IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගැබ්රියෙලා අයිස්ලර් අලූත්ම රූ රැජිනත් වෙනිසියුලාවෙන්

 

 

පසුගියදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැති ලෝක රූ රැජින 2013 තරගාවලියේදී ජයග‍්‍රහණයේ කිරුල පැළඳියේ වෙනිසියුලාවේ මරියා ගැබ්රියෙලා අයිස්ලර්ය. මොස්කව් හි ක්‍රෝකස් ශාලාවේ පැවති මෙම 2013 ලෝක රූ රැජින කිරුල දිනූ මේ සුරූපිනිය කවුද? බොහෝ දෙනා අද ඇය ගැන කතාවන්නේ වෙනිසියුලාවේ තැනැත්තියක ලෙස  වුවද, එතැනින් එහාට ගිය පවුල් පසුබිමක් ඇය සතුය.

අති ශුද්ධ සුරූපී තැනැත්තියක ලෙස අද බොහෝ දෙනාගේ ආකර්ශණයට නතු වූ  2013 ලෝක රූ රැජින ගැන කියවෙන විස්තරයකි මේ.

රටවල් 85 ක පමණ සුරූපිනියන් අතරින් ලෝක රූ රැුජින වූ ඇයගේ සම්පූර්ණ නම වන්නේ මරියා ගැබ්රිඑලා ඩි ජේසන් අයිලර්ය. වෙනිසියුලාවේ බොහෝ දෙනා අතර, මොරාල්ස් නමින්ද ඇය ප‍්‍රකටය. 1988 අපේ‍්‍රල් 21 වැනිදා ඇය උපන්නේ වැලෙන්සියාවේ කැරාබොබෝවලදීය. ඉගෙනීම සඳහා ඇයට මරානෝ වලට යාමට සිදුවිණි. මරියා ගැබ්රිඑලා තම උසස් අධ්‍යාපනය හමාර කළේ කළමනාකරණය හා අලෙවිකරණ උපාධිය ලබමිනි. ඉන්පසුව විලාසිතා නිරූපන ක්‍ෂේත‍්‍රයට පැමිණීමට පෙර ඇයට රැකියාවක් කිරීමට අවශ්‍ය විය. ඒ තම ස්වෝත්සාහයෙන් නැගී සිටීම වෙනුවෙනි. තම පරපුරේ පිය පාර්ශ්වය පැවැත එන්නේ ස්විට්සර්ලන්තයෙනි. ඇයගේ පියා ජුආන් අයිස්ලර් ලෙන්ග්මන් ස්විස්ටර්ලන්තයේ ලූසානයේ ආගමන පාලක වරයාගේ පුතාය. එනිසා අවැසි නම් ඇයට වඩාත් සුව පහසු ජීවන රටාවක් වෙනුවෙන් එහි යාමට අවකාශ තිිබිණි.

එහෙත් මේ සියලූ දේ කිරීමට පෙර උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තෙක් ඇය පුද්ගලික ආයතනයක රැකියාවකට ගියාය. එහිදී ඇයගේ රාජකාරිය වූයේ තෑගි පාර්සල් කිරීමය. මේ තෑගි ගන්නේ කුමකටද? එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඇය ත්‍යාග ඔතා දුන්නේ ග‍්‍රාහකයාගේ එම අදහස් වලට අනුවය.
මේ නිරහංකාර සුරූපිනිය විලාසිතා ලෝකයට පිවිසියේ  තම මවගේ අඩිපාරේ යමිනි. එනම් මව නිරූපිකාවක  වූවාය.

ජාත්‍යන්තර නිරූපණ ක්‍ෂේත‍්‍රයේ උපදේශකයකු ලෙස ප‍්‍රකට කි‍්‍රිස්ටෝපර් ඇරෙන්ඩන් යටතේ තමා බොහෝ දේ උගත් බව ඇය ගෞරවයෙන් සිහිපත් කරන්නීය. උපාධිය ලබා සිටි මරියා ගැබ්රිඑලා වෙනිවිෂන් ටීවී නාලිකාවේ රැකියාවක නිරත වූවාය. නිරූපණ ක්‍ෂේත‍්‍රයට පැමිණීමත් සමඟ වැඩි කල් නොගොස් ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ගැනීමට අයට හැකි විය.

ඇයගේ ඊළඟ පිම්ම වූයේ වෙනිිසියුලාවේ රූ රැුජින තරග සඳහා ඉදිරිපත් වීමය. ඒ අනුව, 2012 වෙනිසියුලාවේ රූ රැජින කිරුළ හිමිවුණේ  ඇයටය. එම කිරුළ  සමඟ එරටේ පැවැත්වූ රූ රැජින තරග ත‍්‍රිත්වයකම කිරුළ දරන්නීය. 2013, ලෝක රූ රැජින තරගාවලියේ අවසාන වටයේදී  ඇය හට ලැබුණු ප‍්‍රශ්නයකට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

 

කුමක්ද ඔබට තිබුණු ලොකුම බිය? එය අභිබවා යන්න ඔබට තිබූ දැක්ම මොනවගේද?
‘‘බිය කියන්නේ අසුබවාදී දෙයන් නොවෙයි. එය අභිබවා යාමට නම් අපට ආත්ම ශක්තියක් තිබෙන්න  ඕනෑ. එවිට  ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි.
එලෙසින් පිළිතුරු දුන් ගැබ්රිඑලා නරඹන්නන්ගේ සිත් ඇදගත්තේ සුන්දර වදන් නිසාම නොවේ. මෙම ලෝක රූ රැජින තරගාවලියේදී ඇය ඇඳි විලාසිතා වලට නරඹන්නෝ වශීවූහ. ඇයගේ ටිවි ටයිනි බිකිනි නැටුමට බොහෝ දෙනා වසඟ වූහ. දිගු ගවුම් විලාසිතා මෙන්ම රිදී පැහැයෙන් නිම වූ ගවුම (අවසන් මොහොතේ ඇඳි) කාගෙත් සිත් ගත් විලාසිතා  විය. උස අඩි 5 යි අඟල් 10 ක් වන මේ සුරූපිනිය වසර හයක් ඇතුළතදී පිට - පිටම වෙනිසියුලාවෙන් බිහිවූ තෙවැනි ලෝක රැජින වන්නීය. ලෝක රූ රැජින තරග ඉතිහාසයේදී (වසර 13 ක් පුරා මේ දක්වා පැවැත්වූ)  වෙනිසියුලාවෙන් ලෝකයට සුරූපී ඇය සමග සත්දෙනෙකු දායද වී ඇත.

වෙනිසියුලාවේ නිරූපිකාවක මෙන්ම ස්විට්සර්ලන්තයේ නිරූපිකාවක ලෙසද කටයුතු කරමින් සිටි මේ සුන්දර කිරිල්ලියට ලෝකය වටේ යාමට අවකාශය ලැබී තිබේ. විලාසිතා ලෝකයේ බොහෝ දෙනා ඇයට ‘‘මෝලි’’ කියාද හඳුන්වති. මෙම සුරූපී මෝලි වඩාත්ම ගරුකරන චරිතය වන්නේ තම මවය.

‘‘සෑම ගමනාන්තයකදීම හමුවීමක් ඇත’’ යන්න ඇයගේ මව ඇයට සිහිපත් කළ දේ ඇය නිතර විශ්වාස කළාය.

සුරූපී මරියා ගැබ්රිඑලාට වෙනිසියුලාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය ඇත. මේ නිසාම සමහරු ඇයට කියන්නේ බාගයක් වෙනිසියුලාවේ - තවත් බාගයක් ස්විට්සර්ලන්තයේ යනුවෙනි.  ඒ අනුව මේ සුරූපිනියගේ මේ ලෝක කිරුළ අයත් වන්නේ, වෙනිසියුලාවට පමණක්ම නොවන වග සඳහන් කළ හැකිය.

 


                         (අන්තර්ජාලය ඇසුරින් ) - සංකල්ප                       

 

 

 



අදහස් (0)

ගැබ්රියෙලා අයිස්ලර් අලූත්ම රූ රැජිනත් වෙනිසියුලාවෙන්

මර්වින් Wednesday, 20 November 2013 08:39 PM

වෙනිසියුලා රටේ අය පොඩි කලේ ඉදන්ම මෙම තරගයට සුදානම් වෙනවා. හරියට ලංකාවේ ක්‍රිකට්,ෆූට් බෝල් වගේ.එම රටේ කුඩා ගැහැනු දරුවන් වයස 3-4 දී පටන් සිහින මවන්නේ රූප රැජිනියක් හෝ නිරූපිකාවක් වීමටය,මෙය පාසල් අවදියේ පටන් පුහුණු කරනවා. ඔවුන්ගේ මුහුණේ යම් විෂමතාවයක් ඇත්නම් මොවුන් සැත්කම් මාර්ගයෙන් එය හොද තත්ත්වයට ගන්නවා. අඩුමගානේ මෙරටේ කාන්තාවක් හොද ඇදුමක් හෝ හොද කොන්ඩ මෝස්තරයක් නැතුව ළගම තිබෙන කඩයටවත් නොයයි (නි)

:       0       0

ලාරා Saturday, 23 November 2013 06:29 PM

මට නම් ඇයගේ දත් ටික විතරයි ලස්සන. දත් ටික බන්ඩි කියත වගේ. (නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 21 November 2013 05:02 PM

ඇයි මේ රූ රැජිණියෝ විතරක් තෝරන්නේ? රූප රජෙකුත් තේරුවා නම් නේද හොද? (නි)

:       0       0

සචින් Friday, 29 November 2013 04:15 PM

මෙයාට ලස්සනයි කිව්වොත් ඉතින් ලස්සන කෙල්ලන්ට කියන්න නම් හදන්න වෙයි (නදී)

:       0       0

සමීර Thursday, 21 November 2013 05:19 PM

ලංකාවේත් ඉන්නවද රූ රැජිනිලා? (නි)

:       0       0

රාජන් Friday, 22 November 2013 04:25 PM

ඔබ හරි හේමන්ත ලංකාවේ රූ රාජිනි තෝරන විනිශ්චය මණ්ඩලය වෙනස් විය යුත්තේ සුදු පාටට හරි ඉංග්‍රීසි වලට හරි දීල වැඩක් නෑ. (ස)

:       0       0

නලින් Tuesday, 26 November 2013 11:33 PM

අපේ කෙල්ලෝ රූප රැජිණියෝ වෙන්නේ කවදාද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 20 November 2013 05:56 PM

කෝ මිස් ශ්‍රී ලංකා? පේන්නවත් නැහැනේ. අපේ රටේ කිසිම පෙර සුදානමක් නැහැ කිසිම දෙයකට. මුලින්ම හොයාගන්න ඕනෑ දක්ෂ ලස්සන ළමයෙක්, ඊට පස්සේ එයාව පුහුණු කරන්න ඕනෑ, ඉන්දියාවේ කරනවා වගේ. (නි)

:       0       0

අරුණ Thursday, 21 November 2013 02:20 AM

ඉදිරියේදී අපේ රටට රූ රැජිණක් අත්‍යවශ්‍යයි. එනිසා දැන්ම පුරුදු පුහුණුකරන එක හොදයි (නි)

:       0       0

ලලිත් Wednesday, 20 November 2013 06:47 PM

ඊට පස්සේ ඒ ළමයාව බාර දෙන්න ඕන රෝසිට (අ)

:       0       0

සෑම් Thursday, 21 November 2013 07:13 PM

පිරිමින්ගේ ලස්සන බලන්නේ කවුද? පිරිමිකම මනින්නේ පෞරුෂත්වයෙන්. (නි)

:       0       0

ශානිකා Tuesday, 17 December 2013 11:59 AM

ඇය හරිම ලස්සනයි.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 21 November 2013 12:11 PM

ඊට පස්සෙ රෝසි පුරුදු කරල ගනීවි ඉතිරි හරිය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 23 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 446 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 338 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 643 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1275 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 568 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site