙටම අත් අඩංගුවට ගනීවි. (නදී)
ගෙදර පිරිමියෙක් නැති අතරේ ගෙට පැනලා පොඩි දරුවන්ටයි ගැහැණියකුටයි ගහන එකා පිරිමියෙක්ද ? මේ ගැන සොයා බලලා මේ තිරිසනා නීතිය ඉදිරියට ගෙනෙන්නේ නැති අය මිනිස්සුද ? (නදී)
මෙහි කිසිම පැහැදිලි විස්තරයක් පෙන්වා නැහැ. හරි වැරැද්ද කාගෙද නොදනී. පොලීසිය ගැන නම් කියන්න තියෙන්නේ පොලීසිය බල්ලට ගිහින්නේ.(නදී)
අයියෝ! ලංකාවේ පොලිසිය... (නි)
මෙම වාර්තාව තව ටිකක් පැහැදිලි කරන්න.(නදී)
මොකද මේ පිරිමියෙක් නැති ගෙදර ලිපිනය සම්පූර්නයෙන් දාලා. (නදී)
පොලිසියට පැමිණිලි සීයක් ආවොත් මෙයින් එකක් විතර විසඳෙනවා. ඒක ගැන ජනමාධ්‍යයෙන් විසාල ප්‍රසිද්දියක් ලබාදෙනවා. එවිට අනෙක් පැමිණිලි අනු නවයම යටයනවා. (නදී)
දැන් කව්ද ගෙදරට පැනල තියෙන්නේ ? මිනිහෙක්ද , ගෑණියක්ද, යකෙක්ද ? මෙව්වා ලියන මාධ්‍ය වෙදියෝන්ට කියවන්න වෙලාවක් නැද්ද ?(නදී)
තුන්වන ලෝකයේ පොලිසිය මෙහෙයවන්නේ දෙසපාලකයෝ ,මෙම තත්වය ලංකාවේදී හරි වෙනස්වේවා.
කවුද ඔය වැඩ කරන්නේ කියල හෙළි කරන්න බැරිද ? (ස)
පරාධකරුවන් අත් අඩංගුවට ගන්නාවූ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබද වගකීම රජය භාරගන්නවා කියනවානම් පොලීසිය වහා ක්‍රියාත්මක වේවි.
පොලිසිය පගා ව ගන්න වා ඇති . එකයි හරියට නිතිය කොරන් නැත්තේ ? (අ)
මේ පොලිසිය ගැන හොයා බලන්න. (නි)
එහෙම ගෙදරකට පැනලා නිකන්ම ගහනවද? මොකක් හරි පරණ කෝන්තරයක් ඇති. (නි)