IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගාමිණී කොරෙයා බූදලෙන් දැනුම බෙදයි

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (අන්ක්ටාඩ් )  මහ ලේකම්වරයකු හා ශ්‍රී ලංකාවේ ආර්ථික විශාරදයකු වූ අභවප්‍රාප්ත ආචාර්ය ගාමිණී කොරෙයාගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ බූදලය රුපියල් කෝටි 150කි.

ගිය වසරේ නොවැම්බර 03 වැනි දා ඔහු මිය ගියේ 88 වැනි උපන් දිනයට දවසකට කලිනි.

ශ්‍රී ලංකාවේත් ස්විට්සර්ලන්තරයේත් ඔහුගේ වත්කම් ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔහුට හිමි වූ රුපියල් අට කෝටි හැට ලක්ෂයක විශ්‍රාම වැටුප, රුපියල් කෝටි 120ක දේපොළ, රුපියල් හයකෝටි හැත්තෑ ලක්ෂයක ස්ථිර තැන්පතු ඊට ඇතුළත් වේ.

කොළඹ හෝටන් පෙදෙසේත්, ග්‍රෙගරි පාරේත්, නුවර එළියේත්, ජිනීවා නුවරත් ඔහුගේ වත්කම් ඇත. ගාමිණී කොරෙයා පදනමට එහි සියලු වත්කම් බැරවේ.

ආර්ථික හා එවැනි අංශ ප්‍රවර්ධනය සඳහා මේ පදනමෙන් ආධාර කෙරේ. ශිෂ්‍යත්ව හා වෙනත් අධ්‍යයන කටයුතු සඳහා එම අරමුදලින් ආධාර දීමට නියමිතය.

ඔහුගේ එම වත්කම් පරිපාලනය කිරීම සඳහා සුගන්දි විජේසූරිය කදිර්ගාමර් මහත්මිය කොළඹ අතිරේක දිසා විනිසුරු වයි ප්‍රානන්දු මහතා විසින් පත්කරනු ලැබ සිටියි.

ආචාර්ය ගාමිණී කොරෙයාගේ මව ෆ්‍රෙඩා කොරෙයා නමින් එම ශිෂ්‍යත්ව හා ප්‍රදාන පිරිනැමෙනු ඇත.

 



අදහස් (0)

ගාමිණී කොරෙයා බූදලෙන් දැනුම බෙදයි

රොෂාන් ප්‍රනාන්දු Sunday, 16 February 2014 08:52 PM

මේකට ලංකාවේ දෙහ්සපාලනිකයින් ගාවගන්න එපා එහෙම වුනොත් වෙනදේ දන්නවනේ.(දී)

:       0       0

සුනිල් විමලරත්න Sunday, 16 February 2014 08:53 PM

ඔබ තුමන් ලා වැනි ශ්‍රේෂ්ඨයින් අද රටට අවශ්‍යයි (දී)

:       0       0

නන්දනී Sunday, 16 February 2014 08:57 PM

අද කාලේ නැති මහත්ම ගති ඇති මහත්මයෙක් (දී)

:       0       0

ද සිල්වා Tuesday, 18 February 2014 11:17 PM

කුමාර මගේ ගාව කෝටි ගණනාවක දේපලක් ගොඩ ගසාගෙන නොමැත නමුත් මම දුපත් මනුස්සයෙක් අසරණ වෙලා ඉන්න කොට අහක බලාගෙන යන්නේ නැත. මගේ තර්කය දරු මල්ලොත් නැත්නම් මෙතරම් විශාල දේපලක් තිබෙනවිට අවරුදු 80 පැනට පස්සේ මෙතරම් උගත් මේතුමාට තේරුනේ නැද්ද , මේ ලංකාවේ පදනම් , ස්වේච සමිති බොහෝවිට හොර ගුහවල් එමනිසා එම ධනය ජිවිත කාලයේදීම දුපතුන්ට , ප්‍රතිකාර කරගැනීමට මුදල් නොමැති රෝගීන්ට , දෙමවුපියන් නැති දරුවන් වැනි අයට පුද්ගලිකවම ටික ටික ප්‍රධානය කලා නම් එමිනිස්සු පින් දෙන හැටි අහල ලැබෙන මානසික සුවය නිසා මෙතුමා තව අවුරුදු 10-20 වැඩි පුර ජිවත් වෙන්න තිබුන . (දී)

:       0       0

සම්පත් Thursday, 20 February 2014 11:19 AM

මීට වඩා සල්ලි තියෙන අය ඉන්නවා එත් මෙහෙම කරන්නේ නැහැ .බුද්ධිමත් කමේ වටිනාකම .ඔහුට නිවන්සුව ලැබෙවා.(අ)

:       0       0

මධු Sunday, 16 February 2014 09:50 PM

දැන් මේ දේපල හොරා කන්න කට්ටිය බලන් ඉන්නවා (දී)

:       0       0

සුසන්ත රාජ කරුණා Sunday, 16 February 2014 09:57 PM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

සමීර Thursday, 20 February 2014 11:43 AM

නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

ඕෂධී Sunday, 16 February 2014 10:30 PM

මැරෙනකල් හිටියා බෙදන්න (දී)

:       0       0

නිම්මි Sunday, 16 February 2014 10:30 PM

නිවන් දිකින තරම් පිනක් (දී)

:       0       0

කුමාර Tuesday, 18 February 2014 04:02 PM

ද සිල්වා මේ මොනව කියනවද ?කොරයා මැතිතුමාගෙ අන්තිම කැමති පත්‍රයට අනුවයි මේ ප්‍රදානය කරන්නෙ .ඔහේ ජීවතුන් අතර සිටියදී මොනවද දුපතුන්ට බෙදල දීල තියෙන්නෙ ?(දී)

:       0       0

බිනර Monday, 17 February 2014 12:38 AM

ඔන්න ආදර්ශමත් නිහතමානී මිනිස්සු. (අ)

:       0       0

රණා Monday, 17 February 2014 12:50 AM

දෙවිවරු විටින් විට මනු ලොවට එති. (අ)

:       0       0

නන්දා Monday, 17 February 2014 01:43 AM

මෙන්න නියම වීරයෝ (දිල්)

:       0       0

සමන් Monday, 17 February 2014 03:43 AM

සමන් රොහාන් රණසිංහ, ලංකාවේ හොර කල්ලිය ස්විට්සර්ලන්තරයේ තමයි මුදල් හංගන්නේ. මැරැණට පස්සේ ඒව වමාරනවා. ජීවත් වේලා ඉන්න කාලෙයි තමාට පිනක් කරගන්න වා මිස මොනවටද. (වඳුරට කේජු ‍බෙදන්න දුන්නවගේ වැඩ තමයි මේකාලයේ වෙන්නේ). (දී)

:       0       0

පද්මපානි Monday, 17 February 2014 07:28 AM

මිය ගියත් ජීවත් වෙන මිනිස්සු. මේ මහඟු පුණ්‍ය කර්මයෙන් ලැබෙන ආනිසංසයෙන් එතුමාට මතු භවයක නිවන් සැප ලැබේවා!(දිල්)

:       0       0

ගාමිණි ජයලත් Monday, 17 February 2014 08:04 AM

මොන තරම් උතුම්ද ?ඔබතුමාට දෙව් මවු තුරුලේ සැනසුම ලැබේවා ! (දී)

:       0       0

නිමල් පෙරේරා Monday, 17 February 2014 08:17 AM

අනිසි විදියට පරිහරණය නොකර දැයේ දුදරුවන්ගේ අනාගතය යහපත් කරන්න අරමුදලින් ආධාර කරන එක ඉතා අගය කලයුතු ක්‍රියාවක්. (දී)

:       0       0

දෙව්මිනි ගම්ලත් Monday, 17 February 2014 09:56 AM

ඒ මුදල් වලින් සමාජයට යහපත් දෙයක් වෙනව නම් ඒක ඉතා හොඳයි. ඒත් කණගාටුවට කරුණ නම් අපේ පරම්පරාවෙ අයට පාසලේදී මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ගැන උගන්නලාවත් නැති එකයි. අපි ගාමිණී කොරෙයා, ෂර්ලි අමරසිංහ වගේ අය ගැන දැන ගන්නේ දැන් සහභාගි වෙන වෘත්තීය සමුළු, වැඩමුළු වගේ ඒවයෙදි විතරයි. (නදී)

:       0       0

අනුර Monday, 17 February 2014 01:10 PM

අපේ යහළුවන්ට හොඳ ඉල්ලමක් !(නදී)

:       0       0

දිසානායක Monday, 17 February 2014 03:22 PM

අවුරුදු ගණනක මහන්සියක වත්කම් (දිල්)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 16 February 2014 04:51 PM

පවුල් පිටින් එකතු වී පොරකමින් රටේ දේවල් හොරකම් කරන මේ කාලේ අකලට පායන සඳක් මෙන් එකම එක මිනිසෙක්…පරමාදර්ශී මිනිසෙක්... සිටියා යැයි අපේ දරුවන්ට කියා දෙන්න දැන් අපිට පුළුවන්…අනේ පුතේ උඹත් මේ උතුම් මිනිසා වගේ වෙයන් යැයි අපිට බය නැතුව කියන්න පුළුවන්.(දී)

:       0       0

රත්න Sunday, 16 February 2014 04:54 PM

මේකටත් දේශපාලකයෝ අරක් ගන්න බලයි. (දී)

:       0       0

ඉලුක්පිටියේ පන්නසේකර හිමි Sunday, 16 February 2014 05:24 PM

ඉතාම වැදගත්. ධනවතුන් කාහටත් මෙය ආදර්ශයක් වේවා ! (දී)

:       0       0

සුජීව Sunday, 16 February 2014 06:20 PM

අපේ රටේ දේශාපලනකින්ට හොද ආදර්ශමත් ලිපියක්. ! ගාමිණී කොරයා මහතා ලෝකය යනු ශ්‍රී ලංකාව නොවන බව මෙඉන්ම පැහැදිලිකර ඇත, ඔහුට නිවන් සුව ! (දී)

:       0       0

ඩයස් Sunday, 16 February 2014 06:54 PM

ජාතියට ආදර පුතුන් මෙන්න (දී)

:       0       0

ලලනි Sunday, 16 February 2014 07:44 PM

නියම මහත්මා ගුණ ඇති කෙනෙක් (දී)

:       0       0

දම්මික Sunday, 16 February 2014 08:14 PM

මෙන්න මිනිස්සු ....(දී)

:       0       0

බණ්ඩා Sunday, 16 February 2014 08:14 PM

මල් තියල වදින්න ඕන මිනිස්සු .... (දී)

:       0       0

සංජීව Sunday, 16 February 2014 08:30 PM

ඔන්න උතුමෝ(දී)

:       0       0

කුමාර Sunday, 16 February 2014 08:37 PM

මේ ශ්‍රෙෂ්ඨ විද්වතානන්ට නිවන් සුව පතමු (දී)

:       0       0

ද සිල්වා Tuesday, 18 February 2014 03:19 PM

දරු මල්ලොත් නැත්නම් මෙතරම් දේපල කන්දරාවක් ගොඩගහගෙන මොනවා කලද ?ජීවත්වෙලා ඉන්න කාලෙදිම මේවා එක එක විකුණලා ,එම මුදල් වලින් දුපත් මිනිස්සුන්ට තමන්ගේ අතින්ම බෙදල බෙදල දුන්නනම් කොපමණ පිනක් සහ මානසික සතුටක් ලබන්න පුළුවන් කම තිබුනද? දැන් ලංකාවේ තිබෙන ඔය පදනම් බොහොමයක්ම හොර ගුහාවල් , ඒවගේ තිබෙන්න අරමුදල් වලින් සැප විදින්නේ ඒවගේ පාලකයෝ , (දී)

:       0       0

සුභාෂිනි Sunday, 16 February 2014 08:41 PM

මේක හරිම හොද වැඩක් .කදිරගාමන් මහත්තයා වගේම එම මහත්මියත් මේක හොදට කලොත් හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4317 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 97 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 221 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 235 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 139 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 174 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site