වරාය අධිකාරියේ ප්රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේ ඉදිවූ නත්තල් ගස සති දෙකක් ජනතාවට ප්රදර්ශනය කිරීමෙන් පසු අද (6) ගලවා ඉවත් කැරිණි.
ලොව විශාලතම නත්තල් ගස බව කියන මෙය අර්ජුන රණතුංග සමාජ සත්කාරය මගින් ඉදි කැරුණු අතර අද දොඹකර ආධාරයෙන් එය ගලවා ඉවත් කිරීමට කටයුතු යෙදා තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි, ඔයා බෞද්ධ කෙනෙක් නම් වෙසක් වලට ලොකු තොරණ් ගැහුවහම ඔයාට මොනවද ලැබෙන්නෙ, අන්න ඒ දේම කිතුණුවන්ට ලැබෙන්න ඇති මේ නත්තල් ගහෙන් (නි)
ඕක බලන්න හුඟක් එන්න ඇතිනේ. එ්කත් ගිනස් එකට ගියාද? කොහොමටත් දැන් ලංකාවේ හුඟක් ඒවා ගිනස් පොතට ගිහින් තියෙන්නේ (නි)
මම මේ දවස් වල ලෝකයේ ලොකුම අං තට්ටුව හොයනවා (නි)
මේවාට අපි නම් කියන්නේ මෝඩ චූන් කියලා. අපරාදේ සල්ලි (නි)
ලංකාවේ ආර්ථිකය සුපිරිනේ. ඉතින් සල්ලි වලට කරන්න දෙයකුත් නැහැනේ (නි)
ලංකාවේ වෙසක්,පොසොන් සැරසිලි ගලවනකොටත් මේ වගේම ප්රතිචාර දායිද බලමුකෝ. (නි)
මේවට කියන්නේ ජාතික අපරාධ ... ක්රිස්තියානි මුලධර්මවාදී රටවලවත් මෙහෙම විකාරයන් සිදුවෙන්නේ නැහැ... ජාතික ධනය මුවාවෙන් පිම්බෙන්න කල වියායාමයක් .. වරායේ සේවකයන් පොත අත්සන් කර වරායේ වැඩ නොකර මෙය ඉදිකිරීමට පිටත් කර යවලා .. මෙහෙම සිදුවෙන්නේ අපේ රටේම පමණයි ..(අ)
මේක කොහොමද උසම නත්තල් ගහ වෙන්නේ ගිනස් පොතේ තියනවා උසම ගස් දෙකක්. එකක් ස්භාවික ගහක්, අඩි 80 ක්ද කොහෙද උසයි. අනික මේ වගේ කෘතීම ගහක් එක බ්රසිලේ අඩි 419.91 ක් උසයි. ඉතින් මේක කොහාටද අයිති? විකාරණේ (අ)
දැන් ඔය ගහ ලොකුවට හදල මොනවද ලැබුනේ කියහල්ලකෝ .(අ)
නත්තල් ගස් මේ වගේ කියපුවම ලෝකෙම පුදුම වෙනවා කියලයි කියන්නේ. ඒ නිසා තමයි මේක ලෝකේ පුදුම නත්තල් ගහ කියලා ගිනස් පොතේ දාන්න වෙන්නේ. මෝඩ රැලක් මෙහෙමත්. මිනිසුන්ව ගොනාට අන්දනවා මදිවට සම්පත් හා මුදල් නාස්තිකරන අයට ආයේ නම් කිසිම සමාවක් දෙන්න එපා. (නි)
ලක්විදු ගැන ලැජ්ජයි (නි)
මේ ඇමතිවරු උමාඔය, සාලාව පැති ගැන දන්නෙම නැතුව ඇති නේද..? (නි)
මෙක්සිකෝ සහ බ්රසිල් තමයි ලෝක වාර්තා තැබූ නත්තල් ගස් හැදුවේ. මේවා රටින් පිට නොගිය මිනිස්සු රවට්ටන වැඩ. (නි)
මහජන මුදල් කාබාසිනියා කරලා, මෙවැනි වැඩ කරලා වැඩක් තියෙනවද? (නි)
එයා තනියමද මේක කළේ, එයාගේ ෆොටෝ එක විතරක් තියෙන්නේ? (නි)
ලෝකයේ ලොකුම නත්තල් ගස ගෝල්ෆේස් පිටියේ. ලොකුම ගවලෙන දියවන්නාවේ. (නි)
ලෝකයේ ලොකුම බොරුව, ලෝකයේ ලොකුම රොකට් එකත් මෙහෙනේ (නි)
ලක්විදු, මොනවද මේ කියන කතා? ලැජ්ජයි ඔබ ගැන (නි)
දැන් මොනටද දන්නෙ නැහැ ඕකෙන් ලැබුනේ (නි)
ලොකුම එල්ලුම් ගස හදලා දේශපාලුවෝ එල්ලන්න ඕනෑ. (නි)
ඇමතිතුමාට දැන් මොකක්ද වෙච්ච සෙත මේකෙන්? (නි)
දැන් අර්ජුන රණතුංග මහත්තයට නින්ද යයි (නි)
මට නම් ඕකත් අර රොකට් එක වගේමයි (නි)
නිකරුනේ මුදල් නාස්ති කිරීමක් පමණි (නි)
අර්ජුන මහත්තයාගේ අර ලොකු ෆොටෝ එකත් ගිනස් වාර්තාවක් වුණාද දන්නෙ නැහැ (නි)
මේවට හිනා යන්නේ කටින් නෙමෙයි (නි)
ලක්ෂාන්, තොරණින් ඔයාට ජීවිතය ගැන ගැඹුරු දාර්ශනික අවබෝධයක් දෙනවා. නත්තල් ගහෙන් ඔයාට මොකක්ද ලැබෙන්නේ? (නි)
අර්ජුන මහත්තයාගේ පින්තූරේ තියෙන්නේ ලොකුවට. ඔය මදැයි. අපේ බඩ කට පිරෙනවා අප්පා දැක්කම. මෙවන් සේවයක් රටට කළ ඔබතුමා කවදා හෝ රටේ නායකයා වේවා! (නි)
අද දිනය වෙනවිටත් ගිනස් වාර්තාවේ මේ ගැන මුකුත්ම සඳහනක් නැහැ . අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ , බෙරේ පලුවකුත් නැහැ ගෝල් ෆේස් එකේ තනකොලත් නැහැ (ම)
මේකනම් ගහක් නෙවේ පිදුරු හත්තක් වගේ මටනම් පේන්නේ. (ර)
ඊලග දීපවාලියට ලෝකේ ලොකුම ශිවලින්ගේ හදමුද ? (ර)
අමල් ඔයාගේ කටේ මසුරන් දාන්ට වටිනවා මේ කොමෙන්ට් එකට. ආණ්ඩුවට හරියන වැඩ තමා හැමෝම කරන්නේ. (ර)
මේක හදපු අය නත්තල්ගස් කෙසේවෙතත් නිකන් ගහක්වත් දැකලා නැති පාටයි. (ර)
මෙවැනි බොලද පාලකයින් සිටින කල්, ඉදිරියටත් ලොකු ලොකු ගස් බලාගන්න ලැබේවි.. අවාසනාව මිනිස්සුන්ගේ සම්පත් සහ මුදල්. (ර)
කාටද දැන් මේවා කියන්න තියෙන්නේ. එකත් අපි දන්නේ නැතිලු. (ර)
ගෝල් ෆේස් එක හාරන කොට කව්රුත් මොකුත් කිව්වේ නැහැනේ. (ර)
අපි ඉදිරියට යමින් සිටිමු. එහෙත් කිසියම් තැනකදී අප ආපසු හරි ඇති බව අපට අමතක වී ඇත. (ම)
නත්තල් ගහ කතෝලිකයන්ගේ සංස්කෘතික අංගයක්. නත්තල් ගහක් හදලා තියනවානම් කැමතිනම් ගිහින් තමන්ගේ පවුල, දරුවන් එක්ක නරඹලා, රැල්ල පාගලා, අයිස්ක්රීම් එකක් කාලා නිදහසේ සන්තෝෂ වෙලා එන්න. අපි වෙසක් බලන්න ගියත් කරන්නේ ඔයදේම තමයි. (නි)
ලක්විදුගේ අදහස ගැන දුකයි (නි)
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ (නි)
දැන් සතුටුයිද ඔබට? (නි)
ලංකාවෙි හදපු ලෝකයේ උසම නත්තල් ගස ගැන ගිනස් වාර්තා කමිටුව දන්නැලු. වොක්වෝගන් කර්මාන්ත ශාලවක් ලංකාවේ හදනවා කියලා මව් සමාගම දන්නේ නැහැලු. හාල්මිල වැඩි එක ඇමැති දන්නේ නැහැලු. කාටද දැන් මේවා කියන්න තියෙන්නේ. (ම)
මෙය මහජන මුදල් වැයකර සාදන ලද්දක් නම්, ඇයි මෙයාගේ පින්තූරය ගහලා තියෙන්නේ? (නි)
ජනාධිපති දිවුරුම්දීමේ උත්සවයට රුපියල් 6000 ලු වියදම්වුණේ. ඒ කාලෙදි ඒක හරි උජාරුවට කථා කළා. නමුත් නත්තල් ගසක් හදන්න මෙච්චර ගණනක්? (නි)
අපරාද සල්ලි! කාදිනල්තුමා කිවුවා වගේ අසරණයින් වෙනුවෙන් ඒ මුදල් වියදම් කළා නම් මොනතරම් වටිනවද? අර්ජුන ඔබත් ගමේ ඉපදී හැදුන වැදුන කෙනෙක් හැටියට මීට වැඩිය හිතන්න ඕනෑ. මමත් ඔයාගේ ගමේම කෙනෙක් නිසයි මෙහෙම කියන්නේ. (නි)
මේක කොහොමද උසම නත්තල් ගහ වෙන්නේ. අඩි 350ක් උසට හදන්න කියලා අගෝස්තුවේ පටන්ගෙන දෙසැම්බර් වෙනකම් හැදුවේ අඩි 60යි. ඊටපස්සේ ලැජ්ජාව වහගන්න යන්තම් හදලා නිම කළා. ගිනස් පොතට යයි අගෝස්තු මාසේ ඉඳලා අඩි 60ක් හදපු කතාව නම්. (නි)
ලක්විදු ගැන මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
මේ ගස ඇර වෙනත් නත්තල් ගස් ඔබ දැක තිබේද? (නි)
අර්ජුන මහත්තයට හිතට සතුටුද දැන්? (නි)
අපේ දේශපාලකයෝ ඉන්නතාක් මේවා දිගටම බලාගන්න පුලුවන් (නි)
ලෝකයේ කෙසේවෙතත් ලංකාව වගේ රටක මේවගේ නත්තල් ගසක් ඉදිකිරීමම ගිනස් වාර්තාවක් (නි)
ලංකාවේ මිනිස්සු හරි සතුටක් ලැබුවා නේද? (නි)
අමල්, ඔබ හරියට හරි. (අ)
මෙයා කලොත් කරන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති ඔහොම තකතීරු වැඩක් යුද්දේ කලේ නගුට පිටිපස්සේ ගහගෙන හිටපු මෙයාලා ලෝකෙට ලොකුකම් පෙන්වන්න කලින් අපේ රටේ එදා වේල කන්න නැතුව ඉන්න අහිංසක ජනතාවට කන්න හාල් මිල අඩු කරානම් නේද හොද ? (අ)