IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගෑනුන් මරා කන්නෙක් නිව්යෝක් පොලිසියෙන් අල්ලයි

ගැහැණුන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියෙක් කොටුකර ගැනීමට ඇමරිකා එෆ්.බී.අයි. පොලිසියට හැකි වූ බව එහි සහකාර පොලිස් අධ්‍යක්‍ෂ මේරිගැලිගන් පවසයි. මෑන්හැටන් දිස්ති‍්‍රක්කයට අයත් 26 වැනි පොලිස් බල ප‍්‍රදේශයේ රාජකාරී කළ ගිල්බර්ටෝවැලේ (28) පසුපස වසර හයක් තිස්සේ නිව්යෝර්ක් නුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ලූහුබැදි බවත් ඔහුගේ ජංගම දුරකථනයට රහසේ සවන් දුන් පොලිස් කණ්ඩායමට වැදගත් කරුණු රැසක් අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බවත් එෆ්.බී.අයි. පොලිසිය කියයි. මිනී මස් කෑමේ දැඩි ආශාවකින් පෙළුණු මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පරිගණකය පරීක්‍ෂා කළ එෆ්.බී. අයි. පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දුෂණය කොට පසුව මරා දමා ශරීර කොටස් කෑමට කැමැත්තෙන් සිටි බව කියන කාන්තාවන් සිය දෙනකුගේ ඡායාරූප හා ලිපින විස්තරයි. මෙම පොලිස් නිලධාරියා මෑතක ඔහු වැනිම ආශාවන් ඇතැයි සැක කළ හැකි මිතුරකුට යැවූ කෙටි පණිවිඩයකින් ඔහුගේ ආශාවන් විස්තර කැර ඇත.



අදහස් (0)

ගෑනුන් මරා කන්නෙක් නිව්යෝක් පොලිසියෙන් අල්ලයි

දම්මි Tuesday, 30 October 2012 06:07 PM

ඔයාලා මේ මොනවා කියනවද? ඒ ඩ්‍රැකියුලෙක්නේ. (නි)

:       0       0

පද්මි Sunday, 28 October 2012 09:59 AM

එයා සැරසිලා විතරයි. කරලා නැහැ නේද? (නි)

:       0       0

චතූ Saturday, 27 October 2012 04:46 PM

ලෝක විනාශ‍යේ පෙරනිමිති වෙන්න ඇති. (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 October 2012 12:04 PM

මෙයා පවු නේද? එයාගෙ වරදක් නැහැ. සමාජය තමයි වැරදි. (නි)

:       0       0

සිල්වා තබුක් Saturday, 27 October 2012 09:54 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..!(නු)

:       0       0

සමන් Monday, 29 October 2012 06:54 PM

මෙච්චර කාලෙකට නොකා හිටියේ මිනීමස් විතරයි. දැන් ඒකත් කන්න පටන් අරන්. ඉස්සරහට මිනිස්සුත් වදවෙයි නේද? (නි)

:       0       0

ප්‍රසාද් සංජය Thursday, 01 November 2012 10:22 PM

රෝන්ග් ටර්න් සැබෑවෙයි..!(නු)

:       0       0

සුභාෂිණි Saturday, 27 October 2012 07:21 PM

ඇමරිකාව ලෝකෙම ලේ උරා බොනව එකේ එක්කෙන් ඔය වගේ දෙයක් කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (අ)

:       0       0

අශෝක Friday, 26 October 2012 08:17 PM

අපේ රටෙත් ඉන්නවා මස් නොකෑවත් අනිත් තිරිසං වැඩ කරන කණ්ඩායමක්..!(නු)

:       0       0

කුමාර Friday, 26 October 2012 08:20 PM

මෙයාවත් මරලා ඒ විදියට තියාගෙන කන්න ඕන..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 27 October 2012 11:41 AM

මෙහෙම දේවල් වෙන්නේ කලාතුරකින්නේ.. නමුත් ගැහැණු මිනිසුන්ව නොමරා කනවානේ..!(නු)

:       0       0

චාමිකර Friday, 26 October 2012 08:15 PM

මිනිසුන් ටික ටික තිරිසන් බවට පත් වෙමින් පවතිනවා.. ලෝක විනාශයක පෙර නිමිති....!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Friday, 26 October 2012 08:42 PM

මෙයත් කියයිද මට මතක නැහැ කියලා..!(නු)

:       0       0

නජිත් නිලන්ත Saturday, 27 October 2012 12:06 PM

චිත්‍රපටවලින් පෙන්නන දේවල් දැං ඇත්ත වීගෙන යනවා..!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 27 October 2012 12:10 PM

මේක ඇමරිකාවෙ ආශ්චර්යය..!(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Saturday, 27 October 2012 09:01 PM

ඉතාලිවල ඉන්නේ මිනි කන වෙන්නපු ගැහැණු. (අ)

:       0       0

යොහාන් Saturday, 27 October 2012 12:12 PM

ලස්සන මුහුණයි, සිනාවයි ‍‍‍.......පොඩි කාලෙවත් හම්බවුණානම් (ස)

:       0       0

නන්ද Friday, 26 October 2012 09:07 PM

ගියආත්මෙ යකෙක් වෙන්ට ඇති...(නු)

:       0       0

සේපාලි Saturday, 27 October 2012 09:40 PM

මේ වගේ දේවල් දාන්න එපා හරිම ජුගුප්සාජනකයි (අ)

:       0       0

අමරා අයිරංගනී Friday, 26 October 2012 09:31 PM

අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තන්හාවක්..!(නු)

:       0       0

චාමර Friday, 26 October 2012 09:42 PM

පුදුම මිනිස්සුනේ..!(නු)

:       0       0

රොහාන් ප්‍රනාන්දු Wednesday, 31 October 2012 10:25 AM

හේමන්ත ඔයා අනුන්ගේ වැඩවලට අපහාස නොකර තමන්ගේ වැඩක් බලාගන්නවාද? අපිත් මේකේ ඔයාලගේ ආගම් නායකයාගේ කැමැත්ත වෙන්න ඇති කියලා කිව්වනම් ඔයාලාට කොහොම හිතෙයිද?(නු)

:       0       0

සදුනි Friday, 26 October 2012 09:45 PM

මේ වගේ අය අපේ රටේ නොමැතිවීම සතුටට කරුණක්...!(නු)

:       0       0

අශ්රෆ් Friday, 26 October 2012 10:01 PM

මෙහෙමත් මිනීමස් කන මිනිසුන් සිටින ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ..!(නු)

:       0       0

රොහාන් කෝනාර Friday, 26 October 2012 09:53 PM

මම මීට පෙර මිනීමස් කන මෙවැනි කථාවක් අහල තිබුනා උගන්ඩාවෙ හිටපු ජනාධිපති ඉඩි අමීන් ගැන.(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 01:31 PM

ඉඩිඅමින් නරක පාලකයෙක් ඇත්ත.. ඔහු මිනීමස් කෑවෙ නැහැ.. ඔහුගේ විරුද්ධවාදියො හදපු කතාවක්.. ඉඩිඅමින්ගේ චිත්‍රපටියේ සෑම දෙයක්ම ඇත්ත නෙමෙයි.. සමහර දරුණු දේවල් අඩුවෙන් දාලා තියෙන්නේ..(නු)

:       0       0

විරාජ් Friday, 26 October 2012 11:51 PM

කාන්තාවන් සමග තරහක් තියෙනවාද දන්නෙ නැහැනෙ..!(නු)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Thursday, 01 November 2012 09:22 AM

දම්මි..., ඩ්‍රකියුලලා මස්කන්නේ නෑ....(ස)

:       0       0

නලීන් Saturday, 27 October 2012 12:02 AM

මගේ ගෑණිත් මාව මරන් කනවා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 11:28 PM

පනාගොඩ ඔයාගේ මොනවාද කැවේ. (අ)

:       0       0

සරත් Friday, 02 November 2012 05:38 AM

අයියෝ සල්ලි

:       0       0

සාලිය වික්ස් Saturday, 27 October 2012 12:16 AM

නිල ඇදුම් දාගත් යකෙක්ද කොහෙද?(නු)

:       0       0

නන්දන Thursday, 01 November 2012 02:32 PM

අනේ මාවත් මරන් කන්නකෝ (ස)

:       0       0

දාස Saturday, 27 October 2012 01:14 AM

අපිව ඉතිං නො-මරා කනවානේ..!(නු)

:       0       0

ශාන්ත Friday, 02 November 2012 08:15 AM

කෙල්ලොන්ගෙන් බූට් කාපු කෙනෙක්ද කොහෙද ? (ස)

:       0       0

සහන් දසනායක Thursday, 01 November 2012 10:44 AM

මම හිතාගෙන හිටියෙ මිනී මස් කන්නේ නොදියුණු ගෝත්‍රිකයෝ විතරයි කියලා.. ඒත් බලාගෙන ගියාම ශිෂ්ට සම්පන්න රටක කෙනේක මේ දේට යොමු උනේ මානසික රෝගයක් නිසා වෙන්න ඇති.!(නු)

:       0       0

චන්ද්‍ර දිසා Saturday, 27 October 2012 04:47 AM

මෙය ප්‍රශ්නකාරීයි කියලායි මම හිතන්නේ.. මිනීමරුවෙක් එයා මරපු අය ගැන විස්තර එයාගේ පරිගණකයේ දානත්තා කියන දේ ගන මට සැකයි..එහෙම කළානම් එයාට බේරෙන්නෙ තියෙන්නෙ.. තියෙන හොදම ක්‍රමය ලංකාවෙන් උපදෙස් ගන්න එකයි..!(නු)

:       0       0

ශ්‍යාමා Saturday, 27 October 2012 02:53 PM

සසර පුරුදු අතහරින්න බැහැ. (නි)

:       0       0

අසන්ක Saturday, 27 October 2012 05:25 AM

මෙයට සමාන චිත්‍රපටි ඕනෑතරම් තියෙනවා ඇමෙරිකාවේ. ඒවගේ පෙන්නන්නේ ඔය සිද්ධියම තමා.ගෑනුන්ව මරලා මස් කන ඒවා. තනිකර අපි ඔය බලන ෆිල්ම්ස් තමා අපරාධකාරයන්ට උදවුවක් වෙන්නේ. (නි)

:       0       0

හේමන්ත Saturday, 27 October 2012 06:46 AM

දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති. (නි)

:       0       0

දිලන්ක Saturday, 27 October 2012 06:48 AM

කො‍හොමද කෑම කොලුවෝ? (නි)

:       0       0

පසන් Saturday, 27 October 2012 07:45 AM

ඈමරිකාවෙම හදපු“ රෝන්ග් ටර්න්“ ෆිල්ම් එකෙත් මිනීකන ඒවනෙ තියෙන්නෙ. ඒ ෆිල්ම් ඒකේ 5 වෙනි ෆිල්ම් එකත් ගිය අගහරුවාදා ආවා...(නු)

:       0       0

චමින්ද Saturday, 27 October 2012 08:19 AM

අන්තර්ජාලයේ චැට් කරලා විතරයි තවම මරල කාල නැහැ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 165 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 102 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 258 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 116 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 604 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1266 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site