එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (අන්ක්ටාඩ් ) මහ ලේකම්වරයකු හා ශ්‍රී ලංකාවේ ආර්ථික විශාරදයකු වූ අභවප්‍රාප්ත ආචාර්ය ගාමිණී කොරෙයාගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ බූදලය රුපියල් කෝටි 150කි.
ගිය වසරේ නොවැම්බර 03 වැනි දා ඔහු මිය ගියේ 88 වැනි උපන් දිනයට දවසකට කලිනි.
ශ්‍රී ලංකාවේත් ස්විට්සර්ලන්තරයේත් ඔහුගේ වත්කම් ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔහුට හිමි වූ රුපියල් අට කෝටි හැට ලක්ෂයක විශ්‍රාම වැටුප, රුපියල් කෝටි 120ක දේපොළ, රුපියල් හයකෝටි හැත්තෑ ලක්ෂයක ස්ථිර තැන්පතු ඊට ඇතුළත් වේ.
කොළඹ හෝටන් පෙදෙසේත්, ග්‍රෙගරි පාරේත්, නුවර එළියේත්, ජිනීවා නුවරත් ඔහුගේ වත්කම් ඇත. ගාමිණී කොරෙයා පදනමට එහි සියලු වත්කම් බැරවේ.
ආර්ථික හා එවැනි අංශ ප්‍රවර්ධනය සඳහා මේ පදනමෙන් ආධාර කෙරේ. ශිෂ්‍යත්ව හා වෙනත් අධ්‍යයන කටයුතු සඳහා එම අරමුදලින් ආධාර දීමට නියමිතය.
ඔහුගේ එම වත්කම් පරිපාලනය කිරීම සඳහා සුගන්දි විජේසූරිය කදිර්ගාමර් මහත්මිය කොළඹ අතිරේක දිසා විනිසුරු වයි ප්‍රානන්දු මහතා විසින් පත්කරනු ලැබ සිටියි.
ආචාර්ය ගාමිණී කොරෙයාගේ මව ෆ්‍රෙඩා කොරෙයා නමින් එම ශිෂ්‍යත්ව හා ප්‍රදාන පිරිනැමෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මුදල් වලින් සමාජයට යහපත් දෙයක් වෙනව නම් ඒක ඉතා හොඳයි. ඒත් කණගාටුවට කරුණ නම් අපේ පරම්පරාවෙ අයට පාසලේදී මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ගැන උගන්නලාවත් නැති එකයි. අපි ගාමිණී කොරෙයා, ෂර්ලි අමරසිංහ වගේ අය ගැන දැන ගන්නේ දැන් සහභාගි වෙන වෘත්තීය සමුළු, වැඩමුළු වගේ ඒවයෙදි විතරයි. (නදී)
නිවන් දිකින තරම් පිනක් (දී)
ඔන්න ආදර්ශමත් නිහතමානී මිනිස්සු. (අ)
දෙවිවරු විටින් විට මනු ලොවට එති. (අ)
මෙන්න නියම වීරයෝ (දිල්)
සමන් රොහාන් රණසිංහ, ලංකාවේ හොර කල්ලිය ස්විට්සර්ලන්තරයේ තමයි මුදල් හංගන්නේ. මැරැණට පස්සේ ඒව වමාරනවා. ජීවත් වේලා ඉන්න කාලෙයි තමාට පිනක් කරගන්න වා මිස මොනවටද. (වඳුරට කේජු බෙදන්න දුන්නවගේ වැඩ තමයි මේකාලයේ වෙන්නේ). (දී)
මිය ගියත් ජීවත් වෙන මිනිස්සු. මේ මහඟු පුණ්‍ය කර්මයෙන් ලැබෙන ආනිසංසයෙන් එතුමාට මතු භවයක නිවන් සැප ලැබේවා!(දිල්)
මොන තරම් උතුම්ද ?ඔබතුමාට දෙව් මවු තුරුලේ සැනසුම ලැබේවා ! (දී)
අනිසි විදියට පරිහරණය නොකර දැයේ දුදරුවන්ගේ අනාගතය යහපත් කරන්න අරමුදලින් ආධාර කරන එක ඉතා අගය කලයුතු ක්‍රියාවක්. (දී)
මැරෙනකල් හිටියා බෙදන්න (දී)
අපේ යහළුවන්ට හොඳ ඉල්ලමක් !(නදී)
අවුරුදු ගණනක මහන්සියක වත්කම් (දිල්)
දරු මල්ලොත් නැත්නම් මෙතරම් දේපල කන්දරාවක් ගොඩගහගෙන මොනවා කලද ?ජීවත්වෙලා ඉන්න කාලෙදිම මේවා එක එක විකුණලා ,එම මුදල් වලින් දුපත් මිනිස්සුන්ට තමන්ගේ අතින්ම බෙදල බෙදල දුන්නනම් කොපමණ පිනක් සහ මානසික සතුටක් ලබන්න පුළුවන් කම තිබුනද? දැන් ලංකාවේ තිබෙන ඔය පදනම් බොහොමයක්ම හොර ගුහාවල් , ඒවගේ තිබෙන්න අරමුදල් වලින් සැප විදින්නේ ඒවගේ පාලකයෝ , (දී)
ද සිල්වා මේ මොනව කියනවද ?කොරයා මැතිතුමාගෙ අන්තිම කැමති පත්‍රයට අනුවයි මේ ප්‍රදානය කරන්නෙ .ඔහේ ජීවතුන් අතර සිටියදී මොනවද දුපතුන්ට බෙදල දීල තියෙන්නෙ ?(දී)
කුමාර මගේ ගාව කෝටි ගණනාවක දේපලක් ගොඩ ගසාගෙන නොමැත නමුත් මම දුපත් මනුස්සයෙක් අසරණ වෙලා ඉන්න කොට අහක බලාගෙන යන්නේ නැත. මගේ තර්කය දරු මල්ලොත් නැත්නම් මෙතරම් විශාල දේපලක් තිබෙනවිට අවරුදු 80 පැනට පස්සේ මෙතරම් උගත් මේතුමාට තේරුනේ නැද්ද , මේ ලංකාවේ පදනම් , ස්වේච සමිති බොහෝවිට හොර ගුහවල් එමනිසා එම ධනය ජිවිත කාලයේදීම දුපතුන්ට , ප්‍රතිකාර කරගැනීමට මුදල් නොමැති රෝගීන්ට , දෙමවුපියන් නැති දරුවන් වැනි අයට පුද්ගලිකවම ටික ටික ප්‍රධානය කලා නම් එමිනිස්සු පින් දෙන හැටි අහල ලැබෙන මානසික සුවය නිසා මෙතුමා තව අවුරුදු 10-20 වැඩි පුර ජිවත් වෙන්න තිබුන . (දී)
මීට වඩා සල්ලි තියෙන අය ඉන්නවා එත් මෙහෙම කරන්නේ නැහැ .බුද්ධිමත් කමේ වටිනාකම .ඔහුට නිවන්සුව ලැබෙවා.(අ)
නිවන් සුව ලැබේවා (දිල්)
පවුල් පිටින් එකතු වී පොරකමින් රටේ දේවල් හොරකම් කරන මේ කාලේ අකලට පායන සඳක් මෙන් එකම එක මිනිසෙක්…පරමාදර්ශී මිනිසෙක්... සිටියා යැයි අපේ දරුවන්ට කියා දෙන්න දැන් අපිට පුළුවන්…අනේ පුතේ උඹත් මේ උතුම් මිනිසා වගේ වෙයන් යැයි අපිට බය නැතුව කියන්න පුළුවන්.(දී)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
දැන් මේ දේපල හොරා කන්න කට්ටිය බලන් ඉන්නවා (දී)
අද කාලේ නැති මහත්ම ගති ඇති මහත්මයෙක් (දී)
ඔබ තුමන් ලා වැනි ශ්‍රේෂ්ඨයින් අද රටට අවශ්‍යයි (දී)
මේකට ලංකාවේ දෙහ්සපාලනිකයින් ගාවගන්න එපා එහෙම වුනොත් වෙනදේ දන්නවනේ.(දී)
මේක හරිම හොද වැඩක් .කදිරගාමන් මහත්තයා වගේම එම මහත්මියත් මේක හොදට කලොත් හොදයි (දී)
මේ ශ්‍රෙෂ්ඨ විද්වතානන්ට නිවන් සුව පතමු (දී)
ඔන්න උතුමෝ(දී)
මල් තියල වදින්න ඕන මිනිස්සු .... (දී)
මෙන්න මිනිස්සු ....(දී)
නියම මහත්මා ගුණ ඇති කෙනෙක් (දී)
ජාතියට ආදර පුතුන් මෙන්න (දී)
අපේ රටේ දේශාපලනකින්ට හොද ආදර්ශමත් ලිපියක්. ! ගාමිණී කොරයා මහතා ලෝකය යනු ශ්‍රී ලංකාව නොවන බව මෙඉන්ම පැහැදිලිකර ඇත, ඔහුට නිවන් සුව ! (දී)
ඉතාම වැදගත්. ධනවතුන් කාහටත් මෙය ආදර්ශයක් වේවා ! (දී)
මේකටත් දේශපාලකයෝ අරක් ගන්න බලයි. (දී)