ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු සහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රතුපස්වල ගැමියන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් ගම්පහ නීතීඥ සංගමයේ සාමාජිකයන් කිහිප දෙනකු අතර සාකච්ඡාවක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥවරුන්ගේ කාමරයේ දී පැවැත්වෙයි.
එය වාර්තා කිරීමට මාධ්‍යයට ඉඩ දිය නොහැකි බව පොලිසිය කියයි.
පෙර දින රාත්‍රී අටට රතුපස්වල ප්‍රජා ශාලාවක ද ගම්වාසීන්ගේ හා පොලිසියේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර එය අවාරණය කිරීමට ද මාධ්‍යයට ඉඩ නොලැබිණි.
ගම්වාසීන් කියනුයේ ජනමාධ්‍යය මග හැර රහසේ සාකච්ඡා පැවැත්වීම මගින් සැකය තවත් වැඩි වන බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මෙය නීතීඥවරුන්ගේ ඉල්ලීම මත පැවැති සාකච්ඡාවක් නිසා මාධ්‍යයට ඉඩ දෙනාවාදැයි තීරණය කරන්නේ ඔවුන් බවයි. පෙරදින රාත්‍රී පැවැති සාකච්ඡාවට මාධ්‍යවේදීන් නොපැමිණි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට දැන් හංගන්න දෙයක් නැහැනේ. එදා සියල්ල නිරාකරණය වුනා නේද? නීතිඥවරු බයද රට දැනගන්නවට මොනවා හරි? ගමේ ජනතාව එක්ක නම් සාකච්ඡාව පවත්වන්නේ එතන මොන රහසිගත භාවයක්ද? ඒ ගොල්ලන්ගෙන් ඔක්කොම දැනගත හැකිනේ. (ස)
පොලිසියට දැන් කා ගැනවත් විශ්වාසයක් නැහැ.හැම පැත්තෙන්ම ගිනි ගෙඩි,හොඳක් කරන්න ගියත් බැණුම්. (නි)
ආරි, අපි ඕක මෙහෙම කියමු. ජනතාවට දැන් පොලිසි ගැන කිසිම විශ්වාසයක් නැහැ. කොහෙන්හරි ගිනිගෙඩියක් පටලවන්න බලන්නේ. (නි)
වර්ණසිංහ, පොලිසිය සමඟ පටලැවිල්ලක් එහෙම නෑනේ, එහෙම අයට තමා පොලිසිය අරහන්. (ස)