දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
පොලිස් කතක ගැබිනි මවක සේ වෙස්වලාගෙන එහි යැවූ බවත්, ගබ්සාවට ඇගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.
දඹුල්ලේ ගල්වැටියායේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෙදකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
පොලිස් කතක ගැබිනි මවක සේ වෙස්වලාගෙන එහි යැවූ බවත්, ගබ්සාවට ඇගෙන් රුපියල් පහළොස් දහසක් ඉල්ලා ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් ලබා දිය යුතුයි.(නදී)
15000/= ක් දීලා ගබ්සාකරගන්න තිබුණානේද ? ඇයි වෙදා අත්අඩංගුවට ගත්තේ? නිලාදරිනියට ගැබ් ගත්තේ කොහොමද? ගබ්සා කරගැනීම වරදක් නම් ඇයි ගියේ.(නදී)
මෙතන සැඟවී තිබෙන බරපතල සමාජ ප්‍රශ්නය තේරුම් ගන්න කාටවත් ඕනෑකමක් නැති හැටි. ඇයි කාන්තාවක් ගබ්සාවකට යොමුවෙන්නේ? එක එක ආගම්වල කට්ටියයි ජාතිප්‍රෙමීන් වශයෙන් පෙනී ඉන්න අයයි මේ ප්‍රශ්ණය දිහා තමන්ගේ පාට කන්නාඩිවලින් බලල විරෝධතා ව්‍යාපාර ගෙනියනවා. සායනවලට පැනල දොස්තරලට තර්ජනය කරනවා. ඒ අතරේ දවසකට 700 බැගින් "නීති විරෝධී" ගබ්සා සිද්ද වෙනවා. කාන්තාවෝ හොර වෙදුන් අතින් මැරෙනවා. තිස්ස කරල්ලියද්ද ඇමතිතුමා ඉතා හොඳ යෝජනා වගයක් ගෙනාව. වෙච්ච දෙයක් නැහැ ඒවාට. (නදී)
අත්අඩංගුවට ගත්තට මේ අයව ඇප දීලා එවනවනේ. නැවතත් කරන්නේ ඕකමයි. ඒකට පිලියමක් නොකරනකන් මේවා හැමදාම අහන්න ලැබෙයි. (නි)
අවිවාහක නම් මව්පිය හෝ භාරකරුගේ කැමැත්ත මත හෝ විවාහක නම් පුරුෂයාගේ කැමැත්ත මත කිසියම් කාන්තාවක් දරු ගැබට මාස තුනක් පිරෙන්නට පෙර සිදුකරන ගබ්සා නීතිගත කළ යුතුයි. (නි)
ලමුන් හදල අනාත කරනවට වඩා ගබ්සාව හොද නැද්ද? (නි)
ඔය වැඩනම් මහා සහගහන අපරාද...(අ)
අනිතියට රජ කරන්න දෙන්න බැහැ (දී)
මෙහෙම වෛද්‍ය වරු නීතියේ රැහැනට හසු කර ගන්න ඕනේ (දී)
ගබ්සාව නීති ගත කරන්න මම යෝජනා කරනවා (දී)
ඇයි මේක නිත්‍යානුකුලව කරන්න ඉඩ දෙන්නේ නැත්තේ. එහෙම කලා නම් මේ ප්‍රශ්න බොහොමයක් ඉවරයි නේ. (දී)
මම හිතුවේ ගැබිණි මවක සේ කට්ටිය වෙස් වලාගෙන ගිහිල්ලා කියලා (නි)
මම නම් ගබ්සාවට තදින් විරුද්ධයි. හොදින් හිතා බලා කළ යුතු දෙයක්. නැතිනම් ඒ දරුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඔන්න වැන්දා දරුවෝ නම් නැති කරන්න එපා මට හරි පිලිකුල්.(නදී)
ගබ්සාව නීති ගත කරන්න (නි)