IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගමක් සංචාරකයන්ට තහනම්

යුරෝපයේ උෂ්ණත්වය ඍතු බේද අනුව කාලච්ජේද හතරකට වෙන් වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවතී ඇති උෂ්නත්ව කාල සටහනේ අගය සාමාන්‍යය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 45 හා ඍණ අංශක 16 අතර වෙයි. මෙම උෂ්ණත්ව අන්තරයන්හි පැවතීම අවබෝධ කරගත් මිනිසා අවුරුද්දේ ඒ ඒ මාසයන්හි පවතින කාලගුණයන්ට අනුකූලව ඍතු හතරකට බෙදා වෙන් කර ගත්තේය. මේ විභේදනය සරත් ඍතුව, ග‍්‍රීෂ්ම ඍතුව, සීතල ඍතුව, හා වසන්ත ඍතුව ලෙසින් හැදින්වේ. මේ අනු‍ව යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද ජීවත්වන්නෝ ඉහත ඍතු විභේදනයට අනුගතවී සිටින්නෝය. ඍතුවේ පවතින උෂ්ණත්වයට අනුව, ඇඳුමෙන් පැළදුමෙන්, ගමනෙන් බිමනෙන්, කෑමෙන් බීමෙන්, ආදී වශයෙන් සිදුවන සම්පූර්ණ ජීවන කි‍්‍රයාදාමයට මිනිසා නොදැනුවත්වම අනුවර්තනයවී සිටින්නේය. මිනි ගවුමේ සිට ලෝම කබාය දක්වා මාසදොළහක් තුල ස්වංක‍්‍රීයව සිදුවන මේ වෙනස දුකක් මෙන්ම සුන්දරය. ශීත ඍතුවේදී ගැහැණියගේ රුව වැසීයාම සමහරුන්ට විටෙක දුකක් ගෙන දෙයි. කාන්තාව උතුම් වස්තුවක් ලෙස සලකන, ඇගේ සුන්දරත්වය, සියලූම කෝණයන්ගෙන් අගයන හා සුරකින, ප‍්‍රංශයේදි ඉහත සියලූ දේ සිදු වන්නේ සෑම වසරකම මාස තුනකට වරකි. එයද නියමිත මාසයේ 21 වැනිදාට යෙදී තිබීමද විශේෂත්වයකි. ප‍්‍රංශය මේ දිනවල ශීතලය. අධික ජනගහනයක් ඇති අගනගරය වන පැරීසියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක දෙකකි. එසේ නමුදු ඉහත ඍතු විභේදනය අනුව ප‍්‍රංශයේ ශීත ඍතුව ආරම්භ වන්නේ දෙසැම්බර් මස 21 වැනි දිනයේ දීය. 2012 දෙසැම්බර් 21 වෙනි දින ප‍්‍රංශයේ ශීත කාලයේ ආරම්භය මෙන්ම මුළු ලෝකයාම ඇස් දල්වා බලා සි‍ටින ලෝකයේ අවසාන දිනයද වීම විශ්මය දනවන සංසිද්ධියකි. ආදි මායාවරුන්ගේ අද්භූත දින දර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දහවල් 11.11 ට හෙවත් ලංකාවේ වේලාවෙන් සවස 15.41 ට ලෝක විනාශය සිදුවන අති විශේෂ දිනයක් බවට පත් වී හමාරය. එයද 12, 12 හා21 ලෙසය. ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික සුවඳ විලවුන් නිෂ්පාදකකු වන ෆැකෝ රබානා බොහෝ කලෙක සිට මෙම දිනයෙන් සමු ගැනීමට, සුන්දර කථා කියන, සුවඳ විලවුන් මෙන් සුවඳවත් මිනිසෙකි. අද ලෝකයේ බොහෝ දෙනෙක් ලෝක විනාශය ගැන හිතමින් කමින් බොමින්, ගයමින් ,නටමින් ශෝකවෙමින්, අතපය දිගහැර වියදම් කරමින්, වෙස්සන්තරයන් මෙන් ජීවත් වෙති. එසේ නමුදු මෙම විනාශයෙන් දිවි ගලවා ගත හැකි මාර්ග ඇත්තේ එකක් පමණය. එය කුමක්ද? ප‍්‍රංශයේ ජීවත් වීමය. මෙය ලෝක පාලක ඉසිවරයන් මෙන් සමහරු අග‍්‍රතන්හි ලා සළකන මායාවරුන් වර්ෂ සිය දහස් ගණනකට පෙර කල දේශනාවන්හි සඳහන් වී තිබේ. එම දේශන සත්‍ය අසත්‍ය මිශ‍්‍රණයකින් යුක්තවූ ව්‍යාකූල අපභ‍්‍රංශයක් වුවද එසේ නොවන බව පිළිගන්නෝ බොහෝය. එසේ හෙයින් මෙම දෙසැම්බර් 21න් පසු ජීවත් වන්නේ ප‍්‍රංශයේ වැසියන් පමණක්ද?. එම නිසාම ලෝක වාසීන්ගේ නෙත් මේ දිනවල ප‍්‍රංශය දෙසට නාභි ගතවී ඇත්තේය. එසේ වූ හෙයින් ඉදිරියට මෙය හිසරදයක් වන බව වටහා ගත් ප‍්‍රංශ පාලකයන්, හිස රුදාව ඇති නොවීමට වැඩ කටයුතු සැලසුම් සකස් කලෝය. එසේ වුයේ ඇයි? ප‍්‍රංශයේ දකුණු දිශාවේ ගිනිකොන හා දකුණ එක් කරන සමපාද ත‍්‍රිකෝණ ප‍්‍රදේශයේ ඇති බුගරාච් නම්වු සුන්දර ගමට පැරීසියේ සිට දුර කි:මී: 810කි. එම ගම ආසන්නයේම ඇති කර්කසොන් නම් වූ ප‍්‍රධාන නගරයට පැරීසියේ සිට අධිවේගි දුම්රියෙන් පැය පහකින් ද දක්ෂිණ අධිවේගි මාර්ගයෙන් පැරීසියේ සිට පැය 7.30කින් ඉහත නගරයට ළඟාවිය හැකිය. කර්කාසොන් ප‍්‍රධාන නගරයට නුදුරින් පිහිටි කුඩා ගමකි බුගරාච් මුහුදු මට්ටමෙන් මි:427 ක් උසකින් වග– කි:මීටර් 27ක් පමන විශාල මෙම ගම ප‍්‍රංශයේ ෆිරණේ ලෙසින් හදුන්වන ඉතා රමණීය කදුවැටිය පිහිටා ඇති ඕබ් නමින් හදුන්වන පළාතේ පිහිටා තිබේ එහි සිට මධ්‍යධරණී මුහුදු වැල්ලට පැයකින් ලඟාවිය හැක. ස්පාඤ්ඤ උතුරු හා ප‍්‍රංශ දකුණු දේශ සීමාව අතර පිහිටි අන්ඩෝරා ස්වරාජ්‍ය හා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරය ලබන ලූර්දු මෑණියන්ගේ දෙව් මැදුර පිහිටි ලූර්දු නුවර, මේ බුගාරාච් ගමට නුදුරින් පිහිටි ප‍්‍රධාන සංචාරක ප‍්‍රදේශයන්ය. මෙහි පිහිටි මී: 1231 අහස් කුසට විහිදුණු හරිත වර්ණයෙන් පිරි එම කදු වැටිය හදුන්වන්නේ බුගරාච් කන්ද ලෙසිනි. එබැවින් මෙම කª පාමුල පිහිටා ඇති ගම බුගරාච් ලෙස හදුන්වයි. කදු වැටියේ ගල් ගුහාවක් ඇත. එහි ස්වභාවයෙන් නිර්මාණයවූ විශාල ගල් බිත්තියකි. මෙම අරුම පුදුම බිත්තිය ආශ‍්‍රිතව විවිධ ප‍්‍රබන්ධ කථා ගම්මුන්ගේ සිහිවටන අතරට එක්වී ඇත්තේය. කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශය ආශි‍්‍රතව විශේෂවූ චුම්බක ක්ෂේත‍්‍රයක් ඇති බව සඳහන් කර තිබේ. නොයෙක් අවස්ථාවල දේවතා එළි වැනි ආලෝකයන් දක්නට ලැබෙන බවත් නොයෙකුත් ශබ්ද සහ අද්භූත සිද්ධින් සිදුවන බවත්, එම ප‍්‍රදේශයේ සැරි සැරූ සංචාරකයින් අන්තර් ජාලයේ සඳහන් කර තිබේ. ස්වභාව ධර්මයේ මනස්කාන්ත නිමැවුමක් වන බුගරාච් ගම ඉතා සුන්දරය. ෆිරණේ කඳු වැටියෙන් ගලා එන දිය දහරින් පෝෂණය වී සතර අතින් ගලා බැස යන දියවැල් සවනට සිසිලකි. හරිත වර්ණයෙන් බැබලෙමින් සිරි සිරි හඬින් නැලැවෙන අතු රිකිලි මේ දිනවල මහ පොළොව පෝෂණය කිරීමට සහාය දෙමින් කිරි කැටි මෙන් සිනිදු හිම කැට විසුරුවාලමින් පරිසරයම සුදු ගන්වයි. මෙවන් සුන්දර පරිසරයක් ඇති ඉහත ගමේ ජීවත් වන්නේ පවුල් 189 කි. පසුගිය වසර වලදී මෙම ගමේ විදේශීය සංචාරක පැමිණීම නොසිතු ලෙස ගම් වාසීන් මවිත කරවමින් ඉහළ ගියේය. ඉඩ කඩම් මිලදී ගැනීම, නිවාස මිලදී ගැනීම, නැරඹීම තාවකාලිකව ජීවත්වීම, ආදි ලෙසින් මෙම සුන්දර ගමේ ජන සංයුතිය ඉහළ අගයක් නැංගේය. මෙම විදේශිය ආගමනය හා පැලපදියම් වීම තුල ඇමෙරිකානුවන් හා ස්කැන්ඩිනේවියානුවන් ජාතීන් වැඩි අගයක් ගත්තේය. මෙම වෙනස නුවණින් අවබෝධ කරගත් ගම් පාලකයෝ රාජ්‍ය සභාවේ අනුමැතිය පරිදි එම ගමට පමණක් බල පැවැත්වෙන නීතියක් අනුමත කරගත් අතර ඒ අනුව 2011 නොවැම්බර් සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම ප‍්‍රදේශයට අයත් ඉඩ කඩම් හා නිවාස විකිණීම සපුරා තහනම් විය. සංචාරකයන්ට පැමිණීමද තහනම් විය. එපමණක්ද නොව 2012 දෙසැම්බර් 19 වෙනිදා සිට 23 දක්වා ගම් වැසියන් හැර වෙන කිසිම කෙනකුට මෙම ගමට ඇතුළ්වීමේ තහනම් නියෝගයක් සමග හමුදා හා පොලිස් භටයෝ ආරක්ෂක වළල්ලක් ලෙස සැදී පැය 24 පුරා ගමේ භූමිය ආරක්‍ෂා කරති. ගුවනින්ද එලෙසමය. දැඩි ආරක්ෂාවකින් ගම රැකීම හේතුකොට සතුටට පත් ගම් වැසියෝ විශේෂ අවසරපත් පෙන්වමින් ගමට එති හා යති. එසේ නොවීය නම් එම දිනයට බුගාරාච් ගම කෝටි ගණනක් වු මිනිස් හිස් ගෙඩි වලින් වැසී යාම සිදුවනු නොඅනුමානය ලෝක විනාශ මායා කථාවේ බුගරාච් ගම සුවිශේෂි ස්ථානයක් බව සාමාන්‍ය ජනයා කෙසේ වෙතත් මායා කථා අදහන්නෝ දනිති. මෙසේ වුයේ ඇයි? මායාවරුන්ගේ ශිෂ්ඨාචාරය ක‍්‍රි.පූ 3000 දක්වා ඈතට දිවයයි. දකුණු අමෙරිකානු භූමියේ ,මෙක්සිකෝව, වොලිෂ්, ගෝතමාලා, හොන්දුරාස්, එල්සැල්වදෝර්, ආදී ප‍්‍රදේශයන් ආශ‍්‍රිතව ගොඩ නැගුණු මේ ශිෂ්ඨාචාරය ඉතා දියුණු සංස්කෘතියක් මෙන්ම ලිවීම,කලාශිල්ප, කෘෂිකර්මය, ගණිතය, තාරකා විද්‍යාව, ආදී විෂය ක්ෂේත‍්‍රයන්හි දියුණුවට පත් බුද්ධිමතුන්ගෙන් පරිපූර්ණ වූවක් බව හේතු සාධක ඇතිව ඔප්පුවී තිබේ.ලෝකය ගෝලාකාර බව පවා නොදැන සිටි සමයක ගණිත දැනීම උපයෝගී කරගනිමින් චන්ද්‍රග‍්‍රහණ, සූර්යග‍්‍රහණ සිදුවන දින නිවැරදිව ප‍්‍රකාශකිරීමට තරම් ඔවුන් දක්ෂයින් වූවෝය. ඔවුන් දින දර්ශන කීපයක්ම සකස්කර තිබේ. ගණිතයට අනුව දින දර්ශන කිහිපයක් දහතුනේ පාදයෙනුත් අනෙක් දින දර්ශන 20 පාදයෙනුත් නිමවා තිබේ.එක් දින දර්ශණයක කි‍්‍ර පූර්ව 3114 අගෝස්තු 11 දිනයද සඳහන්ව තිබේ. මේ අනුව එතරම් ඈත අතීතයේදී ඔවුන්ගේ ශිෂ්ඨාචාරයෙහි තිබූ දියුණුව කෙසේදැයි සිතා ගැනීමට ඔබට බාර කරමි. කි‍්‍ර.ව. 200 සිට 1000 අතර වූ කාලය ඔවුන්ගේ දියුණුම කාලය විය හැකිය. එහි සිටි බුද්ධිමතුන් තම සංස්කෘතිය, විද්‍යාත්මක දැනීම, කලා ශිල්ප,ගෘහ නිර්මාණ, ගණිතය, තාරකා විද්‍යාත්මක දැනීම, ඒ හා සම්බන්ධ වෙනත් කරුණු ලේඛන ගත කළෝය . ඔවුන් එම කාර්යයේ එක් ප‍්‍රතිඵලයක් ලෙස දැනට කථා බහට ලක්වී ඇති මායා වරුන්ගේ කැලැන්ඩරය හැදින්වීමට පිළිවන. ඉහත දැක්වූ දිනයෙන් දින දර්ශනය අවසන් වී තිබේ. මේ අනුව ඇතිවෙන ලෝක විනාශයෙන් මුළු ලොවම විනාශ වන නමුත් එදිනට පෘථිවි ගෝලයේ එක්තරා අංශක ගණනක දේශාංස රේඛාව හා ග‍්‍රිනීච් සිරස් රේඛාව කැපෙන ලක්‍ෂය විනාශ නොවන බවත් මායාවරු විසින් ලේඛන ගත කල මායා ජාතක පොතේ සඳහන් වන්නේලූ. ඒ අනුව එම දිනයට ඉහත සදහන් විනාශ නොවන ලක්ෂය කේන්ද්‍රය වු ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ප‍්‍රංශයේ ඉහතින් සදහන් බුගරාච් යනුවෙන් හැදින්වූ ගමේය. මායා ජන කොට්ඨාශය වර්තමානයේ වෙනත් ජාතීන් සමග මිශ‍්‍රවී ගොසිනි. මායා වරුන්යයි හඳුන්වාගනු ලබන 2000 ටත් අඩු ප‍්‍රමාණයක් අදටත් දකුණු ඇමෙරිකාවේ ජීවත් වන්නේය. වර්ෂ මිලියන ගණනක් ඈත අතීතයේ සිට මේ දක්වා පැමිණි මායා වරුන්ගේ කථා වස්තුවේ සාරාංශය එසේය. ඒ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට මායා පොත් කිය විය යුතුය. මායා පොත් වලට අනුව දිවි ගලවාගැනීමට ඉහත ගමට පැමිණීමට මෙතරම් වලිකන්නේ මරණයට බය බියගුල්ලන්ය. මරණයට බය ජනතාවක් බාර ගැනීමට ප‍්‍රංශය කොහෙත්ම කැමති වන්නේ නැත. එබැවින් මර බියේ ගැහෙන බියසුල්ලන්ගේ පැමිණීම වැලැක්වීමට ප‍්‍රංශ පාලකයෝ ගම ආරක්ෂිත ගමක් කළෝය. ජීවිතයෙන් වැඩි කාලයක් අධි ආරක්ෂිත කළාපවල රසය භුක්ති විඳ එහි ආශ්වාදය හොඳින් දන්නා, සෑම මොහොතකම හොඳටත් නරකටත් බුදු සරණම පතන, නිවන් යෑමට මග බලා සිටින බුදුන්ගේ දේශයේ ශ‍්‍රද්ධාසම්පන්න ජනයාට තේරෙන භාෂාවෙන් නම් අද ප‍්‍රංශයේ බුගාරාච් ගම අධි ආරක්ෂිත කලාපයකි



අදහස් (0)

ගමක් සංචාරකයන්ට තහනම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 917 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 801 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 439 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site