අයදුම්කරුවන් වෙත භාරදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවූ ගමන් බලපත්‍ර 300ක් පමණ කාර්යාලයයේ තිබෙන බව දැනගන්නට ලැබුණු බවත්, ඒවා ලැබුණු විගස අයදුම්කරුවන්ට ලබා දීමට කටයුතු කළා නම් වඩා සුදුසු නමුත් ඒ ගැන කාර්යාලයයේ කිසිවකුට දෝෂාරෝපණය නොකරන බවත් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා කියයි.
ඔහු මේ බව පවසනුයේ ‘විදෙස් ගත ලාංකිකයන්ට ගුවන් බලපත්‘ මැයෙන් 2016 ජුනි 13 වැනිදා ලංකාදීප එසැණ වෙබ් අඩවියේ ගිය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
‘මේ සම්බන්ධයෙන් මා පසුව කරන ලස පරීක්ෂණයේදී හෙළිවූයේ මෙතෙක් කාර්යාලය විසින් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය වී ඇත්තේ අයදුම්කරු තානාපති කාර්යාලයෙන් තමන්ගේ ගමන් බලපත්‍රය ලැබී ඇතිදැයි විමසා බලා කාර්යාලයයට පැමිණ තමන්ගේ ගමන් බලපත්‍රය ගැනීමයි. ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයේ අදහස වන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රමාද දෝෂයක් සිදුවී නොමැති බවය. එහෙත් ඉදිරියේ දී ගමන් බලපත්‍ර කාර්යාලයට ලැබුණු විගසම ඒ බව අයදුම්කරු වෙත දන්වා යැවීමට කටයුතු කළ යුතු බවට උපදෙස් දී තිබේ.‘
ලංකාදීපයේ මීට පෙර පළ වූ ප්‍රවෘත්තිය - http://www.lankadeepa.lk/

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, ඔය කාර්යාලයේ ඉන්නේ ඔක්කොම දේශපාලන පත්වීම්. දොස් කිවනම්, තානාපතිට ගෙදර යන්න වෙයි..!! (බ)
ඉතින් මෙච්චර පාස් පොර්ට් ප්‍රමාණයක් මෙච්චර කලක් තිබුනේ කොහොමද ?ඒවා අයිති කාරයින්ට නොදැන්නුවේ ඇයි ? එතැනම වංචාවක් වෙලා තිබෙන බව නොතේරෙන්නේ මන්ද බුද්ධිකයන්ට පමණයි (බ)
ඕක ඇතුලේ බිස්නස් එකක් .ඒක තානාපති නොදන්නවාට පැරීසියේ හැම කෙනාම දන්නවා (බ)
පැරීසියට එන හැම තානාපතිම උපදෙස් දෙනවා ;නමුත් ජාවාරම හොඳට කරගෙන යනවා ඕක නැති කරන්න නම් තානාපති කාර්යාලයේ සියලුම දෙනා ඉවත් කොට අලුත් කට්ටියක් හදාගත්ත නම් උපදෙස් දිදී ඉන්න අවශ්‍ය නැහැ (බ)
නිමල් හරි පැරිසියේ තානාපති කාර්යාලය කියන්නේ යුරෝපා හවුලේ බිස්නස් තිප්පොළක් .පරණ පාස් පොර්ට් එකේ අකුරු මැකිලා තිබුනත් ජරාව ඉල්ලනවා .ඕනේ නම් සාක්ෂි තියෙනවා .(බ)
තමන්ගේ රාජකාරිය හරියට කළොත් හොඳයි. මහජන මුදලින් පඩි ගන්නවා නේද. (නි)
නියම රජයේ සේවකයෝ .ඔහොම රජයේ සේවකයන් ගැලපුනේ දහනව වෙනි සියවසට.මේ විසි එක්වන සියවස බවවත් ඔවුන්ට තේරුම් ගන්න හැකියාවක් නොවීම අපේ අවාසනාවක් (බ)
තමුන්ගේ කාර්යාලය පාලනය කරගන්න බැරි වගකීමක් ගන්න බැරි තානාපති කෙනෙක් පත් කලේ කවුද ? (ම)
එම තානාපති කාර්යාලය තියෙන්නේ තාම දහඅටවන ශතවර්ෂයේ වෙන්න ඇති නේද? අන්තර්ජාලය දුරකථනය තියෙනවා කියලා දන්නේ නැතුව ඇති නේද? (ර)
පැන්ෂන් ගිය අයත් තවම පාස් පොර්ට් කෑල්ලේ වැඩ. (ර)
අජන්ත පැරිස්, ඔබ හරි. ඔබ වැනි බුද්ධිමතෙකුට මේවා හොඳට තේරෙනවා. (නි)
අජන්ත, ඔබගේ මොළයේ තරම අපිට හොඳින් පෙනේ (නි)