පොල්ලේ බැද්ද ගම්මානයේ ආදිවාසි නායක තාලාබණ්ඩාරලගේ ගෝබාහට රජයෙන් ඉදිකර දුන් නිවස වාසයට නොසුදුසු බව ඔහු කියයි.
හරියට කෑමක් නොලැබුනත් මම සතුටු වුණා රජයෙන් ගෙයක් හදලා දුන්නා කියලා මම මැරුණ දවසක තියන්න ගෙයක් තියෙනවා කියලා නමුත් වහින වේලාවට මේ තැන ඉන්නේ නැතිව ගේ ඇතුළට යනවා එත් ගේ හැමතැනම වතුර ගලනවා ඒ හින්දා භාජන හැමතැනම ඉන්න විදියක් නෑ .මේ ගේ හදාපු අය ඒක හොදට හදලා නෑ. බිත්ති හැම තැනම දිය ගලනවා ‘
මේ හදපු ගෙදර දුන්නට ජනාධිපති හුරා ගැන සතුටු වෙනවා. මම දන්නවා එතුමා මේ ගැන දන්නවා නම් හොයයි බලයි කියලා. පිදුරු දාපු මැටි පැලක හිටිය මට ගේ ගැන බැන වදිනවා නොවේ. නිළධාරින් මේ ගැන බලන්නේ නෑ.ඉස්සරාට එන්නේ මහා වැසි කාලේ මේ ගේ හිටියොත් තෙමෙන්න තමයි වෙන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝනත්‍රාත් කරුවන්ට වැඩිය දොස් කියන්න එපා. දන්නවනේ අනිත් කෝනත්‍රාත් ක්‍රමය ආයේ ජිවිතේට බත් කන්න ලැබෙන්නේ නැහැ. (ස)
දිල්හානි මටත් ඉන්න ගෙයක් නම් නැහැ මොකද කියන්නේ.(නදී)
ඔය ගැන ඔහොම කියල හරියන්නේ නැහැ ආදිවාසි නායකයෝ කොළඹ කොටුවේ ස්ටේසම ලගට වෙලා මාසයක් වත් උපවාසයක් කරන්න වෙයි .එත කොටනම් කවුරු හරි හොයල බලයි .(නදී)
අපේ ගෙවල් ළග හිටියා නම් අපේ ගෙදරක තියාගෙන මම බලාගන්නවා (නි)
ගේ හදාපු කොනාට කියමු එක මාසයක් පවුලත් එක්ක ඔය ගෙදර ඉන්න කියලා.(නදී)
අනේ මන්දා මේවා ගැන කතා කරනවට වැඩිය හොද නැද්ද කට පියාගෙන ඉන්න එක (නදී)
පාර්ලිමේන්තු පොජ්ජේ ඉන්න නායක මහා හුරුවරිගේ ඇත්තන්ට අපේගගම් පොච්ජේ ගේ පොජ්ජ තනා දෙන්න බැරිනමි අපේ වරිගේ ඇත්තන්ගේ ගමට මංගජ්ජ වෙලා ජන්ද පොජ්ජ ඉල්ලන්න ඒනවා නොවෙයි ඕන් කිව්වා (දිල්)
කොලොම්පුරේ සුවිසල් මැදුරු හදන්න සල්ලි ඇති වෙනකම්. දුප්පතාගේ නිවස හදන්න අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න බැරුව ඇති මගේ හිතේ. දුක තමයි වැදී නායක තුමෝ. (නදී)
ෂෙරීෆ් - කතාව සහතික ඇත්ත තමා. මටත් සිහිපත් වුනේ ඔබ කීවට පස්සෙ. අනිත් කොන්ත්‍රාත් ක්‍රමය ආයේ ජීවිතේට බත් කෑම නම් බොරු තමා. (ස)
රන්ජිත් සිල්වා, කියන විදිහට ගොබා මහා තණ්හා කාරයෙක්, එතකොට අර කොන්තරාතුවෙන් හොරා කාපු එකා සාන්තුවරයෙක්.රටට බරක් නොවී අහිංසකව ජීවත්වන මිනිසුන් දිහා ඔය විදිහට බලන්න එපා සහෝ (ස)
කෝනත්‍රාත්කාරයා වෙන ගෙයක් ගහලා ඇති අගේට. (ස)
අයියෝ මේ වගේ එකක් නම් මටත් හදල දෙන්න පුළුවන්. (ස)
ආදර ගොබා වෙත, මහා හුරලත් කරන්නේ ඔය කොන්ත්‍රාත් කාරයගෙම කාරිය තමා.(නදී)
අනිත් හැම වැඩේම හොර නම් ඕක විතරක් හොඳ වෙන්නේ කොහොමද හුරේ (නදී)
මහා හුරා හොයලා බලයි මේ ගැන .(නදී)
කොන්ත්‍රාත් පොජ්ජෙන් හොඳට කාසි මන්ගච්චලා කොන්ත්‍රාත් කාරයාගේ පැල් කොටේ නම් මාලිගා පොජ්ජක් වෙන්න හදාගෙන ඇති (ස)
අසරණ මිනිස්සු කොන්ත්‍රාත්කරු රජවෙලා ඇති.(නදී)
අසරණ මිනිස්සු කොන්ත්‍රාත්කරු රජවෙලා ඇති. (ස)
තණ්හාවේ සීමා නැත. (ස)
මෙයත් ඒ ගොල්ලන්ගේ වරිගේ රජ කෙනෙක් නේද? මාලිගාව නම් හරිම සවුත්තු විදිහටයි හදල දීල තියෙන්නේ. ඉස්සර හිටපු ස්පිටල් මහත්තයවත් හිටිය නම් මේ ගොල්ලන්ගේ දුක් ගැනවිලි ඉහලට අරන් යයි. (ස)