විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති.
මේ අලි රංචුව මාසයක පමණ සිට දහවල් කාලයේ ගම අවට තැන තැන පිහිටි කැලෑවල සැඟව සිටින බව ඔවුහු කියති.
විස්සක පමණ අලි රංචුවක් නවගත්තේගම කුරුකැටියාව ගමට රාත්‍රි කාලයේදී පැමිණ ගෙවල් කඩා වගා පාළු කරතියි ගැමියෝ කියති.
මේ අලි රංචුව මාසයක පමණ සිට දහවල් කාලයේ ගම අවට තැන තැන පිහිටි කැලෑවල සැඟව සිටින බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේරට ලස්සන රටක් ඒත් ඒ හැම තැනම නෙමෙයි. ඉන්නේ කවුද ඒ කොහේද යන්න මත එය රඳා පවතින බව මේ ඡායාරූප සනාථකරනවා.(නදී)
අනේ පව් ගොවිතැන් බතින් ජීවත් වෙන අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ගේ කඳුළු කාටවත් පේන්නේ නෑ. කවුද මේවට වග කියන්න ඕනේ? වල් අලි ගැවසෙන පැතිවල ගෙවල් හදාගෙන ඉන්න ජනතාවම තමන්ට වගකිව යුතුයි අවසානේ. ඇති, නැති පරතරය අතින් ලංකාව වෙන්න ඇති ආසියාවෙන් මුල්ම තැන. (ස)
අපිට මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ බලන්නකෝ සංවර්දනය (දී)
මං කලිනුත් කිව්වා වගේ නැවතත් කියන්නේ සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙනතුරු, ඒ කිව්වේ මිනිසුන්ගේ දේ මිනිසුන්ටත් අලින්ගේ දේ අලින්ටත් නිසි පරිදි වෙන්කර දෙනතුරු මේ ගැටුම පවතියි. අලින්ගේ දේ මිනිස්සු අල්ලාගෙන නැති වුනත්, අලින්ට ප්‍රමාණවත් භූමියක් වෙන්කර දීම අවශ්‍යමයි. නැත්නම් වෙනදේ තමයි ඔය ඒගොල්ලො පෙන්නුම් කරලා තියෙන්නේ. (ස)
අපි නටමු ,සංදර්ශන තියමු ,මහජන මුදල් නාස්ති කරමු මේ රටේ නිකරුනේ නාස්ති කරන සල්ලි කන්දරාවෙන් මේ අලිවැට වල් ටික හදල මිනිස්සුන්ගේ හා අලින්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕනේ කියල කිසිම පාලකයෙක්ට හෝ නිලධාරියෙක්ට කල්පනා වෙන්නේ නැහැනේ?එක මිනිස්සුන්ගේ අවාසනාවද?රටේ අවාසනාවද කියලා මට තේරෙන්නේ නැහැ?(දී)
ප්‍රදීපට තියන්නේ අලි නැති තැනකින් ගෙවල් හදල දෙන්න ,නිකන් අහිංසක මිනිස්සුන්ට වැරදි පටවන්න එපා. (නදී)
රජය අනවශ්‍ය විදියට වියදම් කරන මහජන මුදල් අලි වැටක් වගේ හදල මේ ගැටුම වලක්වන්න හිතලා බැලුවොත් නරකද? (නදී)
අලින්ටත් ඉන්න තැනක් අවශ්‍යයි.කොහේ යන්නද අලි තමන්ගේ ගම දාලා? ඒක අපි තේරුම් ගන්න ඕනෑ (නි)
අපි තෙරුම් ගත යුතුයි, මොනතරම් දුප්පත් මිනිස්සු මේ රටේ ඉන්නවද? ඒ මිනිස්සුගෙ අහිංසක කම් දෙසපාලකයො වාසියට ගන්නවා, එත් සහනයක් නහැ, පව් අසරණයෝ. (ස)
කියන්න කෙනෙක් නැහැ මිනිසුනේ. අයියනායක දෙවියන්ටවත් කියලා පිහිටක් ඉල්ලන්න. (නි)
ජපන් කුමාරිට පෙන්නන්න තිබුනේ මේ වගේ අලි. එතකොට මේ අහිංසක මිනිසුන්ට අධාරවත් කරයිනේ. (නි)
මද කිපිලාවද්ද? (නි)
ආනමඩුව , නවගත්තේගම කියන්නේ අලි රාජධානියක්. ඉස්සර වනගත වුණ මිනිස්සු මේ අවදානම දැනගෙන තමයි වනය සතා සීවුපාවා එක්ක ගනුදෙනු කළේ. අද ඉන්න මිනිස්සු නවීකරණය වෙලා. ඉතින් සතා සීවුපාවන්ගෙන් වෙන අතුරු ආන්තරා ගැන මෙයාලට අවබෝධය අඩුයි. මොනවා වුණත් දැන් අපිට ගන්න තියෙන්නේ මිනිසුන්ගේ පැත්ත නිසා මේ සත්තු ටික වෙන කැළේකටවත් එලවලා දාන්න තියෙන්නේ (නි)
කවුද වැරදි. අලියා තිරිසනා මිනිසා අවලමා.(නදී)
මේ ප්‍රශ්නය එදා ඉදන් එන ප්‍රශ්නයක් (දී)
මේවා කාට කියන්නද