සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහනුවර කුණ්ඩසාල ආසනයේ පරාජිත අපේක්ෂක හා හිටපු සංවිධායක දේශිය වෛද්‍යය ඒ ජී හේරත් බංඩා මහතා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික සංවිධානයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ අතින් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
2013 මෙවර පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාතේ කුණ්ඩසාලේ ආසනයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග වැදී ඔහු පරාජයට පත්විය.
පක්ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් එහි නායකත්වයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවත් හැකි නම් කුණ්ඩසාලේ ආසනයට ඇවිත් සාමාජිකයින් 500 ක් කැඳවා රැස්වීමක් පවත්වන ලෙසත් ඔහු පක්ෂ නායකත්වයට අභියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ රනිල් මහත්තයාගේ ෆොටෝ එක විතරක් වර්ණවත්? (නි)
දිනුවානම් මල්මාලා බදින්නේ.... පැරදුනහම හොටු සෙම පෙරමින්නේ.... අනේ මෙහම අය මොකටද ගන්නේ.... ඔවුන්ගේ හැටි වෙද නලාව දන්නේ.... (නි)
මේ අයම නේද සරත් ෆොන්සේකා දිනවන්න හැදුවේ.ඇයි එයා හොද නැද්ද දැන්? (නි)
මේක හරක් වැඩක් ද අලි වැඩක්ද (අ)
මේ වගේ අඳ බාලයන්, ජෙනරාල් තුමාට ගැලපෙන්නේ නැහැ. මුණ බැලුවම පේනවා. ගිය එකමයි හොඳ. මට දුක යුඑන්පි එක ගැනයි. දක්ෂ අලි පක්ෂෙන් යනවා බුරුවො ඇතුලට එනවා. (අ)
මම හිතනවා ෆොන්සේකා මහතා මෙයා ගිය එක ගැන සතුටු විය යුතුයි කියා. අනික එක්සත් ජාතික පක්ෂය මෙවැනි අය මල් මාලා දමා පිළිගතයුතු නැහැ කියන එකයි මගේ අදහස. (නි)
දී ඇති පාඨක ප්‍රතිචාර දෙස බලනකොට යු එන් පී එකට වඩා අනාගතයක් සරත් ෆොන්සේකා ගේ පක්ෂයට තිබෙන්න පුළුවන් කියන හැඟීමක් ඇතිවෙනවා. ඒක හරි හැටියට කළමනාකරණය කරගන්න සරත් ෆොන්සේකා උනන්දු වෙන්න ඕනෑ. (නි)
හැමදම පරදින නිසා දැන් පැරදුන අයට එන්න තියෙන්නේ මෙහෙට තමා. (නි)
ටිකක් ඉන්නකෝ. ජනාධිපතිවරණය එනතුරු. (නි)
එක් කෙනෙක් හරි අලුතින් ආවා වුණත්, හැබැයි දවසකට 100ක්වත් පිට පනිනවා. (නි)
මේ ගැට වලට උත්තරීතර මණ්ඩලයවත් සජිත් හෝ කරුවත් අහුවෙන්න එපා. (නි)
සාකච්ඡා වට කීයක් කළාද දැන්? (නි)
යූඑන්පී පාක්ෂිකයන්ගේ හා පක්ෂ ප්‍රබලයන්ගේ වෙලාව හොඳයි. නායකයෙක් නැතුව නන්නත්තාර වෙලා හිටපු වෙලාවේ මෙතුමාගේ පැමිණීම ලොකු ජයග්‍රහණයක්. රවී කරුණානායක කියපු විදියට නායකත්ව මණ්ඩලයට අලි කකුල් හතර හරි. (ස)
නරියෙකුත් ඔහොම කීවලු පෙර දවසක. (ස)
දයාසිරිව තරුවක් කළේ අපිමයි. (නි)
එ .ජා ප. යත් දැන් අනිත් පක්ෂ වල අය ගන්න පටන් අරගෙන වගේ. (ස)
පරාද වුන කෙනෙක් නම් යු එන් පී එකට ගන්නම ඕන... (ස)
දිනන්න ඕනෑ නම් දිනන්න පුළුවන් පැත්තකට යන්න ඕනෑ. (නි)
මේ වගේ දේවල් වල තේරුමක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)
අනේ අපේ විපක්ෂයට ගිය කල? (නි)
අපේ අහවලා හලාල් වලට පක්ෂව කතා කරන නිසා දැන් මගේ මනාපය නැහැ. (නි)
ඔය පින්තුර වල ඉන්න කට්ටියටත් කලකිරිලා මුණු දැක්කම ඒක පෙනෙනවා ......පක්ෂයේ මහා ලේකම් තුමත් ......අනේ අපොයි.(නදී)
ෆොන්සේකා මහතාණනි අඩුම තරමේ සීරුවෙන් හිට ගන්නවත් පුළුවන් අයට වගකීම් භාරදෙන්න.(නදී)
අලියා නොකන දැල්ලක් ඇවිල්ලා (නි)
ඔයාලත් එක්ක ගිහිල්ල නම් මේ කපේට දිනන්නේ නැහැ. නායකත්වයේ වෙනස එන කන් ඉම්මු.(නදී)
පුළුවන් නම් දයාසිරි නැවත අරගෙන පෙන්නන්න (නි)
කබලෙන් ලිපට ?(නදී)
තමුන් කැහි ගැනී දීල හොටු ගැනී අරන් වගේ (නදී)....
මේ වාගෙ විහිලු මහදැන මුත්තාගෙ පොතේවත් මම දැකල නෑ.(නදී)
අපරාදේ ජීවිත කාලේ..අපරා..දේ ජිවිත කාලේ ..(නදී)
එනකොට ඔයාට ඡන්දය දීපු 500 අරගෙනද ආවේ?(නදී)
අනේ අප්පෝ එක්සත් ජාතික පක්ෂය දැන් අලි එලවලා නරි ඇතුලට ගන්න කාලයක් ඇවිත් තියෙන්නේ .(නදී)
පුළුවන් නම් දිනලත් පෙන්වන්න (නි)
බල තණ්හාවට ඡන්දෙ ඉල්ලලා පැරදුනා. ඒකට උපවාස කරාම පක්ෂයෙන් තහනම් කරා. ජෙනරාල් ෆොන්සේකාට ගැලපෙන්නේ නැහැ මේවගේ රටේ වේද්දු(නදී)
මේ වෙද මහතා උපවාසයක් කලා මනාපේ ඡන්ද ගණන් කලා වැරදියි කියලා. ඒක කියන්න තිබුනේ මැතිවරණ කොමසුරන්ට, පක්ෂෙට නොවේ.මේකෙන් තේරෙනවා මේ මනුස්සයා 'රටේ වෙදෙක්' බව. ඒකෙන් උනේ එයා හිටපු පක්ෂේ සුද්ද උන එක විතරයි. බොහොම හොදයි වේද මහත්තයෝ.(නදී)
ඇති යන්තම්. ඔන්න එ.ජා.පෙ. අද ඉඳලා ජය මාවතට පිවිසුනා.මේ තරම් කාලයක් පරදින්න හේතුව මේ වගේ ප්‍රබල ගිනි සිළුවක් පක්ෂයේ නොතිබුන නිසානේ. (නි)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා.... අල්ලට වැටෙද්දී චොහොර කුරුල්ලා.... තමයි ඉතින්. (නි)
ප්‍රතිපතියක් නැති මිනිසුන්ට ඡන්දෙ ඉල්ලන දුන්නේ ඇයි? ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ ප්‍රායෝගිකව වැඩ පෙන්වූ කෙනෙක්. මුළු ලංකාවම දන්නවා එතුමාගේ දක්ෂතා (නි)
මහනුවරටත් ලැජ්ජා කරනවා. අහෝ දුකකි! (නි)
අනේ පවු. අලියට ගිය කලක්! (නි)
සරත් ෆොන්සේකාගේ පක්ෂය තුලත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. කොහොමත් ලංකාවේ 3 වන පක්ෂයකට ඉඩක් නැහැ (නි)
හොඳ හස්තිරාජයෙක් තමයි දයාසිරි (නි)