අම්බලන්ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල්තලාවේ දී ඕස්ට්‍රේලියා සරසවි ශිෂ්‍යාවක කෙලෙසීයැයි කියන සිද්ධියක් ගැන පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹයි.
ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇය කැස්බෑ මධ්‍යස්ථානයක අධ්‍යයනය කරමින් සිටි බවත්, පිරිසක් සමග ගෙදවානට ගිය අවස්ථාවේ ලංකාවේ තරුණයකු ඇය කෙලෙසා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
මුහුදු ලිහිනින් ඇතුළු පක්ෂීහු බහුල වශයෙන් ගෙඳවානේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනහම,ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මොනවා හිතේවිද? ලැජ්ජාවේ පන යයි. (නදී)
මෙන්න අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට යවන්න සුදුස්සෙක් හම්බවුනා.(නදී)
නුවන් අපි මේ කතා කරන්නේ නව සීලන්තයේ සිට. කරුණාකර මෙහෙදී මිනි මරපු ලිංගික බලපෑම් කරපු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සිද්ධීන් අඩුම තරමේ දෙකක් වත් අපිට කියනවද? ඔයා වගකීමකින් යුතුව ලියනවානම් කරුණාකර මෙම අභියෝගය ගන්න. (නදී)
අපිට ආරංචි මේ පිලිබඳ පරීක්ෂණ යට ගහන්න යනවා කියල. ඇල්ලුවත් එකේ වරද පටවාවි අගතියට පත් පාර්ශවයට . දුෂණයකට පොළඹවන ලෙස ඇඳුම් ඇඳගෙන හිටිය කියලවත් කියාවි. අපේ රටේ කාන්තාවන්ට විතරක් නෙවෙයි, වෙනත් රටවල කාන්තාවන් ටත් ලජ්ජා බය තියනවා. අපේ රටේ ගෑනු ළමයෙක් ඔස්ට්‍රලියවේදී දුෂණය වුන නම් මොකද්ද කියන්නේ.? (අ)
අනේ අපේ මිනිස්සුත් කරන වැඩ? (නි)
අයියෝ අයියෝ බෙන්තර ගඟෙන් එහා මේවත් වැඩද? (නදී)
භානු ,පිට රටවල ඉන්න අපේ සමහර අයට රස්සා හොයාගන්න අමාරු ඒ ගොල්ලෝ වැඩට ගත්තම එතන ඉන්න ගැහැණු අයට ලිංගික බලපෑම් කිරීම සහ හොරකම්,මිනි මැරීම කරන නිසා. ඔය ප්‍රශ්නේ ඕස්ට්‍රේලියාව ,නව සීලන්තය දෙකේම තියෙනවා. මම නව සිලන්තේ කාලයක් හිටපු නිසා කියන්නේ. (නදී)
මේ දේවල් නිසා පිටරට වල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ටත් ප්‍රශ්න ඇති වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා. දැන් එහෙ ඉන්න ලංකාවේ මිනිස්සුන්ට රස්සා හොයා ගන්නත් ප්‍රශ්නලු. හේතුව ලංකාව කියන්නේ හරිම දරුණු මිනිස්සු ඉන්න රටක් හැටියට ප්‍රසිද්ද වෙලා නිසා. (නදී)
චමල්ගේ කතාව හරි. අපේ සමහර අයට සුද්දියක් දැක්කමත් පිස්සු වගේ. ඒකට හේතුව චමල් කිව්වා වගේ, සුද්දියන්ව දැකල තියෙන්නේ අසබ්‍ය චිත්‍රපටවල පමණයි. (නදී)
ලංකාව බෞද්ධ රටක් වෙලත් ගෑනු කෙනෙකුට රෑ7න් පස්සේ තනියම යන්න පුලුවන්ද? (නදී)
මේකනම් අපේ රටට හරිම කළු ලකුණක්. වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ඉක්මනින් දිය යුතුයි (දිල්).
හැකි ඉක්මනින් දඬුවම් දිය යුතුයි. එය සියලුදෙනා ඉදිරිපිට දිය යුතුයි. .. සෞදි වල දෙන විදිහට? (නදී)
මරඟනන් නැටුවේ බුදුවෙන්ට ඉන්න සිදුහත් තාපසය ඉදිරියේ. අපේ අයට කොහෙද එහෙම මනසක්, තමන්ට අයිති නැතිදේට මොකටද ආශා කරන්නේ? ඒකනිසා තමයි ගොඩක් වැරදි රටේ වෙන්නේ. (නදී)
චමල්! ඔබගේ විග්‍රහය බොහෝ දුරට හරි. එහෙත් බෞද්ධ දර්ශනය ගැන අවබෝධයක් ඇත්නම් "මරඟනන්" තමා ඉදිරියේ නිරුවතින් නැටුවත් කාමය ඇවිස්සෙන්නේ නැත. වත්මන් ශ්‍රී ලාංකික සමාජය බුදු දහමින් ඈත්වීමේ ප්‍රති විපාක උණු උණුවෙම අත්දකිමින් සිටිමු. (නදී)
කල් නොයවා වරදකරුට උපරිම දඩුවම් ලබාදෙන්න.(දිල්)
අපි වනචාරී යුගයට ගෙන යාම ගැන පාළකයන් වග කිව යුතුයි(දිල්)
මෙහෙම දේවල් වෙන්න හේතුවක් තියෙනවා . ලංකාවේ ටි වී වල පෙන්නන්නේ බලමෙගා නාට්‍ය විතරයි. එනිසා බටහිර රටවල් වල මිනිස්සුන්ගේ ජීවන රටාව ගැන හරි හැටි අවබෝදයක් නැහැ . ඒ අයත් අපි වගේම හැදියාවක් තියෙන මිනිස්සු . එත් සුද්දියන්ව අපේ අය බලන්නේ අසභ්‍ය චිත්‍රපටි වල පමණයි . එනිසා මේ අය සුද්දීයෙක්ව දැක්කම හිතෙන්නේ ඒ ෆිල්ම් වල ඉන්නේ මෙයලානේ කියල . ඒ අය අඳින පළදින විදිය දැක්කම ඉන්න බැහැ. එනිසා තමයි මෙහෙම වෙන්නේ .(දී)
චමල්ගේ කතාව 100% හරි. රුපාවහිනි තමයි වග කියන්න ඕනේ (දී)
ලංකාවේ සංචාරකව්‍යාපාරය නැති වෙයි (දී)
මේ තමයි ධර්මඃ ද්වීපයේ සිදුවුණ අධර්මිෂ්ට ක්‍රියා!!!(දිල්)